නොරොච්චෝල විදුලි බලාගාරය මේ රටේ විදුලි ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ප්‍රථම ගල් අඟුරු බලාගාරය වූයේද මෙයයි. පසුගිය සතියේ රටට අවශ්‍ය සමස්ත විදුලිය ප්‍රමාණයෙන් සියයට 47ක ප්‍රමාණයක් උපයා ඇත්තේද නොරොච්චෝල තාප බලාගාරයෙනි. ඉන්ධන යොදවා සියයට 31ක ප්‍රමාණයක්ද ජල විදුලියෙන් සියයට 22ක ප්‍රමාණයක්ද සපයා ගෙන තිබිණි.මේ නොරොච්චෝල තාපබලාගාරය පිළිබඳව චෝදනා රාශියකි. මෙම බලාගාරය පිහිටුවීමට රුපියල් බිලියන 220ක මුදලක් වැය කර ඇත. රටේ තාක්ෂණික අවශ්‍යතා අනුව නොව චීනයට අවශ්‍ය පරිදි මෙහි කටයුතු සිදුවන බවට චෝදනා ඇත. යන්ත්‍රය බොහෝ සෙයින් පරණ එකක් බව කියති.
මේ මොහොත වන විට නොරොච්චෝල තාප බලාගාරය අවස්ථා 60කට වැඩි වාර ගණනක් අක්‍රීය වී ඇති බව වාර්තා වේ. මෙගා වොට් 900ක විදුලියක් සපයන මෙහි පළමු මෙ. වො. 300 - 2010 දීද, දෙවැනි මෙ. වො. 300 - 2012 දී ද, අවසන් මෙ. වො. 300 ගිය වසරේ සිටද ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන ලදී. මෙහි වඩාත් දරුණු තත්ත්වයක් ඇතිවූයේ පසුගිය 13 වැනිදා මුළු දිවයිනටම විදුලිය විසන්ධි වීමය.
බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරායාමත් සමග නොරොච්චෝල තාප බලාගාරයද ක්‍රියා විරහිත විය. මේ සිද්ධියත් සමග නොරොච්චෝල තාප බලාගාරයේ අඩුපාඩු දුර්වලතා යළි ඉස්මතු විය. ඒ පිළිබඳ කතා බහ වැඩි විය. රටේම විදුලිය විසන්ධි කිරීමේ ගැටලුවට හේතුව නොරොච්චෝල බලාගාරයේ දුර්වල තත්ත්වයක් නම් දී ඒ පිළිබඳ විමසා බැලීමක් කළ යුතුව ඇත.
දැන උගත් අය ප්‍රකාශ කරන ආකාරයට බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරායාමත් සමග ඇති වූ විදුලි අසමතුලිතතාව දරා ගැනීමට නොහැකි වීමෙන් නොරොච්චෝලයත් ක්‍රියා විරහිත වී ඇත. අසමතුලිත බව ඇතිවන අවස්ථාවේ ලැබෙන සංඥා ගැන අවබෝධයෙන් සිටියා නම් විදුලිය රට පුරා විසන්ධි වීම වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව කියති.
බලාගාරයේ දුර්වලතා හා යන්ත්‍රයේ වයස්ගත බව නිසා විදුලිය සැපයීම අඩාල වූවා විය හැකිය. මෙවන් අවස්ථාවල අප කළ යුත්තේ යන්ත්‍රයේ දෝෂ දැකීම පමණක්මද?
යන්ත්‍රය ක්‍රියා විරහිත වූ අවස්ථාවල එය යළි පණගැන්වීම ක්ෂණිකව කළ නොහැක්කකි. එයට හේතුව සෙන්ටිග්‍රේට් 500ක උෂ්ණත්වයෙන් යුතු යන්ත්‍රය සිසිල් වනතුරු බලා සිටීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජලය උණුකරනු ලබන්නේ සෙන්ටිග්‍රේට් අංශක 100ක උෂ්ණත්වයකටය. යන්ත්‍රය සෙන්ටිග්‍රේට් අංශක 500ක උෂ්ණත්වය පිළිබඳ බාහිර පුද්ගලයකුට අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. මේ උෂ්ණත්වය සිසිල් වීමට දින 3ක පමණ කාලයක් ගතවීම සිදුවේ. යළි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදි ඉන්ධන යොදවා මෙ. වො 90ක බලයක් ලබා ගෙන ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන තත්ත්වයට පත් කර ගැනීමට තවත් දින 2ක් 3ක් පමණ වූ කාලයක් ගත වේ.
මේ දුෂ්කර ක්‍රියාව සිදුවීමට පෙර ජාතික පද්ධතියට බාධා ඇති වන අවස්ථාව වහාම හඳුනාගෙන එයට පිළියම් යෙදීම සිදු කළ යුතු බව බලධාරිහු සඳහන් කරති. ඇතැම් ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ ජාතික විදුලි පද්ධතිය අසමතුලිත වන අවස්ථාවල යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියා විරහිත විය යුතු බවයි. එහෙත් නොරොච්චෝල තාප බලාගාරය බාල පැරණි යන්ත්‍රයක් නිසා ස්වයංක්‍රීයව ක්‍රියා නොකරන බව කියති.ඔවුන් සඳහන් කරන දේ නිවැරැදි විය හැකිය. එහෙත් දැන් යන්ත්‍රය පිළිබඳව අවබෝධයක් ලබා සිටින ඔවුන් කළ යුත්තේ යන්ත්‍රයේ තත්ත්වය තේරුම් ගෙන පිළියම් යෙදීම බව කියති.
ස්විච් බෝඞ් ඔපරේටර්වරු සේවයේ යෙදී නොසිටීමේ හානිය බලපාන්නේ මෙවැනි අවස්ථාවල බව කියති. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටින්නේ දියුණු තාක්ෂණයට අනුව යන්ත්‍ර අවශ්‍යතාවයකට සරිලන පරිදි ඉබේ ක්‍රියාත්මක විය යුතු නිසා ස්විච් බෝඞ් ඔපරේටර්වරුන් අනවශ්‍ය බවයි.
මෙහිදී සඳහන් කළ යුතු ගැමි කතාවක් ඇත. “වෙන කළ හැකි දෙයක් නොවන නිසා ඔරුව පෙරළුණ පිට හොඳයි”, නොරොච්චෝල බලාගාරයේ පවත්නා සියලු දුර්වලතා මැද රටේ අවශ්‍යතාවට කටයුතු කළ යුතුව ඇත. මෙහිදී නොරොච්චෝල තාප බලාගාරයේ ස්ථාපිත කිරීම දක්වා වූ දුර්වලතා සාධාරණීයකරණය නොකරමි. රටේ අවශ්‍යතාව වෙනුවෙන් දැන් කටයුතු කළ යුතුව ඇත.
නොරොච්චෝල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල රුපියල් 6.50කි. යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වුවහොත් වැඩිපුර වැය වන මුදල දිනකට රුපියල් 100ක් පමණය.
ඒ අතින් නොරොච්චෝල තාප බලාගාරය රටට විශාල සම්පතක් වී ඇත. ප්‍රශ්න රාශියක් මැද මේ තත්ත්වයට පිවිසී ඇත. දැන් කළ හැක්කක් නැත. බලාගාරයේ තත්ත්වය අවබෝධ කරගෙන ඒ අනුව ඉදිරියට යා යුතු බව වැඩිදෙනාගේ මතය වී ඇත.
මේ තත්ත්වය පිළිබඳව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ලලිත් වන්නිආරච්චි මහතාගෙන් විමසුවෙමි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති - අතුල වන්නිආරච්චි
නොරොච්චෝල එක් මැෂින් එකකින් මෙ. වො. 300ක් විදුලිය ලබා දෙන බව කීවත්, එයින් 30ක් යන්ත්‍රය ඇතුළතම පාවිච්චි කර ගැනීම සිදුවෙයි. ඒ අනුව එළියට එන්නේ 270ක ප්‍රමාණයක්. එහි ක්‍රියාදාමයට අනුව පද්ධතිය බිඳ වැටෙන විට අසමතුලිතතාව නිසා විදුලිය දෝලනය වීමත් සිදුවිය. ඇතුළත වාෂ්ප පිටතට දැමීමක් සිදුවිය.
ප්‍රශ්නය- දැන් නොරොච්චෝලෙ හැදිලා ඉවරයි. ඒ නිසා යන්ත්‍රය තේරුම් අරගෙන ක්‍රියා නොකරන්නේ ඇයි?
පිළිතුර- ඒ තත්ත්වය ඇති කර ගැනීමට දැන් සාකච්ඡා කරමින් සිටිනවා. විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ යෝජනා පිළිබඳව චීන ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරනවා. වැඩි වියදමක් යන යෝජනාද මේ අතර තිබෙනවා. දැන් පද්ධතියේ බිඳ වැටීමට ඇති අවස්ථා අවම කරගෙන තිබෙනවා. යන්ත්‍රය නිෂ්පාදකයා එක්ක සාකච්ඡා කරනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළත සාර්ථක විසඳුමක් ලැබේවි. මුළු පද්ධතියම බිඳ වැටීමට ඇති අවස්ථාවට දැන් පිළියම් ලබා දී තිබුණා. කොටුගොඩ බිඳ වැටෙන අවස්ථාවේ, එක යන්ත්‍රයක් පමණක් විසන්ධි වුණා. ප්‍රදේශ කීපයකට පමණක් විදුලිය විසන්ධි වුණත් මුළුමනින්ම කඩා වැටීමක් සිදුවුණේ නැහැ.
ප්‍රශ්නය- විදුලිය අසමතුලිත වන විට යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම පිළිබඳව දැනුම් දෙන ඒකකය පිළිබඳව ඉංජිනේරුවන්ගේ අවධානයක් නැද්ද?
පිළිතුර- යන්ත්‍රයේ පද්ධති පාලන ඒකකයක් තියෙනවා. එහි සමහර අංශ අපේ රටට ගැළපෙන්නේ නැහැ. චීනයේ විශාල පද්ධති වලට ගැළපෙන ආකාරයට සකස් වී ඇති යන්ත්‍රයේ ඇතැම් කොටස් අපිට ගැළපෙන්නේ නැහැ. ඒ පද්ධති පාලනයේ තිබූ දෝෂ මෙරටට ගැළපෙන පරිදි සකසා ගත්තා.
ප්‍රශ්නය- දැන් හදිසි අවස්ථාවකදී මුළු රටේම විදුලිය විසන්ධි වීමේ අනතුරෙන් ගැලවිලාද?
පිළිතුර- සියයට 60ක් 70ක් ගැලවිලා. ඉතිරිය විසඳීමට තව මාස කීපයක් යාවි.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නොරොච්චෝලේ කරච්චලයක්ද?
රොහාන් මිගමුව Saturday, 23 April 2016 08:23 AM
ගල් අඟුරු කියන්නේ ලෝකය භාවිතයෙන් ඉවත්කරන දෙයක්. ලංකාව වැනි රටකට ගැළපෙන්නේ නැහැ. පරිසර දුෂණය ඉහළ අගයක් ගන්නවා. නමුත් හැමදාම හොඳට හිරු පායන අපේ රටේ ඉතාම අඩු වියදමින් විදුලිය නිපදවන්න පුළුවන්. (නි)
සුමුදු Tuesday, 19 April 2016 12:07 PM
තාක්ෂනය නොදන්නා අයට මොනවා දුන්නත් බැරිවේවි උපතේ සිට තිබු දොස මැකීමට තාක්ෂනය දන්නා අය මෙහි වැඩ භාර ගත යුතුය ජීවිතේට නොදැකපු මැෂිමක් ඇත පත ගා වැඩ කළ හැක්කේ ටික කළකි (හේ)