(තිළිණි ද සිල්වා) 
විවිධ ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි ලොව ජයගත් ලාංකිකයින් හා ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින් අතලොස්සට එක්වූ තවත් අයෙකු ගැන ගෙවී ගිය සතියේදී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණි. ඇය නමින් අංජලී ද සිල්වා ය.
තවමත් තුරුණු වියේ පසුවන අංජලී මෙනෙවිය උපතින් ලාංකික සම්භවයකින් පැවත එන්නියකි. ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ සලකුණු තැබූ කීර්තිමත් මාධ්‍ය පරම්පරාවක් වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පරපුරේ තෙවැනි පරපුර ඇය නියෝජනය කරයි. අංජලී ද සිල්වා මෙනවිය මෙරට පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ කවියෙකු සහ සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ආභාවප්‍රාප්ත මීමන ප්‍රේමතිලක මහතාගේ මිණිබිරිය වේ.
නීතිඥවරියක වන අංජලී ද සිල්වා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සඳහා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස ඉකුත්දා තේරී පත් වූවාය. අංජලී ද සිල්වා මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ එරට හරිත පක්ෂයෙන් වන අතර ඇය ඉදිරි සිව්වසරක කාලයේදී මොනෑෂ් නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇත. එසේම ඇය වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ ලාංකික සම්භවයකින් යුතු පළමු පුද්ගලයා ද වෙයි.
වරලත් සිවිල් ඉංජිනේරුවරුන් වූ ආචාර්ය සමන් ද සිල්වා සහ මිහිරි ප්‍රේමතිලක යුවළගේ වැඩිමහල් දියණිය වන අංජලී, සිය බාල සොයුරිය වන සරනි සහ මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව්හැවිරිදි වියේදීය. ඉන් පසුව එරටින් සිය පාසල් අධ්‍යාපනය ලබා ගත් අංජලී උසස් අධ්‍යාපන සඳහා මෙල්බර්න් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එම විශ්ව විද්‍යාලයෙන්ම නීතිය සදහා පළමු පන්තියේ ගෞරව උපාධියක් සහ ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ උපාධියක්ද ඇය හිමි කර ගත්තාය.
සිය උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇය එක්සත් රාජධානියේ ලන්ඩන්, හොංකොං සහ මෙල්බර්න්හි ඉහළ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියක ලෙස සේවය කළාය. නීතීඥ වෘත්තීයට අමතරව එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ බාක්ලේස් බැංකුව සහ ස්කොට්ලන්ත රාජකීය බැංකුව වෙනුවෙන් ඇය සිය සේවය ලබා දී ඇත. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.
ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන් සහ කාන්තාවන්) වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය සහ සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර ඇති තරුණියක ලෙස අංජලී මෙනෙවිය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. වෙනස් කොට සැලකීමකින් තොරව සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු කරන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසින් ඇය ඕස්ට්‍රේලියානු සමාජයේ ජනප්‍රියව සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ අයට අද ඒ අයගේ පිරිස ඉන්න තැන් කියන්න ගියොත් තව පත්තර බිලියන ගාණක් ගහන්න වෙයි. අපේ අය දාන ගොසිප් තමයි.
අන්ජලි, ඔබ ගැන ගොඩක් සතුටුයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් හෝ මැලේ හෝ බර්ගර් වේවා ලාංකීය සම්භවයක් ඇති කෙනෙක් ලෝකයේ කොහේ හෝ තැනක පිළිගැනීමක් ඇති කෙනෙක් වෙනකොට මට පුදුම සතුටක් ඇතිවෙන්නේ. හරිම ආඩම්බරයක් මුසුවුණු අභිමානයක් ඉබේම ඇතිවෙනවා. මේ මෑතකදී මගේ මිතුරෙක් හදිසි අනතුරකට මුහුණපාලා පැරිසියේ රෝහලක සිටින බව අාරංචිවෙලා මම එහි ගියා. ඒ රෝහලේ ඒ අංශයේ විශේෂඥ වෛද්‍යවරිය ශ්‍රී ලාංකික දෙමළ මහත්මියක්. අප දැනහඳුනා ගත්තා. මම සිංහල කෙනෙක් කියා මගහැරලා ගියෙත් නැහැ. හැබැයි.. අපේ රටේ බොහෝ දොස්තරවරුන්, වරියන් වගේ " අලි ඔලුවක් " නම් එතුමියගේ තිබුනේ නැහැ.. ඉතාමත්ම සුහදව කතාබහ කළා. එය ඇත්තටම ඉතාමත්ම සුහද හමුවීමක්. අපි කතාබහ කරද්දී එතැනින් ගිය තවත් ප්‍රංශ ජාතික දොස්තරවරියක් සිනාසී ඇසුවා මේ යහළුවෙක්ද ..? කියලා. " නැහැ මගේ නෑ කෙනෙක්.." කියලා ඇය කීවා. ඇගේ නිහතමානීකම කොයිතරම්ද.? අැන්ජලි මහත්මියටත් මම සුබ පතනවා, ඇගේ අනාගත සිතුම් පැතුම් සියල්ලම සාර්ථක වී, ලෝකයේ කොහේ හෝ තැනක සියල්ලන්ගේම ආදරයට පැසසුමට සහ ගෞරවයට ලක්වෙන නිහතමානී ශ්‍රී ලාංකීය "සලකුණක්" වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මීට අවුරුදු 15කට විතර කලින් ශානක ප්‍රනාන්දු කියලා කෙනෙක් 'තරුන වික්ටෝරියානුවා' සම්මානයෙන් පිදුම් ලැබුවා... මෙල්බර්න් නගරයේ 'ලෙන්ටිල්ස් එව්‍රිතිං' කියන ආපනශාලාවේ නිර්මාතෘ විදිහට... ඒක හරි අපූරු ආපනශාලාවක්ලු, කෑමවලට නියමිත මිලක් නැතිලු, තමන්ට කැමති ගානක් ගෙවන්න පුලුවන්ලු. නැතිනම් ඒ වටිනාකමට සරිලන ලෙස වැඩ කිරීමට පුලුවන්ලු. අපේ බුලට් ඉන්නවා ලෝකෙ කොර කරපු...