|
අවතාරය ගොඩවූ බව කියන මාවත |
|
දුවගේ අවතාරය දිස්වූ බව කියන කෙසෙල් පඳුර |
විදේශයක රැකියාව කරමින් සිටි කාන්තාවක් හදිසියේ මිය යාමෙන් පසු අවතාරය ඇය පදිංචිව සිටි ගමේ රෑට සැරිසරනවා යැයි කියන කතාවක් අපට දැනගැනීමට හැකි විය.
මේ කාන්තා අවතාරය මහ රෑ තනිපංගලමේ ගමන් කරන අයගේ පාපැදි, යතුරුපැදිවල නැගී ගමන් කර ඇය පදිංචිව සිටි නිවස ආසනයේ දී බැස යන බව ද මේ අවතාරය දුටු කිහිප දෙනෙක් බියට පත්ව යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කර නූල් බැඳ ඇති බව ද අපට වැඩිදුරටත් දැන ගැනීමට ලැබුණි.
බිංගිරිය ආසනයේ උඩුබද්දාව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසට අයත් කැකාරිප්පුව ගම්මානයේ පාරක රෑට සැරිසරනවා යැයි ගමේ ඇතැමුන් විශ්වාස කරන මේ කාන්තා අවතාරය ගැන තොරතුරු සොයා බලා ගවේෂණයක් කිරීමට පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ඒ ගම්මානය බලා පිටත්ව ගියෙමු.
හොල්මන්, අවතාර භූතයන් ගැන විද්‍යාත්මක පර්යේෂණවල නිරතව සිටින විද්වතුන් දෙදෙනකු වන ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය සහ මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරු අප සමග මේ ගමනට එක්වූහ.
මාරවිල මූලික රෝහලේ මනෝවෛද්‍ය සායනයේ ප‍්‍රධාන හෙද නිලධාරී බුද්ධික සිරිවර්ධන මහතා ද මේ අවතාර කතාව සොයා යන ගමනට එක්විය.
අවශ්‍ය තොරතුරු සපයා දෙමින් මේ ගමනේදී අපට මග පෙන්වන නියමුවා වූයේ කැකාරිප්පුව 10517 ග‍්‍රාම සේවා වසමේ ග‍්‍රාම නිලධාරී එම්.ඒ. සෙනවිරත්න මහතාය.
ග‍්‍රාම නිලධාරී සෙනෙවිරත්න මහතාගේ මගපෙන්වීම හා නන් අයුරින් සහයෝගය ලබාදීම අපට පහසුවෙන් තොරතුරු සොයා ගැනීමට ලොකු පිටිවහලක් විය.
ග‍්‍රාම නිලධාරී සෙනෙවිරත්න මහතා සමග අප මුලින්ම ගියේ විදේශයකදී මියගිය කාන්තාවගේ මව සොයා ඇය පදිංචිව සිටින කැකාරිප්පුව ගම්මානයටය.
ඉන්ද්‍රාණි පේමලතා (52) මහත්මිය අප සමග තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසුවාය.
මට දුවලා තුන් දෙනෙක් හා එක් පුතෙක් ඉන්නවා. දුවලා තුන් දෙනාම රටරස්සාවලට ගියා. මගේ දෙවන දුව දීපිකා ජෝර්දානයේ රැුකියාවකට ගිහින් හිටියේ. නමුත් ඇය හදිසියේ මියගියේ ඊජිප්තුව කියන රටේදියි. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පසුව ඒ බව දැන ගත්තා. දුව මියගිහින් මාස 1 1/2කට විතර පස්සේ සීල් කරපු පෙට්ටියක දමා ඇයගේ සිරුර අරගෙන ආවේ. එයාගේ මහත්තයාගේ ගමේ තමා දුවගේ අවසන් කටයුතු සිදු කළේ.
දුවගේ අවසන් කටයුතු කරලා හත් දවසේ දානය දෙන්න දානෙ දවස් දෙකකට විතර කලින් අපේ මේ ගෙදර කැවුම් පිච්චුවා. එදා රෑ මම ගෙදර ඉද්දී මියගිය දුව මට කතා කරනවා වගේ හඬක් ඇසුනා. මම ජනේලයෙන් බලද්දී මගේ දුවගේ රූපය දැක්කා. අම්මේ අම්මේ එන්න එන්න කියා මට අඬගසමින් පිටුපස්සෙන් පිටුපස්සට ගියා. මම හොඳටෝම බය වුණා. බය වෙච්ච පාරට මට ක්ලාන්තය හැදිලා වැටිලා තියෙනවා. බිම වැටිලා දඟලලා තිබෙනවා. ඊට පස්සේ තමා සිහිනැතිව ගිහින් තියෙන්නේ. රෑ 12.00 විතර තමා දුවගේ අවතාරය මම දැක්කේ යැයි ඇය පවසන්නීය.
දුව දම්පැහැති ගවුමක් ඇඳ සිටි බවත් මියගිය දුවගේ රුව දිස්වුණේ ගේ ළඟ ඇති කෙසෙල් පඳුර ළඟින් බවත් ඉන්ද්‍රාණි මහත්මිය පැවසුවේ වෛද්‍ය ජනක ජයසූරිය සහ මනෝවෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ යන මහත්වරුන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එදා රෑ දුවගේ රූපය දැක්කට පස්සේ මේ වෙනකොට ආයෙත් නම් දැක්කේ නැති බව ද ඇය අප සමග කීවාය.
අවතාර කතාව ගැන සොයා බැලීමට අප පැමිණ සිටින බව ආරංචි වී අසල්වාසිහු පිරිසක්ද ඉන්ද්‍රාණි මහත්මියගේ නිවසට පැමිණියහ.
ඉන්ද්‍රාණි මහත්මියගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින ඩබ්ලිව්. පේ‍්‍රමරත්න (52) මහතා අවතාර කතාව ගැන අප සමග තොරතුරු හෙළි කරමින් කියා සිටියේ මෙවැන්නකි.
ඉන්ද්‍රාණිගේ ගෙදර පැත්තෙන් යටිගිරියෙන් කෑගහන ශබ්දයක් ඇහිලා අපිත් දුවගෙන ආවා. ඉන්ද්‍රාණි ගෙයි ඇතුළේ බිම වැටී දඟලමින් අන්න දුව ඉන්නවා මට කතා කරනවා යැයි කියමින් සිටියා. ඉන්ද්‍රාණි අත දිගුකරමින් අන්න අතන දුව ඉන්නවා. එයා දම්පාට ගවුමක් ඇඳගෙනයි ඉන්නේ කියා පැවසුවා. අපත් බැලූවා ඉන්ද්‍රාණිගේ මියගිය දුවගේ අවතාරය දැක්කේ නැහැ. ඉන්ද්‍රාණිට එයාගේ දුවගේ අවතාරය පෙනෙද්දී අපට නොපෙනීම ප‍්‍රශ්නයක්. ඉන්ද්‍රාණිගේ කෑගැසීම ඇසී සෑහෙන දෙනෙක් ගෙදරට ඇවිත් තිබුණා. මෙහෙ කිසිම කෙනෙක් ඔය කියන අවතාරය දැක්කේ නැහැ යැයි පේ‍්‍රමරත්න අවසාන වශයෙන් පැවසීය.
දුවගේ අවතාරය දැක්කා කියා ඉන්ද්‍රාණි කෑගහද්දී අපි ඇවිත් පිරිත් කිවුවා. එයාගේ බාප්පා කෙනෙක් ඇවිත් මතුරපු නූලක් ගැට ගැසුවා. ඊට පස්සේ එයාට පියවි සිහිය ලැබුණා. අපිත් ඔය කියන අවතාරය නම් දැක්කේ නැහැ යැයි ඉන්ද්‍රාණිගේ නිවසට ඇවිත් සිටි මැදිවියේ කාන්තාවෝ දෙදෙනෙක් පැවසුහ.
පාපැදි සහ යතුරු පැදි කිහිපයකට මේ කාන්තා අවතාරය ගොඩවී ඇතැයි කියන්නේ බිබිලදෙණිය, පට්ටියමුල්ල පාරේ රාත‍්‍රි කාලයට ගමන් කරමින් සිටි අවස්ථාවලදී බව අවතාරයක් දුටුව බව කියන කිහිප දෙනෙක් අප සමග පැවසූහ.
වෙල් යායක් මැදින් පාර වැටී ඇති අතර දෙපස මානා පඳුරු වැවී ඇති පාරේ එම පාළු හන්දියේදී සමහරුන්ගේ පාපැදි සහ යතුරුපැදිවලට මේ කියන අවතාරය ගොඩවී ඇති බව ද අපට දැන ගැනීමට ලැබුණි.
ඇතැමුන් කාන්තා අවතාරයක් රාත‍්‍රි කාලයේ දැක ඇත්තේ විදේශයකදී මියගිය කාන්තාවගේ සිරුර ගෙන ඒමෙන් පසුව වුවත් ඊට කලින් කාන්තා අවතාරය සිය යතුරුපැදියේ පිටුපස වාඩිකරවාගෙන කතාබහ කරමින් ගිය බව කියන අයෙකු ගැන ද අපට දැනගැනීමට ලැබී අපි ඔහු ද සොයාගෙන ගියෙමු.
අවතාරය සමග ආගිය තොරතුරු කතාබස් කරමින් ගිය බව කියන කේ. ඒ. එරංග මහතා පදිංචිව සිටින්නේ වැලිපැන්නගහමුල්ල දකුණු දුනකදෙණිය ගම්මානයේය.
එරංග මහතා වැලිපැන්නගහමුල්ල තැපැල් කාර්යාලයේ සේවය කරන අයෙකි.
කේ. ඒ. එරංග මහතා අවතාර කතාව ගැන තොරතුරු අප සමග හෙලි කරමින් පැවසුවේ මෙවැනි කතාවකි. අපි ඔහුගේ කතාව අසා දැනගනිමු.
මණ්ඩලාන ගමේ ඉන්න සීයා මියගොස් සිටින නිසා මම ඒ අවමගුල් ගෙදර සිටියා. කැකාරිප්පුවේ පදිංචිවෙලා හිටිය දීපිකා රට රැකියාවකට ගිහින් ඉද්දී මියගියා කියා මම ගෙදර ඉද්දි මට දැන ගැනීමට ලැබුණා. එයාගේ තවත් සහෝදරියෝ දෙදෙනෙක් ද රට රැකියාවකට ගිහින් ඉන්නේ. ඔය කියන ගැහැණු ළමයා කාලයක් ගාමන්ට් එකක වැඩ කළා. මාත් මේ තැපැල් රස්සාවට කලින් ඔය කියන ගැහැණු ළමයා වැඩ කළ ගාමන්ට් එකේම රස්සාව කළා. ඒ නිසා මම එයාව හොඳට දන්නවා. රට ගියායින් පස්සේ දැක්කේ නැහැ. මේ ගැහැණු ළමයා මියගිය බව ඇසුන මොහොතේම මම ඇය ගැන හිතේ රූපයක් ඇඳගෙන එයා කවුදැයි කියා කල්පනා කළේ එයාගේ තවත් සහෝදරියන් දෙදෙනෙක් රට රස්සාවලට ගිහින් තියන නිසයි
ඊට සති දෙක තුනකට විතර පස්සේ කැකාරිප්පුව ගමේ ඉන්න අක්කාගේ ගෙදර ගියා. ඒ ගියේ යතුරුපැදියෙන්. බිබිලදෙණිය පට්ටියමුල්ල පාරෙන් කළුවරේම යද්දී වෙල අයිනේ දම්පාට ගවුමක් ඇඳගත්ත කාන්තාවක් ඉන්නවා දැක්කා. ඇය මගේ මෝටර් බයිසිකලේට අත දැම්මා. මගේ මෝටර් බසියිකල් එකේ ලයිට් තිබුණේ නැහැ. එතකොට වෙලාව ? 7.45ට විතර ඇති. මම මෝටර් බයිසිකලේ නැවැත්තුවාම දැක්කා අපත් එක්ක ගාමන්ට් ගිය, පස්සේ රට ගිහිල්ලා ඉද්දී හදිසියේ මියගියා යැයි කියපු දිපිකා නේද මේ ඉන්නේ කියා. මගේ ඇස් මටම අදහා ගන්න බැරිව ගියා. මා පස්සේ කල්පනා කළා මම හිතුවාට දිපිකා නෙමේ මැරෙන්න ඇත්තේ රට එයාගේ වෙනත් සහෝදරියක් වෙන්න ඇති කියා.
තවදුරටත් තොරතුරු හෙළි කරමින් එරංග මහතා මෙසේද කීය.
එරංග අයියේ මාව ගේ ළඟින් බස්සවන්න කියා කියන ගමන් මෝටර් බයිසිකලේට ගොඩවුණා වාගේ දැනුනා. කවදා ද මිනිය ගේන්නේ කියා මම ඇයගෙන් යන ගමන් ඇහුවා. එයා කිව්වා තව දවස් තුන හතරකින් මිනිය ගේනවා කියා.
රට ඉද්දී කරදරයක් වෙලා නේද මැරිලා තියෙන්නේ කියා ඇහුවා. එතකොට ඔව් කියා පිළිතුරු දුන්නා. අයියා මාව එක්කගෙන යන්න මගට එයි කියාත් ඇය මාත් සමග පැවසුවා. මට ඉදිරියෙන් යතුරුපැදියක් ආවා. ඒ යතුරු පැදියේ ගමේ මම හඳුනන මිතුරෙක්. ඔහුත් මට කතා කරගෙන ගියා. වෑන් රථයක් මම ඉදිරියෙන් එන නිසා පාර පටු නිසා මා යතුර පැදියේ වේගය හොඳටම අඩු කරලා ඉදිරියෙන් එන වාහනයට ඉඩදුන්නා. ඒ එක්කම යතුරුපැදියේ පිටුපස වාඩිවී පැමිණි දීපිකා බහිනවා වාගේ තේරුණා. පස්සේ මම ඉස්සර බලාගෙනම යන්නම් යැයි කියාගෙන අක්කලාගේ ගෙදර ගියා. ඊට පස්සේ තමා දැන ගත්තේ මගේ මෝටර් බයිසිකලේ පිටිපස්සේ වාඩිවෙලා ඇවිත් තියෙන්නේ පිටරටක ඉද්දී මියගිය කෙනාම තමා කියා. ඒත් මම බය වුණේ නැහැ. මට මේක අදහා ගන්න බැරිව ගියා.
පිටරට ඉද්දී මියගිය දීපිකාගේ සිරුර එයාගේ අවතාරය දැකලා හරියටම දින තුනකට පස්සේ ලංකාවට ගෙනාවා. හතරවැනි දවසේ අවසන් කටයුතු කරන්න ගමට ගෙනාවා. මගේ මෝටර් බයිසිකලේ පිටුපස වාඩිවෙලා ගිය දිපිකාගේ අවතාරය එයාගේ සිරුර ගෙන එන දින වකවානු හරියටම කීම ගැනත් මට ඇත්තේ ඇදහිය නොහැකි පුදුමයක්. මම හොල්මන් අවතාර විශ්වාස කරන කෙනෙක් නොවේ. නමුත් එදා දැක්කේ ඇත්තටම අවතාරයක්. ඒක කිසිම සැකයක් නැහැ. අදටත් මේ ගැන අහද්දී මගේ හිතට කිසිම බියක් දැනෙන්නේ නැහැ.
මනෝවෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ සහ වෛද්‍ය ජනක ජයසූරිය
ඊට පස්සේ ඔබ ඔය පාරෙන් රෑට ගියේ නැද්ද?
එරංග මහතා
මළ ගෙදරට මම රෑ වෙලා ගියේ තනියම. ඊට පස්සේ කිහිප වතාවක්ම තනියම ඔය පාරෙන් ගියා. ඒත් එදායින් පස්සේ කිසිම දිනක අවතාරය මම දැක්කේ නැහැ.
වෛද්‍යවරුන් දෙදෙනා
මෝටර් බයිසිකලේට නැග්ග කෙනා ඔබගේ ඇඟේ වැදුනාද?
එරංග මහතා
නැහැ ඩොක්ටර් මගේ ඇෙඟ් වැදුනේ නැහැ.
කැකාරිප්පුව ගමේ පදිංචි ප‍්‍රියන්ත සෙනවිරත්න (35) මහතා නාත්තන්ඩිය විදුලිබල මණ්ඩලයේ සේවය කරන අයෙක් වන අතර අවතාර කතාව ගැන ඔහු දරන්නේ මෙවැනි මතයකි.
මහ රෑ පවා වැඩ ඇරිලා මම තනියම ඔය පාරෙන් ගෙදර එනවා. ඒත් කිසිමදාක මගේ මෝටර් බයිසිකලයට ඔය කියන ගැහැණු අවතාරය නැගල නැහැ. ඔය අවතාර කතාව කෙහෙත්ම පිළිගන්න අමාරුයි. තට්ට තනියම රෑ 12.00ට විතරක් මම ඔය පාරෙන් ඇවිත් තියනවා. අදටත් ඔය පාරෙන් තමා ගෙදර එන්නේ. ඇයි එහෙම නම් මට ඔය අවතාරය මුණ ගැහුණේ නැත්තේ යැයි ඔහු ප‍්‍රශ්න කරයි.
හේනේගෙදර පැත්තේ කිහිප දෙනෙකුත් ඔය අවතාරය දැකලා තියෙනවා කියලා අපට ආරංචි ලැබී තිබෙනවා යැයිද අවතාර කතා බොරු බවද ප‍්‍රියන්ත මහතා පවසයි.
ග‍්‍රාම නිලධාරී එම්.ඒ. සෙනවිරත්න මහතා මේ අවතාර කතාව ගැන දරන්නේ මෙවැනි අදහසකි.
අවතාර කියා දෙයක් නැහැ. මේවා මිනිස්සු හිතින් හදාගත්තු දේ බව ඉතා පැහැදිලිවම පැවසිය යුතුයි. ඉතිං මේ අවතාර කතාව බොරුවක්. මම බෞද්ධ දර්ශනය ගැන ලියවුන පොතපත කියවා බුද්ධාගම ගැන අධ්‍යයනය කරන කෙනෙක්. පිරිසිදු බුදු දහම අනුවත් අවතාර, පෙරේත කතා මිථ්‍යා විශ්වාස වෛද්‍යවරුන් අපේ ගමට පැමිණ මේ වගේ සොයා බැලීමක් කරලා ගම්මුන්ට ඇත්ත තත්ත්වය ගැන පහදාදීම ඉතාම වැදගත්.
ගමේ තව කිහිප දෙනෙක්ම මේ අවතාරයට බය වෙලා ඒගොල්ලේ රෑ තනියම යද්දී පාපැදි යතුරපැදිවලට මේ කාන්තා අවතාරය නැගලා ගියා කියලා තොරතුරු ලැබී තිබෙනවා. හොඳටම බය වුන කෙනෙකුට යන්තර මන්තර ගුරුකම් කරලා හිත බය වුනාම තමා හොල්මන් අවතාර පේන්නේ යැයි ග‍්‍රාම නිලධාරී සෙනවිරත්න මහතා පැවසීය.
හැකිනම් භූතයන්ගේ අවතාර ගෙන්වා පෙන්වන ලෙස එවැනි හැකියාවක් ඇතැයි කිය කියා ඉන්න අයට වෛද්‍යවරු දෙදෙනා අභියෝගයක්ද කරති.
උඩුබද්දාව කිඹුල්කොටුමුල්ලේ රත්නා බාලසූරිය මහත්මියට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය
|

බොහෝ විට අප අසා ඇත්තේ හොල්මන්, අවතාර ආදිය දෘශ්‍යමාන වන අවස්ථා පිළිබඳවයි. මේ සිදුවීම හා සම්බන්ධ සුවිශේෂ කරුණ නම් එකී අවතාරය ”කථා කළාය” යන්නයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම හොල්මන් හා අවතාර මනෝ විද්‍යාවේ දැක්වන සූක්ෂම ශරීරයේ බලපෑමක් නොවිය හැකිද? (නි)
ඔය දොස්තර මහත්තයාව කැනඩාවේ නයගරා ඔන්ද ලේක් නගරයට යවන්න බැරිද? (නි)
මේවා දෙස බොදු ඇසින් බලන්න ඕනෑ. මනෝ වෛද්‍යවරුන්ට අභිධර්මය ටිකක් ඉගෙන ගැනීම වැදගත්, මොකද බුදු දහම තුළ මේ ප්‍රශ්න සියල්ලටම උත්තර තිබෙනවා. අනිත් එක පෙරේත ලෝකය බුද්ධ දේශනාවේ එන සතර අපායන්ගෙන් එකක්. මනෝ වෛද්‍යවරුනි, මතක තියාගන්න, බුද්ධ ධර්මය ඉදිරිපිට නුතන මනෝ විද්‍යාව දණගාන කුඩා දරුවෙකුටත් වඩා ලාමක දෙයක්. (නි)
තමන්ට මෙවැනි අත්දැකීමක් නොලැබුණාට එය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම වැරදියි.හොල්මන් අවතාර දැකීමේ බලාපොරොත්තුවෙන් යන එක අයෙකුට හෝ පිරිසකට කිසිදිනක එවැනි දෙයක් දැකීමට නොහැකිබව මගේ විශ්වාසයයි. මෙවැනි අමනුස්ස දර්ශන දැක තිබෙන්නන්ට එයට මුහුණපෑමට සිදුවී ඇත්තේ අහම්බෙනි. මගේ දැනීමේ හැටියට අමනුස්ස බලවේග අප ජීවත් වෙන ලෝකයේ පවතිනවා. නමුත් එය විද්‍යාත්මක ඇසට හසුනොවේ. බුද්ධ ධර්මයේත් අමනුස්සයන් සම්බන්ධව සදහන් වෙයි. තමුන් එක අන්තයකට නොයා මධ්‍යස්ථව අවධානය යොමුකළොත් කාලෝචිතයි. (නි)
හොල්මන් යනු සෙලවෙන මනස (ස)
භූතයන් සිය ශරීර වලට සාරි ,ගවුම් , අදිනවා නම් ඒවා ලබාගන්නේ කොහෙන්ද? භූත ලෝකයේ රෙදි කඩ තියෙනවාද? භෞතික ශරීරයක් නොමැතිනම් රෙදි මොකටද ? (නි)
අපි මේ ගැන විවෘතව බලන්න ඕනා. මේ කතාව සම්පුර්ණ බොරුවක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්නත් පුළුවන්. සමහර මනෝ වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ තමන්ට වඩා දන්න කිසි කෙනෙක් නැහැ කියලයි. මේ ගොල්ල කියන විදියට මට්ටකුන්ඩලි කතාව බොරුවක්. මොකද මට්ටකුන්ඩලී දිව්‍ය පුත්‍රයා ආයෙත් පියා ලඟට ආවා. ඔහු හරි මගට ගන්න. මේ මනෝ වෛද්‍යවරු වක්‍රව බුදු දහමට මේ ගහන්නේ. පුනර්භවය විශ්වාස නොකරන කිසිවෙක් බෞද්ධයෙක් නෙමෙයි. ප්‍රේත ලෝකය විශ්වාස නොකරන කිසිවෙකුත් බෞද්ධයෙක් නෙමෙයි. එක්කෙනෙකුට පේන හැම දෙයක්ම අනිත් කෙනාට පෙනේනේ නැහැ. එකම දේශනයක් අහන හැමෝටම එක විදියට ඒක තේරෙනවද ?(නදී)
මේ දේවල් නැ කියල කාටවත් කියන්න බෑ. හොල්මන් කියන්නෙත් තවත් එක්තරා ආත්මයක් විතරයි. (දී)
පියවි ඈසට නොපෙනෙන්නාවූ පමනින් අතට හසුනොවෙනා වූ පමනින් යමක් නෑතෙයි කියා බැහැර කිරීම නුවනක්කාරී ක්‍රමය නොවේ. මනු ඈසට නොපෙනෙන්නාවූ ශක්තීන්, ජීවීන් ,ශබ්දයන් කී නොකී බොහෝ දේ අප අවට ඈතිබව විවාදයකින් තොරව පිලිගෑනීමට කිසිවෙකුත් මෑලිනොවෙනු ඈත........කාලය යන්න නොපෙනුනත් එය නෑතිබවක් පිලිගෑනීමට කවුරුන් හෝ ඉදිරිපත්වේද.? අන්ශුයන්න ඔබට මට නොපෙනුනත් අප එය ඈතිබවට පිලිගන්නවා නේද...අද වෙනකම් ලෝකය රවුම් බව පොත පතින් හෝ අනුන්ගෙන් අසා දෑනගත් අතර ලෝකයෙන් එපිට සිට ඔබ මා එය දෑක තිබේද..? ඈසට පෙනෙන ලෝකය පමනක් ඔබ විශ්වාස කරන්නේනම් විද්යාත්මක ලෝකය පමනක් විස්වාසය කරන්නෙක්නම් ඔබ මේ ලොවතුල නොදෑක නොපෙනී පවතින්නාවූ සියල්ල එක පසෙක ගොඩගසා දකින පෙනන දේ අනෙක්පසින් ගොඩගසා මනසින් විමසාබලන්න....විදුලිබලය ඔබට නොපෙනුනා උවත් ඔබ ඔය පනගන්වා තිබෙන පරිගනකය ක්‍රියාකිරීමට මූලික වන්නේ එයයි........ඔබ මම මේ පරිසරයේ එක් සුලු කොටසක් පමනක් නියෝජනය කරන්නෝ පමනි. (දී)
අද තිබෙන විද්‍යාවට හොයන්න නොහැකි දේවල් ඕනෑ තරම් මේ විශ්වයේ තිබෙනවා .එහෙම තියෙද්දී මේ වගේ දේවල් නැත කියන්න නොහැකියි.අද වෛද්‍ය විද්‍යාවෙන් කියන්න පුළුවන් තරමක් දුරට පමණි.බොහෝ දේවල් තවම හොයමින් පවතිනවා. (නි)
අන්වීක්ෂය හැදුවේ නැත්නම් ඔය වෛද්‍යවරැ ශුද්‍රජිවිනුත් නැත කියාවි බටහිර විද්‍යාවෙන් ඔක්කොම පැහැදිලිකරන්න යන්න එපා බුදුදහම හරියට නොදැන එක ගාවගන්න එපා කරනියමෙත්ත සුත්‍රය දේශනාෙ කලේ මොකටද කියල හොයල බලන්න (ස)
අවතාර නැත. (ස)
මමත් ඇත්තටම හොල්මන් වලට මුහුණ දීපු කෙනෙක්..ඒත් ඒ ඔක්කොම මගේ හිත කියලයි මට හිතෙන්නේ..ඇත්තටම හොල්මන් කියන්නේ මොනවද (ස)
හරි හිනා. (ස)
හොල්[සැලෙන], මන[මනස,සිත්], සැලෙන සිත. නොසෙල්වී තබාගමු. ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ඇත. (නි)
ලංකාවෙ ඉන්න ගිරව් වගේ දොඩවන මනෝ වෛද්‍යවරුන්ට ඉතින් හොල්මන් ඇත්තෙම නෑ තමයි.(නදී)
සමන්, හරි (ස)
එරංග කියන පුද්ගලයා කලින් අදුරන කාන්තාවක්, මැරුන බව දැන ගත්තත්...එයාට ඇයගේ නිශ්චිත රුපය මවාගන්න බැරුව යාම නිසා .මිය ගිය කාන්තාවගේ නිවස පිහිටි පාරේ යනකොට පෙර මතකයක් නැවත ආවර්ජනය වී එරංග කියන පුද්ගලයාගේ මනසේ මැවුණු යම් ප්‍රබල සිතුවිල්ලක් විය හැකියි..ඔහුගේ යටි සිතේ ඇය ගැන යම් සිතුවිල්ලක් තිබුණාද විය හැකියි ...(නදී)
මේ විශ්වයේ තවම සොයා නොගත් මොන තරම් රහස් තිබෙන්නට ඇද්ද? මමත් මුලින් ඔවැනි කථා බැහැර කළ කෙනෙක්. එහෙත් එක් දිනක් වු එක්තරා සිදුවීමක් නිසා මම හොල්මන් අවතාර පිළිබදව විශ්වාස කරන්නෙක් බවට පත්විමි. දිනක් මගේ නිවසට පැමිණි කොළඹ මිතුරෙකුට අප ගමේ ටිකක් ඇවිදින්නට අවශ්‍යය විය. ගමක රාත්‍රිය ගොඩක් නිස්කලංක වීමත් ඔහුට කොළඹ දී එවැනි අත්දැකිමක් නොමැති වීමත් ඊට හේතුවයි. මගේ ගමේ මිතුරෙකුගේ නිවසේ සිට අප දෙදෙනා පැමිනියේ යතුරු පැදියකිනි. එය මගේ කොළඹ මිතුරා පැද ආ අතර අප දෙදෙනා සිටියේ බර කථාවකයි. එකවරම අපි දෙදෙනාට මිටර් 25ක පමණ ඉදිරියෙන් ඉතා වේගයෙන් පාර මාරු වු දෙයක් මම දිටිමි. එය වේගයෙන් ඇදීගිය දූම වලාවක් බදු හරියට කිව හැටි හැඩයක් නොමැති එහෙත් උඩ කොටස මිනිස් රුවකට සමාන එකකි. මම එය දුටුවත් ඒ ගැන මුකුත් නොකියා සිටියේ මිතුරාගේ සමච්චලයට ලක් වේ යැයි සිතායි. එහෙත්, ඉන් ටික දුරක් ඉදිරියට ගිය යතුරු පැදිය පැද ගිය මගේ මිතුරා එකවරම මගෙන් " මොනව හරි දැක්කද " යැයි ඇසිය. මම " ඔව්" යැයි පිළිතුරු දී ඔහු දුටු දේ ගැන ඇසිම්. එය මම දුටුදේම විය. නොහිතපු වේලාවක නොහිතපු තැනක වු මේ සිදුවිම අප දෙදෙනාට තවම අදහාගත නොහැක. (ස)
මගේ නෑදෑ සහෝදරයෙක් හදිසියේ මැරුණා. ඒ අවමංගල කටයුතු නිම වෙලා පහුවදා පාන්දර හතරට බස් එකට යන්න ගෙදරින් පටන් ගත්ත වෙලේ ඉදන් කව්රු හරි අපේ පස්සෙන් එනවා. අපි තනියම යන්න ඕන නැහැ.අර පස්සෙන් එන එකෙනත් එක්ක යමු කිව්වාට අම්මා නිහඩව ම යනවා.මගේ වැඩේ පිටු පස බලන එකම තමා. කව්ද පස්සෙන් එන්නේ කියල බල එන එක.ඒත් ටික දුරක් ගියාම හඩ නැති උනා.ඒත් පිරිමි කෙනෙක් හමු උනා. කලබලෙන් යන කෙනෙක්..ඒ අතරේ මම බලා ගත්තා.මේ හදිස්සියේ මේ පුද්ගලයා ආව තැන.අපි ට වෙලාවට බස් එක හමු උනා . බස් එකේ එන ගමන් බැලුවා.අර තැනැත්තා ආව තැන,මට ම හිතා බැ.අර තැනැත්තා ආවේ, කොහොමද කියලා? ඒක මහා හෙළක් (කදු පල්ලමක්) අදටත් මට හිතා ගන්න බැ. අපේ පස්සෙන් කව්ද ආවේ? අපිට මගදී හමු උනේ කව්ද කියල? අම්මා නම් කිව්වේ පුතා පෙර පුරුද්දට අපිව බස් එක ලගට එන කම් ආවා කතාව තමා ඒක. (ස) .
රේඩියෝව කතාකරන්නෙත් කට නාසය තිබිලද ? (නි)
හොල්මන් නැහැ කියන අයට හොල්මන් තියෙනවා කියල තේරෙන්නේ හොල්මන් දැකපු දවසට.(නදී)
මේක මගේ තාත්තාට උන සිද්ධියක්. තාත්තාට අධි රුධිර පීඩනය, දියවැඩියාව යන රෝග තිබුණා. එක්තරා කාල වකවානුවකදී මේ රෝග උග්‍ර වී තාත්තා රෝහලේ නතර කළා. සතියක් විතර යනකන් තාත්තා කිසිම දෙයකට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කලේ ඔහු මිය යාවි කියලා. නමුත් තාත්තාට හොඳටම සනීප වුනා. ගෙදර ආවාට පසු ඔහු දවසක් මෙන්න මේ දේවල් මාත් එක්ක කිව්වා. "ඉස්පිරිතාලේ ඉන්න දවස් වල මට මාව බලන්න ආපු අයව පෙනුනේ පිස්සු හැදුනු අය වගේ. මං ඒ අයට කතා කළත් කවුරුවත් මාත් එක්ක කතා කලේ නැහැ. දවසක් මට ගෙදර එන්න හිතිලා ඉස්පිරිතාලෙන් එලියට ඇවිත් මහ පාරටම ආවා. ඒත් අදහස වෙනස් කරලා ආපහු ඉස්පිරිතලෙටම ගියා.මට දැනුනේ මං නිකන් පාවෙලා යනවා වගේ " මේවා ඔහු පැවසුවේ ඉතාමත් හොඳ සිහියෙන්. (ස)