IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මාතලේ සමූහ සුසානයක්ද? මිනීවළක්ද?

මාතලේ මහ රෝහල් භූමියෙන් පසුගිය 26 වැනිදා සමූහ මිනී වළක් මතුවී ප‍්‍රදේශයේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. මේ ගැන ආරංචිය පවනට බදු වේගයෙන් පැතිර ගොස් ඇසූ දුටු අය මහත් කම්පාවට පත් තරමින් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත්තේ මිනිස් ජීවිත තරම් වටිනා තවත් කිසිවක් මෙලොව නැති නිසා විය හැක. මේ ගැන විවිධ ආරංචි පැතිර ගියේය. ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ල සමයේ ඝාතනය වූ පුද්ගලයින් මිහිදන් කළ සමූහ මිනී වළක් දැයි යන ආරංචිය ගැන බොහෝ දෙනෙකු විමසිලිමත් වූහ. 1971, 1988 සහ 1989 යන වර්ෂවල භීෂණ ගැන සමහරෙකු සිහිපත් කළහ. 1971 කැරැල්ල පැවැති සමයේ රෝහල් භූමිය තුළ හමුදා කඳවුරක් පැවතුන බවත් සමූහ මිනීවල එවක ඝාතනය වූ පුද්ගලයින්ගේ වියහැකි බවටත් මතයක් ද මේ අතර විය. රෝහල් ආරංචි මාර්ග හෙළිදරව් කළේ මෙය රෝගාතුරවී රෝහල් ගතව මිය ඇදෙන කාත්කවුරුත් නැති මළ සිරුරු වළඳා තිබෙන මිනී වළක් බවටය. ඒ බව සනාථ කිරීමට සාධක නැත. 1947 අගෝස්තු මස 14 වැනි දින මාතලේ අගලවත්ත නායයාමකට ලක්ව මිය ගිය පිරිස රෝහල් භූමියෙහි මිහිදන් කළ බවට මතයක් ද මේ මත අතර පවතී. රෝහල් භූමියේ සමූහ මිනී වළක් ගැන සැළවූ වහාම මාතලේ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. අනතුරුව මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය. මාතලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝගයක්මත මාතලේ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතාගේ මූලිකත්වයෙන් සමූහ මිනී වළේ ඇටකටු සොයා කැණීම් ආරම්භ කෙරෙණි. කැණීම් ආරම්භ කළ වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායම පසුගිය 28 වැනි දින සවස් වනවිට මිනිස් හිස් කබල් හයක් මතුකර ගැනීමට සමත්වූහ. තැන් දහයක පමණ ඇටකටු කොටස් මතුවී තිබී එම ස්ථාන සිතියම් ගත කෙරින. රෝහල් භූමියේ ඉදිකරන ලද ජීවවායු ඒකකය සඳහා බැකෝ යන්ත‍්‍රයක් යොදා වළක් කැණීමේදී ඇටකටු වගයක් මුලින්ම මතුවූ බව මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා අප සමග පැවැසීය. පොළොව මට්ටමින් අඩි 4ක පමණ යට වළක ඇටකටු තිබුණි. ඒවා තැන් කීපයක තිබීම නිසා සමූහ මිනී වළක් බවට තහවුරු වුණ බවද හෙතෙම කීය. ”මෙතන රෝහල් ගතව මිය ගිය භාරකාරත්වයක් නැති අයගේ මළ සිරුර වළලා තිබෙන බවට ද සැකයක් තිබෙනවා. කෙසේ නමුත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. මේ රෝහල එක්දාස් අටසිය ගණන්වල ඉදිකරන ලද්දකි.” ”1971 කැරැල්ල සමයේ යුද හමුදා කඳවුරක් මෙම රෝහල් භූමියේ පවත්වාගෙන ගියා කියා කට කතාවක් තිබෙනවා. ඒ බවට කිසිම ලිඛිත සාක්කියක් නැහැ” යයි ද වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා වැඩිදුරටත් පැවැසීය. පොළොව මට්ටමින් අඩි 4ක් පමණ ගැඹුරු වළක තිබුණ ඇටකටු පිළිබඳව 26 වැනිදා පරීක්ෂණ ආරම්භ කෙරෙණි. මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය සහ සොකෝ සේවා අංශය කැණීම්වලට සහාය වූහ. සමූහ මිනී වළේ කැණීම් කටයුතු මාතලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ සිදුවිණි. පොලිසිය විසින් සමූහ මිනීවළ කොටස සිතියම් ගත කොට ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත්කර දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබුණි. ඉතා සියුම් කැණීම් කරමින් පරීක්ෂණයෙහි නියැලී සිටි අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා අප සමග මෙසේ පැවැසීය. ”මිනිස් හිස් කබල් හයක් හා ඇටකටු කොටස් රැසක් වළේ තිබී මතු කරගත්තා. බොහෝ කාලයකට පෙර වළලා තිබෙන මළ සිරුරු නිසා ඇටකටු මතුකර ගැනීම පරිස්සමින් කළ යුතුයි. කෙසේ නමුත් ඇටසැකිලි කීපයක කොටස් මතුකර ගැනීමට හැකිවීම නිසා මෙම වළ සමූහ මිනී වළක් බවට හඳුන්වන්න පුළුවන්.” ”මෙහි ඇටසැකිලි පස්වලට දිරාපත්වී ගොස්ය. ගවේෂණාත්මක කැණීම් සිදුකර ඇටකටු මතුකර ගෙන ගොඩගත හොත් වෛද්‍ය පරීක්ෂණයට පහසු වෙනවා. මූලික පරීක්ෂණවලදී මේ ඇටකටු මිනිස් ඇටකටු බවට තහවුරු කිරීමට පුළුවන්. වළේ සම්පූර්ණ ඇටකටු ප‍්‍රමාණය මතුකර ගැනීමට දින තුනක් හෝ හතරක් ගතවේවි.” ”මෙහි තිබී මතුකර ගත් ඇටකටු මිනිස් ඇටකටු බවට හඳුනාගත් නමුත් ඇටසැකිලිවල පිහිටීම, ස්වභාවය, කාලවකවානු හා මිනිස් අපරාධයක් ද යන්න ගැන නිගමනයකට එළඹීමට ඒ පිළිබඳව විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඇටසැකිලි දිරාපත්වී ගොස් තිබෙනවා. ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනවලදී සිදු කෙරෙන පර්යේෂණවලදී නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි වුවහොත් මෙම ඇටකටු විදේශීය වෛද්‍ය පරීක්ෂණයකට හෝ යොමුකර පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා පැවැසීය. මාතලේ-බෝමලූව පාර අංක 05හි පදිංචි 85 හැවිරිදි ඒ.ජී. සෝමාවතී මහත්මියට ප‍්‍රදේශයේ පැරැණි දෑ මතක තිබේ. ඈ මෙසේ කීවාය. ”1947 අගෝස්තු මස 14 වැනිදා ඇද හැලූන මහ වැස්සට අගලවත්ත කන්ද නාය යාමට ගත්තා. වතුර මතුවුණා. මමත් දුවත් වතුරට යටවී තුවාල ලැබ රෝහල් ගත වුණා. එම ජල ප‍්‍රවාහයෙන් ප‍්‍රදේශයේ හතළිහක් පමණ දෙනෙක් මිය ගියා. ඒ මළ සිරුරු ගෙනාවේ මාතලේ රෝහලටයි.” ”සමහර මළසිරුරු අයිතිකරුවෝ ඇරන් ගියා. සමහර මළ සිරුරු රෝහල් භූමියේ වළ දැම්මා. රෝහලේ හමුවී තිබෙන මිනීවළේ ඇටකටු එදා රෝහල් භූමියේ වළ දැමූ මළ සිරුරු වෙන්න පුළුවන්” යයිද ඇය කීවාය. මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන මාතලේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍ර.පො.ප. එම්.ජී.බී. ඒකනායක මහතා අප සමග මෙසේ පැවැසීය. ”මෙම සිද්ධිය සැලවූ වහාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළා. පසුව එම ප‍්‍රදේශය තහනම් ප‍්‍රදේශයක් බවට පත්කොට දැඩි ආරක්ෂක මුරකාවල් යොදා පොලිස් කණ්ඩායම් කීපයක් මේ ගැන පුළුල් පරීක්ෂනයක් පවත්වාගෙන යනවා. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත වැඩ බලන මූලස්ථාන ප‍්‍ර.පො.ප. එම්.ජී.බී. ඒකනායක මහතාගේ මෙහෙයවීම යටතේ පො.ප. ලලිත් ද පීරිස්, සොකෝ ඒකකයේ පො.ප. සුගත් විජේසුන්දර, පො.ප. ධම්මික සෙනෙවිරත්න, පො.සැ. (28800) වික‍්‍රමසිංහ, පො.සැ. හෙට්ටි ආරච්චි යන මහත්වරු මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වති.

විස්තරය සහ ඡායාරූප - මාතලේ ඇම්. ඩබ්ලිව්. සෝමරත්න
 පොලිස් සොකෝ ඒකකයේ නිලධාරීන් ඇටකටු  ශුද්ධ පවිත‍්‍ර කරන අයුරු මාතලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය මතුකරගත් මිනිස් හිස් කබලක් පරීක්ෂා කරන අයුරු ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා සමූහ මිනීවළ නිරීක්ෂණය කළ අයුරු වැඩ බලන මූලස්ථාන ප‍්‍ර.පො.ප. එම්.ජී. බී. ඒකනායක වෛද්‍ය අධිකාරි  අර්ජුන තිලකරත්න



අදහස් (0)

මාතලේ සමූහ සුසානයක්ද? මිනීවළක්ද?

ප්‍රසන්න Thursday, 06 December 2012 09:45 PM

මිනි වැලක් වගේ නේද (දී)

:       0       0

අසේල Tuesday, 04 December 2012 08:02 PM

ඇට කටු අරගෙන පරීක්ෂණ තිබ්බානම් කියන්න පුළුවන් නේ (දී)

:       0       0

හේමරත්න Tuesday, 04 December 2012 04:27 PM

අපි කොහොමද දන්නේ . පරීක්ෂණ පවත්වන්න (දී)

:       0       0

රත්නායක Wednesday, 05 December 2012 11:01 AM

ඕක ජාත්‍යංතර කුමන්ත්‍රණයක් , එහෙම නැත්නම් ආශ්චර්‍ය්‍ය වෙන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 684 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 353 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1595 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site