පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා රාත්‍රියේ විසුරුවාහැරීම බොහෝ දෙනකුට අනපේක්ෂිත තීන්දුවක් විය. එහෙත් පසුගිය සති දෙක පුරා දිගහැරෙමින් තිබූ සිදුවීම් මාලාව සමඟ ගළපාගත් විට එය එකම විසඳුම් මාර්ගය වශයෙන්ද කෙනකුට පෙනී යා හැකිය. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ද ලක්ව තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම රටේ පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් වනු ඇතිද නැතහොත් එය තවදුරටත් ව්‍යාකූල කරනු ඇති ද යන්න ඉදිරි දින තුළදී තීරණය වනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය මාතෘකාවක් වනවිට පාර්ලිමේන්තුව එහි ප්‍රධාන තේමාව වීම වැළැක්විය නොහැක. එසේ නම් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට අනුකූලව ගතයුතු තීන්දුවකි. සාමාන්‍ය තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ එහි කාලය සපිරීමෙන් පසුව ඊළඟ මහ මැතිවරණය අරමුණු කර ගනිමිනි. ඊට පරිබාහිරව විවිධ තාක්ෂණික කරුණු මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථා අතීතයේ ද තිබිණි. එසේම පාර්ලිමේන්තු කාලය දික්කළ අවස්ථාද විය. එහෙත් පසුගිය සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අකාලික සිදුවීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එය කළ බව ප්‍රකාශ වුවත් එය තිබුණු පාර්ලිමේතුවට තම නියෝජිතයන් පත්කර එවන ලද මහජනතාවගේ මතයට එරෙහිව යාමකි. එහෙත් ඒ සඳහා ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් දුන්නේ ඇයිද යන ප්‍රශ්නය පැනනඟී. කෙසේ වුවද දැන් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඇත. ඔවුන් තම නියෝජිතයන් පත්කර එවන්නේ වසර තුනහමාරකදී ගෙදර යැවීමට නොව නියමිත වසර පහක කාලයක් සඳහාය. මෙවර සිදුවී ඇත්තේ රට තුළ උද්ගත වූ දේශපාලන අර්බුදයට විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යාමට තීන්දු කිරීමකි. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇතිද දුර්වල කරනු ඇතිද යන්න තීරණය වනු ඇත්තේ අනාගතයේදීය.
පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුත්තේ රටේත් ජනතාවගේත් සේවය සඳහා මිස දේශපාලනඥයන්ගේ තනතුරු, වරදාන සහ සුබසෙත සඳහා නොවේ. සියල්ලටම පෙර රට මුලට ගෙන කටයුතු කිරීම සෑම දේශපාලන නායකයකුගේම අරමුණ විය යුතු බව මෙහිදී සිහිපත් කරදීමට කැමැත්තෙමු. තම තමන්ගේ බල තණ්හා පොරයේ වින්දිතයන් බවට මහජනතාව පත්කිරීමට කිසිදු දේශපාලන නායකයකුට හෝ පක්ෂයකට අයිතියක් නැත. රාජ්‍ය බලය දේශපාලනඥයන් විසින් රිසිසේ නිදහසේ පරිහරණය කළ ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඔවුන්ට පමණක් අයත් වූවක් නොවන බව සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින උගුර ලේ රහවන තුරු කෑමොර දෙන දේශපාලනඥයන් විසින් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරෙන්නේ නම් එය ඍජුවම රටේ පැවැත්ම, අනාගතය කෙරෙහි බලපෑම වැළැක්විය නොහැක. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඒ අතින් ඇත්තේ හොඳ “චරිත සහතික” නොවන බව පැවැසිය යුතුය. මේ දෙපක්ෂයම රටේ අවශ්‍යතාවලට වඩා තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ දේශපාලන ගජයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් පෙනීසිටින බවට චෝදනා ලබා ඇත්තේ වරක් දෙවරක් නොවේ. වහාම එම තත්ත්වය මින් ඉදිරියට හෝ වළක්වාගැනීමට කටයුතු කළයුතු බව රටේ නාමයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
දේශපාලන අර්බුදවල ගිලෙමින් එකතැන පල්වෙන රටකට ඉදිරි ගමනක් නැත. අපේ රටට එවැනි ඉරණමක් අත්වනු දැකීමට සිදුවනු ඇතැයි අපි තවමත් නොසිතමු. එහෙත් පසුගිය සති කිහිපය තිස්සේම අප දුටුවේ ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයකට ලක්වෙන බවය. එය ඒ මට්ටමින් විසඳාගැනීමට අපොහොසත් වීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පාර්ලිමේන්තුව අකාලයේ විසුරුවාහැරීමට සිදුවීමය. රටේ යහපත ගැන නායකයන් මුලසිටම සිතුවා නම් මේ තත්ත්වයට රට පත්නොවනු ඇතැයි අපි අවංකවම සිතමු.
පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය මේ දිනවල දේශපාලනඥයන් වෙතින් බහුලව අසන්නට ලැබුණු වචන සෙට් එකයි. ඒ තරමින්ම නැති වුණත් නීතියේ ආධිපත්‍යය සහ ජනාධිපති බලතලද මේ අතරම තිබිණි. මේ සියලු වචන දැන් රටේ මහජනතාවට ද කටපාඩම්ය. එහෙත් ගැටලුවක් වන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින්ම එම වචනවලින් අරුත් ගැන්වෙන ක්‍රියාදාමයට එරෙහිව කටයුතු කිරීමය. මේ බව රටේ මධ්‍යස්ථ මතධාරී ජනතාවටත් වැඩියෙන් දැනෙමින් තිබේ. තමන්ගේ ප්‍රශ්න විසඳීමට තිබෙන උනන්දුවට වඩා බලය අතට තබාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් දක්වන උනන්දුව එම ජනතාව තුළ බලවත් කලකිරීමක් ඇති කරවන බව නොරහසකි.
තමන් ඉදිරිපත්ව සිටින්නේ රට වෙනුවෙන් යැයි නොකියන කිසිදු දේශපාලනඥයකු මේ රට තුළින් සොයාගත නොහැක. එහෙත් තමන් කටයුතු කරන්නේ එම උතුම් පරමාර්ථය සපුරන ආකාරයෙන් ද යන්න ඔවුන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. රට වෙනුවෙන් වැඩ කිරීම අරමුණු කරගනිමින් සියලුම දේශපාලන නායකයන් තම සේවය ඉටුකළා නම් අපේ රට මේ තරම් ආර්ථික අගාධයකට වැටීමට හේතුවක් නැත. මෙවැනි දේශපාලන බල පොරයක් ඇතිවීමට හේතුවක් ද නැත. ලෝකය හිනස්සන වැඩවලින් මිදී රටේ ප්‍රතිරූපය ලෝකය හමුවේ වඩාත් ශක්තිමත් තැනක රැඳවීමට කටයුතු කිරීම සියලු දේශපාලන නායකයන්ගේ වගකීමය. එම වගකීම සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන හැඟීම බොහෝමයක් දේශපාලනඥයන් තුළ නොතිබීම ලොකුම කනගාටුවය.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පක්ෂය ගැන නොව රටේ ප්‍රශ්න ගැන සිතන්න ඕනෑ
Nir Wednesday, 14 November 2018 01:38 AM
හොදම ලිපියක්.