ජූලි හතයි, මේකත් මල ජූලියක් වෙන්නා වූ කතාන්දරයකි.
”පාර ලොකු කරලා මරුවෙක් බිහි කරලා” ගම්වාසීන් පවසන්නේ මේ නිසාය.
ගාල්ල හබරාදුව අන්දුගොඩ පන්සල ඉදිරිපිටින් පිහිටි ඉබ්බාවල වැලිගම මාර්ගය කාපට් කර සංවර්ධන කටයුතු ආරම්භ කර වැඩ අවසන්ව තිබේ. අඩි 10ක් පමණ පළලින් යුතුව තිබූ මෙම මාර්ගය අඩි 16ක් පමණ විශාල කර සංවර්ධනය කිරීම ප‍්‍රදේශයටම විශාල සේවාවකි. මෙම මාර්ගය විශාල කරද්දි විදුලි කණුවක් මාර්ගයේ මධ්‍යයට වන සේ මාර්ගය විශාල විණි. මෙසේ මාර්ගය මධ්‍යයේ මෙම විදුලි කණුව මාස 3ක් පමණ තිබිණි.
ප‍්‍රදේශයේ ජනතාව බලා සිටියේ මෙම විදුලි කණුව මාර්ගය කාපට් කරනකොට ඉවත්වේය කියාය. නමුත් එය එසේ සිදුවූයේ නැත. දැන් දිවා ? දෙකේ මග මරුවෙක් මෙම මාර්ගයේ බලා සිටින බව ප‍්‍රදේශවාසීහු පවසති.
මෙම අනතුරුදායක තත්ත්වයට විසඳුමක් සිදුවෙන්නේ නොමැති හෙයින් අන්දුගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අන්දුගොඩ හේමාලංකාර හිමියන් පවසා සිටියේ මාර්ගය කාපට් කිරීම නිසා වාහන වෙනදාට වඩා වේගයෙන් එනවා. වාහනවල එන රියදුරන් කිසිවිටකත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉදිරියේ දී ලොකු අනතුරක් වෙන්න පුළුවන් හැකි ඉක්මනින් මෙය ඉවත් කරන්න වගකිවයුතු ඇත්තන්ගේ ඇස් දෑස් ඇරේවා යැයි උන්වහන්සේ පැවසූහ.
ප‍්‍රදේශවසීන් කියා සිටියේ මෙම ගමේ විශාල පිරිසක් රාත‍්‍රී කාලයේ පාපැදියෙන්, යතුරුපැදිවලින්, ති‍්‍රරෝදරථවලින් ගමන් කරනවා. මේක මහා අනතුරක්, මහා අපරාධයක්. තම තමාගේ යුතුකම් තම තමා නිවැරදිව ඉටු කිරීම මේ අය පැහැර හැරලා. මහජනතාව, වාහන විහාල පිරිසකගේ ජීවිතවලට හානියක් විය හැකි අතර මෙය හැකි ඉක්මනින් ඉවත් කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
අප මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් කළ විමසුමක දී මේ ඇත්තන් පවසන්නේ අමුතුම කතාන්දරයකි.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් හබරාදුව විදුලි අධිකාරි හිමාල් දර්ශන මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
මෙහෙම පාරක් පළල් කර සංවර්ධනය කරන විට එහි විදුලි කණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර හදන්න පෙර විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කළ යුතුයි. නමුත් මේ මාර්ගය සෑදු අය එසේ කිසිම දෙයක් සිදුකර නෑ. අවම වශයෙන් අපිට ලිඛිත දැනුම් දීමක්වත් කර නෑ. එසේ තිබෙන අවස්ථාවක අපිට මේ සඳහා මැදිහත්වීමේ හැකියාවක් නෑ. මෙහි වගකීම ගත යුත්තේ මාර්ගය සංවර්ධනය කළ අයයි.
කාරණය එසේ නම් මෙයට වගකිව යුත්තේ මෙම මාර්ගය පාවිච්චි කරන ජනතාව ද?



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. කාර්පට් එක වැඩිකල් තියෙන්නේ නැහැ. පරණ පාරේම තමා යන්න වෙන්නේ. (නදී)
මේ ආයතන වල කට්ටියත් මේ ලයිට් කණුවටම තියලා ගැටගහන්න තියෙන්නේ (නි)
පිළිතුර ඉතාම සරළයි. රාත්‍රියට මෙම කණුවේ ඉටිපන්දමක් පත්තු කල යුතුයි. මාර්ගය දෙපසම විදුලි කණුව ඉදිරියෙන් යනුවෙන් දැන්වීමක් සහ අදාල සංඥාව ප්‍රදර්ශණය කල යුතුයි. (නදී)
කොහොමද දකුණේ මොළේ? (නි)
අපි මේකට ලොකු උද්ඝෝෂණයක් කරමුද? (නි)
ගවයන් නිලධාරීන් බවට පත් උනහම මෙහෙම දේවල් වෙනවා. (නදී)
රටට නිදහස ලැබිලා මෙපමණ කල් ගිහිල්ලත් තවම මෙම තත්ත්වයෙන් තියෙන්නේ ඔය වගේ සේවකයන් නිලධාරීන් නිසයි. ලංකාවේ බොහෝ තැන් වල හැටි ඔහොමයි. වැඩක් කෙරීගෙන යනකොට නීති පොත හරහට තියනවා. ඔය පාර කාපට් කරන එක විදුලිබල මණ්ඩලය දන්නේ නැත්නම් කණු ටිකත් කවුරුහරි ගලවාගෙන යයි. ඔහොම මිනිස්සු එක්ක මොන ආසියාවේ ආශ්චර්යද? (නි)
ආයතන 2 කේම හරක් ඉන්නවා වගේ මට තේරුම් යන විදියට.(නදී)
පිට සක්වලින් ආපු නිළධාරීන් නැතිව අපේ රටෙි නිළධාරින් මෙි ආයතන වලට පත් කරන්න ඔින . ඇත්ත වශයෙන්ම (නදී)
දැන් නම් ආශ්චර්යට ඔන්න මෙන්න කොල්ලෝ (නි)
කාපට් කරන්න කලින් කණුව කොහෙද තිබ්බේ. පාර කණුව හොයාගෙන ගියා නම්, මාර්ගය සංවර්ධනය කරපු අය විදුලිබල මණ්ඩලය දැනුවත් කල යුතුයි. යථාර්තය නම් ඔය පාර කිසි සැලැස්මක් නොකර හදලා මුදල් ගසා කැම. (අ)
පාරේ විදුලි කනු සවිකරන විට රජයේ ආයතනයකට ගෙවීමක් කරනවාද ? (නදී)
ඇයි නුවර පාරෙත් දැන් පාර පළල් කරගෙන යන්නේ ඔහොම තමයි. නැවතත් වැඩිපුර ගානකට කොන්ත්‍රාත් දීලා ලයිට් කණුත් ගලවලා තව පාරක් වළවල් කාපට් කරනවා. (නි)
අනේ මෙහෙමත් මිනිසුන් වෙසෙන රටක්!!! (නි)
ඔය වැඩේට නයකත්වය දුන්න ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනේ ලංකාවේ එළිපිට වෙන දේවල් තමයි ඔය අපිට නොපෙනෙන ඔය වගේ දේවල් කොච්චර වෙනවා ඇතිද. (නදී)
රට සංවර්ධනය කරන්න පළමු මිනිසුන්ගේ මොළය සංවර්ධනය කළ යුතුය. (නි)
මාර වැඩේ ඒ දැන් මම දෙපැත්තෙන්ම මාර්ග බාධක දමා රතු රෙදි කැබැල්ලකින් ලයිට් කනුව හොදට ඔතන්න. (අ)
බය වෙන්න එපා. ඔය කාපට් එක ඊළඟ වැස්සට ගැලවිලා යයි (නි)
ධම්ම ඔබ කියා දේ හරි නමුත් ලංකාවේ මෙවැනි තැනක හැදෙන පාර මෙපමණයි. දැන් මුදල් ප්‍රතිපාදන සහ වැඩ අවසන්. පාර විවෘතයි (නදී)
ශ්රී ලංකාවේ මී හරක් ද මිනිසුන් සමග හරි හරියට වැඩකරති. (නදී)
විදුලි රැහැන් , දුරකථන රැහැන් , ජල නල පද්දතිය, අපජල මාර්ග යන අංස වලට එකම සංවර්ධන සිතියම් සැලැස්මක් තිබිය යුතුයි. නුසුදුස්සන්ට නොහොත් දේශපාලන හෙන්චයියන්ට ඔය ආයතනවල රැකියා දීම නිසා ඔය විධියේ වැඩ රට පුරාම දකින්නට පුළුවන්. මෙය පුදුමයක් නොවේ. නමුත් ආශ්චර්යයකි. (නදී)
අනේ අම්මපා මෙහෙමත් රටක් මේකට කියන්නේ කර්පෙට් කරපු පාරක් කියලද (නදී)
මෙම කනුව උපවාසය සදහා යොදාගමු. (අ)
මේ මාර්ගය හදා අවසන් බවක් පෙනෙන්නට නැහැ. මෙවැනි බාධක ඉවත් කිරීම,පාර දෙපැත්ත පුරවා සකස් කිරීම, මාර්ග සලකුණු සහ සංඥා ආදිය සළකුණු කිරීමට ඉතිරිව ඇති බව පෙනේ. ඒවා අවසන් කිරීමට පෙර ගමනාගමනය සඳහා පාර හැර තිබීමයි වැරැද්ද. (නි)
බයවෙන්න එපා මේ වගේ කාපට් කරපු පරවල යනකොට අපිව නිකම්ම කාර්පට් වෙයි. (නදී)
පාරක තාර පීප්යක් උඩ ලාම්පුවක් පත්තුකරලා තියනවා දැකලා මිනිහෙක් ඒ ලාම්පුව ගැන පාර හදන අයගෙන් අහුවාලු. ඔය තාර පීප්පයේ කව්රු හරි හැපෙයි කියලා ඒක පේන්නයි ලාම්පුව තියෙන්නේ කීවාලු. එතකොට තාර පීප්පේ මොකටද එතන තියෙන්නේ කියා ඇහුවාම "ලාම්පුව කොහේ හරි උඩක නොතිබ්බොත් ඒක පෙන්නේ නැහැනේ, එ්කයි තාර පීප්පේ උඩ තියලා තියෙන්නේ කිව්වාලු. (නදී)
ප්‍රවේශම් වන්න, ඉදිරියෙන් විදුලි කණුවකි! (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
නියම කාපට් දැමිල්ලක්නේ. හදිසියකට කළ බව පෙනෙනවා. විදුලි බල මණ්ඩලයේත් වැඩ කඩි වගේනේ. කවදාහරි කණුව ගළවන්න එනවිට පාරේ කාපට් නැතුව තියේවි.මේක ලංකාවනේ. ඔහොම යමු..... (නි)
මේක මහා මෝඩ වැඩක් (නි)
බලන්නකෝ මේක! වෙන රටවල මෙහෙම තියෙනවද? මේකට තමයි ආශ්චර්ය කියන්නේ! (නි)