IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


බලු විවාහය කෙරුනේ මෙහෙමයි

විවාහ මංගල්‍යයකට ආරාධනා ලැබීම යනු සාමාන්‍ය දෙයකි. එහෙත් කාන්තාවක හා පිරිමියෙකු අතර සිදුවන විවාහයකට එහා ගිය අපූරු විවාහ මංගල්‍යයකට සහභාගි වන ලෙස මාධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගෙන් ඔහුගේ හිතවත් මාධ්‍යවේදීන්ට ආරාධනාවක් ලැබුණි. ඉන් කියවුනේ අගෝස්තු මස 26 වැනි දින පෙරවරු 9 වන විට මහනුවර පොලිස් ක‍්‍රීඩාපිටියට පැමිණෙන ලෙසත්ය.

 

බල්ලන් විවෘත පීඨිකාවේ

 

මින් පෙර කිසි දිනක සහභාගි වී නොමැති වර්ගයේ එම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් විවිධ විහිලූ තහලූ කරමින් කැමරා ආම්පන්න ද සමගින් පොලිස් ක‍්‍ර‍්‍රීඩා පිටිය අසලට යන විටත්  එහි උත්සවශ්‍රීයක් ගෙන තිබිණි.

ක‍්‍රීඩා පිටියට ඇතුලූවන ස්ථානයේ පිහිටි ගේට්ටුව ඉහළින් ආරුක්කුවක් වැනි තොරණක් විය.

වෛවර්ණ බැලූන් හා කේ‍්‍රප් පටිවලින් එම ස්ථානය සරසා තිබුණි. තවත් කාන්තාවෝ පිරිසක් කිසිවෙකු හෝ පිළිගැනීම සඳහා සැදී පැහැදී සිටින බවක් පෙනුනි.

මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඊට පහළ නිලධාරින්ද ඊට මදක් දුරින් රැඳී සිටින අයුරු දකින්නට ලැබුණි.

උත්සව සභාවේ සංවිධායකයන් බලාපොරොත්තුවෙන් සිිටි විශේෂ අමුත්තා පොලිස් ජීප් රියකින් පැමිණෙනවාත් සමඟම ඔහු පිළිගෙන ආචාර කොට ගරුබුහුමන් දැක්වීය.

ඔහු පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශෝක දංගොල්ල මහතායි.

ඒ මහතාගේ පැමිණීමෙන් විනාඩි කිහිපයකට පසු තවත් සුවිශේෂී පුද්ගලයකු පැමිණියේ කළු පැහැති නවීන රථයකිනි.

ඔහුගේ නිලරිය පැමිණීමත් සමඟ එම ස්ථානයට වහාම ගිය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ජී.බී. පෙරමුණේ මහතා හා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ඇල්ලේපොල යන මහත්වරුන් වහාම රථයේ දොරවල් ඇර ඔහු පිළිගෙන උත්සව සභාව වෙත රැගෙන ගියේය.

ඔහු මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතායි.

දැන් විවාහ මංගල උත්සවය ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය. ක‍්‍රීඩා පිටියේ විශේෂයෙන් තැන්වල අලංකාර කූඩාරම් හතරක් විය. එකක් පොලිස් තූර්යවාදක කණ්ඩායමටය. තවෙකක් මහනුවර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ටය. අනෙක මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අධිකාරි ලත් අනෙකුත් පොලිස් නිලධාරින්ටය. හතරවැන්න මාධ්‍යවේදීන් සඳහායි.

එම අලංකාර කූඩාරම් ඉදිරිපිට ආරුක්කු සහිතව අලංකාර ලෙස සරසා තිබූ පිවිසුමක් සමඟ රතු පලස් සහිත පීඨිකා දහයක් පමණ විය. එහි එක් කොනක කුඩා පෝරුවකි. පෝරුව ඉදිරිපිට ගොක්කොළ, පොල් මල් සහිතව පුන්කලස් දෙකක්ද විය. පොරුවට පිටු පසින් තවත් සැරසිල්ලකි.

පෙරවරු 9.40 පමණ වනවිට උත්සව සභාව ආරම්භ විය. පොලිස් තූර්ය වාදක කණ්ඩායම ලබාදුන් සංගීතයට අනුව පොලිස් අශ්වාරෝහක අංශය ප‍්‍රදේශයේ සිට පොලිස් නිල සුනඛ ජෝඩු විස්සක් පමණ ඔවුන් රැකබලා ගන්නා පොලිස් නිලධාරින් සමඟ ක‍්‍රීඩා පිටියට ඇතුළු වූයේ පැමිණ සිටි කොයි කවුරුත් විශ්මයට පත් කරවමිනි.

එම නිල සුනඛයන්ට අන්දවා තිබුණේ සාමාන්‍ය නිල සුනඛ උත්සවයකදී සාම්ප‍්‍රදායිකව අන්දවනු ලබන පොලිස් වර්ණ සහිත නිල්, සුදු වර්ණවලට එහා ගිය වෛවර්ණ ඇඳුමකි. සුනඛයන්ගේ ඇස් දෙකට ඉහළින් අව්කණ්ණාඩි දෙකක් පළඳවා තිබූ අතර ඔලූවට කුඩා තොප්පියක්ද පළඳවා තිබුණි. නිල සුනඛයන් පිටියට ගෙන ඒමෙන් පසු සුනඛ ජෝඩු විශේෂ පීඨිකාවක හිඳවීය.

දැන් විවාහ මංගල උත්සවයේ වැදගත්ම අවස්ථාවට එළැඹ තිබේ. එනම් විවාහය ලියාපදිංචි කරවීමයි. ඒ සඳහා විශේෂ මේසයක් සකස් කර තිබූ අතර එක් කොනක මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. තවත් පසෙක පේරාදෙණිය විශ්වවිද්‍යාල පශූ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකි. අනෙක් කොනේ අස්ගිරිය නිල සුනඛ කොට්ඨාස භාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතාය.

පළමු විවාහ මංගල්‍යය ලියාපදිංචිය සඳහා ගෙන එනු ලැබුයේ ලැබ්බ‍්‍රඩෝ වර්ගයේ මංගල ජෝඩුවක් වන බ‍්‍රවුන් හා බිලිය.

ඔවුන්ගේ විවාහය ලියාපදිංචියෙන් පසු එම දෙදෙනාගේ භාරකරුවන් සපත කර සිටියේ ඔවුන් දෙදෙනා බලා ගන්නා නිල සුනඛයන් දෙදෙනාගෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට ඉහළම ගනයේ පැටවෙකු ලබා දීමට ඇප කැප වෙන බවයි.

ඉන් අනතුරුව විවාහක ජෝඩුව පෝරුමස්ථකාරූඪ කරවීමේ අවස්ථාව උදාවිය. එහි ඡුායාරූප ගැනීමෙන් අනතුරුව දෙදෙනා පෝරුවෙන් බැස්සවීය.

මංගල්‍යයේ කාල සටහනට අනුව ඊළඟට යෙදී තිබුණේ නව මංගල ජෝඩුව මධුසමය ගත කිරීම සඳහා නුවරඑළිය ප‍්‍රදේශයට පිටත්කර හැරීමයි. මේ ආකාරයෙන් ජෝඩු අටක් විවාහ කර දී මධුසමයට පිටත්ව යාම සඳහා ඉතා අලංකාර ලෙස සරසන ලද පොලිස් ජීප් රියක් සූදානම් කර තිබුණි. මංගල යුවළගේ ගාත්ද එසවී රැුස්ව සිටි අයට ආචාර කරමින් එම ජීප් රිය පදවන ලද්දේ ද පොලිස් නිල සුනඛයකුම විසිනි. පොලිස් සංදර්ශනවලදී ද රථවාහන පදවා පුරුදු එම සුනඛයා පණගන්වා දුන් රථය පිටිය කෙළවරටම පදවාගෙන යන අයුරු දක්නට ලැබුණි.

මංගල ජෝඩු අටක් ලියාපදිංචි කරවීමෙන් අනතුරුව මංගල උත්සව සභාව අවසන් වූ අතර ඉන් මංගල ජෝඩු තුනක් මධුසමය ගත කිරීම සඳහා නුවරඑළියට පිටත්කර හැරුණු අතර අනෙක් අය රාජකාරි අවශ්‍යතා මත රඳවා ගැනුණි.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා පැවසුවේ පොලිස් නිල සුනඛ මූලස්ථානය සඳහා පිටරටවලින් සුනඛයන් ආනයනය කිරීමේදී ඉතා විශාල මුදලක් වැයවන බවත් ඔවුන් ලංකාවේ දේශගුණයට හුරුකර ගැනීම සඳහා ඊටත් වැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතු බවත්ය.

ඉතා විශාල මුදලක් වැය කොට ආනයනය කොට ඇති මෙම සුනඛයන්ගෙන්ම පැටවුන් අභිජනනය කරගත හැකි වුවහොත් පිටරටට ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරිකර ගත හැකි වන බවත් ලංකාවේ දේශගුණයට හුරු පැටවකු බිහිකර ගැනීමට හැකි වුවහොත් පැටවුන් නිල සුනඛ සේවය සඳහා ඉතා පහසුවෙන් පුරුදු පුහුණු කරවීමේ හැකියාවද ඇති බවයි.

උත්සව සභාවේ පැවති කතා කිහිපයකින් පසු මංගල උත්සවය නිල වශයෙන් අවසන්වූ අතර ඉන් අනතුරුව පැමිණ සිටි පිරිසට කිරිබත්, කට්ට සම්බල්, කෙසෙල් ගෙඩි, සැන්විච් සහ බීම වලින් සංග‍්‍රහ කෙරුණි.

ඉන් අනතුරුව මංගල සභාව නිල වශයෙන් අවසන් වූ අතර පොලිස් තූර්යවාදක කණ්ඩායම විසින් ලබා දෙන ලද සංගීතයට අනුව මනාල ජෝඩු මංගල ශාලාවෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.

නුවරඑළිය මධුසමය ගතකිරීම සඳහා පිටත් කර හරිනු ලැබුවේ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලැබ්බ‍්‍රඩෝ වර්ගයට අයත් බ‍්‍රවුන් හා ඔහුගේ මනාලි බිලිද, ලොව දරුණු ගනයේ ප‍්‍රහාරාත්මක සුනඛ විශේෂයක් වශයෙන් සැලකෙන රොට්වයලර් වර්ගයේ ඇසෝල්ට් හා ෆයිරා සමඟින් ජර්මන් ෂෙෆර්ඞ් වර්ගයේ කැන්ටෝ හා ගීනා යන නිල සුනඛ ජෝඩුන්ය.

ශ්‍රීමත් රිචඞ් අලූවිහාරේ මහතා ශ්‍රී ලංකාවේ පොලිස්පති ධුරයේ වැඩකටයුතු කරන අවධියේ 1948 දෙසැම්බර් මස 01 වැනි දින සීනා සහ රෙක්ස් යන පොලිස් නිල සුනඛයන් දෙදෙනාගෙන් කොළඹ ඇචිලන් චතුරශ‍්‍රයේදී පොලිස් නිල සුනඛ අංශය ආරම්භ වීමෙන් පසු එදා මෙදා තුර සිදුනොවූ මෙම විවාහ මංගල උත්සවය පිළිබඳව විවිධ මතිමතාන්තර පැතිර යන්නට ගත්තේ ජන මාධ්‍යයේ එහි ඡුායා රූප හා දර්ශන ප‍්‍රදර්ශනය වීමට පටන් ගැනීමත් සමඟය.
විවිධ සංවිධාන ඊට විරෝධය දක්වමින් මත ප‍්‍රකාශ කරන්නට වූ අතර සවස් කාලය වන විට සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාද ඊට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීය.

කෙසේ නමුත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සද්භාවයෙන් යුතුව ආරම්භ කළ එම නිල සුනඛ අභිජනන ව්‍යාපෘතිය නොපිටට පෙරලූනේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අන්දුන් කුන්දුන් කරවමිනි. ඔහු පැවසුවේ එම උත්සවය සඳහා පූර්ණ අනුමැතිය පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතාගෙන් ලැබුණු බවයි.

 

 
 
විවාහයට අලංකාරව සරසා තිබූ සුනඛයෝ

 

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊට පසු දිනයේ සඳහන් කර සිටියේ මෙම මංගල උත්සවයේදී මංගල පෝරුවට අවමන් කිරීමේ කිසිදු අදහසක් නොතිබූ බවත් ඉන් මංගල පෝරුවට අවමානයක් සිදු වූයේ නම් සමාව අයැද සිටින බවත්ය.

 

 

ඡායාරූප හා සටහන -  ෂේන් සෙනෙවිරත්න

 

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය
ටී.බී. ඒකනායක

විවාහයක් කරද්දී නැකැත් හා පෝරුවේ චාරිත‍්‍ර කරන ලෝකයේ තියෙන එකම රට මෙයයි. වසර දහස් ගණනක් තිස්සේ පැවැති මේ චාරිත‍්‍ර වාරිත‍්‍ර හෑල්ලූවට ලක්කිරීම සම්බන්ධව අප හෙළා දකිනවා. මේ සුනඛ විවාහයේදී අපේ සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර කරන බලූ විවාහ ලියාපදිංචියත් කරලා තියෙනවා. මේක හිතාමතා සංස්කෘතික වත් පිළිවෙත් උල්ලංඝණය කිරීමක් ලෙස අප දකිනවා.

මෙතනදී විශේෂයෙන්ම අප දකින්නේ මේ සිද්ධිය රජයට සම්බන්ධ ආයතනයක් මඟින්ම කළ ක‍්‍රියාවක් වීමයි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය අංශය කනගාටුව ප‍්‍රකාශ කරල තියෙනවා. අපි මේ සම්බන්ධව පරීක්‍ෂණයක් කරන්න කියා පොලිස්පතිතුමාට ලිඛිතව අද දන්වා සිටියා. මේ සම්බන්ධව පරීක්‍ෂණයක් පවත්වල එහි තීන්දුව ලබා දුන්නාම අපි මාධ්‍යයට එය නිකුත් කරනවා.

ඇත්තටම ඊයේ මේක පොලිසිය කළාම හෙට තවත් අය කරන්න උත්සාහ කරාවි. ලෝකයේ බොහෝ රටවල ප‍්‍රසාදයට, ගෞරවයට ලක් වෙච්චි අපේ සිංහල විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ‘බලූ විවාහයෙන්’ අමු අමුවේම විනාශ කර දමලා. සත්තුන්ට මිනිසුන්ගේ විවාහ චාරිත‍්‍ර කළාම මිනිසුන්ගේ තැන මොකක්ද කියා සිතන්න වෙනවා. මේක අපේ සංස්කෘතියට මරු පහරක්. සිංහලකමට සිංහල චාරිත‍්‍රවාරිත‍්‍ර මේ විදියට විනාශ කර දාන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. සංස්කෘතික ඇමතිවරයා හැටියට මෙය දැඩිව හෙළා දකිනවා.

 

සටහන - පුෂ්පා වීරසේකර

 

 



අදහස් (0)

බලු විවාහය කෙරුනේ මෙහෙමයි

අචිනි Monday, 02 September 2013 01:53 PM

කොහොමත් ලංකාව දැන් බල්ලට ගිහින් අවසානයි (නි)

:       0       0

ලසන්ත Friday, 06 September 2013 11:14 AM

කකුල් දෙකේ බල්ලෝ සුනඛ වැඩ කරනකොට සුනඛයන්ගෙන් මිනිස් වැඩ ගන්න පොලිසිය මේ කරලා තියෙන්නේ හොද වැඩක්. පොලිසිය මේ සමාජයට කොපමණ හොද කලත් හොද ගොඩේ තියන නරක දේ දකින්නේ රින ආකල්ප ඇති මිනිස්සු.(නදී)

:       0       0

උදය Thursday, 05 September 2013 10:24 PM

බල්ලන්ට අපි දාන්නෙත් සුද්ද්දන්ගේ නම් නිසා මේකත් සුද්දන්ගේ විදිහට ටයි දාලා, බැලුන් පුම්බලා එහෙම කරලා තියෙන්නේ. මට නම් වැරද්දක් පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ මෙතන සුද්දන්ගේ විදිහට ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

මහින්ද Monday, 02 September 2013 02:52 PM

අපි ඔක්කොමටම තේරුණා ලංකාවේ පොලිසියේ මොල ගෙඩිවල සයිස් එක..රට ගැන දුකයි. (ස)

:       0       0

දිව්‍යා Monday, 02 September 2013 03:07 PM

බල්ලොත් මිනිස්සු වගේ කියලා පෙන්නන්නද මේ හදන්නේ?නැත්තන් මිනිස්සු බල්ලෝ වගේ කියලා පෙන්නන්නද හදන්නේ? (ස)

:       0       0

සුමිත් Wednesday, 04 September 2013 03:29 PM

පොලිසිය බල්ලන්ට ටයි දාලා තියෙන්නේ නියමෙට... (ස)

:       0       0

ශාන සෞදි Monday, 02 September 2013 11:34 PM

දැන් බල්ලෝ කසාද බැදලා පෝරුවට නගින කාලේ ඇවිත් හන්දා මිනිස්සුන්ට වෙන්නේ රැලේ යන්න. හැබැයි ඉතින් කකුල් දෙකේ බල්ලො නම් ඕනෑතරම් පෝරු වලට දෙතුන් පාරත් නගිනවා (නි)

:       0       0

සිංහ Monday, 02 September 2013 09:29 AM

මේවා ලෝකේ හිනස්සන වැඩ (දී)

:       0       0

අශෝක Saturday, 07 September 2013 11:30 PM

සින්හයෙකුගෙන් පැවතෙන අපිට බල්ලොත් ප්‍රශ්නයක්ද?මොනවා වෙතත් පරිස්සමින්. මධුසමය සදහා යන්න දීපු නැති කට්ටිය බලු අයිතිවාසිකම් කඩකළා කියලා නඩු දමාවි. (නි)

:       0       0

විශ්ව Saturday, 07 September 2013 01:33 PM

බල්ලෝ දන්නෙත් නැහැ

:       0       0

උත්පලා Tuesday, 03 September 2013 03:22 PM

පෝරුවට නගින්න ඉස්සෙල්ලත් පස්සේත් මිනිස්සු කරන දෙවල්වල හැටියට බල්ලො කියන්නෙ ගොඩක් හොද සත්ව කොට්ඨාසයක්.(නදී)

:       0       0

නලින් Wednesday, 04 September 2013 07:05 PM

අරකටත් බනිනවා.......... මේකටත් බනිනවා.......... (දී)

:       0       0

සදුනි Sunday, 01 September 2013 08:31 PM

පුදුමේ කියන්නේ හින්දු මුස්ලිම් කතෝලික චාරිත්‍ර අනුව විවාහ කරවන්න පොලිසියට හිතෙන්නෙම නැහැනේ.මතක්වෙලා තියෙන්නෙම සිංහල බෞද්ධ විවාහ චාරිත්‍ර.(අ)

:       0       0

කමල් Wednesday, 04 September 2013 12:57 PM

සියළුම සත්ත්වයන්ට නිසි ගෞරවය දිය යුතුයි. මම සිංහල බෞද්ධ, මෙතන කිසිම වැරුද්දක් දකින්නේ නැහැ. කාලයක් තිස්සේ පැවැතගෙන එන දේවල් සංස්කෘතියේ අංග බවට පත් වෙනවා. සංස්කෘතියට හෝ සිංහල භාෂාවට අවමන් වන නිසාද පොලීසියේ සුනඛයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් කථා කරන්නේ මේ බල්ලන්ට සිංහලෙන් අණ දෙන්න පුරුදු කරන්න පටන් ගත්තොත් එයටද එරෙහි වන අය ඉන්න පුළුවන්. පෙරහැරේ යන අලින්ට විදුලි බුබුලු සවි කලේ පැරණි කාලේ කල දෙයක් නිසාද? දැන් එය සංස්කෘතියේ අංගයක් වෙලා. ඉදිරියටත් මෙවැනි උත්සව පවත්වන මෙන් ඉල්ලමි. ජනතාව ආර්ථික අමාරුවෙන් සිටින එක ගැන කථා කල යුතුයි. මෙවන් දේවල් වලට විරුද්ධ වී බොරු වීරයන් වීමට තැත් නොකල යුතුයි. (ස)

:       0       0

ප්‍රසාද් Sunday, 01 September 2013 09:58 PM

සිංහලයෝ හැටියට ලජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 136 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 324 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 852 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 551 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 435 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1765 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 720 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site