IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


රටම බලා ඉන්න ජනපති මෛත‍්‍රීගේ දින සියයේ ඉතිරි වැඩ

17pg-16--taks--pgs

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී ජනතාව හමුවේ ලබා දෙන ලද ප‍්‍රධානම පොරොන්දුව වූයේ දින 100 වැඩ පිළිවෙළයි. විශේෂයෙන් රටේ ජනතාවට හා දේශපාලන පක්‍ෂවලට බරපතළ ප‍්‍රශ්න ගණනාවකට මෙම දින 100 ඇතුළත විසඳුම් ලබා දීමට පොරොන්දුවක් ලබා දී ඇත. එම කාලය තුළ ඉටු කරන පොරොන්දු දින වකවානුවලින් සඳහන් කර ඇත.

 


එම පොරොන්දුවලින් දෙකක් මේ වන විට ඉටු කර ඇත. පළමු වැන්න ජනාධිපතිවරයාගේ දිව්රුම් දීමයි. දෙවැන්න අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීම හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලය පත් කිරීමයි.


පසුගිය 12 වැනිදා පත් කිරීමට නියමිතව තිබූ ජාතික උපදේශක සභාව මේ සතිය අග දී පත් කිරීමට නියමිතව ඇත. පාප්වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වීම නිසා ජාතික උපදේශක සභාව පත් කිරීම දින 4කින් පමණ කල් ගොස් ඇත.

2


නව ජනාධිපතිවරයා පත්වී දින 8කි. ඒ දින 8ට පොරොන්දු දෙකක් ඉටු කර ඇත. බරපතළ කාර්ය භාරයක් යෙදී ඇත්තේ ඉදිරි දින 92 තුළදීය.
ජනතාව බලාපොරොත්තුව සිටින්නේ ඒ කාලය තුළ දෙන ලද පොරොන්දු ඉටු කිරීම පිළිබඳවය. ජනතාවගේ හා දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂාව ඒ ඉතිිරි පොරොන්දු ඉටු වනු දැකීමය. ඉතිරිවී ඇති අනෙක් පොරොන්දු මෙසේය.


ජනවාරි 19 සඳුදා පාර්ලිමේන්තුව කැඳවීම.


20 අඟහරුවාදා ස්ථාවර නියෝග සංශෝධනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා. 67/10 අංක දරන යෝජනාවේ සඳහන් පරිදි අධීක්‍ෂණ කාරක සභා සඳහා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත් කිරීම හා පක්‍ෂ නායකයන්ගේ එකඟත්වය ඇතිව සෑම පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි ඒවාහි සභාපතිවරුන් පත් කිරීමට පියවර ගැනීම.


21 බදාදා දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස් හා දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මනින් සම්මත කිරීමට පියවර ගැනීම.


28 බදාදා මනාප ඡන්ද ක‍්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත‍්‍රී ආසන ක‍්‍රමය හා සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයක් සහිත නව මැතිවරණ ක‍්‍රමය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ සර්වපාක්‍ෂික කමිටුව පත් කිරීම.
29 බ‍්‍රහස්පතින්දා කඩිනම් සහන ලබා දී ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
30 සිකුරාදා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක් ඍජු හා වක‍්‍ර බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීම.

 


2015 පෙබරවාරි
02 සඳුදා සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යාධර්ම සංග‍්‍රහයක් නීතිගත කිරීම.
04 බදාදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා ජනතා පරමාධිපත්‍යය යළි පිහිටුවන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය.
05 බ‍්‍රහස්පතින්දා පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ විනිශ්චය සභා පත් කිරීම.
06 සිකුරාදා ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
18 බදාදා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා ඊට අදාළ පත්වීම් සිදු කිරීම.
19 බ‍්‍රහස්පතින්දා ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම.
20 සිකුරාදා තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීම.

 


2015 මාර්තු
02 සඳුදා නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ කමිටු යෝජනා ලබාගෙන ඒ අනුව අදාළ නීති රීති සකස් කිරීම.
17 අඟහරුවාදා නව මැතිවරණ ක‍්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි තාත් ඉක්මනින් සම්මත කිරීම.
18 බදාදා ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සම්මත කිරීම.
19 බ‍්‍රහස්පතින්දා ජාතික විගණන පනත සම්මත කිරීම.
20 සිකුරාදා තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම.
23 සඳුදා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ස්වාධීන කොමිසන් සභා ඇතුළු වෙනත් පත්වීම් සිදු කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීම.

 


2015 අපේ‍්‍රල්
20 සඳුදා අත්තතෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහය ක‍්‍රියාත්මක වීම.
23 වැනි බ‍්‍රහස්පතින්දා ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම.
23 බ‍්‍රහස්පතින්දා එම මැතිවරණයෙන් වැඩිම මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයක් ලබා ගන්නා පක්‍ෂයට අග‍්‍රාමාත්‍ය ධුරයත්, ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයත් ලබා දීම.
පාර්ලිමේන්තුවේ සියලූම පක්‍ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම.
එම සර්වපාක්‍ෂික ආණ්ඩුව යටතේ රටේ ප‍්‍රධාන අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක‍්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම. පවුල්වාදී පාලනය සහ ඒකාධිපතිවාදය විසින් රටටත් ජන ජීවිතයටත් කරන ලද බිහිසුණු විනාශය නිසා මහජනයා දැඩි පීඩනයට හා කම්පනයට ලක්වී සිටිති. සාරධර්ම පිරිහී, සංස්කෘතිය සෝදාපාළු වී ගොස් තිබේ. දූෂණය ද භීෂණය ද නාස්තිය ද හේතු කොට ගෙන සමාජය දෙදරුම්කා ඇත. මේ හේතු කොට ගෙන හදිසි සහන ලබා දී ජන ජීවිතය මුදවාගෙන වහාම සමාජ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කොට යථා තත්ත්වයට පත් කළ යුතුව තිබේ.

 

m



අදහස් (0)

රටම බලා ඉන්න ජනපති මෛත‍්‍රීගේ දින සියයේ ඉතිරි වැඩ

කුමාර Wednesday, 21 January 2015 08:02 AM

මට විශ්වාසයි එතුමා සියලු පොරොන්දු කෙසේ හෝ ඉටු කරන බව (නදී)

:       0       0

විමුක්ති Sunday, 25 January 2015 11:31 AM

සමන්ති, රට කාපු අය වමාරනවා ඔන්න. ඔයාලත් කට්ටියට ජන්දේ දුන්න අය විදියට මේවට වග කියන්න ඕනේ. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 21 January 2015 08:59 PM

අපි ප්‍රායෝගිකත්වයට මුහුණ දෙන්න ඕනෑ. (නි)

:       0       0

අමිත Saturday, 24 January 2015 02:23 PM

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නැද්ද? (නි)

:       0       0

සමන්ති Friday, 23 January 2015 02:52 PM

රට කන්න එපා. (නදී)

:       0       0

නිමල් Tuesday, 20 January 2015 08:42 PM

අපිත් බලාගෙන ඉන්නේ ඒ දෙස තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1474 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site