IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන්

ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා ඇතුළු මෙරටට ආවේණික නව සත්ත්ව විශේෂ අටක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ආධාර ඇතිව ගාල්ල දිස්ති‍්‍රක්කයේ සිදුකරනු ලැබූ ජෛව විවිධත්ව අධ්‍යයනයකදී මෙම නව සත්ත්ව විශේෂ සොයාගෙන තිබේ. සොයාගත් නව සතුන් අතර මිරිදිය මසුන් විශේෂ තුනක් හා පඳුරු මැඩියන් විශේෂ පහක් වෙති. එම මසුන් විශේෂ තුන අතරින් විශේෂ දෙකක් දෙවාරියෝ (Devario)නැමැති ඝනයට අයත් වේ. එම මසුන් දෙදෙනාගෙන් එක් විශේෂයක් සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් හා අනෙක් විශේෂය හියාරේ ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. අනෙක් මත්ස්‍ය විශේෂය ලෙපිඩොසෙෆලික්තියස් (Lepidocephalichthys) ඝනයට අයත්වන අතර එම මත්ස්‍යයා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත. සොයාගත් පඳුරු මැඩියන් විශේෂ පහම පිලෝටස් (Philautus) ඝනයට අයත් වේ. ඒ අතරින් මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම මැඩියා ලෙස වාර්තා වී ඇති නවතම මැඩි විශේෂය හමුවී ඇත්තේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි. එම මැඩි විශේෂයේ හොඳින් වැඩුණු සත්ත්වයකුගේ විශාලත්වය මිලි මීටර 14 ක් වැනි ඉතා කුඩා ප‍්‍රමාණයකි. අනෙක් පඳුරු මැඩි විශේෂ හතර හමුවී අතැතේ කන්නෙළිය රක්ෂිත වනාන්තරය, හියාරේ වනාන්තරය, කොට්ටව වනාන්තරය හා කොට්ටව කෝඹල වනාන්තරයෙනි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය. ගාල්ල දිස්ති‍්‍රක්කය කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාමත්ම පොහොසත් දිස්ති‍්‍රක්කයක්. සිංහරාජය, කන්නෙළිය ඇතළු වානන්තර වගේම තැන තැන ඉතිරිව පවතින කුඩා තෙත් සදා හරිත වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් මේ දිස්ති‍්‍රක්කය තුළ පවතිනවා. පාරිසරික කටයුතු හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අනුග‍්‍රහයෙන් අපි මෙම දිස්ති‍්‍රක්කයේ ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයනයේදී තමයි අපිට මේ නව සත්ත්ව විශේෂ අට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. දැනට මේ සතුන් මෙතෙක් ලෝකයේ හඳුනානොගත් සත්ත්ව විශේෂ අටක් බව අපි පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඉදිරියේදී ජාත්‍යන්තර පර්යේෂණ පති‍්‍රකා මගින් මේ නව සත්ත්ව විශේෂ විද්‍යාත්මකව නම් කර ලෝකයට හඳුන්වාදීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. සිංහරාජයේ දකුණු ප‍්‍රදේශයෙන් සොයාගත් දෙවාරියෝ නැමැති ඝනයේ මත්ස්‍යයා හියාරේ සංරක්ෂිත වනාන්තරයෙන් හමුවූ දෙවාරියෝ ඝනයට අයත් මත්ස්‍යයා. කොට්ටව වනාන්තරයෙන් හමුවූ ලෙපිඩොසෙෆලික්තියස් ඝනයට අයත් මත්ස්‍ය විශේෂය මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ කුඩාම පඳුරු මැඩියා හමුවන්නේ හියාරේ ඇතුළු කොට්ටව කෝඹල වනාන්තරයෙනි. මෙම පඳුරු මැඩියා හේකොක් කන්ද වනාන්තරය හෙවත් හිනිදුම් කන්ද ප‍්‍රදේශයෙන් හමුවී ඇත. මෙම මැඩියා හමුවී ඇත්තේ හියාරේ සංරක්ෂිත වනාන්තරයෙනි මෙම මැඩියා කොට්ටව වනාන්තරයෙන් හමුවී ඇත.



අදහස් (0)

නව සත්ත්ව විශේෂ අටක් ලංකාවෙන්

විපුල් Wednesday, 19 October 2011 05:43 PM

හරම සතුටුයි

:       0       0

දිනාල් Friday, 02 December 2011 03:37 PM

මෙම තොරතුරු ප්‍රස්ද්ධ කළොත් හොදයි.

:       0       0

දීපාජා Monday, 09 January 2012 04:12 PM

ඉතා ලස්සනයි

:       0       0

දනේෂ් Monday, 23 January 2012 04:57 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site