IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’ට ගියෙමු

  hhdh

රාවණා රජු පිළිබඳව මෑත කාලයේ ජනතාව අතර වැඩි අවධානයක් යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විවිධ මත පළවීමත් සමග මේ තත්ත්වය උදා වන්නට ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් අතීතයේ සිටම රාවණා රජු දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ජන කොට්ඨාසයක් අදටත් සිටිති. එම ජනතාව අතීතයේ සිටම රාවණා රජු පිදීම සඳහා විශේෂ වූ වැඩ සටහනක් කරති. එය ඔවුන් සිදු කරනු ලබන්නේ දෙවියන් යැදීම මෙන්ම දෙවියන්ගෙන් තම ජනතාවට පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහාය. රාවණා රජුට දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ගම්මානයේ ජනතාවගේ මෙම උත්සවය හා දේව පූජාව දැක බලා ගැනීමට මෙවර අපි ද එක් වුණෙමු.


මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලකේ ගල පාමුල පිහිටි රණමුරේ ගම්මානයේ ජනතාව මෙසේ රාවණා රජු දේවත්වයෙන් සලකති. ඔවුන් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය ‘‘රාවණා යක්කම’’ වෙයි.  රණමුරේ ජනතාව කියා සිටින්නේ ‘‘රාවණා යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන දෙයක් බවයි.

15pg-23d--taks-pgs


ඔවුහු හිරු නැග එන මොහොතේ සිට හිරු බැස යන වේලාව දක්වා එක් ස්ථානයක සරසා මෙම පූජාව, පෙරහර පවත්වති.


මෙම ‘‘යක්කම’’ පවත්වන්නට දින තීරණය කරනු ලබන්නේ මාසයකට පමණ ඉහත දී ගමේ දස දෙනෙකු එක්ව කරනු ලබන සාකච්ඡුාවකින් පසුවය. ඒ අනුව සාම්ප‍්‍රදායික සිරිත් අනුව බුලත් හුරුලූ දී දේවාලයේ ප‍්‍රධාන කපු මහතාට හා ගමේ වැඩිහිටි පිරිසට දැනුම් දී මේ දස දෙනා හා තවත් අවතේවකරුවන් පිළිහුඬුවලින් තොර වී පේවී සිටිති.


‘‘යක්කම’’ පවත්වන්නට පෙර දී ගම්මුන් දේවාලයට පැමිණ යහන් තනා අලංකාර තොරණක් ද සවි කරති. පසුදා උදේ ඉරු නැගෙන්නට පෙර දේවාලයේ තැන්පත් කර ඇති ඉපැරණි යකඩ ආයුධ, කැති, කඩු, කිණිසි හා තවත් එවැනි ආයුධ මිටියක් ලබාගෙන එම ආයුධ පෙරහරකින් ගලා යන පිරිසිදු ජල පහරකට රැගෙන ගොස් සෝදා පිරිසිදු කොට ඒවායේ මුල පුවක් මල් බැඳ නැවත පෙරහරකින් දේවාල භූමියේ පෙර දින තැනූ යහන අසලට රැුගෙන එනු ලබයි.


එම ස්ථානයේ දී ප‍්‍රධාන දේවගැති කපු මහතා එම ආයුධ එකෙන් එක ආරූඩයෙන් පේ කිරීම සිදු කරනු ලබයි. එසේ කරනුයේ බණ්ඩාර දෙවියන් හට බව ඔවුහු කියති. බණ්ඩාර දෙවියන් බවට පත්වී සිටිනුයේ රාවණා රජු බව ගම්මුන්ගේ විශ්වාසයයි.


එම ආයුධ අතර කුරුල්ලා බැඳි ආයුධයට සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර එය හිස මත තබා දේව ආශිර්වාද ලබා දීමෙන් ගම්මානයේ ජනතාවගේ හරක බාන වතු පිටි සියල්ල ආරක්ෂා කර දීමට දෙවියන් පොරොන්දු වෙයි. මෙම ස්ථානයට දෙවිවරු හත් කට්ටුවක් බැල්ම හෙළන බව ද ජනතාවගේ විශ්වාසයයි.
රණමුරේ ගම්මානයේ පැවැත්වෙන රාවණා යක්කම සඳහා විශේෂයෙන් ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ අනුග‍්‍රහය ලැබෙන අතර දැනට සිටින ප‍්‍රාදේශීය ලේකම්වරයා ද යක්කමට බෙහෙවින් දායකත්වය ලබා දෙන අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ද යක්කමට පැමිණෙති.


රණමුරේ ගම්මානයේ රාවණ සංස්කෘතික කමිටුව නමින් සංවිධානයක් ද ආරම්භ කර ඇත.
රාවණ සංවිධානයේ සභාපතිවරයා වන රණමුරේගම පදිංචි ඩබ්ලිව්.එම්.කේ.ජී. කෝවිලමුල්ල මහතා කියා සිටින්නේ තම පරපුරේ පිරිස යක්ෂ ගෝත‍්‍රයෙන් පැවැත එන බවයි.

dfh


‘‘වසර 2500කට එහා ගිය රාවණ පරම්පරාවෙන් උරුමකම් අපිට තිබෙනවා. ඒ සඳහා  ඕනෑ තරම් සාක්කි තිබෙනවා. ලග්ගල, ලකේ ගල හොඳම උදාහරණ.’’”අපි විජයගෙන් පැවත එන බව හුවා දක්වලා තියෙනවා. ඒක වෙනස් විය යුතුයි. රාවණා රජුගේ ඉතිහාසය විජයට එහා ගිය එකක්. රාවණා රජු දස බලයෙන් අග තැන්පත්ව නම් හතරකින් පෙනී සිටි අසහාය බලයක් අනුහස් ඇති විශ්වයටම බල පරාක‍්‍රමය පතුරුවපු අයෙක්.’’ සභාපතිවරයා එසේ අප සමග කීවේය.


මෙම යක්කම නමැති ශාන්තිකර්මය යන අතරතුර දී ‘‘රාවණ වගතුග’’ නම් පත‍්‍රිකාවක් එහි පැමිණෙන සෑම දෙනා වෙත ලැබෙන්නට සැලැස්වීමට සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබිණි.


එහි ලග්ගල, ලකේ ගල, රාවණා රජුට ඇති සම්බන්ධතාව පිළිබඳව සටහන්ව තිබුණේ මෙසේය.


‘‘රාවණා රජුගේ මාළිගය සීගිරියේ පැවැති බවත් එය ආලකමන්දාව ලෙසින් නම් කර ඇති බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එසේම ගිරි මුදුන්වල රාවණා රජුගේ වාසස්ථාන පැවති බවත් එහි දී ලකේ ගල සුවිශේෂී ස්ථානයක් ලෙසත් සැලකේ. ඔහුගේ රිය ලෙස දඬුමොණරය ගුවන්ගත කිරීම සඳහා ආරක්ෂිත ස්ථානය ලෙස ලකේ ගල යොදාගෙන ඇත.


මෙවැනි තොරතුරු රැුසක් ඇතුළත් එම වර්ණනාව අවසන් කර ඇත්තේ මෙසේය.
‘‘සීතා පැහැරගෙන ඒමත් සමග රාම රාවණ යුද්ධය හටගනී.’’


‘‘මෙම යුද්ධයේ දී රාවණා රජුට තම පුත් ඉන්ද්‍රජිත් විශාල මෙහෙයක් සැපයූ බව ද සඳහන් වේ. රාවණාගේ එක් සහෝදරයකු වූ විභීෂණ රාජ්‍ය බලයට ලොල් වූ හෙයින් රාමා හමුවේ තම සහෝදරයා වූ රාවණාගේ සියලූ යුද රහස් හෙළි කළ බව ජනප‍්‍රවාදය සාක්ෂි දේ. මෙය හෙළයන්ගේ මුල්ම පාවා දීම බව පැවසේ. මෙම යුද්ධයෙන් රාමා විසින් එල්ල කළැයි කියන හී සැරයකින් රාවණාගේ රාජධානිය වූ ලකේ ගල කොටස් කිහිපයකට කැඞී ගිය බවත්, එහි දී රාවණා රජු මිය ගියා හෝ සිහිමූර්ජා තත්ත්වයට පත් වූ බව ජනප‍්‍රවාදයේ සඳහන් වන්නකි.  


දුණුවිල සිට විදු ඊ තල සැර            වැදුණා
ගල කඩාන ගල පාමුල තිබු වැව      මැකුණා
ගුගුරා අහස හෙණ හඬ සේ හඬ      නැගුණා
හනුමා නිසා අද ලක්බිම අඳුරු        වුණා


රණමුරේ වැසියෝ වසරක් පාසා මෙසේ පවත්වනු ලබන ‘‘යක්කම’’ නමැති රාවණා රජු පිදීම සංස්කෘතික උරුමයක් ලෙස ආරක්ෂා කරමින් සෙසු ජනතාවට ද අඩුම තරමේ දැක බලා ගැනීමට අතීතය සමග මනසට සටන් කිරීමට හෝ ඉඩහසර ලබා දීමට හැකියාව ඇත්නම් යැයි ලග්ගලට සමු දෙද්දී අපට සිතිණි.


M



අදහස් (0)

රාවණ දේවත්වයෙන් පුදන ‘යක්කම’ට ගියෙමු

සෙනරත් Friday, 28 November 2014 12:49 PM

ලකී / රොෂාන් , මේ ලිපියට සදාරණයක් වෙන යමක් ලියන්න උත්සාහ කරන්න.කොහෙද චීත්තයක් දැක්කොත් අපේ අයගේ සෙම හැලෙනවා.(නදී)

:       0       0

උදය කුමාර Saturday, 29 November 2014 04:31 AM

තව තවත් මේ වගේ දේවල් හොයන්න ලියන්න හයි හක්තිය ලැබේවා (නදී)

:       0       0

නුවන් Sunday, 30 November 2014 09:53 AM

චන්දන,ඔයා වගේ හිතන සිංහල ජාතිය ගැන හිතන අය රටට ගොඩක් වැදගත්! (අ)

:       0       0

ගීතා Wednesday, 26 November 2014 04:56 PM

ලකී ඔයා සිංහල පුරණය දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න. (නදී)

:       0       0

නුවන් Saturday, 29 November 2014 04:50 AM

ලකී/රොෂාන් මන්ද මානසිකත්වයෙන් පෙළෙනවා වගේ පේනවා! (ස)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 15 December 2014 10:04 PM

මීට පෙර රාවණා නිරිඳුන් ගැන පළවූ ලිපි සම්බන්ධයෙන් මා අදහස් දැක්වූ පරිදි මහාචාර්ය මිරැන්ඩෝ ආදී විද්වතුන් සාධක සහිතව ප්‍රකාශරන ලද මතත් ඉහත දැක්වෙන ජනප්‍රවාදත් මේ සම්බන්ධ ඉන්දියානු මතත් ගවේෂණය කර තීරණයක් ගත්තොත් නරකද? (නි)

:       0       0

ලකී Wednesday, 26 November 2014 12:05 PM

මොනාට අනුන්ගේ ගැණු ඉස්සුවද මන්දා (නදී)

:       0       0

චන්දත Saturday, 29 November 2014 07:28 AM

රාවණ රජතුමා සීතා දේවිය රැගෙන එන ලද්දේ, ලක්ෂ්මන් (රාමාගේ සහෝදරයා ) ගෙන්වා ගැනීම සදහායි. ලක්ෂමන, ලංකාවට පැමිණ සිටි කාලයේ (වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සදහා ) විවාහ පොරොන්දු දී සුපර්නිකා කුමරිය (රාවණ රජතුමාගේ සහෝදරිය ) රවටා, පසුව ඉන්දියාවට හොර රහසේම පැනගිය අතර අවංකව ඔහුට ආදරය කල කුමරිය ඔහු සොයා ඉන්දියාවට ගියාය. එහිදී ලක්ෂමන විසින් ඇයගේ නාසය කපා දැමිණි. මේ පිලිබදව උරණ වූ රාවණ රජතුමා ලක්ෂමන සොයා ඉන්දියාවට ගියමුත් බියසුලු රාමාත් ලක්ෂ්මනත් සැගවී සිටියහ. රාවණ රජු සීතා ලක්දිවට රැගෙන එන ලද්දේ ලක්ෂමන ගෙන්වා ගැනීමට මිස අන් දෙයකට නොවේ. ඉන්දියානු බලපෑම මත අප තුල මුල් බැස ගෙන ඇති විජයගෙන් පැවත එන්නේයැයි කියනු ලබන මතයෙන් බැහැරව අපේ සැබෑ හෙළ ඉතිහාසය යැයි පිළිගැනීමට කරුණු යෙදී තිබෙන රාවණ ශිෂ්ටාචාරය අවඥාවෙන් බැහැර නොකර මතු දිනෙක සාධක සමග ඔප්පුවනතුරු සිටීම හෙළයින් හට වැදගත් යැයි සිතමි. (නදී)

:       0       0

රොෂාන් Thursday, 27 November 2014 08:41 AM

උස්සපු හේතුව හොයලා බලන්න එතකොට ඔහොම ලියන එකක් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 425 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 338 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 166 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 348 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 523 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1146 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1213 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1508 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site