මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් 60 හැවිරිදි එක්දරු මවක් ගලේවෙල ගලපාමුල ගම්මානයේ සිටී. ඇය නමින් ඇම්.ඞී. කරුණාවතීය. ඇගේ එකම දරුවා සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි තරුණයාය. සුසන්ත කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධරයෙකි. අදටත් සිය මවගේ සියලූ උවටැන් කටයුතු කරන්නේ මේ දරුවාය. කරුණාවතී මෑණියන්ගේ මුහුණේ එක් ඇසක් එක් කනක් හා නාසයෙන් අර්ධයක් ඇයට අහිමිය. ශල්‍යකර්ම ගණනාවකින් පසුව ඇය තව දුරටත් ජීවත්වීමේ වරම් හිමිකරගෙන සිටී. ඇයට තවත් ශල්‍ය කර්මයක් සිදුකළ යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත. කරුණාවතී මාතාවට වැළඳී ඇත්තේ ලොව ඉතාමත් දුර්ලභ ගනයේ රෝගයකි. මේ වන විටත් හමුවී ඇත්තේ මෙබඳු රෝගීන් 6 දෙනෙකු බවද වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඇයගේ මුහුණේ එක් අර්ධයක මස් සියල්ල දියවී යාම මෙම රෝග තත්ත්වයයි. තම මවගේ රෝගය හා මුහුණ දුන් ඒ දුක්මුසු පුවත සුසන්ත අමරසිංහගෙන් විමසුවෙමු. මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා. 2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා. කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා. මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා. ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි. මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. තමාට නැවත ජීවත්වීමේ වරම ලබාදීම පිළිබඳව කරුණාවතී මාතාව ජිනරතන හිමියන්ට පින්දෙයි. දුර්ලභ ගණයේ පරිත්‍යාගයක් කරමින් තමාට උවටැන් කළ තම පුතණුවන් තමා ලද නිල් මැණිකක් යැයි අම්මා අප සමග පැවසුවාය.
ගලේවෙල මහින්දසිරි පේ‍්‍රමලාල් සහ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාට ඉක්මන් සුවය ලැබේවා... අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි... බුදු සරණයි!
රත්තරක් පුතේ....නුඹේ නමට දෙවියොත් වඳී......
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
රත්තරන් පුතේ ඔයාගේ නමට දෙවියොත් වඳී.....
පුත, ඔබ ජාතියටම ආඩම්බරයකි.ඔබට ජය සහ සතුට!
ඔහොම තමා ජීවිතේ අපිටත් මොනවා වෙයිද කියලා හිතාගන්ඩ බෑ (නු)
ඔබ නම් රත්තරම් පුතෙක්. ඔබේ ජීවිතයට ජය වේවා. (ත)
බුදු සරණයි ඔය දෙන්නට....
ඔබ පෙරුම් පුරන බුදුකෙනෙක් ...
ලෝකේ ඉන්න හොඳම මනුස්සයෙක් තමයි ඔයා...ආඩම්බරයි...
එක්මනටම සුවවෙව ....
ආදර අම්මෙක්ගේ හොද පුතෙක්.දෙදෙනාටම දිගාසිරි!
මතු බුදු වෙන්නට මේ පින හොදටෝම ඇති.කරුණාකර ලිපිනය සදහන් කරන්න
සොහොයුරනෙනේ ඔබවන් පුතුන් ලොවටම ආදර්ශයකි .ධීර්ගයු ... ඔබට යෝධ බල ලැබේව ..!
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
ඇත්තමයි අයියේ ඔයා පාරමිතා පුරන්න ඔයාට බුදුබව ලබාගන්න පුළුවං තරම් පිනක් කරල තියෙන්නෙ.. මට මේ පුවත කියව්ද්දි ඇස් දෙකට කදුළු ආවා.. ඔබ උතුම් පුතෙක්.. බදුසරණයි..!!
සුසන්ත පුතා ඔබ වත්මන් තරුණ පරපුරට ආදර්ශයකි.ඒ වගේම මේ සදහා මුලික වී කටයුතු කළ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන් වහන්සේද වත්මන් තරුණ භික්ෂු පරපුරට ගෞරවයකි. ඔබ දෙදෙනාම සෑබෑ බෞද්ධ කමට නිදර්ශනයන්ය. අපගේ ගෞරවය.... එන්.ඩි.හෙට්ටිආරච්චි- ලන්ඩන් නගරය
ඔබ මේ රටේ තරුණ පරපුරට ලබා දුන්නේ හොද ආදර්ශයක්.ඔබට ජය!
ඔය වගේ හැම පුතෙක්ම මේ වගේ අම්මට සලකනවානම් කොයිතරම් හොඳද ,ඔය ගෙන ආඩම්බරයි සුසන්ත , මමත් මගේ අම්මට පන වගේ ආදරෙයි .
පුතේ, ඔබ මතු බුදු වේවි!
ඔබ බෝසත් පුතෙක්
හොද පුතෙක්
ඔබ මතු බුදු වේවි!
මිහිපිට ජීවත් වෙන දෙවියෙක්
ඔබවැනි පුතෙක් ලද මවක් කොතරම් වාසනාවන්ත ඇද්ද?
දීර්ඝායු ලැබේවා! නමෝ බුද්ධාය!
ඔබ ගැන අපිට ගොඩාක් අඩම්බරයි. දීර්ඝායු ලැබේවා. නමෝ බුද්ධාය
බීපු කරට මේ පුතා ණය නැතේ. සොයුර, ඔබ අපට ආඩම්බරයකි
ලොවේ උතුම් පුතෙක් ඔබට සදා ජය!
සොයුර ඔබටත් ඔබේ මෑණියන්ටත් දීර්ඝායුෂ, මේ පින්කම ඔබට පාරමිතාවක්ම වේවා. තෙරුවන් සරණයි.
වචන නෑ පුතේ කියන්න නියමයි..............
ඔබ කල මේ පිනම ඇති නිවන් දකින්න .
වාසනාවන්ත මවක් සහ ගුණබර පුතෙක්
ඔයා නියම කොල්ලෙක්....
සොයුර, ඔබ ගුණ දහම් පිරිහුණ සමාජයට ආදර්ශයක්.පින්බර පුතෙක්...වාසනාවන්ත මවක්.මවට ඉක්මන් සුවය.. පුතුට ශක්තිය.ධෛරිය,ජය,සතුට,සදා සැප.
ඇත්තටම අදහන්න වටින පුතෙක් ඔයාට කවදාවත් වරදින් නෑ අම්මට දීර්ඝායු අත්වේවා ... (ස)
ඔබ අපේ රටට ආඩම්බරයක්...
මල්ලි, ඔයා වගේ අය තමයි මතු බුදු වෙන්න.උදවු කරන්න ලිපිනය දෙන්න
මල්ලි ඔයාට බුදු සරණයි.. තමන්ගෙ අම්මා වෙනුවෙන් කරපු දේට.. ඔයාට ගොඩක් පිං...
අම්මට ඉක්මන් සුවය ලැබේවා. සොයුරානෙණි ඔබට හයපතක්ම වේවා.
දරුවා සුසන්ත අමරසිංහ,මේ උතුම් සත්කාරය මම අගය කරනවා, අද වදපු අම්ම/තාත්තාව බලාගන් නැතුව මහලු මඩමට එලවා දමන සල්ලිකාර උදවියට ඔබ හොද අාදර්ශයක්.ඔබ උතුම් පුතෙක්.. දෙවියන් ඔබට ආශිර්වාද කරාවි.
ඒ මහා පින් කමට උපකාර කල ඒ ස්වාමින් වහන්සේටත් ඒ පුතාටත් ඒ මවටත් නිවන් දකින තුරා නිරෝගේමත්ව සිටීමට ලැබේව වහ වහා ධර්මවභෝදය ලැබේව ..ශ්‍රී බුද්ධ වචන ඇසේව ...සංසර දුක නිවේවා ...
අධ්‍යාපනයේ නියම වටිනාකම මෙයයි. මේ අම්මා ගොඩක් වාසනාවන්තයි
ඔයාගේ ජීවිතකාලේ පුරාවටම මේ පින ඔයාට හේතුවෙයි , වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවොත් බුදුන් දැක නිවන් දකීවා
ඔබ උසස් පුතෙක්
මතු බුදු වීමට නියත විවරණ ලැබීමට සුදුසු පුතෙක්
කෝටි ගනන් වල වාහන ගන්නා ඇමති පුතුනි, මෙවන් රුවන් පුතුන් ද මේ ලක්බිමේ ඇති බව වටහා ගනු මැනවි. මේ කිසිවක් නොව අවශ්‍ය සිතේ ශක්තියයි . පුතේ නූඹට සසර වසනතුරු මේ පින් මහිමය උපකාර වේවා
ඔය වගේ 1000ක් හිටියොත් මහළු මඩම් 100ක් වැසේවි. ඔබට බුදු සරණයි!
මල්ලි, ඔබට බුදු සරණයි, දෙවි පිහිටයි!
බුදුන් දැක නිවන් ලැබේවා. !(ස)
ඔබත් බුදු පුතෙකි පුතුනේ මෙලොව උපන්! (දී)
මේක දැකල මගේ ඇස්වලට කඳුළු පිරුණා .ඔයා මේ ලෝකයටම ආඩම්බරයක්...
නුඹ රටම වාසනාවක්....
අයියේ, ඔබට නම් කවදාවත් වරදින්නේ නෑ
දුකට පිහිට වුණු අපේ හාමුදුරුවන්ට පින්....
ඇස්වලට කඳුළු ආවා මේක දැක්කම මේ අම්මටයි මල්ලිටයි දෙවි පිහිටයි....
හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕ පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
දෙවියන් ඔබට ආශිර්වාද කරාවි
http://www.helpkarunawathi.org/
ඔයා වටින පුතෙක් . ඇත්තටම අම්මේ ඔයා වාසනාවන්තයි .ඔයාට ගොඩක් පින් .නමෝ බුද්ධාය
මතු බුදු වීමට නියත පුතෙක්.......... ඔබට බුදු බව ලැබේවා...........
අයියේ,අම්මාව ඇහැක් වගේ රැකගන්න.එයා හැමදාම සතුටින් ජීවත් වෙයි
උතුම් පුතෙක් වගේම වාසනාවන්ත අම්ම කෙනෙක් .හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු බවම ලැබෙන්න ඕනේ මේ කරපු පිනට .
සොයුර ඔබට සම්මා සම්බුදු සරණයි.
තරුණ හැමටම ආදර්ශයක් ලබාදෙන ඔබ උතුම් තරුණයෙකි. ඉක්මන් සුවය පතමි!
අයියේ,ඔයා ගොඩක් හොද කෙනෙක්.මම සුභ පතනවා ඔයාට
බෝසත් පුතු නම්
අනර්ග පුතෙක්...
අනර්ග පුතෙක්....
ඔබ ශ්‍රේෂ්ඨ පුතෙක් අපේ රටේ. ත්‍රිවිධරත්නයේ අශිර්වාදය ඔබට සහ ඔබේ මවට
ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහටයි ඔබට සහ මවට..
ඔබට බුදු සරණයි!
මේ වගේ බෞද්ද රටක මේවගේ කොල්ලෝ ඉන්න එක පුදුමයක් නෙමේ .මගේ ඉල්ලීම මේ පවුලට පුළුවන් උදව්වක් කරමු
මම බලාපොරොත්තු වෙනවා උදව් කරන්න ඔබේ මවට
ගිණුම් අංකයක් දෙන්න පුළුවන් පමණ උදව්කරන්නම්. ඔබට බුදු සරණයි!
ඒල කොල්ලෙක්... රත්තරන් පුතෙක්
මම ඔබේ මවට උදවු කරන්න කැමතියි
කවදා හෝ දිනක ඔබ විවාහ වන කාන්තාව ඉතා වාසනාවන්ත කෙනෙක් වේවි
ඇත්තටම ඔයා ගොඩක් හොද පුතෙක්, මේ වගේ පුංචි රටක ඔය වගේ කෙනෙක් ඉන්න එක ගැන අපට ගොඩක් ආඩම්බරයි..අම්මට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.. උඩ ඉන්න දෙවියන් ඔයාගෙ ආදරණීය අම්මව ආරක්ෂා කරනවා.. අදළා හාමුදුරුවො ඔයාලව රකිනවා.. ඔයාල දෙන්නටම තෙරැවන් සරණයි..
මට ඇඬෙනවා. අපිට මේ වගේ ලෙන්ගතු මවකගේ ආදරය ලැබුනේ නෑ මල්ලී..ඔයාටත්, හාමුදුරුවන්ටත් ගොඩක් පින්...
අම්මා කෙනෙකුට කරන එම දෙයම තමයි සහෝදරයා ඔයාට මේ ලෝකයේ කරන්න පුළුවන් උපරිම පින් දහම ඔබට ස්වර්ගය පතමි!
ඔබ හැම කෙනෙක්ටම ආදර්ශයක්...
ඔයා රටට ආඩම්බරයක් මල්ලී...
වැඩි විස්තර http://www.helpkarunawathi.org/ වෙබ් අඩවියට පිවිස දැනගන්න. මෙවැනි අසරණයන්ට පිහිට වීම මහඟු පිනකි. නමෝ බුද්ධාය!
එවැනි පුතෙකුට සහ මෙවැනි මවකට පිහිට වීමට ලැබීමත් නිවනට මගක් වෙයි. ඔබට බුදු සරණයි!
අයියේ ඔයා අති උතුම් පූජණීය වස්තුවක්. අම්මට ඉක්මන් සුවය ලැබේවා!!
ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය
ඔබේ අම්මත් ඔබත් මතු සංසාරෙත් මව හා පුතා වී උපදීවා...
පුතනුවනි, ඔබට යෝධ බල , යෝධ විර්යය, ලැබේවා, ඔබගේ මවටත් දීර්ඝ කාලයක් ඔබ හා වාසය කිරීමට ලැබේවා.
ඔබ නිවන්දකිනවාමයි...ඒක නියතයි..ඔබට ජයෙන් ජය...!!! (ස)
බෝසක් පුතෙක්.මවට ඉක්මන් සුව!
ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක්
අයියා වගේ අය අපට ආඩමිබරයක්........
ඔබ වැනි දරුවන් අද කාලේ දකින්නට ලැබීමත් වාසනාවක්..(ස)
ඔයා ගොඩක් වටින පුවතක්.. ඇත්තටම අම්මෙ ඔයා ගොඩක් වාසනාවන්තයි.. ඔයාට ගොඩක් පිං සුසන්ත.. නමෝ බුද්ධාය..
ඔබ ශ්‍රේෂ්ට නිනිහෙක් සහෝදරයා. දිගුකල් ජීවත්වෙව
හොඳ ආදර්ශයක්. තරුණයන්ට මේවා දකින්න සලස්වන්න ඕන...
මාතා පිතූ උපට්ඨානං ඒතං මංගල මුත්තමං
ආදරණීය පුතේ , ඔය මතු බුදු වේවි
වාසනාවන්ත මවක් සහ පින් ඇති පුතෙක්
ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ හාමුදුරැවෝ කරපු හොද හරියටම දැම්ම නම් හොදයිනේ.ඔහෝම කරන හාමුදුරැවන්ගේ ඡායාරැපයක් දැම්ම?නම් කොච්චර අගනේද?
බුදු බව ලැබීමට නියතවිවරණ ලැබිය යුතු පුතෙක්...
මතු බුදුවෙන සහෝදරයෙක්.ඔබේ මවට ඉක්මන් සුවය පතමි
ලංකාවේ වැඩියෙන් අලෙවි වන මේ පුවත් පතේ ඔහොම කරන හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දැම්මනම් කෙතරම් අගනේද?
නියම කොල්ලෙක්, පුළුවන් උදව්වක් කරමු....
ආදර පුතේ,අම්මා යන වදනේ සැබෑ අරුත වටහා ගත් ඔබට බුදු සරණයි!
කොල්ලෙක් හැටියට මමත් සුභපතනවා...!!
කියන්න වචන නැහැ.. මේ වගේ කොල්ලෙක් වදපු අම්ම ගිය ආත්මෙ පිං කරල තියෙනවා.. මම අගය කරනවා මේ උතුම් සත්කාරය ගැන..
මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!!
ඔබගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැක් පමණින් උදව් කල හැකි වේවි.මගේ ඇස් වලට කඳුළු ආවා මේක දැකල..ඔබට කවදාවත් වරදින්නෑ...
ඔබට බුදු බව ලැබේවා . මෙවැනි පුතෙක් බිහි කිරීමම පිනක්....
මාධ්‍යවලින් විස්තර දැනගත්තම කියා ගන්න බැරි තරම් දුකක් වේදනාවක් දැනුණා. ඔබවන් පුතෙක් ලබන්න ඔබේ මව විශාල පිනක් කර තිබුණත් පෙර කලදී කර ඇති අකුසල කර්මයේ විපාකය බලවත් නිසා ඇය මේ විදිහට දුක්විදනවා ඇති. ඔබගේ අප්‍රමාණ ධෛර්ය ඒ දිනක ඇයව සුවපත් කරනු ඇති. ඔබට සහ මවට දිර්ඝායු. (නි)
චණ්ඩි හාමුදුරුවරුනුයි දායකයොයි එකතු වෙලා මේ අයට උදවු කළොත් නරකද?
මේ අම්මට ඉක්මන් සුවය ලැබේව ! මිතුර ඔබ අපට ආඩම්බරයකි.......... තෙරුවන් සරණි !
මෙවන් පුතෙක් බිහිකර මව ඔබ වාසනාවන්තයි....
ඔබට ගොඩක් පින් .මම හදවතින්ම ගරු කරනවා ඔබට .
එ වගේම මේ සදහා මුලික වී කටයුතු කරපු වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ටද මේ ආදර්ශමත් බෝසත් පුතාටද මේකල පින මතු භවයකදි නිවන් අවබෝධය පිණිසම හේතුවාසණා වේවා......
ඔබගේ ගිණුම් අංකයක් සඳහන් කරනවානම් අපිට හැකි පමණින් උදවු කළ හැකි වේ.
ආදරණීය මිතුර, ඔබ ගැන ආඩම්බරයි අපට. සුභ පතනවා ඔබට. ඔබ දෙපලට දෙවි පිහිටයි
සොයුර ඔබට දෙවි පිහිටයි....
අම්මාට ඉක්මන් සුවය ලැබේවා....උදව්කර සැමටත් පින්.. අපිත් උදව් කරන්න කැමතියි මල්ලී....
මිතුර,ඔබ අපට ආඩම්බරයකි
මේ උතුම් ක්‍රියාවට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා!! ඔබ අපේ රටේ ඉන්න ඉතාම උසස් කෙනෙක්.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබට සහ මවට..
අම්ම ගොඩක් වාසනාවන්තයි , පුතා ගොඩක් පින් වන්තයි...
දස මාසයක් කුසේ තබා ඔබ බිහි කළ පින්බර පුතෙක්. ඔබට ඉක්මන් සුවර ප්‍රාර්ථනා කරනවා. (ත)
අපිට දුරකථන අංකයක් දෙනවනම් වඩා හොඳයි......
ඔබට බුදු සරණයි..
ඔබ වැනි පුතෙකුගේ ගුණ කීමට වචන වලින් බැරිය
ඔය ගෙන හරිම ආඩම්බරයි අයිය .
ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ උන එක අපිට ලොකු ගෞරවයක් අයිය .
ඉක්මන් සුව පතමි
ඉක්මන් සුව පතමි
අම්මට ඉක්මන් සුවය ලැබේවි ගොඩාක් කල් ජීවත්වෙන්න.
ඔබ උතුම් පුතෙක්. ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!
රත්තරං අම්මට ඉක්මන් සුවය ලැබේවා..!! උදව්වක් කරන්න දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න
ඔයා ගොඩක් හොඳ පුතෙක්...
මාතුපොසක කතාව මතක් වෙනවා.. ඔයත් බුදු පුතෙක්..(නු)
මේ වැනි පුතුන් ගැන හරිම ආඬම්බරයි.
ඔයා නියම කොල්ලෙක් මල්ලි.අද ඉන්න සර්ව පිත්තල කොල්ලන්ට ඔයා ආභරණයක්
මෙලොව දෙවියන් ඔබය....
සුපර් ස්ටාර්ලා වෙන්න සිහින දකින කොල්ලෝ ඉන්න රටක ඔබ නියම කොල්ලෙක්
වාසනාවන්ත පුත්‍ර රත්නයක්, මේ මෑණියන්ට දීර්ඝායු ලැබේව !
ඹබගෙ මවට ඉක්මන් සුවය පුර්ඵනා කරමි.මල්ලී ඹබ දෙවි කෙනෙකි. මෙම අකුසල කර්මයෙන් මිදි නිරොගි සුවය අත් වෙවා!
උතුම් පුතෙක් ඔබට සදා ජය!
මේ ළමයාගේ දුරකතන අංකය ලබා දෙන්න.අපිට අවශ්‍යයි එයාට කතා කරන්න
පුත, ඔබට සියලු දෙවි කරුණාව ලැබෙනවා
පුත මේ සසරේදීම නිවන් දකින්නට ඔබට හැකි වේවි...උදව්වක් කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න....
http://www.helpkarunawathi.org මෙම වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැක.
ඔයාට ගොඩ ගොඩක් පින්..
දුර්ලබ පුතෙක්, ඔබට බුදු සරණයි.
ඔබ ගැන කියන්න කියන්න වචන නැ
උතුම් මිනිසුන් සිටින ලොවක සියළු දෙන මොහුට පිහිට වේවා!
උසස් ශ්‍රේෂ්ඨ පුතෙක්.මෙහෙම දරුවෝ මෙවන් සමාජයක ඉන්නවා කියන එකත් පුදුමයක්