IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මහකිරි අම්මාගේ අනුහසින් මතුවූ ගොයම් පඳුර

ගොයම් පඳුර

උතුම් වූ..
මීරියබැද්දේ කිරිඅම්මා දෙවි හාමුදුරුවෝ...
කඳ නමා වැන්දේ....
දන නමා වැන්දේ....
සිරසේ හුරු අත තබා වැන්දේ....
නුහුරු අත හුරුකොට වැන්දේ....
සිරසේ දොහොත් මුදුන් දී වැන්දේ....
මීරියබැද්දේ කිරි අම්මා...
දෙවි හාමුදුරුවෝ....


එම්බා... නැගණියනි ඔතරම් හාස්කම් පාන්නේ සැබෑනම් මේ මහා ගල මතම සිට එක මොහොතකින්ම මා හට දානය පිළියෙළ කරවා දිය හැකිදැයි ඇසූ කල්හි, තමුන්නාන්සේ මහා මොනරුන් ගල මතට පැන නැගී පෙරදිගට පියවරක් පා තබා... සිනාපාමින්... කතරගම දෙවිරදුන් අමතා එම්බා... දෙවි රජුනි...  ඕකත් මහා අපූරුවක් දැයි කියමින් දකුණු විළුඹින් ඇණ..... දියවළක් මවාලා... එක්තැනකින් මතු වූවා වූ ගොයම් පඳුරකින් පිදී පැසී... සහලින් බරව මතුවූ බඳුනකට වැටී රත්වෙවී... පෙණ දමා... එසැණකින් දාන මාන සැලසී කතරගම කන්දස්වාමීන්ට පුද දුන්නේය.....


පස්සර මීරියබැද්දේ දේවාලයේ පැවැති පූජා දෑසින්ම දැක දේවාල බිමෙන් සමුගත්තත් කපු මහතාගේ යාදිනි හඬ දෙසවනේ රැව් දෙමින් තිබේ. ඒ යාදිනියෙන් කියන කතාව මෙසේය.


මීරියබැද්ද කිරිඅම්මා දේවාලය ඉදිරියේ දිස්වෙන බණ්ටිඩිගොඩ කන්දේ සිට දැවැන්ත ගලක් සුළැඟිලි දෙකෙන් අල්ලා ජල පහරකට හෙළා කිරිඅම්මා වෙනුවෙන් පුද පූජාවට ඉන්දියාවෙන් ගෙනා අළු නිධන් කළ ස්ථානයේ (අද දේවාලය පවතින ස්ථානය) ආරක්ෂාව පිණිස පාකර එවනු දුටු කතරගම දෙවියෝ කිරිඅම්මාගේ දේව අනුහසට අභියෝගයක් කළෝය.


කතරගම දෙවියෝ සරදම් සිනාවක් පා, එම්බා නැගණියනි, ඔතරම් හාස්කම් පාන බව සැබෑ නම් මොණරුන් ගල සිට එක මොහොතකින් දානයක් පිළියෙළ කරන්නැයි අභියෝගාත්මකව ඉල්ලීමක් කළහ.


එවිට කිරිඅම්මා දේවමාතාව මොණරුන්ගලට විළුඹින් ඇන දියවළක් මවා ඇත. එම දිය වළෙන් මතුවූ ගොයම් පැළය මොහොතින් පීදී, පැසී, සහල් වී, මතුවූ බඳුනකට වැටී, රත් වී පෙණ දමා දානය සකස් වී ඇත.


කතරගම දෙවියෝ පවා කිරිඅම්මා දේව මැණියන්ගේ බලය දැක විමතියට පත්ව ඇත. මොරණරුන්ගල මත කිරිඅම්මා දේවමෑණියන් මැවූ දියවළ හා ගොයම් පඳුර අදටත් පවතින බව ඇසීමෙන් පසු මගේ ඊළඟ ඉලක්කය වූයේ මොණරුන්ගල සොයා යාමය. 

ගල්ලෙන


දේවාලයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුර ආපසු පැමිණ ඩැමේරියා වතු මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ දුර ගමන් කළෙමු. මොනරුන්ගල ගල්තලාව මත පිල් විදහා නටමින් සිටි මොනරු කීප දෙනෙක් අපේ වාහන හඬට බියෙන් ඉගිලී යන අයුරු දක්නට ලැබිණ.ගල්තලාව මතට නගින විටත් කීප දෙනෙක් එහි වැඳුම් පිදුම් කරමින් සිටියහ. ගල්තලාව අවට දසුන් මනහරය. ඈතින් ඈතට දිස්වන කඳු යාය නුබගැබට හාදු දෙනවා වැනිය. වන පෙත හා මෙම පරිසරයටම ආවේනික වූ නෙක පැහැ මල් විශේෂ පරිසරය තවත් හැඩ කළේය. නෙල්ලි ගස් කීපයක් පලබරව ගල්තලාව අසපුවේම සිසිලස සෑදුවේය.


ගල්තලාව මුදුනේ කිසිවකු විසින් මෑත භාගයේ ඉදිකරන ලද බුදු කුටියකි. බුදුකුටිය අසලින් පහතට බසින විටම ගල්තලාවේ නිර්මාණය වූ දියවළ දක්නට ලැබිණි. එහි හැදුන ගොයම් පඳුර නෙත ගැටිණ.


කිරිඅම්මා දේවාලයේ කපු මහතා ආරූඪයෙන් යාතිකා කියමින් උඩපැන විළුඹ බිම ඇන කිරිඅම්මා දේව මාතාව මොණරුන් ගලේ

ඞී.එම්. පුංචි බණ්ඩා

දියවළක් මවා පෑ හැටි රංගනයේ යෙදුන අයුරු මැවී පෙනුණි.මේ එම දියවළය. ඉබේටම ගොයම් ගසක් පැලවී පලබරව සහල් වූ කතාවටද සාක්කි දැන් මාගේ දෑස් ඉදිරියේය. මෙම ගොයම් පඳුරේ ගොයම් පැළයක් පීදුන පැළයක් හා කරලින් බරවූ ගොයම් ගසක් ඇත. මෙම ජලය කිසිදිනක නොසිඳෙන බවත් මෙම ගොයම් පැළය සදාකාලිකවම නොමැරී තිබෙන බවත් පැවසුවේ කිරිඅම්මා දේවාලයේ කපු මහතාය. ඒ කතාව තවත් තහවුරු කරගනු පිණිස අසල්වැසි නිවසක් වෙත ගියෙමි. එහි ජීවත්වන ඞී.එම්. පුංචිබණ්ඩා හැත්තෑවැනි වියේ පසුවන්නෙකි. ඔහු මෙසේ කීවේය.


”ඔව් මහත්තයා, මොන ඉඩෝරයක් ආවත් ඔය ජලය නම් හිඳෙන්නේ නැහැ. ගොයම් පඳුර කවදාවත් නැතිවෙන්නෙත් නැහැ. ගොයම් පඳුර පැළ ගොයම, බණ්ඩි ගොයම, පීදුන ගොයම, කිරිවදින පැසුණු ගොයම යන හැම අවස්ථාවක්ම නිරූපණය වෙනවා. අපටත් හරිම පුදුමයි.අවුරුද්දෙ මුල ජනවාරි 1 වැනිදා සිංහල, දෙමළ වෙනසක් නැතිව ජනයා ඇවිත් ඒ ගල ළඟ දේවදානය හදලා පූජා කර භාරහාර වෙනවා. මහත්තයා දැක්කේ නැද්ද ඔය ගොයම් පඳුර ළඟ පඬුරුදාලා තියෙනවා.


ඔය ගලට පහළින් ගල් ලෙනකුත් තියෙනවා. මම නම් ඒක ගැන ඉතිහාසයක් කියන්න එච්චර විස්තර දන්නේ නැහැ. තාපසයන් හිටිය කියල තමයි කියන්නේ.”


දැන් ඉතින් මා නැවතත් ගල්තලාවට යා යුතුය. සෙමින් සෙමින් ගල්තලාවට නැගී විස්මිත ගොයම් පඳුර අසලට ගියෙමි. පුංචිබණ්ඩා කීවේ සත්‍යයකි.


පඬුරු පුදන පිරිමි දරුවන් දෙදෙනෙකු නෙත ගැටිණ. ”බාරයක් වුණා” ඔවුන් කීවේ මා කිසිවක් විසීමටත් පෙරය.


ජලවළ තුළට බොහෝ දෙනෙක් දමා තිබූ පඬුරුද දිස්විය. සැතපුම් සියයක් පමණ ඈත දසුන් අතර කතරගම කඳුපෙළ පෙනිණ. මේ කතරගම දෙවියන්ගේ අඩවියයි. උන්වහන්සේ මොණරා පිටින් මෙහි වැඩම කළ නිසා මෙම ගල මොණරුන්ගල යන නම ලබා තිබෙන බවටද ජනප‍්‍රවාදයකි. ගල්තලාවේ සිට බඩල්කුඹුර දෙසට විටෙක දළ බෑවුමේ මීටර් 200ක් පමණ පල්ලමට ගිය විට පුංචි බණ්ඩා පැවසූ ගල්ලෙන හමුවිය.


මා ගල්ලෙන තුළ වාඩිවූයේ කියාගත නොහැකි තරමේ ආශ්වාදයකිනි. නිහැඬියාව රජයන මේ ඉසව්වේ එදා කොතරම් සංහිඳියාවකින් තවුස් දම් පුරන්නට ඇත්දැයි සිතින. මෙම ස්ථානය වාණිජකරණයට ලක් නොකොට වසර සිය ගණනක් පැවත එන විශ්වාසයන් හා ඇදහිලිවලට නපුරක් නොකර රැක ගැනීම ඔබට භාරය.

 

සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ

 

බුදු කුටිය

 

මොණරුන් ගල

 

පඬුරු දමන තරුණයෝ

 

 



අදහස් (0)

මහකිරි අම්මාගේ අනුහසින් මතුවූ ගොයම් පඳුර

බණ්ඩාර Tuesday, 23 December 2014 05:17 AM

බබාලා නැති අය ඉන්නවා නම් මේ දේවාලයට යන්න. හරියටම හරි. (නි)

:       0       0

එස්.එම්.රත්කුමාර බණ්ඩාර Tuesday, 23 December 2014 05:17 AM

මම මේ දේවාලයට ගිහින් තිබෙනවා. මේ කතාව සම්පූර්ණ ඇත්ත.මේ දේවාලේ ගොඩක් හාස්කම් තිබෙනවා. (නි)

:       0       0

එස්.එම්.රත්කුමාර බණ්ඩාර Tuesday, 23 December 2014 05:17 AM

මම මේ දේවාලයට ගිහිල්ලා තියනවා. මේ කතාව සම්පූර්ණ ඇත්ත. මේ දේවාලේ ගොඩක් හාස්කම් තියෙනවා. දේවාලේ කරන මහත්මයා අනවශ්‍ය ප්‍රසිදධියට කැමති නෑ. බබාල නැති අය ඉන්නවා නම් මේ දේවාලයට යන්න. හරියටම හරි. (නදී)

:       0       0

නාලක Sunday, 24 February 2013 09:05 PM

මෙතන එහෙම ඉතිහාසගත කතාවක් පෙනෙන්න නැහැ. බුදු මැදුර ළගකදි බොහොම අගහිගකම් ඇතිව හදපු එකක් බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ඇන්ඩි Sunday, 24 February 2013 09:11 PM

මිනිසුන් වාසය කල ගල් ලෙන් වල කටාරම් කපා තිබෙනවා. මේ ගල් ලෙනේ එහෙම එකක් පෙනෙන්න නැහැ. බුදු මැදුරේත් ඉතිහාස ගත බවක් නැහැ. (නි)

:       0       0

අන්ජු Monday, 04 March 2013 01:44 PM

අනුහස් කියන්නේ මේවාට තමයි (දී)

:       0       0

නලිනි Friday, 01 March 2013 02:03 PM

අතීත කතාවක් දැන ගැනීම සතුටක්.. (ස)

:       0       0

සේනානි Friday, 01 March 2013 02:09 PM

හොඳයි.. (ස)

:       0       0

රංග Sunday, 24 February 2013 02:16 PM

‍හොඳයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 726 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 476 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 371 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1633 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 102 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 723 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 677 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1203 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site