IMG-LOGO

මනස සිරුරට කරන බලපෑම අරුමයි

 14_SLTK_P10_Back  

කාම යන වචනයක් ධර්මයෙහි එයි. එම වචනයෙන් මතුකරන අදහසක් හෙවත් සංකල්පයක් තිබේ. කාම යන වචනය විස්තර කිරීම සඳහා සිංහල වචන කිහිපයක් භාවිත කළ හැකිය. එනම්, කැමැත්ත, ආශාව, ආදරය, ලෙන්ගතු කම, ලෝභකම, ස්නේහ වන්තබව ආදියයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ සහ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ඇතිවන ආරම්මන යන්නෙහි ලබන මානසික සතුටයි. කාමය යනු මානසිකව කෙනෙකු ලබන සන්තුෂ්ටියක් ලෙස බුදු සමයේ විග‍්‍රහ කරනු ලබයි. 

 

 

SLTK - 08.qxd
බාහිර සමාජ වටපිටාව තුළ කාමයට උල්පන්දම් දෙන වස්තූන් මිස කාම වස්තු නොමැති බව දහමේ අදහසයි. (න තෙ කාමායාති චිත‍්‍රානි ලෝකේ - සංකප්ප රාගො පුරිස්ස කාමා) මිනිස් මනස තුළ පවතින සිතුවිල්ල වඩා වර්ධනය වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතන්නට යාමෙන්ය. 


කාමයෙහි ඇලීම කාම රාගය ලෙස දක්වා තිබේ. සෑම සත්වයකුටම කාමරාගය නැත. එය පවතින්නේ සුවිශේෂ පිරිසකටය. ඇතැම්විට ඒ සඳහා මූලිකවන්නේ සංසාරගත හේතුන්ය. ඇතැම් විට සාමාජ වට පිටාවද හේතු විය හැකිය. කාමය කොටස් දෙකකි. එනම්, වස්තු කාම සහ ක්ලේශ කාම යනුයි. ධනය, වස්තුව, ගේ දොර, බඩු බාහිරාදිය, පිඟන් කෝප්ප, ඇඳ ඇතිරිලි, ගෘහ භාණ්ඩ, වතු පිටි, හරක බාන ආදී වස්තුව කෙරෙහි ඇති කරගත් අසාමාන්‍ය ආශාව වස්තු කාමය නම් වේ. කාම තෘෂ්ණාව, පංචකාම සම්පත්වල දැඩිසේ ඇලීම, රූපාදී අරමුණුවල ඡුන්ද රාග (දැඩි කැමැත්ත) වශයෙන් එල්බ ගැනීම ක්ලේශ කාමය නම් වේ. වස්තු කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැනගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධ ද ඇතිවේ. කෙලෙස් කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැන ගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධද ඇතිවේ. 

8989
මිනිස් මනසෙහි පවතින කාම සිතුවිල්ල සමාජ අපරාධ කිරීම කෙරෙහි මිනිසා නැඹුරු කරයි. බුදු සමයෙහි අපරාධකරුවා යන්නට භාවිත වන්නේ ආශුචාරි යන වචනයයි. බුදු සමයේ දැඩි අවධානයට ලක්කරනු ලබන්නේ අපරාධකාරී මානසිකත්වය පිළිබඳවයි. අපරාධකරුවකු බාහිර ලක්ෂණවලින් අඳුනාගත හැකි ආකරය කෙරෙහි අපරාධ විදා්‍යඥයන්ගේ අවධානය ලක්වී තිබේ. ලොම්බ්‍රෝසෝ නමැති අපරාධ විද්‍යාඥයා අපරාධ කරන්නන්ගේ බාහිර ස්වරූපය මෙබඳු යයි දක්වා තිබේ. එනම්,


1. හිස ප‍්‍රමාණයකට වඩා විශාල වීම, හිස් කබල පළල්ව පිහිටීම.
2. මුහුණ දෙපැත්තේ අසම්මිතික බවක් දක්නට ලැබීම.
3. හකු සහ කම්මුල්වල පියවි ස්වභාවය ඉක්මවා තිබීම.
4. ඇසේ ආබාධ සහ විශේෂතා බැලූ බැල්මට දිස්වීම.
5. කන් යුගල විශාල වීම, කුඩා වීම හෝ සතකුගේ මෙන් නෙරා තිබීම.
6. නාසය විරූපීව පිහිටීම, උඩුකුරුව හැරී තිබීම. (සොරුන්ගේනම් පැතලි වීම, මිනීමරුවන්ගේ නම් දිගවීම)
7. දෙතොල් මාංශපේසී මගින් පිරී ඉදිමී ඉදිරියට නෙරා තිබීම.
8. සතුන්ගේ මෙන් දෙකම්මුල දැඩිව වළ ගැසී තිබීම.
9. දිව මැදින් ඉරක් මෙන් දිව වළ ගැසී පිටතට නෙරා තිබීම.
10. දත්වල සාමාන්‍ය තත්ත්වයන් පැවතීම
11. නිකට විකෘතිව පැවතීම.
12. ඉසකෙස් අධික ලෙස රැුලි ගැසී පැවතීම.
13. බෙල්ලේ ඉතා අඩුවෙන් හෝ ඉතා වැඩියෙන් රැුලි තිබීම.
14. අත් අධික වශයෙන් දිගට පිහිටා තිබීම.
15. පාදවල ඇඟිලි කෙටිව පිහිටීම.
16. මොළයේ කොටස් අතර සමතුලිත බවක් නොමැති වීම.
බුදුසමය සහ අපරාධ විද්‍යාව.
පිට - 185 


බුදුසමය දකින්නේ අයහපතට යෙදූ මානසිකත්වය මිනිසා අපරාධකරුවකු බවට පත් කරවන බවයි. එනිසා බුදු සමය මිනිසාට උපදෙස් දෙන්නේ අයහපත් සිතුවිල්ලක් මනසට පැමිණිවිට සහේතුකව එම අයහපත් සිතුවිල්ල මනසින් ඉවත් කර ගැනීමට මිනිසා සමත් විය යුතු බවයි. ඉන් ඉවත් නොවුනහොත් ඒ සිතුවිල්ලම වෙනත් ගැඹුරු ස්වරූපයක් ගනී. බොහෝ විට අපරාධ සිද්ධි අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන කරුණක් වන්නේ කිසියම් සිතුවිල්ලක් කාලයක් පැවතීම නිසා එකී අපරාධය දක්වා එය වර්ධනය වී ඇති බවයි. මනස හුදකලාව වරදේ බැඳේ. මනස කට සමග මිතුරු වී වරදේ බැඳේ. මනස කට හා කය සමග මිතුරු වී වරදේ බැඳේ.


ඇතැම් දරුණු සිතුවිලි ජීවත්වන කාලය පුරාම දුක් විපාක දෙමින් මනසද අවුල් කරමින් පවතියි. ඇතැම් ඒවා සංසාරය පුරාම අරගෙන එයි. නරකට යෙදවූ මනස යහපත් දෙයක් කිරීමට ඉඩ නොදෙයි. කරන්නේ අයහපතමයි. නමුත් තමා කරන්නේ අයහපත් වුවද කළ යුතු දෙයම යයි සිතයි. ඒ අපවිත‍්‍ර වූ මනසෙහි ස්වභාවයයි.


කාමය සහ කාම රාගය නිසා ඇති වන ඇතැම් අපරාධ පිළිබඳව බණ පොතෙහිද සඳහන් වෙයි. 

 

m8

 



අදහස් (0)

මනස සිරුරට කරන බලපෑම අරුමයි

අජිත් Wednesday, 18 November 2015 01:18 PM

උතුම් වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ දෙසුම් වලට අනුව යමින් තම නායකයන් තෝරා ගන්නවානම් , අපේ උතුම් වූ පූජ්‍ය පක්ෂය එක පෙළක එකට සිට සමාජය මෙහෙයවනවානම් අපි මිට වඩා කොයි තරම් දියුණුද ? (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 05:52 PM

අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි භාවනා මඟින් සිත දියුණුකර අල්පේච්ඡ දිවියක් ගතකිරීමට යොමුවුවහොත් මෙවැනි කාමාශාවන් ඇතිවන්නේ නැත (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 18 November 2015 01:14 AM

1977 පසු ඇරඹුන දේශපාලන කලියුගය නපුරු වින්සතියක් සේ දිගින් දිගටම අපේ සමාජය ගිලගනිමින් සිටිනවා. බලයේ දිගටම රැඳීඉන්න පාවිච්චි කළ සුක්ෂම උපක්‍රමයක් ලෙස පාරිභෝජන රටාවෙහි ඇතිකළ වෙනස්කම් තුළින් වස්තු කාමයත් ක්ලෙශ කාමයත් නොඅඩුවම ලක්වැසියන්ට හඳුන්වා දී තිබෙනවා. මෙහි ගැලුණ හා ගැලෙන්න පුල පුලා බලාසිටින මිනිසුන්ගේ එකම සිහිනය සියලු කාමයන්හි ගැළීමයි. ශ්‍රී ලංකාවෙහි බහුතරය වු සිංහල බෞද්ධයින් විශාල ප්‍රමාණයක් මේ ව්‍යාසනයේ ගොදුරක් වී තිබෙනවා. (නි)

:       0       0

ඉන්දික Monday, 23 November 2015 06:20 AM

කාම ආශාවට වඩා එහා ගිය නොනිවෙන සතුටක් ලබන ක්‍රමයක් ඇති බව මුනි වරු පෙන්වා දී තිබෙනවා. එවැනි සතුටක් ලබන ක්‍රමය නොදන්නා නිසා තමා මිනිසුන් මෙවැනි පොඩි තාවකාලික සතුටු වලට පෙළබි තව තවත් විදවන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 56 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 213 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 482 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 339 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 925 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 208 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1417 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1616 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 423 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site