(සටහන - විනීතා එම් ගමගේ)
විල්පත්තු ජාතික වනෝද්‍යානය ජාතික සම්පතක් වුව ඉකුත් වසර හත අටක කාලය තුළ එහි නම සමග දේශපාලනය බොහෝ සෙයින් කියැවුණේය. එහි ඇති අනගි පරිසර පද්ධතිය ගැන නොව කැලය කපා කරන පදිංචි කිරීම් ගැනද පවතින නීතිරීතිවලට එහා ගොස් විදේශාධාර කෙලින්ම ලබාගෙන නිවාස තැනීම් කරන දේශපාලකයන් ගැනද කථා බහට ලක්විය.
යුද්ධය අවසන් වූ වහාම උතුරු නැගෙනහිර අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ කටයුතු කථා බහට නැගි මුල්ම කාරණයකි. එහි දී උතුරු වසන්තය යටතේ ඇරඹුණු නැවත පදිංචි කිරීම් මුලින්ම සිදුකෙරුණේ 2010 දීය.
2012 වසරේ දී නැවත පදිංචි කිරීම් පිළිබඳ කටයුතු සොයා බැලීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ආරම්භ විය. දිසාපතිවරුන් හරහා සුදුසු ඉඩම් සොයා ගෙන නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි එම බලකාය නියෝග කළේය.
ඒ වනවිට මන්නාරමේදිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කලේ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදුර්දීන්ය. ඔහු ද යුද්ධය නිසා අනාථවූවන් ගොඩට වැටෙන බව එකළ ඔහු විසින් නිතර කියන ලද්දකි. සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මෙන්ම බලතල ඇති අමාත්‍යවරයකු ද වූ බදුර්දීන් ගේ අනුදැනුම් මත විලත්තිකුලම් සිට මන්නාරමෙන් උතුරට ඇති පෙරියමඩු ප්‍රදේශය ඇතුළු හෙක්ටයාර් 3000 ට අධික වනාන්තර කපා විනාශ කෙරිණි.
විල්පත්තුවේ සිදුව මේ මහා වනාන්තර සංහාරය පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානය යොමු විය. විරෝධතා වැඩි දියුණු වෙමින් උද්ඝෝෂණ දක්වා ගමන් කෙරිණි. එහෙත් කවර හෝ හේතුවක් නිසා එකී උද්ඝෝෂණ ගණන් නොගත් වන සංහාරකයෝ දිගින් දිගටම තම කාර්යය කරගෙන ගියහ. ඒ වනවිටත් පරිසරය වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග හරහා බොහෝ සාධාරණයන් ඉටුකරගෙන තිබු පරසර යුක්ති කේන්ද්‍රය නඩු මගට පිලිපන්නේ මේ අවස්ථාවේ දීය. ඒ 2015 වසරේදීය.
එසේ 2015 දී අභායචානාධිකරණය ඉදිරියේ පැවරුණු නඩුවේ තීන්දුව ඉකුත් 16 දා ලැබිණි. දූෂකයා විසින් පිරිවැය දැරිය යුතුය යන සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මේ නඩුව ඉදිරියට ගෙන යන ලදී.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරුඅභය භූමිය මෙන්ම මාරවුක්කඩිසරව්කුලි රක්ෂිත වනාන්තර ප්‍රදේශද, විල්පත්තු බටහිරකොටසේ කැබලි දෙක හා හතර යන කොටස් ද, මඩු මාර්ග අභය භූමියේ වන සංකීර්ණ්ය සහ මඩු මාර්ග රක්ෂිත වනාන්තර වල බිම් කැබලි පදික මාර්ග වලට බෙදා අනවසර ජනාවාස පිහිටුවීම හා සමස්ත පරිසරයට හා පරිසර පද්ධතියට මෙන්ම වනජීවි වාසස්ථානවලට ආපසු හැරවිය නොහැකි හානි සිදුකිිරීම හා විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද වනාන්තර සංකිර්ණයේ හෙක්ටයාර් 3000 ක් පමණ අනවසරයෙන් නැවත පදිංචි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කෙරිණි.
එහි ප්‍රධාන වගඋත්තරකරු වන එවක අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදුර්දීන් නඩුවේ හත්වන වගඋත්තරකරු වූ අතර වගඋත්තරකරුවන් අට දෙනෙකු නම් කර තිබිණි.
මේ නඩුව පවරන විටත් විලයිත්තිකුලම් වනාන්තරයේ නැවත පදිංචි කිරීමේ දී වනාන්තර වල වන ජීවින් සහ ඉඩම් නීතිවලට අදාල නීති උල්ලංඝණය කිරීම් රාශියක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා විසින් නිකුත්කරන ලද වාර්තාවකින් අනාවරණයකර තිබිණි.
ඒ සමගම වනෝද්‍යානයේ හෙළි පෙහෙලි කළ ප්‍රදේශ අතහැර ඉතිරිය වනාන්තර රකෂිතය ලෙස යළි ගැසට් කරන්නට එවකට ප්‍රබලඅමාත්‍යවරයකු වු බදුර්දීන් ඇතුළු පිරිස උත්සාහ දැරීය. පෙත්සම්කරු මෙම පියවරට මුලුමනින්ම විරැද්ධ විය. 2012 අංක 1779/15 දරන අතිරේක ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට සිදුවූයේ මේ අනුවය.
වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ඇසෙමින් පැවැති නඩුව විනිසුරු සමයවර්ධණ ඉදිරියේ ජනවාරි 23 දින යළි කැඳවනු ලැබුඅතර පසුව විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු බන්දුල කරුණාරත්න වෙත මාරු කරන ලදී. ඒ අනුව වැඩිදුර විභාගකිරීම සඳහා 2020 පෙබරවාරි 12 දින නඩුව කැඳවනු ලැබූ අතර සියලු වගඋත්තරකරුවන් විසින් 2020 පෙබරවාරි 19 දිනට වාචික ඉදිරිපත්කිරීම් අවසන් කරන ලදී. මාර්තු 18දින ලිඛිතකරැණු ඉදිරිපත් කෙරුණු අතර එවකට පැතිර ගිය කොවිඩ් 19 වයිරසය හේතුවෙන් 2020 අප්‍රෙල් 03 දිනට නඩු විභාගය කල්තැබීමටත් විනිශ්චය නියමිත දිනයකින් තොරව කල් තැබීමටත් අධිකරණයපියවර ගෙන තිබිණි.
නඩුවේ සියලු තත්වයන් සැළකිල්ලට ගනිමින් අධිකරණය විසින් ඵලමු වන වගඋත්තරකරු වනසංරක්ෂණ ජනරාල්,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මැන්ඩාමුල් ස්වභාවයේ රිට් නියෝගයක් නිකු් කරන ලද්දේ 1907 අංක 16 වන වනආඥා පනත උල්ලංඝණය කරමින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිතා කරන ලද සංචිත වනාන්තර ප්‍රදේශයේ ගස් සිවුටීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරමිනි.
එසේම දූෂීතයා විසින් ගෙවිය යුතුය (Polluter Pays Principle )යන පරිසර මූල ධර්මය අනුගමනය කරමින් අවතැන්වුවන් නැවත පදිංචි කිරිම සදහා භාවිතා කරන ලද සංචිත වනාන්තර ප්‍රදේශයේ ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි නියෝග කෙරිණි.
අධිකරණය විසින් නියම කරන ලද ගස් සිටුවිමේ වැඩ සටහනේ පිරිවැය ගණනය කර එය පිළිබද හත්වන වගඋත්තරකරු වන රිෂාඩ් බදුර්දීන්ට දෙමසක් ඇතුළත දැනුම් දෙන ලෙස පළමු වග උත්තරකරුට නියම වූ අතර එසේ දැනුම් දෙන මුදල මාසයක් ඇතුලතගෙවන ලෙස හත්වන වගඋත්තරකරුට නියම විය.
විල්පත්තුව වියලි කලාපීය වනාන්තරයකි. එහි වගා කරන පෙදෙසක් මාස 9 කට වැඩි කාලයක් රැකබලා ගත යුතුය. එය ඉතා අසීරැ කටයුත්තකි. එවැනි තත්ත්වයක් යටතේ එහි ඉඩම් අක්කරයක වනාන්තරය යළි වගා කරන්නට නම් අක්කරයකට ලක්ෂ දහයක්වත් වැය වනු ඇත. ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාරව චූදිතට අති විශාල මුදලක් ගෙවන්නට සිදුවනු ඇත.
මෙම නඩුවේ තීන්දුව දෙනු ලැබුයේ විනිසුරැ ජනක් ද සිල්වා සහ විනිසුරැ එන් බන්දුල කරැණාරත්න යන විනිසුරැ දෙපළ විසිනි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සහ නීතිඥ එස් පොන්නම්පෙරුම මෙනෙවිය පෙනී සිටියහ.
පරිසර යුක්ති කේන්ද්‍රය මේ නඩු තීන්දුව එෙතිහාසික එකක් සේ සළකන්නේ මීට පෙර මෙවැනි තීන්දුවක් ලැබී නැති බැවිනි. අනාගතයේ මෙවැනි පරිසර හානි සිදුකරන්නන්ට එරෙහිව මේ නඩු තීන්දුව අනුව යමින් අධිකරණය ඉදිරියට යන්නට පරිසරයට ආදරය ඇත්තන්ට ඉඩකඩ ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැක.
පරිසර නඩු සම්බන්ධව අධිකරණයේ මෙතෙක් කල් තිබු ආකල්පය වෙනස් වී ඇති බව මෙම නඩු තීන්දුවෙන් පෙනේ. රජය පරිසරය ආරක්ෂා කළ යුතුය, එහි වගකීම රාජ්‍ය ආයතන සතුය, අධිකරණය ද රාජ්‍ය ආයතනයකි යන්න මෙන්ම පරිසරය රැකගැනීමේ වගකීම අධීකරණය භාර ගත් බවක් මෙම තීන්දුවෙන් කියැවේ.
ඉහළ අධිකරණයකින් දුන් මේ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවට පණ දීමක් සේ මෙන්ම එම ව්‍යවස්ථාවේ නිම්වළළු පුළුල් කිරීමක් සේ දැකිය හැකිය.
(පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරැන් සමග කළ සාකච්ඡාවකිනි..)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පරිසර නඩු සම්බන්ධ ආකල්ප වෙනස් කළ තීන්දුවක්
NM Sunday, 22 November 2020 04:13 PM
ඉහළ අධිකරණයකින් දුන් මේ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (14) ව්‍යවස්ථාවට පණදීමක් සේ මෙන්ම එම ව්‍යවස්ථාවේ නිම් වළළු පුළුල් කිරීමක් සේ දැකිය හැකිය. මෑත ඉතිහාසයේ සොබාදහම පරිසරය වෙනුවෙන් අධිකරණයකින් ලබාදී ඇති පැසසුමට ලක්කලයුතු සුවිශේෂී තීන්දුවකි. වනය පමණක් නොව ගංගා, ඇලදොළ මිටියාවන් හානිකරමින් දේශපාලන බලවතුන් විසින් කරගෙන යන්නා වූ වැලිහැරීම්, පස් කැපීම් සහ වනසතුන් දඩයම් කිරීම් සඳහාත් මෙවැනිම තීන්දුවක් අධිකරණයෙන් ලබාදීමට හැකිවේවා...!!!
pathmasiri Monday, 23 November 2020 07:41 AM
මෙතන වැරැදිකරුවන්ට දඬුවම් දෙනවට වැඩිය සිදුවන්නේ වැරැදිකාරයින්ව නිදහස් කරමින්... ඒ හොරකම් කරපු මුදල්, දේපළ, නීතිය සහ දේශපාලකයන් විසින් කඩා වඩා ගැනීමයි. හොරුන්ගෙත් හොරු...