|
|
රාම්ගේ රැවුළේ එල්ලී සිටින බිරිඳ |
ගිනස් වාර්තාව පිළිබඳ සටහන |
ඉන්දීය ජාතික, 58 හැවිරිදි රාම් සිං චෞද්‍රි ලෝ සුපතල චරිතයක් බවට පත් වී සිටී. ඒ ඔහුගේ අඩි 14 ක් දිග උඩු රවුළ නිසාය. ලොව දිගුම උඩු රැවුළ ඇත්තා ලෙස රාම් සිං ගිනස් ලෝක වාර්තා අතරට ද එක් වී සිටී.
ඉන්දියාවේ රාජස්ථාන ප‍්‍රාන්තයේ ජායිපූර් නුවර වැසියකු වන රාම් සිං සිය දිගු උඩු රවුළ ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයෙනි.
රාම් සිං රැවුළ වැවීමට පටන් ගෙන ඇත්තේ ගැටවර වියේ සිටය. 1970 දශකයේ සිට වසර 32 ක් තිස්සේ ඔහු රවුළ ‘නඩත්තු’ කරයි.
රාම් සිං පවසන්නේ, ඔහු කිසිදාක රවුළ කපා නැති බවය. ‘1970 වසරේ සිට මා රවුළ කපා නැහැ. රැවුළ තමා මාගේ අභිමානය. අද කාලේ සමහරුන්ට නොතේරුණත්, රවුළ කියන්නේ සැබෑ පිරිමියකුගේ සංකේතයයි’ රාම් සිං කියයි.
‘මා රැුවුළ වවන්න පටන් ගත්තේ, වාර්තා තියන්න නොවේ. මා එසේ කළේ රාජස්ථානයේ පුරාණ චාරිත‍්‍ර හා සම්ප‍්‍රදායට ගරු කිරීමක් හැටියටයි. පුරාණ ඉන්දියාවේ උඩු රැුවුළට ගරු බුහුමන් හිමිවුණා. උඩු රවුළක් ඇති අය සමාජයේ කැපී පෙනුණා.’ යැයි රාම් සිං වැඩි දුරටත් පැහැදිලි කරයි.
රැුවුළ නිසාම, ‘ඔක්ටොපුසි’ නමැති ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ චරිතයකට සම්බන්ධ වීමට ද රාම් සිං ට හැකිවිණි. එපමණක් නොව, ඔහු වසර 30 ක් තිස්සේ, රාජස්ථාන සංචාරක අමත්‍යාංශයේ තානාපතිවරයකු ලෙස රාජකාරි කරයි.
දිනපතා රැුවුළ හොඳින් පීරා පිරිසිදු කිරීමට රාම් සිං දිනකට පැය දෙකක් වෙන් කරයි. එම කටයුත්තේ දී ඔහුගේ බිරිඳගේ සහාය ද නොඅඩුව ලැබේ.
රාම් සිංගේ බිරිය ආශා කියන්නේ ඇය ඔහුට කැමැති වුණේ ද ඔහුගේ ‘ආඩම්බරකාර’ රැවුළ නිසා කියාය.
රාම් සිංගේ පුතු ද මේ වනවිට පියාගේ අඩිපාරේ යමින් රැවුළ වවන බව ද වාර්තා වේ. රාම් සිං පවසන්නේ, පුරාණ සම්ප‍්‍රදායට ගරු කරමින් රැුවුළ වැවීමට තම පුතු තීරණය කිරීම ආඩම්බරයට කරුණක් කියාය.
|
මෙච්චර දිග රැවුලක් |
|
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදාක රැවුල කපා නැහැ කියන්න බැහැ, එයාගේ නිකටේ රැවුල කැපුවේ අපිද?(නදී)
එතකොට ඔය බිරිදට ඔය රැවුලෙන් ප්‍රශ්ණයක් නැද්ද?(නදී)
බොරු වැඩේ .........(නදී)
ඉන්දියන් අයගේ මෙවැනි දේ වලින් අපට ලැබෙන දෙය කුමක්‌ද? (නි)
බිරිඳට තරහ ගියාම ඇදලා ගන්නෙ රැවුලෙන් වෙන්න ඇති.... (ස)
පෙටී ඒ රැවුලට ඔයා ආසද පැටියෝ....... (ස)
රැවුලනමි හොදයි තමා කිරි හොදා වගේ බැරි වෙලාවත් පාර තොටේ යද්දි රැවුලේ කාව හරි පැටලුනොත් කිරි අප්පට බල්ලො පැනපි තමයි.(නදී)
ලස්සන රැවුල ...පාටත් නෑ ..කළුම කලුයි.(නදී)
අගෞරව කරන්න කියනවා නෙවෙයි, මට ඇලඩින් සහ පුදුම පහන එකේ ඇලඩින් මතක් වෙනවා.(නදී)
වෙනත් තරහකාරයෙකුට හෝ හොරෙකුට මේ ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්. ඔහුගේම රැවුලෙන් බෙල්ල හිරකර මරන්නත් පුළුවන්. ඒ වගේම එල්ලා මරන්නත් පුළුවන්,මධූ කියන්න වගේ කාටවත් මේකෙන් ප්‍රයෝජනයක් නොමැතියි නේද? (නි)
ලස්සන රැවුල (නි)
සමන්, මොනවද ඕනෑ? (නි)
ඊයා, චික් විතරක්, මෙයාට මොලේ නැද්ද ? (ස)
කව්දා හරි ඕකෙන්ම බෙල්ලේ වැල දාගන්න පුලුවන්.(නදී)
මම නම් හිතන්නේ කිසිම කෙනෙකුට පල ප්‍රයෝජනයක් නැති අර්ථ රහිත දෙයක්. (ස)