කාශ්‍යප හා ගෞතම යන බුදුන් වහන්සේලා දෙනමම ලොව පහළවූයේ රාවණා රජතුමා සිහි මුර්ජාවේ සිටියදීය. එම නිසා රාවණා රජුට උන්වහන්සේලා දැක ගන්නට නොහැකි විය. කෙසේ වෙතත් රාවණා රජු බුද්ධ දර්ශනය පිළිගත්තෙකි. එහෙත් ඔහු සූර්ය වන්දනය කළ අයෙකි. පුරාණ පුස්කොළ පොත්වල රාවණා රජු සූර්යයාට නමස්කාර කළ මන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සඳහන් වෙයි. ඒ අනුව යමින් සූර්ය වන්දනාව රාවණා රජ සමයේ පටන් මුල්බැස පැවති අංගයකි. විජයගෙන් පසු ලංකාවේ රජ සමයන්හි පවා සූර්ය වන්දනාව තිබී ඇත. එබැවින් ඒ පිළිබඳ මතු ලිපියකින් සාකච්ඡාවක් අරඹමු.
රාවණා රජතුමා පිදුරුතලාගල, මහකුඩුගල කන්දේදී දීර්ඝ සිහිමුර්ජාවෙන් අවදි වූ පසු මුලින්ම කළේ පුරුදු සිරිත් කීපයකි. එතුමා නැගෙනහිර දෙසින් හිරු දෙස බලා වැඳගෙන සූර්ය නමස්කාරය කළේය. තුන් විටක් පහත මන්ත‍්‍රය කියමින් සිය ගෞරවය සූර්යයාට පිදීය. ඒ රහස් මන්ත‍්‍රය අපි අද ඔබට ලබාදෙමු.
සූර්යයා යනු අපි ජීවත්කරන මහා ශක්තියයි. පරිසරය, ගහකොළ, සතා සීපාවා ජීවත් කරන බලගතු ශක්තියයි. සූර්ය දෙවි නැමදීම මගින් නොපෙනෙන, බලගතු ශක්තියක් අපට ළඟාවේ. දරුවන්, මාපියන් නමදින්නේ ඇයි... එවැනිම වූ ආශීර්වාදයක් උපන්දා සිටම සූර්යයාගෙන් අපට ලැබේ. හුදෙක් අප ජීවත්කරවීම ඇත්තේ සූර්යයා සතුවය. රාවණා රජතුමා සූර්ය නමස්කාරය කරන්නට ඇත්තේ ඒ වූ මහා ශක්ති කඳම්බය හා සූර්ය දෙවි බලවත්භාවය නිසාය.
‘‘ ඕම් ප‍්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
මහර්තණ්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නමඃ
තර්පයාමී නමඃ
ඕම් මිත‍්‍රාය නමඃ
ඕම් රවයේ නමඃ
ඕම් සූර්යාය නමඃ
ඕම් භානවේ නමඃ
ඕම් ගහාය නමඃ
ඕම් භූෂ්නේ නමඃ
ඕම් භිරණ්‍ය ගර්පයාය නමඃ
ඕම් මරීසාය නමඃ
ඕම් ආදිත්‍යාය නමඃ
ඕම් සාවිත්‍රේ නමඃ
ඕම් අර්ඝාය නමඃ
ඕම් භක්ෂකරාය නමඃ
මහත් ධියුක්තිකරාය විමහී
තන්නෝ ආදිත්‍ය ප‍්‍රචෝදයත්’’
සූර්ය වන්දනාව කළ රාවණ රජතුමා ඉන්පසු තමන්ගේ සේනාධිපතිවරුන් සොයන්නට විය. රාම-රාවණ සටනදී පවා රාවණ රජු යුද්ධය මෙහෙය වූයේ මේ සේනාධිපතිවරුන් සමගය. ඔවුහු දක්ෂ සටන්කාමීහුය. පෞරෂවත්හුය. රාවණ රජුගේ යක්ෂ සේනාධිපතිවරු 21ක් සිටි අතර මේ සියලූ දෙනා දැන් මළවුන් අතරය. රාවණගේ පුත‍්‍රයා වන ඉන්ද්‍රජිත් එක සේනාධිපතියෙකි. ඔහු අමාවක දිනවල ‘සහශ‍්‍රගත’ යානයේ නැගී සතුරු බිමට එනවිට අඟහරු ග‍්‍රහ ලොවෙහි ජීවින් පවා භීතියෙන් මුසපත්ව ඇත. ඒ තරම් ඉන්ද්‍රජිත් බලවත්ය.
රාම රාවණට පහර ගහන්නට අඟහරු ග‍්‍රහලොවින් උදවු ගත්තත් රාවණ අන්‍ය කිසිම සහායක් යුද්ධයට නොපැතීය. රාවණාගේ සහායට ලොව රටවල් යුද සේනා එවීමට ඉදිරිපත් විය. එහෙත් රාවණට රාමා පරාජය කිරීම සඳහා අතුරු සේනා අවශ්‍ය නොවීය. රාවණට සිදුවූයේ සටනේදී සුළු අත් වැරදීමක් පමණි. එහි ප‍්‍රථිඵල වූයේ රාමා විෂ හීයක් රාවණ වෙත එවීමය. එය රාවණගේ දීර්ඝ සිහිමුර්ජාවට හේ්තුවිය. රජුගේ මරණින් පසු සටන ඉදිරියට සිදු නොවිණ.
සිහිසුන් රාවණව රැගෙන යක්ෂ සෙන්පතියෝ පිදුරුතලාගල මහකුඩුගලට ගෙන ගියහ. එහි රාවණ මාලිගයේ රජු සැතපවූහ.
රාවණගේ හමුදාවේ ප‍්‍රධාන සෙන්පතියා පුත‍්‍ර ඉන්ද්‍රජිත් වේ.
යළි නැගිටි රාවණ රජු මේ සෙන්පතියන් ඒකරාශී කර ගැනීමට මන්ත‍්‍ර මිමිණූහ. විවිධ මන්ත‍්‍ර හරහා පිරිස රැස්වන බලය රාවණට තිබේ. සෙන්පතියන් කැඳවූයේ ඒ මන්ත‍්‍ර වලිනි. මළවුන් අතර සිටි සෙන්පතියන්ගේ භූත ආත්ම 21ක් රාවණ සොයා මහකුඩුගලට පැමිණියහ. මෙසේ ඒකරාශි කළ භූත ආත්ම නැවත හතේ කණ්ඩායම් තුනකට බෙදුවේය.
පෙර ලිපිවල ලියූ විභූති යක්ෂයා මේ සෙන්පතින් අතර නැත. ඔහු රාවණා සිහි මුර්ජාවෙන් සිටි සමයේ මහකුඩුගලදී ආරක්ෂා කළ අයෙකි. නමුත් අතිශය බලසම්පන්න දැනටත් රාවණ සමග සිටින සහායකයෙකි.
‘මරිචි’ යනු රාවණ, සෙන්පතින් අතර තවත් ප‍්‍රබලයෙකි. ඔහු රාවණගේ සහෝදරියකගේ පුතෙකි. නෑ කමට ‘බෑනා’ වෙයි. මරිචි වාසය කළේ බෑන සමනොළය. රාවණගේ බෑනා පදිංචිව සිටි නිසා එය ‘බෑන සමනොළ” වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි. සීතාව රැගෙන ඒමට රාවණ ගිය වෙලේද මරිචි, රාවණ හා ගොස් ඇත.
දැන් රාවණ රජුගේ ආරක්‍ෂක සේනාව වන්නේ මළවුන් අතර සිට පැමිණි සේනාධිපති භූත ආත්ම 21ය.
රාවණ රජු තමන් සිටි තැන්වලට හෝ කිසියම් බාහිර තැනකට යන්නට අවශ්‍ය වූ විට මුලින්ම යන්නේ එක භූත ආත්ම කණ්ඩායමකි. එහි සත් දෙනෙකි. එම පිරිස අදාළ තැනට ගොස් ප‍්‍රදේශය පූර්ණ පිරිසුදු කරති. රාවණ එන තැන කිළිටි වී ඇත්නම් පිරිසුදු කිරීමද, මිනිසුන් රැුඳෙන තැනක් නම් මුලින් ඒ අය අදාළ තැනින් ඉවත් කිරීමද, දුෂිත පුද්ගලයන් රැඳී ඇත්නම් දඬුවම් කොට පන්නා දැමීමද යක්ෂ බළඇණියේ කාර්යය වෙයි. සියල්ල සූදානම් කළ පසු ‘රාවණ දෙවි’ පැමිණෙන්නැයි ආරාධනාව එයි. රාවණ රජු එදත් අදත් යන තැනක් හැටියට බෑන සමනොළ දැක්විය හැකිය. වසරකට දෙවතාවක් පමණ රාවණ රජු බෑන සමනොළට යයි. එහි විශාල යක්ෂ දේවාලයක් තිබේ. මෙය විශාල ගල් ගෙයකි. මෙහි වන්දනාමාන කරන්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික ගැහැණු දේවතාවියකටය. රාවණ රජුටත් පෙර රාවණ ඥාතීහු ඇය දේවත්වයෙන් පුදති.
මේ දේවතාවියගේ මුහුණ වලස් මුහුණකි. හිිසින් පහළ නිරුවත් කාන්තා ශරීරයකි. රාවණා රජු පවා මේ දේවතාවියට වඳින්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික පරම්පරාවේ දේවත්වය ලැබූ ආදි මිත්තණියක නිසා විය යුතුය. වර්තමානයේ ඇතැම් රාජ්‍ය නායකයන් දෙවියන් අදහනවා සේම රාවණා රජ සමයේද ඔවුහු දෙවියන් ඇදහූ බව මින් පෙනේ. රාවණ රජු මොනතරම් බලසම්පන්නයෙක් වුණත් බෑන සමනොළයේ දේවාලයට ගොස් පූජා භාර හාරවීම් කොට තමන්ට ශක්තීන් ඉල්ලීම කර ඇත.
රාවණ බෞද්ධ දර්ශනය පිළිගත්තත් ඔහු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කළේ නැත. ඔහු භාවනා කළේ නිවන් දැකීමටද නොවේ. භාවනාව ප‍්‍රධාන අංශ දෙකකි. එකක් ලෝකෝත්තර වශයෙන් ආර්ය සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීම පිණිසය. අනෙක ලෞකික ශක්ති වර්ධනය කරගෙන විශාල බලයක් ඇති කරවා දෙවියන් බ‍්‍රාහ්මණයන් පවා තමන් යටතට ගෙන ලෝක පාලනයට අවශ්‍ය ශක්තිය දියුණු කර ගැනීමටය. රාවණ රජු ලෞකික බලය දියුණු කළා මිස ලෝකෝත්තර ශක්තිය දියුණු නොකළේය.
රාවණ යනු කාමභෝගී ජීවිතයක් ගත කළ අයෙකි. ඔහු ‘මහා සීලවන්තයෙක්’ කියන තැනට මෙහායින් අප නැවතිය යුතුය. එතුමා ලෞකිකව සැපවත් ජීවිතයක් ගෙවීය. කෙතරම් භාවනා කළත් ඉඳහිට ඉන්ද්‍රියන් බිඳගෙන වැඩ කිරීමක් එතුමාට තිබිණි. රාවණට සුන්දර ස්ත‍්‍රියක දුටු සැනින් ඇය හා එකට සිටින්නට ආශාව ගලයි. තමන් ආශා කරන යම් වස්තුවක් දුටුවොත් එය ලබාගැනීමේ උවමනාව උපදී. එබැවින් එම ආශාව සම්පූර්ණ කර ගන්නට රාවණ සිල්බිඳ ගනී.
රාවණ රජුගේ නීත්‍යානුකූල බිරිඳ මන්දෝදරී රැජින බව අපි කීවෙමු. ඇයට අමතරව රාජකීයයකුට හිමි විශේෂ අන්තඃපුරයක් රාවණට තිබිණි.
මන්දෝදරී රැජින යනු එදා ලොව සිටි ප‍්‍රධානම ගෘහ නිර්මාණ ශිල්පියා වූ මයදානවගේ දියණියය. ලංකාවේ සීගිරිය නිර්මාණය කළේද මේ මයදානව ගෘහ නිර්මාණ ශිල්පියාය. ඒ රාවණගේ පියා වූ විශ‍්‍රවස් සෘෂිවරයාගේ සමයේය.
මයදානව විශ‍්‍රවස් මුණිගේ කිට්ටුවන්තයෙකි. විශ‍්‍රවස් මුණිගේ ඉල්ලීමට මයදානව අගනා බල කේන්ද්‍රයක් ගොඩ නැගීය. සීගිරිය ලොව අසහාය නිර්මාණයකි. එදත් අදත් එයට සම නිර්මාණ ලොව බිහි වී නම් දුර්ලභය. මයදානව ළඟ අගනා ‘ත‍්‍රිශූලයක්’ තිබිණි. එය ලෝක පාලනයට පවා ශක්තිය ඇත්තෙකි. රාවණගේ පෞරුෂය, බලය දුටු මයදානව තමන්ගේ දියණිය ඔහුට විවාහ කර දෙන්නට කැමති බව විශ‍්‍රවස් මුණිට පැවසීය. ඒ වන විට මයදානව ලොව ප‍්‍රධාන පෙළේ පොහොසතෙකි. ඔහුට රාවණ පවුල ගැළපෙයි.
දෙපාර්ශ්වයේ කැමැත්තෙන් රාවණ - මන්දෝදරී විවාහය සිදුවිය. එදා මයදානව රාවණට දායාදයක් දුන්නේය. ඒ පෙර කී මහබලැති ත‍්‍රිශූලයයි. විවාහයකදී මනාලියගේ පාර්ශ්වයෙන් දායාද දීමක් ආරම්භ වන්නේ මෙතැනිනි. එසේ ගත් විට විවාහයේදී දායාද ලැබූ ලොව පළමු මනාලයා රාවණා රජුය.
රාවණ තමන්ට අවශ්‍ය තැනදී මේ ත‍්‍රිශූලය භාවිත කර තිබේ.
රාවණ රජු හා මන්දෝදරී රැජින දිගුකලක් සීගිරිය මාළිගයේ එකට වාසය කළහ. ඒ අවට බළකොටු තනවා හමුදාවන් යොදා, සියල්ල සම්පූර්ණව කාමභෝගී විවාහයක් ගෙවා ඇත. එසේ ගත් විට රාවණ රජු නිතර සිල්රැකි, දහමට ලැදි, මාර්ගඵල ලැබූවෙක් හැටියට ගන්නවාට වඩා ශක්ති සම්පන්න, ලෞකික ශක්තිය එකමිටට ගත් බලවතකු ලෙස දැකිය යුතුය. මේ අදහස් දෙක පටලවා නොගත යුතුය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එකඟ වෙනවා බුද්ධිගේ අදහසට. (ස)
මේවා ඇත්තද (දී)
රාවණ යුගය යනු අප රටේ පැවති යුගයකි. එම යුගයේ සිටි අසමසම පුද්ගලයෙක් වශයෙන් මෙම දසහිස් රාවණ නොහොත් මහාරාවණ හැදින්විය හැක. එයට සාක්ෂි ඕනෑතරම්. ඉපැරණි පුස්කොලපොත්, අපගේ ජනශ්‍රතිය හා ආයුර්වේදය සදහන් වෙයි. එය සොයාබැලීමකින් තොරව බොරුවක් බව කියා පෑම නොකළයුතු යැයි මට සිතේ. ඒත් එම ඉතිහාසය, ඇදහිය නොහැකි “ නින්දෙන් නැගිටි” නැත්නම් “හීනෙන් ඇවිත් තමන්ට කතා කරයි” යනුවෙන් කරන මුග්ද ප්‍රකාශ මගින් විනාශ මුඛයට රැගෙන යාම ඉතා සෝචනීය තත්වයකි. නිවැරදි රාවණ ඉතිහාසය රැක ගැනීමට එම මුසාවාදය පතුරවන අය ගැන සමාජය ක්‍රියා මාර්ගයක් ගතයුතුය. (නදී)
මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ (නි)
රාවනා ගැන වෙන කව්රුත් කියන කතා මම දන්නේ නැහැ. ඒත් රාවණා කියන්නේ අපේ රටේ උරුමය තියෙන කෙනා කියලා මම හිතන්නේ. (නදී)
මෙහි සතයක් තිබුණා හෝ නොතිබුණා හෝ වේවා ..! මම නම් මේ ලිපි කියවන්නේ ඉතාමත් අශාවෙන් ..! ලංකාදීපට ගොඩාක් ඉස්තුතියි ..!!(දිල්)
අැත්තටම අපි නොදන්න දේවල් මේ විදියට දැන ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා එ්වගේම මම දැන ගන්න කැමති තවත් මේ ගැන පලවෙච්ච විස්තර තියනවද ඒවා අපිට ගන්න පුලුවන්ද කියලා (අ)
හෝම්ස් ප්‍රබන්ද ය ලිව්වේ සර් කොනන් උනාට සමහර මිනිස්සු බේකර් වීදියේ හෝම්ස් හොයනවා තාමත්. බලසම්පන්න ඇත්ත රාවණා දැන් ගලිවර් වගේ ප්‍රබන්දයක් බවට පත් කරලා . එකත් සම්මාන සහිතව. ඔහොම යන්. (ස)
මොන බොරුද මේ ? කොහොමද මේ කතා ඔප්පු කරන්නේ? සුරංගනා කතාවක් (නදී)
අනේ මන් දන්නේ නැහැ.හොදටම මොලේ අවුල් වගේ. (දී)
හරිම අගේ ඇති ලිපියක්. ඉදිරි පරම්පරාවට මේවා ප්‍රයෝජනවත් වෙයි. (අ)
මම මේ සිදුවීම් බලන්නේ හරිම ආශාවෙන්. මෙතරම් බලසම්පන්න, තාක්ෂණය අතින් ඉහළ මට්ටමක සිටිය අපි අද සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් තැනකය. මෙයට හේතුව කුමක්ද. (නි)
අනේ මෙතුමා මේවා අපිට කියලා දෙන එක කොච්චර දෙයක්ද. බොහොම පින්. (නි)
මේවා කියන්නේ සාක්ෂි ඇතුවද? (නි)
මේ ගැන තව දැනගන්න කැමතියි. (නි)
මම මේවා විශ්වාස කරනවා. මොකද ඔප්පු කරන්න සාධක තිබෙන නිසා. ඒත් මම කැමතියි දැනගන්න රාවණා රජුට මොකද වුණේ, කොහොමද මැරුනේ කියලා සහ මොහුගේ දේහය හොයාගන්න බැරි ඇයි කියලා. අනික මට දැනගන්න ඕනෑ මෙයා මැරුනේ කොතනද කියලා (නි)
මට නම් හිතාගන්නවත් බැහැ (නි)
මට නම් මේක විහිළුවක් වගෙයි (නි)
සුකුමල් මහත්තයෝ, සිහිමුර්ජා වෙලා ඉන්න කෙනෙක් කොහොමද බාවනා කරන්නේ (නදී)
රාවණ කියන්නේ මිත්‍යාවක්. ඔහුව ඓෙතිහාසික පුද්ගලයෙක් කරන්න හදනවා නම් ඔහු පිස්සෙක් වෙන්න ඕන. මේවා ලියන අයත් පිස්සෝ. මේවා කියවන අයත් විශ්වාස කරන අයත් පිස්සෝ. මේ පිටුව වෙනත් වැදගත් ලිපියකට වෙන් කරන්න කියලා මම බොහොම උවමනාවෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා. මොකද බොරුව තවදුරටත් සමාජගත කරන එක සමාජයට කරන හානියක්. (ස)
අනේ මන්දා. මට නිකන් පිස්සු වගේ (දී)
සිගිරිය කස්සප රජු පියාව මරා මුගලන් ගෙන් බේරීමට පැන ඇවිත් හැඟුණ තැන.එතකොට මේවා ගලපෙන්නේ කොහොමද රවන මෙච්චර කාලයක් හිටියේ කොහොමද බුදුවරයකුට පමණයි මෙච්චර කාලයක් ඉන්න පුළුවන් එත් වරක් අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් කියනවනම් ඔනිතරම් කාලයක් ඉන්න පුළුවන් කියල ආනන්ද හාමුදුරුවෝ 3 වතාවේදීම උත්තර දෙන්නේ නෑ ආනන්ද හාමුදුරුවෝ පියවිසිහියට එනවිට මාරයාට පොරොන්දුවක් දී අවසන් බුදුරජාණන් වහන්සේ ඒ පිටුපස සැගවී සිටි මාරයා එලියට අව එතකොට තමයි මාරයා ගහපු ඩබල් ගේම අහුවෙන්නේ මාරයා ආනන්ද හාමුදුරුවන්ව පියවි සිහිය නැතිකරහම කොහොමද උත්තර දෙන්නේ ඔයවිදිහට බුදුරජාණන් වහන්සේ ටත් වුන වැඩේ හැටියට රාවණාට බුදුවරු 2 නෙක් පිරිනිවන් පානකන් කොහොමද ඉන්නේ අවරුදු කල්ප ගානක් එහෙනම් බුදුන්ටත් වඩා කෙනෙක්ද එහෙම වෙන්න බෑ අනික ඔය කියන තත්වය කෝමා කියන තත්වය නේද කොහොම කරත් ශරීරය දිරනවා මමී දිරනවානම් පන ඇති ශරීර දිරනවමයි ජලය නැතුව දින 3 කට වඩා ජීවත් වෙනකොට විජලනය හෙදෙනවා පස්සේ මැරෙනව මේක විහිළුවක් වගේ බුදුන් කියල තියන්නේ විමසල බලල තෝරාගන්න හරිදේ මේවට උත්තර තියනවද මහාචාර්ය තුමා ලග හොදම විද්වතා බුදුරජාණන් වහන්සේ (අ)
ඔයාගේ අදහසට මමත් එකඟයි (නදී)
රසවත් කතාවක් (නි)
මේක හුදෙක්ම බොළඳ පට්ටපල් බොරු කියලා කියන උදවිය මේ ගැන හරියට හොයල බලල පොත් පත්තර කියවල තියෙනවද? පුරා විද්‍යා ගවේෂණ පොත් කියවලා තියෙනවද. රාමායනයේ රාමව විස්වාසනම් අපේ රාවන බොරු වෙන්නේ කොහොමද. අනික මේකේ මේ යක්ෂ කියල කියන්නේ හොල්මන් වලට නෙමෙයි ගෝත්‍රයකට. මේවා නොදෙන එක පාරටම මේවා බොරු කියලා කියන්න එපා. අධ්‍යයනයක් කරලා එ්ක ගැන හොයල බලලා පසු විපරමකට එන්න. අපිට කියා නිම කරන්න බැරි අවරුදු 5000 විතර අතීතයක් තියෙනවා කියල විතරක් අමතක කරන්න එපා. (නදී)
මේක හුදෙක්ම බොළඳ පට්ටපල් බොරු කියලා කියන උදවිය මේ ගැන හරියට හොයල බලලා පොත් පත්තර කියවල තියෙනවද? පුරා විද්‍යා ගවේෂණ පොත් කියවලා තියෙනවද. රාමායනයේ රාමාව විස්වාස නම් අපේ රාවනා බොරු වෙන්නේ කොහොමද. අනික මේකේ මේ යක්ෂ කියල කියන්නේ හොල්මන් වලට නෙමෙයි. ගෝත්‍රයකට. මේවා නොදැන එක පාරටම මේවා බොරු කියල කියන්න එපා. අධයනයක් කරලා එ්ක ගැන හොයල බලල පසු විපරමකට එන්න. අපිට කියා නිම කරන්න බැරි අවරුදු 5000 විතර අතීතයක් තියෙනවා කියල විතරක් අමතක කරන්න එපා. (නදී)
රාවණාගේ ජීවිත කතාව මම පිලිගන්නවා එත් මෙපමණ කුඩා කාලයකදී බුදුවරු තුන්නමක් පහල වුන එක නම් බොරු. කල්පයක් කියන්නේ ගැනිය නොහැකි කාලයක්. මම එ්කට උදාහරණයක් කියන්නම් දවසක් නන්ද බමුණා බුදුරදුන් හමුවට පැමිණ කල්පයක් කියන්නේ කොපමණ කාලයක්ද කියල අහල තියනවා. එතකොට බුදුහාමුදුරුවෝ මෙසේ වදාරා ඔබගේ සළුවෙන් මහා ගිජුකුළු පව්ව අවුරුදු 100 පාරක් පිස දමලා ඒ පව්ව කුඩා කොටසක් වන්න කොපමණ කල් යයිද අන්න ඒ වගේ කාලයක් තමයි කල්පයක් කියන්නේ. මේ ගැන සලකා බලන කොට මිරැන්ඩෝ මහතාගේ අදහස වැරදියි. එ නිසා ඔබ මේ ගැන සිතා බලන්න මේ ලිපිය ලියු මට වයස අවුරුදු 11 මගේ පාසැල කොළඹ ඉසිපතන විදුහලයි (නදී)
දෙවිවරු යක්ෂයෝ අතර විවාහ සිදුවුණාද මේවා කුල දෙකක් පමණි රාවණාගේ සෙන්පතියෝ 21 දෙනාගෙන් මරිචි යනු රාවණාගේ බෑනා නම් රාවනා දෙවියෙකු නොවේ දෙවිවරු යක්ෂයෝ අතර ගනු දෙනු නැත (අ)
ඊලග ජනාධිපතිවරනයෙදී පොදු අපේක්ෂකයා ලෙස මේ නැගිටලා ඉන්න "රාවණව" දාල අගමැති කමට මිරැන්ඩෝ මහතයව පත්කරමු. ඡන්දෙන් පත්කලාම හැංගිලා ඉන්න තැනකින් එලියට එයි. (අ)
රාවණා සිල් බිදගත්ත කියන්න මුද කොහෙද පහන අල්ලන ගිහින් තියෙන්නෙ .අපේ දේ බල්ලට දාන කාලකන්නි (අ)
මනඃකල්පිත කතාවක්. මූලාශ්‍ර, සාක්ෂි, මොකුත් නැති හිතින් මවාගෙන කියාපු රසවත් කතාවක්. රාවණ රජතුමා මනඃකල්පිතයෙක් නොවෙයි. එ්ත් ඇත්ත මේක කියලා අපි පිලිගන්නේ කොහොමද? (නදී)
රාවණා ඇහැරිලා නමි ඇයි තාමත් හැන්ගිලා කො රාවණ සම්බන්ද සිද්දි? ඇහැරිලා මොනවද ඔහු කරනනේ? (අ)
ඔනෑම නෙනෙකුට කය නැතිව මනසින් ඔනෑම කාලයක් ජීවත් වෙන්න පුළුවන්. එ්ක අමතක කරන්න එපා. මනස වයසට යන්නෑ. එ්ක නඩත්තු කරන්න ඹ්නෑ නැහැ. සිත දියුණු කරගත් කෙනෙකුට කයෙන් සිත ඉවත් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපිට වඩා වෙනස් විදිහට හිතන අය පිස්සො නෙමේ. (නදී)
හැම රටකම හිටි අතීත වීරයන්ට අදාලව මේ වගේ කතා තියෙනවා (නි)
තිංවක රොෂාන් මහතා, මනාව භාවනානුයෝගිව සිටින කෙනෙක්ට වසර දහස් ගණන් ජීවත් විය හැකියි. සතර ඍද්ධි පාද ප්‍රගුණ කල කෙනෙක්ට කල්පයකට වඩා ජීවත් විය හැකි බවයි බුදුන් වහන්සේ පවසා ඇත්තෙ (අ)
මොනවා උනත් ඉස්සරහට හොඳක් වේවී කියල හිතෙනවා (නදී)
බුදු කෙනෙකුට පසු තවත් බුදු කෙනෙකු පහළ වන්නේ වසර කල්ප ලක්ෂ ගණනකින් බව බුදු දහමෙහිම කියවෙයි. එවිට එතරම් කල් නින්දක හෝ සිහි මුර්ජාවක සිට නැවත නැගිට ගත් රාවණ රජෙක් ගැන කතා කරන හෝ විශ්වාස කරන කෙනෙක් සිටී නම් ඒ සිහිය මදක් විකල් වුවෙක් පමණකි. තවද කාශ්‍යප රජු විසින් ඉදි කල සිගිරි රජ මාලිගයෙහි සිටින්නට නම් රාවණ රජු මෑත ඉතිහාසයේ කෙනෙක් විය යුතුය. නමුත් රාම කුමරු පැමිණියෙයි කියන රාම සේතුව නොහොත් ආදම්ගේ පාලම වසර ලක්ෂ ගණනක් පැරණි බව මෑතකදී ඉන්දියාව සහ ඇමෙරිකාවේ නාසා ආයතනය එක්ව කරන ලද පරීක්ෂණයකින් කියවෙයි. එවිට රාම සහ රාවණ යුද්ධ කළ කතාව සිදු උනේ කවදාද? (නදී)
මේ ආචාර්යවරයා ප්‍රසිද්ධ වෙන්න දඟලන කෙනෙක්ද කොහෙද ?(අ)
මෙම ලිපියේ මුල මැද අග විමසීමට පෙර නැවත වරක් කාළාම සූත්‍රය කියවා සිටිය යුතු බව මට සිතුනි. ඊට පස්සෙ විමර්ශනය කරමු. (නි)
රාමා රාවණ කතාව හරියට දැනගන්න වාල්මිකී රාමායනය කියන පොත කියවන්න. (නදී)
ඔබේසේකර උන්නැහේ කොහොමද මේවා දන්නේ? කවදද රාවනා රජ්ජුරුවෝ නැගිටින්නේ? මේවා ඇත්ත කියල කොහොමද ඔප්පු කරන්නේ? මොනවා උනත් රසවත් කතාවක්. (නදී)
රාවනා රජු හිටියයි කියා මමත් විශ්වාස කරනවා. (නදී)
රාවණා යනු ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)
මෙය සත්‍යක් නම් රාවණා රජු පාලනය කල හැකි කෙනෙක් සිටිය යුතුයි නේද? රාවණා රජු ආරක්ෂා කල යුතුයි. නමුත් ඔහුට ඔුහව පාලනයක් නැහැ (නදී)
පිළිගන්න නොපිළිගන්න එක පාඨකයන්ගේ වැඩක් (නි)
රාවණා රජු.... මං විශ්වාස කරන සහ අදහන ප්‍රබල චරිතයක්. රාම රාවණා යුද්ධය විශ්වාස කරන අය ඇයි රාවණා සිටියා කියලා විශ්වාස නොකරන්නේ.... අදටත් ඉන්දියාවේ රාවණාට ගිනි තැබීමේ මංගල්‍යයක් තියෙනවා... ඒ රාවණා කියලා කෙනෙක් ජීවත් වුණේ නැති නිසාද. රාවණ යුගයක් තිබුණා සහ මං විශ්වාස කරනවා එහෙම යුගයක් නැවතත් ඒවි කියලා.
ප්‍රසිද්ධ වෙන්න දඟලන මානසික රෝගියෙක්. මෙයාට හිතෙන දේවල් ප්‍රසිද්ධියේ කියනවා.
රාවණා අමරණීයයි
රාවණා රජු එක පාරක් දකින්නට අත්නම් කියලා හිතෙන වාර අනන්තයි..
රාවණ කතාව බොරුවක් කියන්න උත්සාහ දරන්නේ වෙනත් ගෝත්‍රික සම්භවයක් සහිත වූවන්... රාවණ ගැන අසනවිට යම් ආඩම්බරයක්, ආදරයක්, ලැදියාවක් ඇතිවන්නේ ඔහුට සසර බැඳිමක් ඇත්තවුන්... දරපනාහෙළ මං ගිහිං තියෙනවා... පුරා විද්‍යාවට මේවා ගැන සොයන්න වුවමනාවක් නෑ.. අපූරු නිර්මාණ තියෙනවා.. මිනිස්සු නොදැක්ක... ඊට උඩින් තමයි රාවණාගේ පළතුරු වත්ත මාලිගාව තියෙන්නේ... මහකුඩුගල.. පූරාණ දේවාලයක් තවමත් තියෙනවා.. බ්‍රාහ්මි අක්ෂරවලටත් වඩා වෙනත් අකුරු තියෙනවා... අවමන් නොකර විමසීම කලයුතුයි.. මේවා මිථ්‍යා ප්‍රබන්ධ නොවේ...
විදේශිකයෝ ලියලා දීපු අපේ ඉතිහාසේ පිළිගන්න අපේ මිනිස්සු හරි කැමතී, ඒත් අපේම අය ගොඩ ගන්න දගලන අපේ හෙළ ඉතිහාසේ ප්‍රබන්ධයන් විදිහට ගනන් ගන්නේ. විජයගෙන් පැවත එන්නේ කියා ගන්න ආස අපේ මිනිස්සූ රාවණා ඉතිහාසය ගොඩ ගනීද?
රාවණා කියලා කෙනෙක් හිටියා ඔහු කයෙන් මිදී ආත්මෙ ජීවත්වෙන පුද්ගලන් අතරින් එක්කෙනෙක් කවදා හෝ හෙළයේ සරණමය යුගයක් ඇති වෙන්නේ වෙන්නෙත් නැවත ඔහුගෙන්. සමහර යාලුවන්ගෙ අදහස් වලට අනුව ඔවුන් සාධාරණයි, නමුත් රාවණා රජුගේ සිරුර බෙහෙත් ගල්වා අදටත් ආරක්ෂිතව පවතිනවා. ඔහුගේ ආත්මෙ නිසි වෙලාවට නැවත සිරුර ඔහුගේ කර ගන්නවා. කාලය යන්ත්‍ර හරහා ගමන් කරපු ඔහුට දහස් ගණනක් ජීවත්ව සිටිනවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවේ. හෙළයන්ට ජය රාවණයන් ජීවමානයි. ඔබට රාවණයන් පිළිබඳ සත්‍ය වශයෙන්ම වැළලුනු ඉතිහාසය දැනගැනීමට අවශ්‍ය නම් තමන්ගේ තෙවැනි ඇස අවදි කරගත් විට පුළුවන්.
හෙළයන්ට මං රහසක් කියන්නං 2027 පසු රාවණා යුගය ඇරඹීමට අවශ්‍ය පරිසරය සැලසෙනවා. ස්වභාවික විපිරියාස සිද්ධ වෙනවා. රාවණයන් වෙනුවෙන් හෙළයන් නැගී සිටිනවා. මායාවරුන්ගේ ආගමනයක් සිදු වෙනවා. හෙළ බිමට රතු වැසි වැස්සේ මායාවරුන් පැමිණෙන බවක් අනාවැකියක් ලෙස පවසමින්. තවත් බොහෝ දේ කියන්න ඇතත් සම්මත රාමුව තුළ සිරවි සිටින බොහෝ හෙළයන්ට සත්‍යය සොයා බලා රාවණයන් පිළිබඳ තේරුම් ගත් විට මහා භක්තියක් අභිමානයක් ඇති වේවි. හෙළයන්ට ජය රාවණයන් ජිවමණයි!
සාක්ෂි නැතුව අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ...?
මමත් එකඟයි.., අනාගත පරපුර වෙනුවෙන් මේවා වැදගත්...
මමත් එකඟයි... රාවණා රජු හිටියොත් සහරානුත් නෑ..
තාම මම මේ ගැන හොයනවා. බොහොම වටිනා අපේ කතාවක්
රාවණා කියන්නේ බොරුවක් කියලා කියන අපේම ලංකාවේ අය ගැන කළකිරෙනවා. මොනවා කරන්නද? ලැබීම තමයි..
අඩි 3000ක් යට තියෙනවද? ඉතිහාසය පාගාගෙන බොරුවට කෑගහනවා..
රවණා රජු මේ මහ පොළොවේ ඉපදිලත් සිංහලයන්ට එතුමාගේ අගයක් නැහැ.
සමහර සිංහල අයගේ සිතුම් පැතුම් කෝවක දාලා මකන්න වෙන්නේ. ලංකාව ගැන කණගාටුයි.
මේවා ඔක්කොම ඇත්ත කියලා මම හිතනවා. රාවණා කියන්නේ අදටත් ජීවමාන වූ චරිතයක්...
රාවණා රජතුමා අපිට නැතත් අපේ දරුවන්ගේ කාලවලවත් ඇවිත් සිංහල ජාතිය බේරා ගන්නවා නම්.. එහෙම පැතුමක් හිතේ තියෙනවා...