IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රුව රකින්න ගිහින් මරුදුටු ඇඟලූම් සේවිකාව

චාමින්දි දිනුෂා සමරකෝන් මහනුවර හාරගම ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවයේ නිරතව සිටියාය.


ඇය වැඩට ආවේ අම්පිටිය මැද්දේගම පිහිටි මහගෙදර සිටය.

asd
දිනුෂා සේවය කරන ඇඟලූම් කම්හලේ සේවය කරන තරුණියකගේ විවාහ මංගල්‍යයක් යෙදී තිබුණේ පසුගිය 19 වැනිදාටය.


මේ විවාහ මංගල්‍යයට ඇඟලූම් කම්හලේ එකට සේවය කරන යහළු යෙහෙළියන් පිරිසකටද ආරාධනා ලැබ තිබුණ අතර ඒ අය අතරේ චාමින්දිද වූවාය.
”මම හෙට වෙඩිං එකට යන්න එන්නේ උදේ පාන්දරම මේකප් එකක් දාගෙනමයි. එතකොට ලෙහෙසියි” කියා චාමින්දි පෙර දිනයේ වැඩ මුරය අවසන්වී ගෙදර යාමට මත්තෙන් ඇයගේ යෙහෙළියන් කිහිප දෙනෙක් සමග පවසා ඇත.


වෙඩිං එකකට යාමට කලින් ලස්සනට හැඩ වැඩවී යාමට තරුණියෝ කාන්තාවෝ අමතක නොකරති.


වඩාත් හැඩ වැඩ වී යාමට කැමැති තරුණියන් හා කාන්තාවන් කීයක් ගියත් යන්නේ බියුටි සැලූන් එකක් වෙතය.


චාමින්දි තල්වත්ත ප‍්‍රදේශයේ තිබෙන බියුටි සැලූන් එකකට ගියේ ලස්සනට හැඩ වැඩවී තම සහෝදර යෙහෙළියගේ වෙඩින් එකට යාමේ අදහසිනි.


ලස්සනට හැඩ වැඩවී ඇය හනිකට ඇඟලූම් කම්හල වෙත පැමිණියේ වරුවක් වැඩ කිරීමට තිබූ නිසාය.


බියුටි සැලෝන් එකට දිනුෂා ගොස් ඇත්තේ 19 වැනිදා අලූයම 5.30ට පමණය.


මේක් අප් එකක් දාගත් දිනුෂා උදේ 7.30ට පමණ වෙද්දි ඇඟලූම් කම්හල වෙත පැමිණියාය.


”මම අද හරි ලස්සනයි නේද? කොහොමද මගේ මේකප් එක උඹලාට මගේ ලස්සන දැකලා ඉරිසියා හිතුනද” කියා චාමින්දි තම යෙහෙළියන් කිහිප දෙනෙක් එක්ක පවසා ඇත්තේ කොක්හඬලා සිනාසෙමින්ය.


”ඇත්තමයි බං උඹ අද හරිම ලස්සනයි.”

22-Page-22-BB
චාමින්දිගේ සමීපතම යෙහෙළියක් පවසා ඇත්තේ ඇයගේ එක් අතක් තරයේ අල්ලා මිරිකන ගමන්මය.


”ඔව් චාමි උඹ හරිම ලස්සනයි.” අනෙකුත් යෙහෙළියෝද පවසා ඇත්තේ ඇයගේ හැඩ වැඩ බලන අතරවාරයේය.


”දැන් ඉතිං හැඩ වැඩ බැලූවා ඇති ඉක්මනට තියන වැඩක් ඉවර කරලා දාමු. ඉක්මනට වෙඩින් එකට යන්න තියනවානේ” කියා පවසමින් ඇඟළුම් සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමට ගොස් ඇත.


ඇඟලූම් සේවිකාවන් ගේ කිචි බිචිය වෙනදාට වඩා වැඩිය. ඒ වෙන කිසිවක් නිසා නොව තම යෙහෙළියගේ වෙඩින් එකට ගිහින් කරන විහිළු තහළු කල්තියා මතක් කිරීම නිසාය.


කෑම පැය ආසන්නවූ විට සියලූ වැඩ නැවැත්තුවේ වෙඩින් එකට යාමට ඇති නිසාය.


ඇඳ සිටි ඇඳුම යළි සකසාගත් දිනුෂා ඊළඟට සැරැුසුණේ තොල් රතුකර ගැනීමට ආලේපනයක් තවරා ගැනීමටය.


”කෝ උඹ තාම හැඩ වැඩ වෙන එක ඉවරයක් නැත්ද? අපිට පරක්කු වෙනවා. ඉක්මනට වරෙං” කියා සහෝදර යෙහෙළියක් හඬ නගා කීවාය.


”ඉවරයි. ඉක්මනට එනවා. මේ ලිප්ස්ටික් එක ගාගෙන” යැයි දිනුෂා පවසමින් ඇයගේ සුසිනිඳු තොල් පෙති මත රතු පැහැති ආලේපනයක් තැවරීමට පටන් ගත්තාය.


ඒ එක්කම ඇයට ක්ලාන්තයක් සෑදී බිම ඇදගෙන වැටී ඇත්තේ කපා හෙළුෑ කෙසෙල් කඳක් මෙන් යැයි කියති.


දිනුෂාට එකපාරටම වෙච්ච දේ ගැන අදහා ගැනීමට නොහැකිවූ යෙහෙළියන් අන්න දිනුෂා ඇදගෙන වැටුණා කියා ඇය ඇද වැටී සිටි තැනට දිව ගොස් ඇත්තේ කෑ ගසමිනි.


”දිනුෂා ක්ලාන්තයක් දාලා ඇදගෙන වැටිලා සිහිය නැහැ” කියන කතාව ඇඟළුම් කම්හල පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගතවූයේ නැත.


ඇඟලූම් කම්හලේ මානව සම්පත් අංශයේ නිලධාරින් වහා කි‍්‍රයාත්මක වී ඇය එහි ඇති වෛද්‍ය මධ්‍යස්ථානයට කඩිනමින් ගෙනගොස් මූලික ප‍්‍රතිකාර ලබාදී පසුව මහනුවර මහ රෝහලට රැුගෙන ගොස් ඇත.


අලූයම 5.30ට පමණ මේ තරුණිය රූපලාවන්‍යාගාරයකට ගොස් රූපලාවන්‍යය කරගෙන සේවා ස්ථානයට පැමිණ තිබෙනවා. දහවල් කෑම පැයේ වැඩ නවත්වලා මගුල් ගෙදරක යාමට සූදානම්වී තොල් සායම් කරද්දි එක පාරටම සිහිය නැතිව ඇද වැටී තිබෙනවා. ඊට පස්සේ මහනුවර මහ රෝහලට ගෙනවිත් තිබෙනවා. එතකොට වේලාව දහවල් 1.45ට විතර ඇති. ඒ වනවිටත් ඇය මියගොස් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ද පවසයි.


තොල් පෙති සායම් කරමින් සිටිය අතර වාරයේ හදිසියේ ක්ලාන්තයක් හැදී මිය ගිය දිනුෂාගේ මළ සිරුර කපා පරීක්ෂාකර බලා ඇත්තේ මහනුවර මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එම්. සිවසුබ‍්‍රමනියම් මහතා විසිනි.


පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥයා ඇයගේ මරණයට හේතුව ප‍්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබාදුන් බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට ලබාගෙන ඇති බවත් රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතු ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් සහකාර පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය.


තොල් ආලේප කිරීමේදී කිසියම් අසාත්මිකතාවකට ලක්වූයේද යන්න සොයා ගැනීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබෙන බව දැන ගැනීමට ඇත.
සිය ජීවිතයෙන් සමුගන්නා විට දිනුෂා ජීවිත ගමනේ 27 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටියාය.


ලස්සනට හැඩ වැඩවී සිය යෙහෙළියගේ මඟුල් ගෙදර යාමට සූදානම්වූ දිනුෂාගේ මේ හදිසි වියෝව නිසා ඇය සමග එකට වැඩ කරන සහෝදර සේවක සේවිකාවෝ පමණක් නොව පවුලේ අයද වාවාගත නොහැකි ශෝකයෙන් පසුවෙති.


මහනුවර සහකාර පොලිස් අධිකාරි කමල් රණවීර මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.


මීගමුව කොච්චිකඬේ දංකොටුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි ශ‍්‍රියා වාසනා අමරතුංග (43) නමැති එක්දරු මවක්ද මිය ගියේ රූපලාවන්‍යාගාරයට ෆේෂල් එකක් කිරීමට ගිය අවස්ථාවේදීය.


ඒ 2011 වසරේදීය.


කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කරමින් සිටි වෛද්‍යවරියකවූ පී.ඒ. පි‍්‍රයංගි මහත්මිය මිය ගියේද ඇස්වල තිබූ රැලිවලට රූපලාවන්‍ය ප‍්‍රතිකාර ගැනීමට බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකට ගිය අවස්ථාවේදීය.


මෙම සිද්ධිය වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.


සිරුරට බැහැරින් එකතුවන කිසියම් ද්‍රව්‍යයකට (එන්නතක්, ඖෂධයක් හෝ ආහාර ද්‍රව්‍යයක්) සිරුර මගින් දක්වන ප‍්‍රතිකි‍්‍රයාව අසාත්මිකතාවක් ලෙස සැලකිය හැකි බවත් එහිදී ඇති කරන ලක්ෂණ සුළු කැසිල්ලේ සිට මරණය දක්වා යා හැකි බව කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.


විවිධ හේතූන් මත කෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවිය හැකියි. එක් අයකුට අසාත්මිකතාවක් ඇතිවීමට බලපාන ආකාරයේ ඖෂධයක් එන්නතක් හෝ ආලේපනයක් තවත් කෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවීමට බලපාන්නේ නැහැ. කාලයක් තිස්සේ ගන්නා ආහාරයක්, ඖෂධයක් හෝ එන්නතක් පසුව ඔහුට හෝ ඇයට අසාත්මිකතාවක් හට ගැනීමට බලපෑ හැකි අවස්ථාද තිබෙන බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පෙන්වා දෙයි.


සිය නැගණිය චමින්දිගේ හදිසි වියෝව නිසා සොහොයුරා වන ඩිලාන් සමරකෝන් ද පසුවන්නේ දරාගත නොහැකි වේදනාවකිනි.


”මට ඉන්න එකම සහෝදරිය මේ චමින්දි නංගි විතරයි. චමින්දි නංගි අවුරුදු පහක විතර කාලයක ඉඳලා ගාර්මන්ට් එකේ රස්සාවට යනවා. මමත් නංගි වැඩ කරන ගාර්මන්ට් එකේම රස්සාව කරනවා. චමින්දි නංගි තරුණයෙක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඇය ඒ තරුණයා සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් හිටියේ. චමින්දි නංගි එක්ක එකට වැඩ කරන යෙහෙළියකගේ වෙඩින් එකට යන්න සූදානම් වෙලා තමා ගෙදර ගියේ. පාන්දරම බියුටි සැලෝන් එකකට යනවා කියා කිව්වා” යැයි චමින්දිගේ සහෝදරයා ඩිලාන් පැවැසීය.


අපි වැඩ කරන ගාර්මන්ට් එකෙන් නංගිගේ අවමඟල් ගෙදරට අවශ්‍ය සේරම දේවල් කරනවා. චමින්දි නංගිගේ මේ හදිසි මරණය මට හිතාගන්නවත් බැහැ නංගිගේ මරණය මට දරාගන්න බැහැ යැයි ද ඔහු හැඟුම්බරව කීය.


ලස්සන වෙන්න ගිය ඇයට මෙවන් ඉරණමක් අත්වේ යැයි කියා සිහිනයකින්වත් නොසිතන්නට ඇත.


මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත් වන්නන්ටය.

  m



අදහස් (0)

රුව රකින්න ගිහින් මරුදුටු ඇඟලූම් සේවිකාව

පහන් Monday, 24 August 2015 08:51 PM

මරණයේ වේදනාව මියගිය ඔබට නොව ජීවත්වන අපටය කියා තියෙන්නේ නිකන් නොවේ (නි)

:       0       0

භක්ති Saturday, 29 August 2015 07:45 PM

ඔබට නිවන් සුව අත් වේවා ! ගොඩක් වෙලාවට මේක ආසාත්මික තාවක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් රස පරීක්ෂක වාර්තාව මගින් දැන ගන්න ලැබේවි. ඉක්මනින් නියමිත ප්‍රතිකාර දීගන්න ලැබුන නම් සමහර විට බේර ගන්න තිබුනා. (නදී)

:       0       0

රැපවති Tuesday, 25 August 2015 08:52 PM

පව් අසරණ කෙල්ල නිවන්සුව ලැබේවා ..! (ම)

:       0       0

රෝහණ Wednesday, 26 August 2015 02:17 AM

රූපලාවන්‍ය ආයතන වල ගුණාත්මකබව පිළිබද රජයේ මැදිහත් වීමක් සහ ෆේෂල් කරන අයගේ සුදුසුකම් පිළිබද අවධානය යොමු කල යුතුය (නදී)

:       0       0

අසෝකා Monday, 24 August 2015 02:15 PM

මෙහෙම අසාත්මික තාවයක්මයි කියලා ඒක පිටම නොදා හරියට හොයලා බලන්න මොකද වුනේ කියලා? සමහර විට අසනීපයක් තිබුනද දන්නෙත් නැහැනේ.(හේ)

:       0       0

දාස Monday, 24 August 2015 08:12 AM

මරනයෙන් පසු වේදනාව මැරුණු අයට ඇත. (අ)

:       0       0

සොපී Saturday, 29 August 2015 09:27 AM

වැඩි දුරටත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාව ලැබෙන තුරු මේ ගැන නිගමනයකට එන්න අමාරුයි වගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 213 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 538 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 135 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 42 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 76 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 493 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1325 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 405 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site