IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ලොක්කන් හමුවේ නොනැමුණු නීතිය

1803 මාර්තු මස 03 වැනිදා ඉංග්‍රීසි භාෂාවෙන්  මුද්‍රිත  “සන්ඬේ  ගැසට්  ඇන්ඞ්  නිව්සවුත් වේල්ස්  ඇඞ්වටයිසින්”  නම් පුවත්පත එළි දකිනතෙක්  වසර  40,000 කටත් වඩා වැඩි ඈත අතීතයකට උරුමකම් කියන 280 ක් පමණ වූ ගෝත්‍රික භූමිපුත්‍රයන්හට ඕස්ට්‍රේලියානු මහාද්වීපය තුළ කථන භාෂාවක් මිස ලිඛිත භාෂාවක් තිබූ  බවට සාධක මෙතෙක් හමුවී නොමැත.

1788 දී ඉංග්‍රීසි ජාතිකයන්හට ඕස්ට්‍රේලියානු  භූමියේ පය ගැසීමට වීසා බලපත්‍රය  ලෙස  ලබාදෙනු ලැබූයේ ලියවිල්ලකින් නොව අඟල් පහ හයක්  පමණ දිගු, දෙපසින් උල්කොට තැනූ “යුකැලිප්ටස්” ලී  කැබැල්ලකිනි.
ඉංග්‍රීසීින්ගේ සංක්‍රමණයේ අතුරු ඵලයක් ලෙස මුද්‍රිත මාධ්‍ය භාවිතය ජනප්‍රිය වීමත් සමග “ජෝන් ෆෙයා ෆැක්ස් ගෘප් පුද්ගලික සමාගම” හා  “නිව්ස් කෝපරේෂන්” යනුවෙන්  දැවැන්ත මාධ්‍ය සමාගම් දෙකක් ජන සන්නිවේදන මාධ්‍යයේ  ස්වාධීන පූර්ණ සර්ව බලධාරීහු ලෙස අදටත් ඕස්ට්‍රේලියානු  මාධ්‍ය කිරුළ අතදරා සිටිති.

1831 ඇරඹුණු  ජෝන් ෆෙයා ෆැක්ස්  සමාගම “ද ඒජ්” , “ද කැන්බරා ටයිම්ස්” සහ “ද සන්” යන ප්‍රධාන පුවත්පත් ඇතුළු ප්‍රාන්ත පුවත්පත් 48 ක හිමිකාරිත්වය දරන අතර 1964 ඇරඹුණු “ කීත් රුපට් මර්ඩොක්ස්”  ගේ “නිව්ස් ඕස්ටේ්‍රලියානු කෝපරේෂන්” නම් පවුලේ ව්‍යාපාරය “ද ඕස්ටේ්‍රලියන්” හා  “ද වීක්කෙන්ඞ් ඕස්ට්‍රේලියා ” “ද කුරිය මේල්” සහ “ද ටෙලිග්‍රාෆ් සහ මිරර්” යන ජාතික පුවත් පත්වලට අමතරව  පුවත්පත් 119ක හිමිකාරිත්වය දරමින් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හැසිරිවීමේ 60% ක ස්වාධීන අධිකාරී බලය සතු කරගෙන ඇත.

සන්නිවේදන මාධ්‍යයේ ස්වාධීන අධිකාරී බලය පිළිබඳ සෝදිසියෙන් සිටීම පිණිස සුවිශේෂී බලතලවලින් පොහොසත් “ඕස්ට්‍රේලියාන් ෆ්‍රෙස් කවුන්සිල්” සහ “ද ඇඞ්වටයිසින් ස්ටෑන්ඩර්ඞ් කවුන්සිල්” වැනි ස්වාධීන කොමිසන් විසින් අවිධිමත් වාර්තාකරණය පිළිබඳ දැඩි තීන්දු තීරණ ගැනීමට කිසිදු බියක් හෝ මැලිකමක් නොදක්වන අතර “රාජකීය බලපෑම්” වලට හසු නොවන ශක්තිමත් ව්‍යුහයක් තුළ සංස්ථාගත කෙරුණු ස්වාධීන පරම බලයක් හිමි ආයතනයෝ වෙති. 

එරට රාජකීය බලය පවා ස්වාධීන හා නිදහස් මාධ්‍ය හමුවේ ලිලිපුට්ටන් වූ අවස්ථා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. 

1991 ජුනි 12 වැනිදා ඕස්ට්‍රේලියාවේ 23 වන අගමැති “බොබ් හෝක්” හට සුවිශේෂී රාජකාරියක් පිළිබඳ හදිසි මාධ්‍ය හමුවක් පැවැත්වීමට සියලු සංවිධාන කටයුතු කිරීමට සිදුවූයේ සිය නිලවාහනයේ ගමන් ගන්නා අතරතුරදීය. එම ජංගම මාධ්‍ය සාකච්ඡාව සඳහා “ක්වීන්ස්ලන්ඞ්” පොලිස් රූපවාහිනිය ඇතුළු පෞද්ගලික පුවත්පත්, රූපවාහිනි හා ගුවන් විදුලි නාළිකා සියල්ල සහභාගිවී ඇත. වාහනයේ පසුපස අසුනට බරදුන් අගමැතිවරයා සම්මුඛ සාකච්ඡාව පවත්වන අතර රියදුරු විසින් වාහනය පදවාගෙන ඉදිරියට ඇදෙන මොහොතේ වාහනය තුළ දැල්වෙන විදුලි ආලෝකයෙන් සියලුම මාධ්‍යවේදීන්ගේ නෙත් ගැටී ඇත්තේ අගමැතිවරයා ආරක්ෂක බඳ පටිය නොපැළඳ සිටි අයුරුයි. “ක්වීන්ස්ලන්ඞ්” පොලීසිය එම වරදට ඩොලර් 80ක දඩයක් නියමකොට තිබුණි.  ඕස්ට්‍රේලියානු  රථවාහන නීති අනුව රථවාහනයක ඉදිරිපස සහ පසුපස ආසනවල  ගමන් ගන්නා සියලු මගීන් ආරක්ෂක බඳ පටි පැළඳීම අනිවාර්යයි. දඩය ගෙවූ අගමැතිවරයා පොලිස් නිලධාරීන්ට හා මාධ්‍යට ස්තුති කළේය.

ජනප්‍රිය කම්කරු නායකයෙකු වූ “බැරී ෆැරල්” 2011 මාර්තු පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගනිමින්  “නිව් සවුත් වේල්ස්” ප්‍රාන්ත රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට වරම් ලැබුවේය. එයින් උද්දාමයට පත් එක ඡන්දදායකයකු  (“නික් ඩි ගිරෝලාමා”)  විසින් මිල අධික සුපිරිගණයේ  “පෙන්ෆෝල්ඞ්ස්  ග්‍රන්ජ් හර්මිටේජ්” නම් (1959 වසරේ බෝතල් කළ) ඉපැරණි වයින් බෝතලයක් සුබපැතුම් තෑග්ගක් ලෙස “බැරී  ෆැරල්” අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඒවා තිබුණි. මිල ඩොලර් 3000/=කි.  (ශ්‍රී ලාංකික මුදලින් ලක්ෂ 9කට ආසන්න මිලකට අද අලෙවි කෙරේ) 
එම පුවත මාධ්‍යවේදීන්ගෙන් සඟවා තබා ගැනීම අසීරු විය. වහා ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු “දූෂණ චෝදනා විමර්ශන ආයතනය” විසින් ඇරඹූ විමර්ශනයේදී තමාට එවැන්නක් ලැබුණු බවක් මතක නැති බවත් ඔහු සමග සුබපැතුම් පණිවිඩ හුවමාරුවක් සිදු නොකළ බවත් පැවසූ “බැරී ෆැරල්” අග්‍රාමාත්‍යවරයා එය කුමන්ත්‍රණයක් විය හැකි බැව් කොමිසම ඉදිරියේ කියා සිටියේය. එහෙත් ඔහු විසින් “නික් ඩි ගිරෝලාමා” ට යවා තිබූ ස්තුතිය පළ කෙරුණු කොළ කෑල්ල (තෑන්කින් නෝට්) කොමිසම අතට පත්ව තිබුණි.  “බැරී ෆැරල්”  වහා ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීය. 

2015 දෙසැම්බර් 23 වැනිදා නිකුත්  වූ “හෙරල්ඞ් සන්” දිනපතා පුවත්පතේ අලුයම මුද්‍රණයේ පිටපතක් සොයාගැනීම අතිශය දුෂ්කරකාරියක් විය. වැඩ කරන ජනතාව අතර අවංක දේශපාලන චරිතයක් ලෙස ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින කම්කරු පක්ෂ නායක “බිල් ශෝර්ටන්” ඕස්ට්‍රේලියානු  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ද වේ. ඔහු පිළිබඳ නුහුරු විමතිය දනවන පුවතකින් එදින මුල්පිටුව සැරසී තිබීම “හෙරල්ඞ්සන්” පුවත් පතේ පිටපතක් සොයාගැනීම දුෂ්කර වීමට හේතුවයි. 

වාහනයක්  පදවන මොහොතේ රියැදුරු විසින් ජංගම දුරකථන ඇමතුම් ලබාගැනීම ඕස්ටේ්‍රලියාවේ සපුරා තහනම් ක්‍රියාවකි.පෙර/පසු ආරක්ෂක වාහන (බැකප් වාහන) භාවිතයක් නොමැති “බිල් ශෝටන්” විපක්ෂ නායක වරයා ජංගම දුරකථන ඇමතුමක රැඳී සිටිමින්ම මෙල්බන් නගර මධ්‍යයේ සිය වාහනය පදවාගෙන යන අයුරු ඒ අසල රාජකාරියේ යෙදී සිටි පොලිස්  නිලධාරියෙකුගේ ඇසට හසුවීමේ පුවත පසුදින හෙරල්ඞ් සන් පුවත්පතේ අලුයම මුද්‍රණයේ “විපක්ෂ නායක බිල් ශෝටන් ඩොලර් 443/= ක දඩයක් ගෙවයි” යනුවෙන් පොල්ගෙඩි අකුරෙන්ම මුල් පිටුවේ පළකොට තිබුණි. වැරැද්දට දඬුවමක්  වශයෙන් ඩොලර් 443/=ක් මිලකුත් සඳහන්කොට දඩකොළයක්  නිකුත් කළ  පොලිස් නිලධාරියා දඩය ගෙවීමට සති දෙකක කාලයක් ද නියම කළේය. පොලිස්  නිලධාරියාගෙන් සමාව අයැදී විපක්ෂ නායකවරයා  අදාළ දඩය ගෙවා  පාර්ලිමේන්තුවේ දී ජාතියෙන් සමාව ගත්තේය. 

“නිව් සවුත් වේල්ස්” ප්‍රාන්ත රාජ්‍යයේ  “ට්‍රෝයි  ග්‍රාන්ට්” නම් පොලිස්  ඇමැතිවරයා රථ වාහන නීති රීති නොදැන සිටීම පිළිබඳව ඔහුගේම අන්තේවාසික පොලිස් නිලධාරීන් විමතියට පත් වූ අවස්ථාවක් පිළිබඳ 2017 මාර්තු සියලු සමාජ වෙබ් අඩවිවල  හා  පුවත්පත්වල මුල්පිටුව සැරසූ තවත් රසවත් තොරතුරකි. සතිඅන්තයේ දිනක පොලිස් ඇමැතිතුමා “නීවෙල්” නම් අධිවේගී මහා මාර්ගයේ සිය වාහනය පදවාගෙන යන අතරේ මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තදබල වාහන තදබදයකට හසුවී සැලකියයුතු වෙලාවක් වාහනය නවතා සිටීමට සිදුව ඇත. 

 ඒ අතරතුර ඉදිරියෙන් නවතා තිබූ වාහනයක පිටුපස බැටළුවෙක් පටවාගෙන සිටිය සැටි දුටු පොලිස් අමාත්‍යවරයා සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීමට ගත් උත්සාහය ඒ අසල සිටි රථවාහන හසුරුවන පොලිස් නිලධාරියාගේ ඇස ගැටිණි. සිය  ප්‍රධානියාට ආචාරශීලීව කතාකොට වාහනය පදවන අතර ජංගම  දුරකතනය භාවිතා  කිරීම සපුරා තහනම් බැව් මතක් කර සිටියේය. පොලිස් ඇමැතිතුමා තමා එවන්  නීතියක් පිළිබඳ නොදැන සිටි බව කියද්දීම සිදුකළ වරදට ඩොලර් 325/= ක දඩකොළයක් ලියා රියදුරු වැරදි දහයෙන් හතරකට ද පොලිස් ඇමැතිවරයා වැරදිකරු කරනු ලැබූයේ කිසිදු පැකිලීමකින් තොරවය. ඔහු දඩය ගෙව්වේය. පොලිස් නිලධාරියාට ද කිසිදු අනතුරක්  නොවීය.

වාර්ෂිකව සිඞ්නි නැව් තොටුපළ ආශ්‍රිතව  පැවැත්වෙන නත්තල් උත්සවයට මිලියන ගණනක් දෙස් විදෙස් සංචාරක රසික පිරිසක් එක්රැස්වීම අතිශයින්ම මනස්කාන්ත අත්දැකීමකි. ඕස්ටේ්‍රලියාවේ 29 වැනි හා වර්තමාන අග්‍රාමාත්‍ය “මැල්කම් ටර්න්බුල්” අග්‍රාමාත්‍යවරයා ද තොටුපළ ආසන්නයේ පිහිටි ඔහුට අයත් සුවිසල් පෞද්ගලික නිවහනේ විවේක සුවයෙන් ගතකිරීමට පැමිණ මහජනතාව හා මොහොතක් ගතකිරීම සිරිතක් කොටගෙන ඇත.

අගමැතිවරයාගේ ප්‍රධාන විනෝදාංශයවී ඇත්තේ සිය  පෞද්ගලික ඩිංගි බෝට්ටුවෙන් සිඞ්නි නැව් තොටුපළ  වටේ රවුමක් යාමයි. 2017 දෙසැම්බර් 29 වැනිදා සිය ඩිංගි බෝට්ටුවෙන් සුපුරුදු ලෙස තොටුපළ වටේ රවුමක් ගසා සිත්සේ විනෝද වුයේය. නිවෙසට මිටර් 20ක පමණ දුරක්  තනිවම හබල් ගා නිරුපද්‍රිතව යළි නිවෙසට ළඟා වී පසුදින සුපුරුදු රාජකාරිවල යෙදෙන්නට විය.

(මෙම ලියුම්කරු ද මෙදින මෙම උත්සවයේ අමුත්තෙක් විය)

පසුදින  “ද ඕස්ටේ්‍රලියන්”, “හෙරල්ඞ් සන්” යන ජාතික පුවත්පත් ඇතුළු සමාජ වෙබ් අඩවිවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබුණේ  “මැල්කම් ටර්න්බුල්” අග්‍රාමාත්‍යවරයාට ඩොලර් 250/= ක දඩයක් ගෙවීමට සිදු වූ ප්‍රවෘත්තියයි. සිඞ්නි “පැපරාසීන්” විසින් අගමැතිතුමා ජිවිත ආරක්ෂක ජැකට්ටුව නොපැළඳ බෝට්ටු පැදීම ඡායාරුප ගතකොට එසැණින්ම සමස්ත ඕස්ට්‍රේලියානු මාධ්‍ය  ජාලයටම බෙදා හැර තිබුණි. නරක පූර්වාදර්ශයක් බැව් ද කීය. දඩය ගෙවූ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී තමාට පාඩමක් ඉගැන්වීම පිළිබඳ මාධ්‍යට ස්තුතිකොට ජාතියෙන් සමාව අයැද සිටීමට නිහතමානී විය.

පළමු පුරවැසියා පවා නීතිය හා සදාචාරය හමුවේ හැසුරුණු ආකාරය සාමාන්‍ය වැසියා නීති ගරුක විනය ගරුක පුරවැසියන් බවට පත්කෙරෙන මුඛ්‍ය සාධකය ලෙස දකින සමාජ විද්‍යාඥයන් රට සෞභාග්‍ය කරා මෙහෙයවීමේ රහස ද එම ගුණය බැව් සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.

මාධ්‍යවේදියා යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතා බවට යළි යළිත් එරට බලධාරීන්ගේ සිහි කැඳවමින් ලොව අනෙකුත් රට රාජ්‍යයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට සාපේක්ෂව වසර 250 ක් වැනි ළපටි රටක ජීවත්වීමට ලොව හොඳම රට ඕස්ට්‍රේලියාව යන විරුදාවලියට හිමිකම් කීමට මංපෙත් පාදා තිබූ අයුරු විස්මය ජනකය. පිරිපුන් මාධ්‍යවේදියා පුහුදුන් දේශපාලකයාට හරිමග නිවැරදිව කියයි.

 



අදහස් (6)

ලොක්කන් හමුවේ නොනැමුණු නීතිය

Lapaya Thursday, 21 June 2018 11:33 AM

සිරි ලංකාවේ නම් දඩ කොලය ලියපු කෙනාට අබ සරණයි.

:       0       7

faizerSunday, 24 June 2018 02:43 PM

බය වෙන්න එපා. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. දඩ කොළයක් ලියන්න එපාද අබ සරණ වෙන්න....

:       0       1

sam Friday, 22 June 2018 07:23 AM

ඕස්ට්‍රේලියාවේ නීතිය බොහොම වෙලාවට කෙලින් ක්‍රියාත්මක වුණාට නීතිය නවාපු අවස්ථාත් තියනවා. වික්ටෝරියන් පොලිසියේ (2010, එවකට දෙවෙනියා) ලොක්කා වූ කෙන්ලේ වේග සීමා ඉක්මවා ගිහින් හොරෙන්ම දඩේ ගෙවලා ඒ බව ඔහුගේ බලය පාවිච්චි කරලා වසං කළා. බටහිර ඕස්ට්‍රේලියාවේ ස්වෝන් කොට්ටාශයේ මන්ත්‍රී ස්ටීවන් අයන්ස් බීලා ලයිසනුත් නැතිව එළවලා අහු වුණා. අනිවාර්යයෙන්ම ලයිසන් තහනමක් ලැබිය යුතු වුවත් නීතිය නවලා බේරුණා. 1996දී වික්ටෝරියානු අගමැති 100 වේග සීමාව ඇති හැමිල්ටන් හයිවේ එකේ 143ට ගිහින් අහුවුණා. මේක අනිවාර්යයෙන්ම රියදුරු බලපත් අවලංගු කරන වරදක්. නමුත් ඒ පොලිස් නිලධාරියා තමන්ට එදා උදේ රේඩාර් ගන් එක කැලිබ්රේට් කරන්න බැරිවුණා කියලා නීතිය නැව්වා. ඒ වුණාට එම කැමරාවෙන්ම ඊට ටික වෙලාවකට පෙර 133 වේගයෙන් ගිය සාමාන්‍ය පුරවැසියෙකුගේ රියදුරු බලපත්‍රය (වේග සීමාව 30 කින් ඉක්මවා යාම) තහනම් කළා. තව සිද්ධි බොහොමයක් තියනවා..

:       2       58

Lalith Perera Saturday, 23 June 2018 06:58 AM

නීතිය නමන එක සුද්දන්ට කරනවා... හුඟක් අඩුවෙන්... ලංකාවට වඩා

:       0       4

faizer Sunday, 24 June 2018 02:41 PM

වඩාත් වැදගත් වන්නේ හොඳ පූර්වාදර්ශ අරගෙන නරක පූර්වාදර්ශ බැහැර කරන එක. හැමතැනම, හැමදෙයක්ම සර්ව සම්පූර්ණ නැහැ. අඩුවැඩි වශයෙන් තියේවි. නමුත් ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වගේ ආසියාතික රටවල තත්වේ ගැන නම් කියන්න වචන නැහැ.

:       1       12

sampath Monday, 25 June 2018 08:08 AM

මේක නම් ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. බඳ පටි පළඳින්නේ තමන්ගේ ආරක්ෂාවටයි. එ්ත් මේ වගේ රටේ නායකයා යන වාහනේ එහෙම අනාරක්ෂිත නැහැ. ඒ නිසා මේවගේ දේවල් නොකළ යුතුයි. කාර්යබහුල සුවිශේෂී අයට යම් වරප්‍රසාදයන් තිබිය යුතුයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 470 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 377 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 291 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1406 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 73 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 674 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site