IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ප්‍රංශ මාධ්‍ය හිටපු ජනපති උසාවි දක්කයි

ප‍්‍රංශයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාදායකයේ  උත්තරීතර මණ්ඩලයක් වූ ප‍්‍රංශ ව්‍යවස්ථාදායකයේ  මණ්ඩලයේ සමාජිකත්වයෙන් හිටපු ජනාධිපති නිකොලා සාර්කෝර්සි මහතා පසුගියදා ඉල්ලා අස්වුයේය.

අස්වීමට සිදුවුයේ යැයි සදහන් කිරීම වඩාත්ම සුදුසු වන්නේය. ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි නියෝජනය කළ දක්ෂිණාංශික පක්ෂය බංකොලොත් වීමට ආසන්නව ඒ අතර තුර තමන්ට ආධාර කරන ලෙස හිටපු ජනාධිපති පාක්ෂිකයන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

මෙම ජවනිකාව ප‍්‍රංශ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාව යැයි ප‍්‍රංශ මාධ්‍ය වාර්තා කළේය. ප‍්‍රංශ දේශපාලන ඉතිහාසයට එකතු වන මෙම ජවනිකාව රැඟ දැක්වීමට හේතු වුයේ කුමක්ද?

ප‍්‍රංශයේ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයකදී එහි අපේක්ෂකයෙකුට තම ඡන්ද ව්‍යාපාරය සදහා වියදම් කළ හැකි උපරිම සීමාවක් ඇත. විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකයෝ එම නීතියට ව්‍යවස්ථාවෙන් යටත්වේ.

පසුගිය 2012 ප‍්‍රංශ ජනාධිපතිවරනයේදි හිටපු ජනාධිපති එම සීමාව ඉක්මවා ඔහුගේ ජන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කර ඇති බවට පසුගියදා එම විෂයට සම්බන්ධ ප‍්‍රංශයේ නීතිගත ආයතනය හෙළි කළේය.

 ඒ අනුව නීතිගත සීමාවට අයත් කොටසේ අනුගත එකතුවේ සියයට 2.6ක ප‍්‍රමාණයක් වැඩියෙන් සාර්කෝසි හිටපු ජනාධිපති වියදම් කර ඇති බව හෙළිවී ඇති අතර එය සත්‍ය බව ඔහු පිළිගත් හෙයින් ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට සිදුවුයේය.

මෙය හේතු කොට යුරෝ මිලියන 11ක් (රුපියල් 1969 ) ජුලි මස අවසන් දිනට ප‍්‍රථම රජයට ගෙවීමට ඔහුගේ පක්ෂයට සිදුවු අතර එය ගෙවීමට ඔහුට හෝ ඔහුගේ පක්ෂයට එතරම් මුදලක් නොමැත.

 එහි ප‍්‍රධාන වගකිම ඔහු බාරගත යුතුය.එම නිසා පාක්ෂිකයන් අමතා තමන්ට ආධාර කරන ලෙස ඉල්ලා සිටීමට  ඔහුට සිදු වුයේය. ඒ සමගම කෝප්ප , පිගන් , ටයි පටි , ටීෂර්ට් හා වෙනත් දැ විකුණමින් අරමුදල තර කිරීමට පාක්ෂිකයෝ යුහුසුළු වුවෝය.

ප‍්‍රංශ ව්‍යවස්ථාවට අනුකූලව හිටපු ජනාධිපති කෙනෙකු ඉහත ව්‍යවස්ථාදායක උත්තරීතර මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය දැරීමට සුදුසුකම් ලබන්නේය. මැතිවරණ හා ජන්ද කටයුතු ක‍්‍රියාකාරකම් ඉහත මණ්ඩලයට යටත් විෂයකි. එහි වරදකරුවකු වූ කෙනකුට එහි රැදී සිටීමේ බලයක් ඇත්තේ නැත.

මේ හේතු කොට හිටපු ජනාධිපතිට එම ධූරය අහිමි වන අතරම ඔහු සාමාන්‍ය පුරවැසියෙක් බවට පත්වන්නේය. එම නිසා නැවත වරක් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අවකාශය විවර වන්නේය. දැන් සිදුවෙමින් පවතින්නේ එම ක‍්‍රියාදාමයේ ආරම්භයක්දෝ? . නමුත් එය එලෙස සිදුවේ දැයි අංජනම් බැලීමට තවමත් කල් වැඩිය. ඒ මන්ද?

දම්වැලක පුරුක් ලෙස හිටපු ජනාධිපතිට චෝදනා ඇත්තේය. ඒ සියලූ චෝදනාවන්ට වග උත්තරකරුවෙකු ලෙස අධිකරණ ක‍්‍රියා දාමයකට ඔහු මුහුණ දෙමින් සිටින්නේය. ලංකාවේ ඉඩම් නඩු කල් ගන්නාසේ ඉහත ප‍්‍රංශ නඩුත් ඉඩම් නඩුසේය. එම නඩු මොනවාද?

90 දශකයේ ප‍්‍රංශය හා පකිස්ථානය අතර සිදුවූ යුද නැව් ගනුදෙනුවකදී එහි අතර මැදියන් හරහා සිදුවූ කොමිස් මුදල් කුට්ටි ; 1995 ප‍්‍රංශයේ එවකට දක්ශිණාංෂික අගමැති මහතාගේ ජනාධිපති අපේක්ෂක ජන්ද ව්‍යාපාරයට යෙදවු බවට නඩුවක් අධිකරණයේ ඉඩම් නඩුවක්සේ ඇසෙමින් ඇත්තේය.

ලෙබනන් උපතක් ඇති ප‍්‍රංශ ජාතික කෝටිපතියකු වු වූ සයීඞ් ටකඞීනී : මගින් එම මුදල් ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර බැංකුවක තැන්පත් වුනේය. එකළ සාර්කෝසි මහතා අයවැය ඇමති තනතුර දැරීය.

 ඔහුගේ ලේකම් ලෙස කටයුතු කල ටෙරී ගොබෙර් විසින් තුන් වරකට එම මුදල් ජිනීවා නුවර සිට පැරීසියට රැගෙන ආවේය. නිකොලා බැශිඒර් විසින් එම මුදල් පැරීසියේ බැංකුවක ගිණුමක් ඇරැඹීය. දින තුනකදී විශාල මුදල් නොට්ටු සහිත බෑග් තුනක් බැංකුවේ තැන්පත් කළ බව නිකොලා බැශිඒර් අද මාධ්‍ය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත්තේය. නිකොලා බැශිඒර් යනු එකල බලඩුර්වා අගමැතිගේ ලේකම් හා ඔහුගේ ජන්ද ව්‍යාපාරයේ ප‍්‍රධානියාය. ඉහත නඩු පුවත ඇතුලත් නඩුවේ වගඋත්තරකරු ලැයිස්තුවේ හිටපු ජනාධිපතිගේ නම ද ඇතුලත්වේ.

 2007 ජනාධිපතිවරණයේදි ප‍්‍රංශයේ ධනවත්ම කාන්තාව වූ ලෝක ප‍්‍රසිද්ධ රූප ලාවන්‍යය ද්‍රව්‍ය නිශ්පාදන ලොරෙයාල් සමාගම හිමිකරු අවුරුදු 87 ක් වයසැති ලිලියන් බෙතන්කූර්ගෙන් ලබාගත් මුදල් ජන්ද ව්‍යාපාරයට යොදා ගත් බවට කැරෙන  අධිකරණ පරීක්ෂණයක ඔහු ප‍්‍රධාන වගඋත්තර කරුවෙකි . විනිෂ්චයකාරවරු ඉදිරියේ දෙවරක් ප‍්‍රශ්න කිරීමට ලක් වුයේය.

 ධනවත් කාන්තාව සාර්කෝසිට  මුදල් නෝට්ටු මිටි දෙන සැටි තමා දුටු බව ඇගේ උපස්ථායිකාවක් ඒ දවස එම නඩුව ඇසු විනිශ්චයකාරවරියට දුන් රහස් කට උත්තරයක සඳහන්වේ.

 පසු කලක එම විනිශ්චයකාරවරියට ඉහත නඩුවෙන් ඉල්ලා අස්වීමට සිදුවුයේය. ඉන් අනතුරුව ඇය විසින් ලියා පළ කැරුණු පොතක උපස්ථායිකාව විසින් හෙළිකළ බෙහෝ කරුණු සමග ඉහත කට උත්තරයද සදහන් කර ඇත්තේය.

එම නිසාම එම කෘතිය ඒ දිනවල විශේෂ සමාජ කථිකාවකට ලක්වු ආන්දෝලනාත්මක පොතක් වුයේය. ඉහත මුදල් හුවමාරුව හේතු කොට එකල සාර්කෝසි රජයේ අයවැය ඇමති එරික් වෝත් මහාතාට එම තනතුරෙන් ඉල්ලා අස්වී අධිකරණ පරීක්ෂණයකට වලට පෙනී සිටීමට සිදුවුයේය. එකල දක්ශිණාංෂික පක්ෂයේ සාර්කෝසි සභාපති වන විට එරික් වෝත් මහතා එහි භාණ්ඩාගාරික ධුරය දැරීය. ඔහුගේ බිරිද ෆ්ලෝරන්ස් වෝත්   ධනවත් කාන්තාවගේ පවුලේ ගිනුම් පරිපාලන හා සාත්තු සේවා කණ්ඩායමේ ඇගේ   විශ්වාස වන්තියකි. මෙම සම්බන්ධය සාර්කෝසිට මුදල් ලැබීමේ උපකාරක මාර්ගයක් වුයේ යැයි ඇති චෝදනා ගැන පරීක්ෂණ සිදුවෙයි.

  ඒ සමගම 2007 ජනාධිපතිවරණයට හිටපු ලිබියා නායක කර්නල් ගඩාෆි ගෙන් යුරෝ මිලියන 50 ක් මුදල් ලබා ගත් බවටද චෝදනාවක් ඇත්තේය. ලිබියාව කඩා වැටීමට ආසන්නව තිබියදී ගඩාෆිගේ එක් පුත‍්‍රයෙක් වු දැන් ලිබියාවේ සිරබත් කන සයිෆ් අල් ඉස්ලාම් විසින් සාර්කෝසිට තම පියා මුදල් දෙන ලදැයි මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ගඩාෆිගේ මරණයට පෙර රටින් පැන ගොස් ටියුනීසියාවේ සැඟවී සිටි ලිබියාවේ හිටපු අගමැති බැග්ඩඅඞී අලී අල් මහාමුඞී   විසින් තම නායකයා වූ ගඩාෆි 2007 ප‍්‍රංශ ජනාධිපතිවරනයට සාර්කෝසි මහතාට මුදල් දුන් බව තමා හොදින්ම දන්නේ යැයි  පැවසු  ඔහුගේ නීතිඥයා වූ බෂෙර් එසීඩ් මගින් ලිඛිතව ඉදිරිපත් කළේය. එනමුදු ඉහත චෝදනාව සම්බන්ධව මේ වන තුරු අධිකරණ පරීක්ෂණයක් ආරම්භවී නොමැත.

ප්‍රශයේ සුප‍්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික බර්නාඞ් තපීගේ අධිකරණ පරීක්ෂණයට ද සාර්කෝසිගේ නම නිතරම සදහන් වන්නේය. කණ්ඩායම් ගැසී මුදල් වංචා කිරීම යනුවෙන් තපීට විරුද්ධව ඇති චෝදනාවයි. ප‍්‍රංශයේ බර්නාඞ් තපී  යනු  ජනාධිපති ප‍්‍රංශුවා මිතොරොන් දෙවන පාලනයේ නගර සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ ආදි සමාජවාදි පාක්ෂිකයෙකි. ප‍්‍රංශයේ සුප‍්‍රස‍්‍රිද්ධ මාර්සෙයිල් පාපන්දු ක‍්‍රිඩා සමාජයේ හිටපු අයිතිකරුය. ඔහු දක්ෂයෙකි. ඔහු දක්ෂ වේදිකා හා චිත‍්‍රපටි නළුවෙකි. වර්තමානයේ දකුණු ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ නීස් මතැන්  හා ලා ප්‍රොවෙන්ස් යන පුවත්පත් හිමිකරු ය.

       නමුත් ඔහුගේ මගෝඩි වැඩ නිසා දේශපාලනයට  වැට කඩොලූ අසුරා ඇත්තේය. 2007 දි සාර්කෝසිගේ ජය වෙනුවෙන් බර්නාඞ් තපී හැකි පමණ උදව් කළේය.අනූව දශකයේදි සුප‍්‍රසිද්ධ අඩිඩාස් සමාගමේ හිමිකරු වු බර්නාඞ් තපී විසින් එම සමාගම ප‍්‍රංශයේ ක්‍රෙඩිට් ලියෝන් බැංකුවට විකුණනු ලැබීය.  ටික කලකට පසු බැංකුව විසින් ඊට වඩා වැඩි මුදලකට වෙනත් ගැනුම් කරුවකුට විකුණුවේය. මෙම ගනුදෙනුවේදි තමන්ට ලැබිය යුතු මුදලක් බැංකුවෙන් නොලැබුනු බවට කල පැමිනිල්ලක් මත සාර්කෝසි පාලනයේදි යුරෝ කෝටි 46ක් බර්නාඞ් තපීට ගෙවීමට බැංකුවට සිදු වුයේය. ඉන් පසු සිදුවු නව රාජ්‍ය පාලනයත් සමගම ඉහත ගෙවීම ගැන පරීක්ෂණයක් නැවතත් කරලියට පැමිණියේය.   ඉහත තීන්දුව සාධාරණ නොවූ එක් පාර්ශවකට පමනක් වාසි ලෙස ලබා දීමට ඉහලම රාජ්‍ය නිලධාරියාගේ සිට ජනාධිපති දක්වා බලපෑම් සිදුකර ඇති බවට චෝදනා ගොනුවී පරීක්ෂණ කෙරෙමින් අද එම මුදල් රජයට ගෙවීමට ඔහුට සිදුවන වතාවරණයක් යටතේ ඔහුට හිමි බොහෝ දේපල විකුණා දැමීමට නොහැකි ලෙසට අධිකරණ නියෝග නිකුත් කර ඇත්තේය. එසේ වුවද එම නියෝගයට විරුද්ධව ඇපෑලක් ඔහු විසින් ඉහළ අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේය. ඔහුගේ මෙම  පරීක්ෂණයට බොහෝ නිලධාරීන් පිරිසක් ඇතුළත්වේ. ඔවුන් අතර වර්තමානයේ ප‍්‍රංශ ටෙලිකොම් ආයතනයේ සභාපති වන සාර්කෝසි රජයේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ස්ටෙෆන් රිචාර්ඞ්  , එකල මුදල් ඇමති අද ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ ප‍්‍රධානියා වන ක‍්‍රිස්ටීන් ලගාර්ඬේ , එදවස ඔහුට මුදල් ගෙවීමට තීන්දු කළ විනිසුරු පියෙර් එස්තෝෆ් , හිටපු ජනාධිපති ලේකම් ක්ලෝඞ් ගෙයියොන්  , ජෝන් ප‍්‍රන්ශුවා   හා හිටපු ජනාධිපති   සාර්කෝසි විශේෂවේ. ජනාධිපති හමුවීමට හත් වරක් ජනාධිපති මන්දිරයට ගොස් ඇති බවද පරීක්ෂන වාර්තා වල සදහන්වේ.

        ඉහත කරුණු හේතු කොට හිටපු ජනාධිපති  පඹ ගාලක නොව නඩු ගාලක පැටලී ඇත්තේය. මෙම කරුණු ඉදිරියේදි ඔහු දේශපාලනයට පැමිනීම හෝ නැවතීම තීරණය කරනු ඇත. ඉහත සියලූ චෝදනා කරලියට තිර විවර කළේ ප‍්‍රංශ ජන මාධ්‍ය විසින්ය. ඒ අතරින් ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ ලේ මොන්ඞ්   , පිගාරෝ   , ලිබරේෂන්  , මිඩියාපාට්   , කැනා ඔන්චෙනේ   , පැරී මැච්   හා එක්ස්ප‍්‍රස්    යන පුවත්පත්, සඟරා හා වෙබ් අඩවි ඉදිරියෙන්ම සිටින්නේය. එසේ වුවද එම කිසිම ආයතනයකට හිරිහැර කිරීම, මාධ්‍යවේදීන් අතුරුදන් හෝ නිහඬ කරවීමක් කැමරා ආම්පන්න කුඩු කිරීමද මෙතෙක් සිදුවී නොමැත. ප‍්‍රංශයේ කිසිම මාධ්‍යවේදියෙක් විදේශ රැකවරන ලබන්නේද නැත. එවැනි පරිසරයක ඔවුහු නිදහසේ කටයුතු කරති.  

 



අදහස් (0)

ප්‍රංශ මාධ්‍ය හිටපු ජනපති උසාවි දක්කයි

අසෝක Sunday, 01 September 2013 10:24 PM

ලංකාවෙන් උපදෙස් ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැනේ.දැන්වත් සලකා බලා උපදේශයක් ගන්න කියන්න. (නි)

:       0       0

සංජීව Saturday, 07 September 2013 12:16 PM

යුරෝ මිලියන 11 ක් රුපියල් කීයද?(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 04 September 2013 06:08 PM

ප්‍රන්සයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ,මේ අපේ ලංකාවේ,එහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 2685 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 198 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 176 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site