දරුවකු කුස තුළ පිළිසිඳ ගත් පසු එම දරුවා ආරක්ෂා කර ගැනීමටත් දරු ඵල නොමැති අයට දරු සම්පත් ළඟා කර ගැනීමටත් සියලූ ලෙඩ දුක් සුවපත් කොට සෙත් ශාන්තිය ලබාගැනීම සඳහාත් බොහෝ දෙනෙක් පත්තිනි දේව මෑණියන්ට භාර හාර වෙති. එම දුක් අඳෝනා අසා කාන්තාවක ලෙස එතුමිය සානුකම්පිතව සිතා ඇල්ම බැල්ම හෙළා පිහිට වන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතී. ඒ සඳහා කන්නලව් කිරීම සඳහා නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ විශේෂිත වූ පත්තිනි සළඹ දෙකක් ඇත. එම සළඹ ලැබුණු ආකාරයද දේව කතන්දරයක් වැනිය. ”මම යුද හමුදාවට බැඳිලා අවුරුදු හතරක් පමණ සේවය කළා. යාපනය, අලිමංකඩ, සිංහපුර, පදවි පරාක‍්‍රමපුර, පුල්මුඬේ වැනි ප‍්‍රදේශවල ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියේ. මගේ පියා පපුවේ අමාරුවක් සැදී මිය යන විට මට අවුරුද්දක් පමණ වයස ඇති. ඊට පසු තාත්තාගේ දිෂ්ඨියක් අම්මාට වැහුණා. ඒත් අම්මා දේව වැඩ කිරීමට අකමැතියි. මගේ කේන්දරය බැලූවාම කියා තිබුණා අවුරුදු 31 වන විට මට භූත බලවේගයක් තියෙනවා කියලා. යුද හමුදාවේ ඉන්න විටත් වරින් වර මට දිෂ්ඨියක් ආවා. කෙසේ වෙතත් අවුරුදු 31 වෙද්දී නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වෙලා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය ළඟ බන භාවනා කරන්න පටන්ගත්තා. එවිට මට තාත්තාගේ වරම ලැබුණා. ඒ මගින් මා සාස්තර කීවා. අම්මා අසනීප වූණාට පසුවයි මම මේ ප‍්‍රදේශයට ආවේ. ඒ ඇවිත් දේවාලයක් සාදා ගත්තා. සොහොන් කාලි දේව මෑණියන්ගේ පිහිටෙන් යන්ත‍්‍ර, මන්ත‍්‍ර, භූමි දෝෂ ඉවත් කිරීම, ගෙවල් දොරවල් ආරක්ෂා කිරීම් ආදී දේ කළා. ඒ හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ සුජීව ප‍්‍රසන්න මංගල කපු මහතා මෙම ක්ෂේත‍්‍රයට පැමිණි ආකාරය විස්තර කළ අයුරුය. මේ ඔහු සතුව පවතින බව කියන පත්තිනි සළඹ සොයාගත් ආකාරයයි. ”මම රාත‍්‍රි කාලයේත් දේවාලයේම තමයි නිදා ගත්තේ. එක දවසක් රාත‍්‍රියේ සුදු ගැහැණු ඇඳුමකින් සැරසී පැමිණි කාන්තාවක් මට හීනෙන් ඇවිත් කීවා ”පුතේ ලෝක සත්වයා දුකින් මුදා ගන්න මේ පත්තිනි ආභරණ ගන්න” කියල. ඇයගේ ශරීරය පුරාමත් රන් ආභරණ දැක ගන්න තිබුණා. එතුමිය කීවා දරු සම්පත් ලබාදෙන්න, ලෙඩ දුක් තියෙන අය සුවපත් කරන්න සාස්තර වරම් මාලා වැඩි දියුණු කර ගන්න පත්තිනි සළඹ දෙකක් වෙස්සගිරියේ ගලක් මත තිබෙන බව ඒ ටික පවසා සුළු වේලාවක් යාමට පෙර එම කාන්තාව නොපෙනී ගියා. ඇය විසින් පවසන ලද ආකාරයට ඉන් දෙදිනකට පසු මම තනිවම කොළඹට ගිහින් වව්නියාව දුම්රියේ නැග අනුරාධපුරය බලා පිටත්ව ගියා. ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය වන්දනා කරලා මා තනිවම ගියා. වැව යටි පැත්තේ පිහිටි වෙස්සගිරි ගල අසලටම. ඒ වන විට එහි කළුම කළු මිටි බහිරවයෙක් සිටියා. ශරීරයේ වස්ත‍්‍ර මුකුත් තිබුණේ නැහැ. ඊට එහායින් සුදු නාගයෙක් සිටියා. ඒ මැද ගල උඩ පත්තිනි සළඹ දෙක තිබුණා. මම එනතුරු බහිරවයා හා නාග බහිරවයා තමයි ඒ සළඹ දෙක ආරක්ෂා කර ගෙන ඉඳල තියෙන්නේ. මම පත්තිනි සළඹ දෙක සුදු රෙදි කැබැල්ලක ඔතා බෑගයක දමා දේවාලය වෙත රැගෙන ආවා. අදටත් මා ළඟ තියෙන්නේ ඒ සළඹ දෙක තමයි. පත්තිනි දේව මෑණියන් ළඟ එය තැන්පත් කොට නින්දට ගිය විට ආපසු සිහිනෙන් ඇවිත් කීවා ”පුතා පත්තිනි සළඹ දෙක කහ වතුරෙන් ඉස්සෙල්ලම නාවන්න කියලා. තැඹිලි වතුරෙන් හා එළ කිරිවලින්ද නාවා ඖෂධ වතුරෙන්ද නාවන්න කීවා. අවසානයේදී වතුර කහ දෙහි සුදු සඳුන් මිශ‍්‍ර හඳුන් කිරී පැන්වලින් නාවන ලෙස උපදෙස් දුන්නා. මම ඒ විදියටම පත්තිනි සළඹ දෙක වෙනුවෙන් නානුමුර මංගල්‍යයය කළා.ඊට පසු කීවා පළතුරු හතක් කැවිලි හතක්, සුදු මල් වට්ටි හතක් තබා පහන් හතක් පත්තු කර පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබාගන්න කියලා. මම එයද කළා. ඉන් පසුව සිහිනෙන් පැවසූ පරිදි සතියකට පසු මම සත් පත්තිනි මෑණියන් අරක් ගෙන සිටින නවගමුව දේවාලය වෙත ගියා. පළතුරු වට්ටි හතක් පූජා කරලා බැල්ම හෙළා ගත්තා. පඬුරක් ගැට ගසා බාරයක් වුණා. එතැන් සිට පුරුදු පරිදි මේ රාජකාරී කටයුතු කර ගෙන යනවා.එතකොට ඔබ ළඟට පත්තිනි මෑණියන්ගේ පිහිට පතා වැඩිපුර පැමිණෙන්නේ කවුද? ගැබිණි මව්වරුන්, කිරි දරුවන් සිටින කාන්තාවන්, අසාධ්‍ය රෝගීන්ගේ ඥාතීන්, දරු ඵල නොමැති අඹු සැමියන්.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පත්තිනි සළඹ සොයා වන වැදුණු ගමනක්
කපිල සුරංග Thursday, 19 September 2013 09:07 PM
අත්තද කියන්නේ (අ)
දමයන්ති වන්නිනායක. Monday, 28 May 2012 01:03 PM
මෙම සත්පත්තිනි දෙවොලට යන ගමන් මග කියන්න.මට තිබෙන දුකකට පිහිටක් ලබා ගන්නත් අවශ්‍යයයි.
ලසන්ති Sunday, 27 May 2012 11:05 PM
මෙම සත් පත්තිනි දේවාලයට යන මාර්ගය විස්තර කරන්න පුළුවන්ද අසරණ රෝගියෙක් වෙනුවෙන්
සුමාල් තීක්ෂණ ජයරංග Monday, 28 May 2012 04:12 PM
"නාකුළුගමුව හඳපාන්ගොඩැල්ල නව සොහොන් කාලී දේවාලයේ" කියල ලියල තියෙන්නෙ. map: https://maps.google.lk/maps?hl=en
මනෝජ් Monday, 28 May 2012 05:34 PM
අනේ, කරුණාකර පත්තිනි දේවාලයේ අංකය පළ කරන්න
සිංහලයා Monday, 28 May 2012 07:58 PM
ලෙඩක් තියෙනවනම් ගිහින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.නිකන් බොරු දේවල් වලට වියදම් නොකර.අපේ රටෙ විතරනෙ ඔය බොරු දේවල් තියෙන්නෙ.මනස්ගාත.
ශාන්තfrom dubai Monday, 28 May 2012 10:07 PM
අපිට පිහිටක් ලබා ගන්න එන්න මෙහි ගමන් මග පළ කරන්න
යසෝධා Tuesday, 05 June 2012 05:03 PM
බොරැ කරන අයත් ඇති. ඒත් හැබෑම හොද අය ඉන්නවා.. පිහිට ලබා ගත් අය අපමණයි.
රිෆ්නා අමීනා Saturday, 30 June 2012 10:46 AM
කරැණාකරල මේ නකුලගුමුව හදපානගෙ දුරකථන අංකය දෙන්න....
චානක Monday, 28 May 2012 11:33 PM
ඔබ බෞද්ධයෙක් නම් ප්‍රශ්න හමුවේ තෙරුවන් සරණ පතන්න