IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මහ මග කුණු දමා පරිසරය වනසන්නෝ

 

අප රටේ සෑම දෙයක්ම පළමුව ප්‍රශ්නයක් බවට පත් කර ගැනීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන සෙයකි. ළඟපාත උත්තර කොතෙක් තිබුණද ඒවා ප්‍රයෝජනයට ගැනෙන්නේ ප්‍රශ්නය හොඳටම කුණු වී ගියාට පසුවය. ලංකාවේ කුණු ප්‍රශ්නයද එසේමය. එය තවමත් කුණු වෙමින් තිබේ.

කුණු ප්‍රශ්නයට විසඳුම් දී එය නිට්ටාවටම විසඳන ආකාරය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයකදී නගර සභා මැතිවරණයකදී කිසිදු දේශපාලන පක්ෂයක් වැඩි බරක් නොදමයි. එහෙයින් මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයකදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක්ද යොමු නොවේ. එයට හේතුව මහජනයාද කුණු ප්‍රශ්නය විසඳා ගැනීමට විශේෂ උනන්දුවක් නොදැක්වීමය. බොහෝ දෙනකුට වුවමනා කරන්නේ තමන්ගේ නිවෙසේ කුණු කොහේ හෝ දමා නිවස පිරිසුදුවට තබා ගැනීමට පමණි. කුණු සම්බන්ධ මෙරට බොහෝ දෙනාගේ හැසිරීමෙන් ඔවුන්ගේ පරිසර හිතකාමිත්වයත් සාමූහික විචාර බුද්ධියත් ප්‍රකට කෙරේ.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ගම්පහ ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයට අයත් පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ මාර්ගය අද්දරට කසළ තොගයක් ගෙනැවිත් දමා තිබූ පුද්ගලයකු බිල්පතක් අනුව සොයාගෙන එම කසළ තොගයේ හිමිකරුවා අත්අඩංගුවට ගත් බවය. අප ප්‍රවෘත්තියට අනුව පසුගිය දිනෙක රාත්‍රී කාලයේදී නරක්වූ එළවළු තොගයක් සහිත කසළ තොගයක් මාර්ගය අද්දරට දමා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක මහතාට දැනුම් දී ඇති අතර ඒ අනුව සභාවේ සෞඛ්‍ය පරිපාලක සුනන්ද දිසානායක මහතාද ගෙන්වා ගනිමින් ප්‍රදේවාසීන් සමග කසළ ගොඩ අවුස්සා බැලීමේදී ලිපිනයක් සහිත බිල් පතක් හමුවී ඇත. එය කඩවත නගරයේ එළවළු වෙළෙඳසලක් බවට සඳහන්ව තිබීම මත එහි තිබූ දුරකථන අංකයට අමතා කසළ ගොඩ ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇතත් කිසිවකු පැමිණ නැත.

පසුව සිද්ධිය වැලිවේරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව එම තක්කඩි පුරවැසියා අත්අඩංගුවට ගෙන මංමාවත්වලට කසළ බැහැර කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

කසළ තොගය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ උනන්දුව ප්‍රශංසා කටයුතුය. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සෞඛ්‍ය පරිපාලකවරයා හා පොලිසියේ ක්‍රියාකාරිත්වය ආදර්ශවත්ය. සිද්ධිය බරපතළ ලෙස නොගෙන කම්කරුවකු ලවා එම කසළ තොගය ඉවත් කිරීමට හැකියාව තිබුණද රටටම ආදර්ශයක් සපයමින් ඔවුන් ක්‍රියා කර ඇත. විය යුත්තේත් එයමය.

පසුගිය දිනවල මෙබඳු සිදුවීම් බහුලව වාර්තා විය. එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ප්‍රධාන රෝහලක අපද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත් සමාගමක් එම අපද්‍රව්‍ය අදාළ ස්ථානයට රැගෙන නොගොස් අතරමග වෙල්යායකට බැහැර කළ බවය. එමෙන්ම අති සුඛෝපභෝගී වාහනවලින් ගමන් ගන්නා ඇතැම් නෝනාවරුන් මහත්වරුන් නිවෙසේ කුණු මහා මාර්ගයට විසිකර පලායන දසුන් සුලභය. කඩවත නගරයේ එළවළු වෙළෙන්දා සිදුකර තිබෙන්නේද එම තක්කඩි ක්‍රියාවමය.

බොහෝ ප්‍රාදේශීය සභා නගර සභාවල කුණු බැහැර කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබේ. ජනතාවගේ වගකීම විය යුත්තේ එයට අවශ්‍ය සහයෝගය ලබා දීමය. එහෙත් ඇතැමකු එහි බරපතළකම අවබෝධ කර නොගෙන කටයුතු කරන ආකාරය දැකිය හැකිය. ඔවුන්ට වුවමනා තම නිවෙසේ කුණු තමන්ගේ නොවන වෙන ඕනෑම තැනක දමා නිවෙස පිරිසුදුව තබා ගැනීමට පමණි.

තැන තැන කුණු දැමීම මහා ජාතික අපරාධයක් බව බොහෝ දෙනෙක් නොදනිති. එය පරිසරයට සිදු කරන විනාශය ඔවුහු ගණන් නොගනිති. කුණු මලු විසි කිරීමෙන් ඒවා සීසීකඩ විසිරී යයි. බල්ලන් බළලුන් කපුටන් එම කසළ අවුස්සා පළාතම අවලස්සන කරති. මැසි මදුරුවන්ගේ රජ දහන් බවට ඒවා පත්වේ. වැසි දියට මෙම කැළි කසළ ගසාගෙන ගොස් කාණු පද්ධතිවල හිරවේ. එය අතුරු ප්‍රශ්න රාශියක් ඇති කරවන්නකි.

විශේෂයෙන්ම කුණු මලු විසි කිරීම නිසා විවිධ භයානක ලෙඩ රෝගද වේගයෙන් පැතිරේ. අවසානයේ රටේ ජනතාවට සිදුවන්නේ හඳුනා නොගත් රෝගයකින් මිය යාමටය. මෙය කෙතරම් දුක්ඛිත ඉරණමක් දැයි වටහා ගැනීම අසීරු නොවේ.

කඩවත එළවළු වෙළෙන්දා තොත්ත බබෙක් නොවේ. මහ පාරට කුණු විසිකරන්නෝ කිසිවෙක් තොත්ත බබාලා නොවෙති. එය කෙතරම් බරපතළ වරදක්දැයි ඔවුහු දනිති. එහි ආදිනව කෙසේ දැයි ඉඳුරාම හඳුනාගෙන සිටිති. එහෙත් සාමුහික විචාර බුද්ධියෙන් ගිලිහුණු ආත්මාර්ථකාමිත්වයේ පත්ළටම වැටුණු මනුෂ්‍යත්වය දියවුණු මෙම තක්කඩියෝ දැන දැනම එම වැරැද්ද කරති. එහෙයින් මොවුන්ට අවවාද අනුශාසනා කිරීමෙන් ඵලක් නැත. උපරිම දඬුවම් ලබා දිය යුතුය.



අදහස් (1)

මහ මග කුණු දමා පරිසරය වනසන්නෝ

මැක්ස් Sunday, 07 November 2021 07:04 AM

මේ ලිපිය ඉස්තරම්. කාලීනයි. අප බොහෝ දෙනෙකුගේ සමාජ වගකීම් විරහිත හැසිරීම සහ ඊට දිය යුතු පිළියම ද යෝජනා කරයි. ඔව්. මහ මග තැන තැන කසල දමා යන්නෝ එසේ කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. තක්කඩිකම නිසා ය. එම නිසා එවැනි පුද්ගලයන්ට දැඩි දඩුවම් දීමට කටයුතු කළ යුතුය. ඇයි සොබා සුන්දරත්වයෙන් අනූන තැන්වලට ගොස් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් එම ස්ථානයේම දමා එන වසලයන්? උනුත් කොටු කරගෙන උපරිම දඩුවම් දෙන වැඩපිළිවෙළක් සකසන්න යෝජනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 440 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 351 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 168 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 361 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 532 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1162 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site