IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බෝල්රූම් ඩාන්ස්

 



 

 

සිරිසේන ගෝල්ෆේස් හෝටලය පෙනෙන මානේ වාඩි වී සිටියේය. හෝටලය ඉදිරිපිට කාර් පෝලිමක් නවත්වා තිබිණි.
”ඇයි මේ හැටි කාර්..?” ඔහු තමා අසලට ආ අයකුගෙන් ඇසීය.

”ඔතන අද බාලක්නෙ... ඒකයි ඔය...” ඔහු කීවේය.

”බාලක්...? ඒ මොකක්ද...?” සිරිසේන විමසුවේ කුතුහලයෙනි.

”ගෑනු මිනිස්සු බදාගෙන නටනවා...”

”ඒ මොකටද...?”

”කෑම දිරවගන්න මිසක් වෙන මොකටද...?”

අමුත්තා උපහාසයෙන් කීවේය.

ආලිංගන නැටුම් හෙවත් බෝල්රූම් ඩාන්සින් ගැන ටී.බී. ඉලංගරත්නයන් ගේ ළසඳා පොතේ එසේ සඳහන් කොට තිබිණි. ඒ උපහාසාත්මකවය.
මාර්ටින් වික‍්‍රමසිංහ මහතා යුගාන්තය කෘතියෙහි ආලිංගන නැටුමක් රඟ දක්වන ආකාරය සවිස්තරව දක්වා තිබේ.

එහෙත් ඒ උපහාසාත්මකව නොව හෝටල්, සමාජශාලා ආදියට යන ඉහළ පැලැන්තියේ ඇත්තන්ගේ සමාජ චාරිත‍්‍රයක් වශයෙනි.

ඔහුගේ දකුණත ඇගේ බඳ වටා ගියේය. ඇගේ වමතේ ඇඟිලි ඔහුගේ බාහුව මත රැුඳිණි. අනෙක් දෑත ඇඟිලි පැටලී උරහිස් මට්ටමට පා දෙකක විලූම් ඉස්සිණි. අනෙක් පා දෙක පැද්දිණි. ඔවුහු නැටුම් බිම පුරා සැහැල්ලූවෙන් පාවී ගියෝය.

ආලිංගන නැටුම් වශයෙන් හැඳින්වෙන්නේ ගැහැනියක හා පිරිමියකු තරයේ එකිනෙකා වැළඳගෙන නර්තනයේ යෙදීම යයි වැඩි දෙනෙක් විශ්වාස කරති. එය එසේ නොවේ. මෙය සංයමයෙන්, ආචාරශීලි බවින් සහ සැහැල්ලූවෙන් යුතුව යෙදෙන නර්තන විශේෂයකි. එහෙත් මෙහි මුහුණුවර වෙනස් වෙන අවස්ථා නැතුවාම නොවේ.

යුරෝපයේ උපත ලද ආලිංගන නැටුම හෙවත් ජනප‍්‍රිය භාෂාවෙන් බාල් නැටුම වශයෙන් හැඳින්වෙන මෙම යුගල නැටුම ආසියාකරයට පැමිණියේ යුරෝපීයයන් සමගමය. ඉහළ සමාජ තලයේ උදවියගේ සංස්කෘතිකාංගයක් ලෙස මෙය ජනප‍්‍රිය වී තිබිණි.

වික්ටෝරියානු සම්ප‍්‍රදායේ මන්දිරවල ”බෝල්රූම්” වශයෙන් හැඳින්වෙන විශාල නැටුම් ශාලාවක් පැවතුණේ එම නිසාය. යුරෝපීය යුගයේ ඉදිවුණ ශ්‍රී ලාංකික මන්දිරවලද මෙවන් නැටුම් ශාලා තිබිණි. උත්සව අවස්ථාවල රාත‍්‍රී ආහාරයෙන් පසුව ඇරඹුණ මෙම නැටුම් කෙළවර වූයේ පාන්දර යාමයේය. නත්තල් අලූත් අවුරුද්ද වැනි උත්සව අවස්ථාවල නොවරදවාම ආලිංගන නැටුම් පවත්වන්නට තරු හෝටල සැදී පැහැදී සිටිති. ඒ සඳහා අය කෙරෙන්නේද ඉහළ මට්ටමිනි. එම නිසා සාමාන්‍ය ජනතාවට ඒ ගැන සිතීමටවත් නුපුළුවන.

බෝල්රූම් ඩාන්සින් උත්පාදනය වී ඇත්තේ බැලරේ යන ලතින් වචනය ඇසුරිනි. බැලරේ යනු නැටීමයි. සාමාන්‍ය නැටුමක් වශයෙන් ඇරඹුණු මෙය කාලයක් ගත වෙද්දී ඉහළ පැලැන්තියට සීමා වූයේය. සාමාන්‍ය ජනතාව අතර තිබුණේ ජන නැටුම් පමණකි. ඉහළ පැලැන්තියේ අය ඒවා දෙස බැලූවේ ඔවුන්ට කිසිසේත්ම අදාළ නොවන බව අඟවමිනි.

ආලිංගන නැටුම වඩාත් ජනප‍්‍රියව පවතින්නේ උතුරු ඇමෙරිකාවේ බව සාමාන්‍ය පිළිගැනීමය. සාම්ප‍්‍රදායිකව මෙහි නැටුම් විලාසිතා කිහිපයක්ම පවතී. මේවා එකිනෙකින් වෙනස් වන්නේ නර්තනයට අඳින ඇඳුම් පැළඳුම්, නර්තන රිද්මය, ශිල්පීය ක‍්‍රම ආදිය මතය. ලතින් නැටුම සහ බෝල්රූම් ඩාන්සින් දෙකේම සම්මිශ‍්‍රණයක් ඇමෙරිකානු ආලිංගන නැටුමේ දැකිය හැකිය. එයට අලූතෙන්ම එකතු වූ නැටුම් විලාසිතා දෙකක් බෙහෙවින් ජනප‍්‍රියව පවතී. ඒවා හැඳින්වෙන්නේ ඇමෙරිකන් ස්මූත් සහ ඇමෙරිකන් රිදම් වශයෙනි.

ගැහැණු, පිරිමි ආලිංගන නැටුමක් වුවත් ඉතා විනීතව හැසිරෙන ආකාරය ඉගැන්වුණේ එංගලන්තයෙනි.

ආලිංගන නැටුම් ඉහළ පැලැන්තියටද ජන නැටුම් සාමාන්‍ය පැලැන්තියටද වශයෙන් බෙදීමක් තිබුණත් ආලිංගන නැටුමේ මූලාරම්භය ජන නැටුම බව ඒ පිළිබඳව සමීක්ෂණය කරන්නෝ පවසති. එමෙන්ම ඇතැම් යුගල නැටුම් ජනප‍්‍රිය වීමට බලපෑවේය. මිනුවට්, කෝඩි‍්‍රල්, පොලෝනීන්, පෝල්කා, මසූර්කා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. ඒ ඒ යුගවල ජනප‍්‍රිය වූ නැටුම් විලාසිතා හැඳින්වුණේ යුගයේ නමිනි.

”ඉවාන් පවුලූෂා මසූර්කා නැටුමට අද පමණක් එන්න”

ගීතයකින් එසේ කියැවෙන්නේ රුසියාවේ ජනප‍්‍රිය වූ මසූර්කා නැටුම පිළිබඳවය.

බාල් නැටුමේ ඉතිහාසය 16 වැනි සියවසටත් එහා දිවෙන්නකි. ජෙහාන් ටැබූරට් නමැති ලේඛකයා විසින් 1588දී පළකරන ලද ග‍්‍රන්ථයක 16 වැනි සියවසේ අග භාගයේදී ප‍්‍රංශයේ පැවති ජනප‍්‍රිය නර්තන පිළිබඳව කළ අධ්‍යයනයක තොරතුරු ඇතුළත් වෙයි.

 

 

 

 



පියවර පහක් ඇතුළත් නර්තනයක් ෂේක්ෂ්පියර් විස්තර කොට තිබේ. ඔහු එය හඳුන්වා ඇත්තේ සින්ක් පේස් වශයෙනි.

එංගලන්තයේ වික්ටෝරියානු යුගයේදී එනම් 1812 දී පමණ වොල්ට්ස් නැටුම් ජනප‍්‍රිය වූයේය. එය බැලේ රංගනයේදීමෙන් දෙපා හසුරුවමින් කරන නැටුමකි. ඒවාටම විශේෂිත වූ සංගීතයක්ද පැවතිණි. 1840 පමණ වනවිට තවත් නැටුම් විශේෂ කිහිපයක් ජනප‍්‍රිය වූයේය. පෝල්කා මසූර්කා, ස්කොට්ෂ් මේ අතර ප‍්‍රධානය.

කෙසේ වුවද 20 වැනි සියවස වනවිට ආලිංගන නැටුම නවීකරණය වූයේය. එයට හේතුව සමාජයේද බොහෝ වෙනස්කම් ඇතිවීමය. නර්තනයේ යෙදෙන යුවළ සම්ප‍්‍රදායික බවින් මිදී ස්වාධීනව හැසිරීමට පටන් ගත්තේය. ජෑස් වැනි වේගරිද්ම සංගීතයද ඒ වනවිට කරළියට පැමිණ තිබිණි. එම නිසාම විවිධාකාරයේ නර්තන රැුලි ජනප‍්‍රිය වූයේය. 1910 - 1930 කාලයේදී තරුණ කණ්ඩායම් අතර නර්තන උමතුවක් තිබිණි.

1930න් පසුව නර්තන විලාසිතා ජනප‍්‍රිය වූයේ නළු නිළියන් හරහා චිත‍්‍රපටි හා රූපවාහිනී වැඩසටහන් මගිනි. එමෙන්ම දැන් ආලිංගන නැටුම් තරගාවලිද පැවැත්වෙයි. මේ තරගාවලි අතරින් ඉහළම තරගාවලිය වශයෙන් සැළකෙන්නේ ”වර්ල්ඞ් ඩාන්ස් කවුන්සිල්” වෙතින් පවත්වනු ලබන තරගාවලියයි. දැන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින්ද බාල් නැටුම් තරගාවලියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දැන් ඒවා හැඳින්වෙන්නේ නර්තන ක‍්‍රීඩා යනුවෙනි. එම නිසාම ඉදිරි අනාගතයේදී තවත් බොහෝ නර්තන රැුලි නිර්මාණය වීමට ඉඩකඩ තිබේ.

 

 


 



අදහස් (0)

බෝල්රූම් ඩාන්ස්

මහේෂි Tuesday, 01 April 2014 10:08 AM

හොඳයි. (ස)

:       0       0

දම්මික සුරංග Friday, 10 January 2014 01:55 PM

නර්තනය නිසියාකාරව ප්‍රගුණ කොට එහි නිරත විය යුතුයි .මම දන්නා තරමින් මෙවැනි නර්තනයන්හි කිසිම නරක දෙයක් නෑ. ඕනෑම දෙකට ක්‍රමයක් කලාවක් තිබේ . (දිල්)

:       0       0

කුමාරි Monday, 30 December 2013 09:51 AM

මේවා අපේ රටවල් දැන ගන්න එකේ හොද නරක පැති දෙකක් තියනවා.අපේ අය ඉක්මනින් හැම දේම නරක විදියට බාර ගන්නවා.සදාචාරය විනාශ වෙනවා.අපේ සස්කෘතිය පිරිහෙනවා.යුරෝපා රටවල මේ දේවල් ඕන තරම් තිබුනත් ඒ වෙලාවට පමණයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site