සිතේ ඉපදෙන ආදරයක් ප‍්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි.
එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග‍්‍රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති.
හමු නොවුණත් දුරකතනය දෙපළක් අතර කරන බැඳීම මොනතරම් නිදහස් ද? ආදරණීය දෙපළක් මග තොට අත්පටලවාගෙන යාම අද අරුමයක් නොවේ. එහෙත් එයම ඔබේ නිදහස ද? ආදරය විඳින්නට මොන තරම් ආශාවක් ඇත්ද? මේ සියලූ දේට සීමා තිබේ. ඒ සීමා තෝරා බේරාගෙන ඔබට ආදරය කිරීමට පුළුවන.
රුපියල් 750, 800 ට 1000 ට කුලියට දෙන කාමරයකට ඔබ දෙපළ ගොඩවීම පිළිබඳ සමාජයේ පවතින මතය කිසි විටෙක සුබවාදී නැත. කාමරයක තනිවන දෙපළක් අතර පුද්ගල ස්වභාවය හැඟීම්, සිතිවිලි අනුව බොහෝ දේ සිදුවිය හැකිය.
|
|
කාමරයකින් පිට ඔබට නිදහසේ කතා කරන්නට, නිදහස විඳින්නට පොදුවේ බොහෝ දෙනෙක් මං මාවතක්, බස් හෝ දුම්රිය නැවතුමක්, පොදු ප‍්‍රවාහන සේවයක්, චිත‍්‍රපට ශාලාවක්, මල් වත්තක්, උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගනියි. අදාළ තැන අදාළ ආකාරයට, ආදරය විඳීම ගැටලූවක් නැත. ඔබ දෙපළට තැනක් නොතැනක් වන විට ගැටලූ ඇති වීමට ද පුළුවන. මේ කෙසේ හෝ වේවා සීමා දැන ආදරය කිරීමට කවර තැනක් වුව බාධාවක් නැත.
අහිංසක ආදරවන්තයන්ට මේ සියලූ තැන් රජ මාලිගා බව අපි දනිමු. කෝටිපතියන් ආදරය කිරීමට ලොකු තැන් සොයා ගියත් අහිංසක ආදරවන්තයන්ට මහ මග බස් නැවතුම, මුහුදු වෙරළ පුදුමතරම් වටී. දුවිලි නාගෙන, ඇතැම් විට ආදර ගඟ ගලා බසී.
ආදරණීය පෙම්වතුන්ට ස්වභාවයෙන් ලැබුණු තෑග්ග මුහුදු වෙරළ යැයි අපි සිතමු. රළ එකින් එක ගොඩට ඇදෙයි. එක රළක් එන විට තව රළක් මතුව එයි. රළ පෙරළුමේ නිමාවක් නැත. බලා ඉන්නට ඉන්නට ඇතිවීමක් ද නැත.
හාත්පස සිසාරා සුළං රැළි හමා එයි. අහස - මුහුද යාකළා සේ පෙනෙන ක්ෂිතිජ මායිමේ මහා නෞකාවක පුංචි සේයාවක් නෙත ගැටේ. මේ වෙරළ බිම සරුවට වැඩුණු වැටකේ මුලක්, නැත්නම් ගල් පරයක්, වැලි තලාවක් අසල ආදරයට මොන තහනමක්ද? සියල්ල ස්වභාවයෙන් ලැබුණු දේයි. නමුත් ස්වභාවයෙන් ලැබුණු දායාදය ළඟ ආදරය විඳින පෙම්වතුන්ටත් දැන් බොහෝ බාධා තිබේ. ආදරය විඳින අය සියලූ බාධක වලට මුහුණ දෙනවා හැර බාධක මේ මේ යැයි ප‍්‍රසිද්ධ කරන්නට යන්නේ නැත. මේ පිළිබඳ ලැබෙන ඇසෙන ආරංචි මත අපි පසුගිය දා දෙහිවල, ගල්කිස්ස, වෙරළෙහි ඇවිද ගියෙමු. ඒ ගමන අහිංසක ආදරවන්තයන්ට බොහෝ යහපත පිණිසය.
මුහුදු වෙරළෙහි දියනාන බාල, වැඩිහිටි, තරුණ මහළු විශාල පිරිසකි. ‘මොන තරම් නිදහසක් ද? දුක් කරදර මැඩගෙන සිනහ වන, සතුටු වන තරම්’ අපටද නොසිතුනා නොවේ. ඒ අතරේ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ද වැල්ලට වී අව්ව තපිති. කුඩා කඩ දමාගත් අයද, අඹ, අන්නාසි වෙළෙන්දන්ද බේසම්වල හා බෑග් වල දමාගෙන එකිනෙකා අසලට ගොස් වෙළෙඳාම් කරති. තවකෙක් පෝනියකු වෙරළට ගෙනැවිත් ඌ පිට සංචාරකයන් රවුමක් එක්කගෙන යයි. මේ අතර ගල් පර මත වැටකේ පඳුරු අසල සෙවණට තුරුළු වී ආදරය විඳින පෙම්වතුන්ද විශාල පිරිසකි. කිසිවකුටත් කරදරයක් නැති පරිසරයක් බැලූ බැල්මට වෙරළහි පෙනේ. පොලීසියේ තරු පැළඳි මහත්වරුද නිල ඇඳුමෙන් වෙරළට එනු යනු අපට පෙනේ. සියලූම දේ අතර ආරක්‍ෂාව, නිදහස පමණට ඇති බව නොහැඟුණාම නොවේ.
නිදහසේ ආදරය විඳින තරුණ පිරිස අසළට අපි ගියෙමු. ඇතැමෙක් බර කතාවකය. තවත් අය හැඟුම්බර කතාවකය. තවකෙක් සිනහ මුසුවය. ඒ අතර සමහර පෙම්වතුන් බදාගෙනය. එකිනෙකා තුරුළුවීය. මුවට මුව ළං කොටගෙනය. පොදු ජනයාගෙන් මදක් ඈත් වූ මේ වෙරළ තීරයේ ඔවුන්ගේ ආදරයට බාධාවක් නැත. මීටර් 10-15 පමණ ඈතින් ඈත පෙම්වතුන් සිටින මානයේ ගල් පර උඩ, වැටකේ පඳුරු අසළ ගැවසෙන පිරිමි අයද කිහිප දෙනෙකි. ඔවුහු මුහුද දෙස බලා සිටිති. නමුත් කිසිවකුට හොරා බදාගෙන සිටින යුවළක් දෙස ද බලති. ඇතැමෙක් වැටකේ පඳුරක් මතට බරදී නිදහසේ සිටින සෙයකි. නමුත් ඔහුගේ ඇස වරින් වර තුරුළු කරගත් තරුණ ජෝඩු වෙතය. මුහුදු වෙරළ ගැන හොඳින් දන්නා එහි නිතර ගැවසෙන්නකුද අප සමග යයි.
අර ගල් පරය උඩ කහපාට කමිසෙ ඇඳගත්ත කෙනා දිහා බලන්නකො. එයා හැමදාම ඔය ගල් ටික උඩ ඉන්නවා.
‘එයාගෙ වැඬේ මුහුද බලන එක නෙවෙයි. මේ ජෝඩු හැමදාම මෙතනට එන අය නෙවෙයිනෙ. ඒ අය හිතන්නෙ මේ මිනිස්සු මුහුද බලනවා කියලා. අපි හැමදාම වැල්ලෙ ඉන්න අය. දැන් අවුරුදු 35 කට වැඩියි. අපි වැල්ල ගැන එන යන අය ගැන හොඳට දන්නවා. ඔය මිනිහා ඔතනට එන ජෝඩු බදාගෙන තුරුල්වෙලා කරන දේවල් බලාගෙන ඉන්නෙ.
මේ හරියට පොඩි ළමයි එනවා අඩුයි. ටි‍්‍රප් එන අයත් මේ හරියට එන්නෙ නෑ. ගල් පර නිසා නාන්නත් බෑනෙ. ඒ අය විනෝද වෙන්නෙ වැල්ලෙ එහා පැත්තෙ. ජෝඩු ඉන්න පැත්තට කෙනෙක් එන්නෙ ඒ අය කරන දේවල් බලන්න. සමහර වෙලාවට ඉතින් මෙයාලගෙ ඇඳුම් එහෙමත් හිමින් සීරුවෙ ගැළවෙනවා. හවසට හවසට ඉතින් නොහිතන දේවල් මේ අය අතරත් වෙනවා. අපි වැල්ලෙ හිටපු ජීවිතේම ඕවා ඉහේ කෙසේ ගානට දැකලා තියනවා. හැමෝම ඇඳුම් ගලවගෙන මෙතන සෙල්ලම් දාන්නෙ නෑ. පිරිසක් විතරයි.
කොහොම වුණත් ඒක එයාලගෙ නිදහසනෙ. මේ අය ළඟ කාමරයකට යන්නවත් සල්ලි නොතිබෙන්න පුළුවන්. සමහර විට තිබුණත් හැඟීම් වළක්වා ගන්න බැරි වුණාම වෙන දේ දන්නෙ නෑනෙ.
කතාව ඒක නොමෙයි. දැන් ඔය ගල් පර උඩ, වැටකෙයියා ගස් උඩ, පඳුරු අස්සෙ ඉඳන් ඕනෑ තරම් අය බලාගෙන ඉන්නවා. ඒක මේ වැල්ලෙ පුරුද්දට ගත්ත පිරිසක් ඉන්නවා. අර ගල්පරය උඩ ඉන්නෙ ඒ කෙනෙක්’
අපේ හිතවතා පෙන්වයි.
ඔය සමහර අය ඈත ඉඳන් හොඳ දුර දක්න වලින් මේ අය කරන දේවල් බලාගෙන ඉන්නවා. හෝටල් වල කාමර වල ඉඳන්, ගෙවල් ඇතුළෙ ඉඳන් වැල්ලෙ ජෝඩු දිහා ටෙලස්කෝප් වලින් බලනවා. හරියට ඉතින් ළඟ ඉන්නවා වගේ’ තරුණ තරුණියන් ගැවසෙන සීමාවේ තරුණ, මැදි වියේ හා මහළු විය ගෙවන පිරිමි පස් හය දෙනෙකි. අප අත සඟවා ගත් කැමරාව වහා කි‍්‍රයාත්මක වන විටද ඔවුහු පැන දිවුහ.
‘ඔය දුවන සමහර එවුන් මෙතනට එනවා කියලා උන්ගෙ ගෙවල් වල අය දන්නෙ නෑ. පන්ති යනවා කියලා, රස්සාවලට යනවා කියලා ගෙදරින් ඇවිත් ජෝඩු ලව් කරන දිහා බලාගෙන ඉන්නවා. ගේන කෑම එකත් ගල උඩ ලිහාගෙන කාලා ෆෝන් එකෙන් හරි පොඩි කැමරාවකින් හරි ෆොටෝ දෙකතුනක් ගහගෙන තමයි මේ අය හවසට යන්නෙ. පන්ති ගියා වගේ, වැඩට ගියා වගේ ගෙදරට රිංගනවා ඇති. මේ ජෝඩු අතරත් ඕවගෙ කතන්දර ගොඩයි. කවුරුවත් වැල්ලට එනවා කියලා ගෙදරට කියල එන අය නොවෙයිනෙ මහත්තයො.
‘‘ඔය හැමදාම ඉන්න කීප දෙනාට කාගෙන්වත් බාධාවකුත් නෑ. එයාලා ජෝඩු කරන දේවල් බලාගෙන ප‍්‍රසිද්ධියේම හරි හැංගිලා හරි අසම්මත වින්දනයක යෙදෙනවා. දවසම වැල්ලෙ තැපලා තැපලා ඔය දේ කරගෙන මෙතනින් යනවා. ගල් අස්සට වෙලා, ගල් උඩට වෙලා, පඳුරු අස්සට වෙලා, වැටකේ ගස් උඩට වෙලා අන්තිමේ අර මට කියවුණේ කරන එක තමයි මෙයාලගෙ රස්සාව. එදත් මේ වැඬේ ගල්කිස්ස බීච් එකේ වුණා. අදත් වෙනවා. කොහොම වුණත් ජෝඩු එයාලගෙ ආතල් එක ගන්නවා. මේව බලාගෙන තව විශාල පිරිසක් එයාලගෙ ආතල් එක ගන්නවා. ඒ අස්සෙ සූම් කරලා ෆොටෝත් ගන්නවා. කොම්පියුටර් වලට දාලා බෙදා හදාගෙන රට පුරා පැතිරෙනකම් මේ ජෝඩු දන්නෙත් නෑ කොහොමද වුණේ කියලා. මෙතනට ආවට පස්සේ මේ එළිමහනක් කියලා ජෝඩුවලට මතක නෑ. සමහර අය කාමරයකට රිංගුවා වගේ. ඒත් මේවා බලාගෙන ළඟ වගේම මීටර් සිය ගාණක් එහා ගෙවල් වල, හෝටල්වල අයත් ඉන්නවා.’
ඒ නිසා හිතවතුනි, පරෙස්සම් වන්න. අනතුර පැහැදිලි නේද?
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්වන්න වැඩ පිළිවෙලක් නැද්ද (දී)
කතාව සම්පුර්ණ ඇත්ත අපිටත් ලැජ්ජයි මේවා දකින්න (දී)
මේක මහා ජරා වෙඩක් මොකද අපි දන්නවා ලංකාවේ පෙම්වතුන්ට නිදහස් පරිසරයක් නැ කියල අපි දන්නවා මේවගේ දේවල් මෙතන විතරක් නොවී හැම තෙනම සිදු වෙනවා කියලා (දී)
තරුණ වයසට ඕක සාමාන්‍ය දෙයක්. මුහුදු වෙරළේ පෙම් සුව වින්දාට ඒකෙන් කිසිම සමාජ විරෝධී දෙයක් වෙන්නේ නෑ (හැබැයි මේ පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ සීමාව දැනගෙන ඉදීම හා තමන් ඉන්න පරිසරය පිළිබද අවබෝධයක් තිබීම වැදගත්). ප්‍රසිද්ධ කරනවා නම් මෙහෙම ප්‍රසිද්ධ කරන්න ඕන සමාජ විරෝධී වැඩ නම් තවත් ඕන තරම් වෙනවා මුහුදු වෙරළේ. අන්න ඒවා ප්‍රසිද්ධ කරන්න. නැතුව මේ අහිංසක සිතුවිලි මහා අපරාධ විදිහට හන්වඩු ගහන්න එපා. එහෙම කරන්නේ යොවුන් ප්‍රේමය අදුරන්නේ නැති මිනිස්සු. දුක කියන්නේ තමන්ගේ තරුණ වයසෙදි අනග රැගුම් පාපු සමහරක් තලත්තෑනී උදවිය අද මේවා මහා ලොකු අපරාධවල තත්වෙට දාලා කතා කරන එක. (දී)
මේවා ඔයාලටත් මටත් අපි හැමෝටම ඇතිවන දේවල්. ඒවා මේ වගේ තැන්වල කතාකරා හම්බ උනා කියල කාටවත් මුකුත් කියන්න පුලුවන්ද ? ඒ උනාට වැරදි විදිහට ඒ තැන්වල හැසිරෙන්න එපා මගේ යාලුවනේ ඔය තැන්වලට ගෙදර අයත් එක්ක පුංචි අයත් එනවනේ ඒ ගැනත් හිතපල්ලා යාලුවනේ.(නදී)
දෙමව්පියන් මේවට වග කියන්න ඕනේ.(නදී)
මේ ආදරය කියලා රැවටෙන අයත් ඉන්නවනේ. මේක ආදරය නෙමෙයි.(නදී)
ඇඩෙනවා මේවා දැක්කම.(නදී)
බලන්න ඉන්න තැන අමතක වෙලා තියෙන හැටි.(නදී)
මේවැනි දේට යම් පිරිසක් පෙලබෙන ආකාරයත්, මෙවැනී දේ සමාජය දකින ආකාරයත්, ඉහත අදහස් වලින් හොදින්ම පේනවා. අපි හැමෝගෙම ඇදුම් වල පැල්ලම් තියෙන නිසා හොද නැද්ද ඇත්ත කථා කලොත්.(නදී)
ඕනෑම කෙනෙක්ට ආදරය කරන්න ඕන තරුණ වයසට ආදරේ කියන දේ ඕනෑම කෙනෙක්ගේ හිතේ ඇති වෙනවා එක නවත්තන්න බැහැ එත් මුහුදු වෙරළට වෙලා කරන දේවල් නම් ආදරේ වෙන්න බෑ එක ඒ ඒ අයගේ කාමුක ආශාවල් ඉෂ්ට කරගන්න කරන දෙයක් සැබෑ ආදරයක් කවදාකවත් මුහුදු වෙරළේ ඔය වගේ දේවල් කරන්නේ නෑ ලංකාව මුළු ලෝකෙන්ම 1වෙනි තැනට අවේ මේ දේවල් නිසා.මේක අපේ සමාජ ක්‍රමයේ තියන වැරදි.(අ)
ඇත්තටම මේ අයග මුහුණු පෙන්නේ ඕන (අ)
අපේ රටේ යෞවනයට නිදහසක් නැද්ද (අ)
මේයට වඩා හොඳ දෙයක් අපට දෙන්න (අ)
තරුණ තරුණියන්ට නිදහසේ කතා බහ කරන්න , තම ආදරය වන්තයා හෝ ආදර වන්තිය සමග අදහස් කතා බහ කරන්න අලුතින් ස්ථාන ඇති කලා නම් හොදි කියල හිතෙනවා , මොකද අනිත් රටවල් වල එහෙම පාර්ක් තියෙනව , ලංකාවේ එහෙම අදරවන්තයන්ට හමුවන්න තැනක් නැනේ (අ)
ගොඩක් අයට මේක හොද අවස්ථාවක් තමන් කරන වරද ගැන තේරුම් ගන්න...ලංකාදීපය හැමදාම මේවගේ පණිවිඩ දීල අපේ සමාජයට ලොකු සේවාවක් කරනවා.............ඔබට දිගු ගමනකට සුබපැතුම්............. (දී)
ගොඩක් හොදේ (අ)
ඕවා ගැන කොච්චර දැනුවත් කලත් සමහරු මේවා කියවලා හැදෙන්න නැහැ (දී)
මේවා සාමාන්‍ය හැම කෙනාගෙම හිතේ ඇතිවන් හැඟීම් , ඒවට නියමිත තැන් ඒ අයට හදලා දෙන්න ඕනා , නැතුව මේව පින්තූර අරන් පත්තරේ දාන එක නෙමේ. මේක දාපු හාදයා ආදරය කරලා නැද්ද දන්නෑ? (අ)
නිකම් බොරු සුද්දවන්තයෝ වෙන්න හදන්න එපා. මේවා අවුරුදු 20- 25 කට කලිනුත් දකින්න තිබුනනේ. මෙන්ඩිස් කියන සමාජය ලෝකේ කොහෙද තියෙන්නේ. බටහිර රටවල් පාරවල, බස්වල විතරක් නෙවේ පාසෙල් තුල පවා මීට අන්ත දේ දකින්න පුළුවන්. (නදී)
බඳින්න ඉස්සර ඇසුරුකරන්න ඕනේ කෙනෙක්ව තේරුම් ගන්න. ඒකට සමාජය ගැරහීම හරිද? (නදී)
මෙවන් දෙවල් යළි නොවෙන්නට මග බලා ගන්නවනම් පෙම්වතුන්ට හොදයි නේද? ඒ දෙන්නගේම චරිතේට පශ්නයක් වෙන්න පුලුවන් නැත්නම් (දී)
මේවා වැරදියි තමයි. ඒත් තරුණ හිත් වල තියන හැගීම් යටපත් කරන්න මේවා ප්‍රසිද්ද කරාට බැහැ. ඇත්තටම මීට අවුරුදු ගානකට කලින් ගම්වල අහු මුළු වල මිට වැඩිය දේවල් වෙන්න ඇති. ඒත් අද ජනගහනය වැඩියි ඉඩ අඩුයි. අපේ රටේ තරුණ යන්ට තමන්ගේ හැගීම් වලට ඉඩ දෙන්න අවස්ථාව අඩුයි. සමහර විට මෙයාල මේ පිට කරන්නේ ජීවිතේ තියන ආතතිය වෙන්න පුළුවන්. හොදම දේ තමයි මේ අයට තැනට නිදහසේ ඉන්න පුළුවන් විදියේ තැන් හදලා දෙන එක. මේ ඉන්න අයගේ මානසික තත්වය පවුල් පසුබිම අපි දන්නේ නෑ. අපි මේ හැමදේ ගැනම හිතලා හොදම විසදුමකට එන්න ඕනේ.(නදී)
වෙරල ඛාදනය වෙනවා එහෙන් සමාජය ඛාදනය වෙනවා මෙහෙන් (දී)
තව දෙයක් ,ගල්කිස්ස බීච් එකේදී තැම්බිච්ච අඹ මල්ලක් දික් කරලා ගනින් ගනින් කියලා අහිංසක පෙම්වතුන්ව අපහසුතාවට පත් කරන සෙට් එකකුත් ඔතන ඉන්නවා. .ඒවා ගත්තේ නැතුවම තර්ජනය කරලා සල්ලි ගන්නේ .තම පෙම්වතිය ඉදිරියේ අහිංසක පෙම්වතුන් පත්වෙන අපහසුතාවය දඩමීමා කරගෙන කුඩු කාරයෝ තමයි මෙහෙම කරන්නේ. මේ ගැනත් සමාජය දැනුවත් කලානම් හොදයි.(නදී)
පළමු සහ දෙවන පින්තුරවල ඇති වරදක් නැහැනේ.(නදී)
මෙම තරුණ තරුණියන්ගේ ඡයාරූප මෙසේ ප්‍රසිද්ද කිරීම එකඟ විය හැකි කරුණක් නොවේ. (දී)
අනුන්ගෙ දේවල් හොයන්නේ නැතිව හිටියනමි මිට වඩා හොදයි කියලා මට නමි හිතෙනවා.(දිල්)
මේවා සාමාන්‍ය හැම කෙනාගෙම හිතේ ඇතිවන් හැඟීම්. ඒවට නියමිත තැන් ඒ අයට හදලා දෙන්න ඕනා.(නදී)
යෙසිත් ඩෙවොන් 2014-01-09 16:14:50 තරුණ වයසට ඕක සාමාන්‍ය දෙයක්. මුහුදු වෙරළේ පෙම් සුව වින්දාට ඒකෙන් කිසිම සමාජ විරෝධී දෙයක් වෙන්නේ නෑ (හැබැයි මේ පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ සීමාව දැනගෙන ඉදීම හා තමන් ඉන්න පරිසරය පිළිබද අවබෝධයක් තිබීම වැදගත්). ප්‍රසිද්ධ කරනවා නම් මෙහෙම ප්‍රසිද්ධ කරන්න ඕන සමාජ විරෝධී වැඩ නම් තවත් ඕන තරම් වෙනවා මුහුදු වෙරළේ. අන්න ඒවා ප්‍රසිද්ධ කරන්න. නැතුව මේ අහිංසක සිතුවිලි මහා අපරාධ විදිහට හන්වඩු ගහන්න එපා. එහෙම කරන්නේ යොවුන් ප්‍රේමය අදුරන්නේ නැති මිනිස්සු. දුක කියන්නේ තමන්ගේ තරුණ වයසෙදි අනග රැගුම් පාපු සමහරක් තලත්තෑනී උදවිය අද මේවා මහා ලොකු අපරාධවල තත්වෙට දාලා කතා කරන එක. (නදී)
සමාජයටම බනින්න බැහැ, මේවා තමන් තුලින් ගොඩ නැගෙන්න ඕන ආචාර්ය ධර්ම (දී)
ඔය තියෙන්නේ අපේ රට ගුගල් සර්ච් වලින් මුල් තැනට එන්න හේතුව. බොරු පැලැස්තර ඕන නෑ. අපිට දැවැන්ත ආකල්ප වෙනසක් අවශයි. හිතන්න කවද හරි අපේ රටේ තරුණ තරුණියන්ට අද්‍යාපනය හරි උසස් අද්‍යාපනය හරි ඉවර වෙනකොටම සුදුසු රැකියාවක් ලැබෙනවා. රටේ ආර්ථික තත්වයත් හොඳ මට්ටමක තියනවා ලැබෙන වැටුපෙන් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන්. සමාජයෙන් කුල-මල, අතීත පරම්පරා නම්බුව, කේන්දර වගේ හණමිටි විශ්වාස නැති සබැ ආදරය/ අවබෝධය මත කෙරන විවාහ ක්‍රමයක් තියනවා. ගෙදරට නාකි නොවී අවුරුදු 25-26 වෙනකොට තරුණ තරුණියන්ට විවාහ වෙන්න පුළුවන් පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන් සාමාන්‍ය ආර්ථික මට්ටමක් තියනවා. ඒ වගේ දවසක අපේ සමාජයට ආදරය, විවාහය, ලිංගිකත්වය කියන දේවල් මැජික් වෙන එකක් නැහැ. ඒ වගේ දවසක් අපේ අනාගත පරපුරට හරි කවද දැක ගන්න ලැබෙයිද? (නදී)
සල්ලි දීලා කාබරවලට යන්න මේ ළමයිට සල්ලි නැහැනේ (දී)
මෙවන් තැන් වලට යන්නේ බාල මානසිකත්වයක් තියෙන අය (දී)
මම හිතන්නෙ මෙම අයව රූපවාහිනි මගිනුත් පෙන්විය යුතුයි කියල.(දිල්)
ඕනෑම දේක අවබෝදයයි වැදගත් වෙන්නේ .... (දී)
ලංකාවත් දැන් බටහිර පන්නයට හැඩ ගැසීගෙන එන්නේ. ඒක සුබවාදී දෙයක් නම් නෙවේ . සමහර විට ඉදිරියේදී නිර්වස්තර වෙරළ ක්‍රමය කියන එකත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දුකයි .......(දී)
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා (දී)
මේ වගේ දේවල් හන්දා වැඩිහිටියෝ එක්කවත් මුහුද පැත්තේ යන්න බෑ (දිල්)
මම මේ කට්ටිය කියල තියන සේරම බැලුවා. ඕනෑම පුද්ගලයකුට තරුණ කලේ ආදරය කරද්දී මෙවැනි සිප වැලද ගෙනීම් වලට සිත් යොමු වෙන්න පුළුවන්. තමන්ගේ අසාවන් හැගීම් යටකරගන , හිරකරගන කාමර ගානේ යනවට වඩා නිදහස් තැනක හමු වුනාට වරක් දෙවරක් සිප ගත්තට වරදක් නැත අපේ සීමාවන් තුල. තවත් කෙනෙක් දැක්කට වරදක් මෙතන තියනවා කියලා සිතෙන්නේ නැති විදියට හැසිරෙන්න මේ පෙම්වතුන් වගබලා ගන්න ඕනා.(නදී)
ආදරය කියන්නේ මෙයට නොවේ මෙය රාගයයි. ආදරය කරන කිසිම කෙනෙක් තමන්ගේ ආදරවන්තිය මේ වගේ තැනකට ගිනියන්නේ නැහැ.(නදී)
ආදරය කියන්නේ ඕක නෙවේ. අවබෝදයෙන් වෙන්න ඕන දෙයක්. හුදෙක් කාමයට පමණක් සිමා නොවී ආදරය අවබෝදයෙන් සිදුවෙන්න ඕනේ.(නදී)
මේ පින්තුර වල ඉන්න කට්ටියගේ මුහුණු ප්‍රසිද්දියේ පෙන්නුවානම් තමයි වටින්නේ (දී)
අවංක ආදරය කියන්නේ ඕකද? (නදී)
වරදක් නොවෙන්නේ කොහොමද අපිට පින්තුරෙකින්වත් බලන්න ලැජ්ජයි (දී)
වරදක් සිදුවේනම් එය පෙන්වා දීම යුතුකමකි. එය තේරුම් ගෙන නිවැරදි කරගැනීම කාගේ කාගේත් වගකීමකි .(දී)
ඇත්තටම මම කියන්න කැමති තරුණ හැගීම් සාමාන්‍යයයි , ඒවා වෙනුවෙන් ලංකාවේ වෙන් වූ තැනක් නැහැ ඒ නිසයි මෙවන් ස්ථාන තොර ගන්නේ. මම කියන්නේ තැන තැන කාමර හදන්න කියලා නොවෙයි වැරදියට තේරුම් ගන්න එපා (දී)
දෙපාරක් හිතන්න ඕනේ කතාවක්.(නදී)
ලංකාදීපයට ස්තුති මෙවන් පින්තුර දාලා ප්‍රසිද්ද කලාට ,තවත් මෙවන් දේ නොකරන්න (දී)
ආදරේ කරනකොට ගොඩක් අය කැමති නිස්කලංක තැනකට. (නදී)