මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි. ලාංකීය සංස්කෘතියේ අනූපමේය ස්ථානයක් හිමිකරගෙන ඇති සුදු නෙළුම ඉගී‍්‍රසි භාෂාවෙන් ඉන්දියන් ලෝටස් ලෙස හැඳින්වේ. දෙමළ බසින් අම්බාලි, මාරයි යනුවෙන්ද සංස්කෘත භාෂාවෙන් අබිජා, බිසාකුසුමා, කමලා, මහා පද්ම යන නම් වලින්ද හැඳින්වේ.
නෙළුම් මල සේම නෙළුම් කොළයත් අප සංස්කෘතියට සමීපය. ආහාර අනුභව කිරීමට බඳුනක් ලෙස යොදාගන්නා නෙළුම් කොළය උඩ පැත්ත කොළ පැහැතිය යටි පැත්ත තරමක් ලා කොළ පාටය. ජලජ පැලෑටියක් වුවද ජලය මත පැතිරී නොවැඞී ජල මට්ටමට ඉහළට වර්ධනය වීම නෙළුම් පත‍්‍ර වල සුවිශේෂී ලක්ෂණයකි.
විශ්කම්භය සෙන්ටි මීටර 12 ත් 15 ත් අතර විශාලත්වයකින් යුතු සුදු පහැති පුෂ්පය ද්වි ලිංගිකය. අධික සුවඳකින් යුතු සුදු නෙළුම් මල් බහුලව දැකිය හැක්කේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලයේදීය.
රසවත් ආහාරයක් වන නෙළුම් දඩු සර්ප දෂ්ටයේදී විස නැසීම සඳහා භාවිතා කරයි. මල් වලින් සිඳගන්නා පැණි කැස්ස සුව කිරීම සඳහා යොදාගනී. ශාඛයේ විවිධ කොටස් අර්ශස් රෝගය සඳහාද ගනී.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්