IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව

”අපි පුළුවන් වුණොත් මල් ඔරලෝසුව වැඩ කරන්නෙ කොහොමද කියලත් බලමු.

අපේ හිතමිතුරු සුදේශ් තම රථය පදවන අතරේ අපට කීවේය.

ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව පිහිටා ඇත්තේ ඔන්ටාරියෝ, ක්වීන්ස්ටන්හි සර් ඇඩම්  බොක් බලාගාරය අසලය.

කැනඩාවට අයත් බලාගාරයට අමතරව ඇමරිකානු ඉවුරේ ඇති මේ බලාගාරය ගැනද විස්තර දැනගැනීම වෙනුවෙන් මල් ඔරලෝසුව පිහිටි තැනට යාමට පෙර සුදේශ් අප එතැනට කැඳවාගෙන ගියේය.

නයගරා නැරඹීමට එන සංචාරකයින් කේබල් රථ ඔස්සේ ගොස් ඇමරිකානු ඉවුර ස්පර්ශ කර එන්නේ මෙතැන සිටය. නයගරා ජල දහරාවේ ශක්තියෙන් ප‍්‍රයෝජන ගන්නා ඇමරිකාවට අයත් විදුලිබලාගාරය පිහිටා ඇත්තේ මේ ඉවුර සමීපයේය. යෝධ කොන්කී‍්‍රට් බැම්මක් සහිතවූ එම විදුලිබලාගාර පරිශ‍්‍රය මිනිස් දෑතින් කළා වූ තවත් යෝධ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි වුවද එය පරයා ගිය තවත් විශිෂ්ට  නිර්මාණයක්  ඊට එපිටින් දැකගත හැකිය. එය නම් ලෙවිස්ටන් සහ ක්වින්ස්ටන් ජාත්‍යන්තර පාලමය. එනම් කැනඩාවේ සිට ඇමරිකාවටත්, ඇමරිකාවේ සිට කැනඩාව වෙතත් ප‍්‍රවේශ වන මහා පාලමය. එය සැබැවින්ම විශිෂ්ට වූ යාන්ති‍්‍රක නිර්මාණයකි. කැනඩාව හා ඇමරිකාව අතර භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන විශාල ට‍්‍රක් රථ, ලොරි රථ මෙන්ම පෞද්ගලික වාහන සහ මගී බස්රථ අදාළ මංතීරු ඔස්සේ ධාවනය කෙරේ. ඒ ජාත්‍යන්තර යෝධ පාලමේ හැඩද බැලූ බැලූ අප ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව පිහිටි  ස්ථානයට ළඟාවී සිටියෙමු.

 පුංචි  පොද වැස්සක් වැටෙන්නට විය. එය මායිම් නොකොට අපි මල් ඔරලෝසුව පිහිටි තැන වෙත ඇවිද යන්නට වීමු. නයගරා උද්‍යානයේ ගමනාන්තය වූ මේ මල් ඔරලෝසුව පිහිටි උද්‍යාන  භූමිය ඉතා අලංකාර ලෙස සකසා තිබේ. ඒ නයගරාවේ ඇති උද්‍යාන නිර්මාණ කටයුතු සිදුකෙරෙන පාසල වෙතිනි.
මේපල් ගස යනු කැනඩාවේ ජාතික වෘක්‍ෂයයි. මේපල් ගස් ඇතුළු විවිධ පැහැයෙන් යුතු ගස්වලින් මෙම නිම්නය අලංකාරවී තිබේ.

මල් ඔරලෝසුව සමීපයට අපි ගොස් සිටියෙමු. විවිධ රටවලට අයත් සංචාරකයින් අපට දැකගත හැකිවිය. ඒ සියලූ දෙනා මෙම මල් ඔරලෝසුව පිහිටි තැන සිට සමරු ඡායාරූප

ලබාගැනීමට යුහුසුළු වූහ.

එය කැනඩාවට ආ සංචාරකයනට සොඳුරු සැමරුමක්මය. ඊළඟට උනන්දු වුයේ මල් ඔරලෝසුව ගැන විස්තර දැනගැනීමටය.

1950 වසරේදී මෙම මල් ඔරලෝසුව නිර්මාණය කර ඇත්තේ ඔන්ටාරියෝ ජල විදුලි බලාගාරයේ සිටි කළමනාකාර හා ප‍්‍රධාන ඉංජිනේරුවරයා වූ ආචාර්ය රිචර්ඞ් ලැන්කැස්ටර් විසිනි. 1903දී පමණ ඉදිකරන ලද එඩින්බරෝ ඔරලෝසුවේ විශ්කම්බය අඩි 10ක් වුවද මෙම මල් ඔරලෝසුවේ විශ්කම්භය අඩි40කි. මල්ගස්වලින් සපිරි භූමි ප‍්‍රමාණය පමණක් පළලින් අඩි 38කි. මෙහි දක්නට ලැබෙන තවත් වඩාත් ආකර්ශනීය කොටසක් වන්නේ ඔරලෝසුව වටා ඇති අඩි  10ක් පළල අඩි 85ක් පමණ නැම්මකින් යුත් ජල උද්‍යානයයි. ඔරලෝසුව මුහුණත වැවිල්ල හෙවත් මලින් කරන ලද නිර්මාණ අලංකරණය නඩත්තු කරනු ලබන්නේ නයගරා උද්‍යානයේ සිටින උද්භිද විද්‍යාඥයින් විසිනි.

මෙම මල් ඔරලෝසුවට යොදා ගන්නා මල් සහ පැළවල ස්වරූපය වසරකට දෙවරක් වෙනස් කරයි. වසන්තයේදී වියෝලා මල් වර්ගය සමග හරිත පැහැය ද, සිසිර සමයේදී අළු පාටින්ද යුක්තව සකස් කෙරේ. ටයිම්පීස් ඔරලෝසුවක වැනි මුහුණතින් යුතු මෙම මල් ඔරලෝසුව හැඩ කිරීම සඳහා විවිධ පැළ වර්ග දහසය දහසක් පමණ යොදාගෙන ඇත. ඔරලෝසුව වටා ඇති පාත්ති කුලූනු සේ සකසා ඇති අතර එහි මුහුණත ඉලක්කම් වෙනුවට    N I A G A R A P A R K S යන ඉංගී‍්‍රසි අක්‍ෂර  යොදාගෙන තිබේ. මෙහි ඇති පැය කටුව දක්වන වානේ කටුව අඩි 14 1/2 කින් දිගුය. මිනිත්තු අත අඩි 17 1/2 කින්ද තත්පර කටුව අඩි 21 කින්ද දිගුය. කුලූනේ දොරටුව විවරව ඇති අවස්ථාවලදී ඝඨිකා යන්ත‍්‍රය දැක බලාගැනීමට පුළුවන. ශබ්දවාහිනි යන්ත‍්‍රයක් මගින් සෑම පැය 1/4කට වරක් මෙහි ඔරලෝසු නාදය විසුරුවා හැරේ. අශ්වබල 5කින් යුතු යන්ත‍්‍රයක් ඒ සඳහා යෙදා ගෙන තිබේ. මෙලෙසින් නිර්මාණය වී ඇති මෙම මල් ඔරලෝසුවේ පාලනය මෙන්ම නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ඔන්ටාරියෝ ජල විදුලි මධ්‍යස්ථානය විසිනි. මෙම අලංකාර මල් ඔරලෝසුවේ සුන්දරත්වය රිසිසේ විඳගැනීමට උද්‍යාන අලංකරණ පාලකයින් කටයුතු යොදා තිබුණද මල් ඔරලෝසුව නම් කිසිදු කතා බහක් නැත. හෝරා කටුව, මිනිත්තු කටුව හෝ තත්පර කටුව දිව යන හඬ ඇසෙන්නේද නැත. සෑම මිනිත්තු පහළොවකට වරක්  නංවන නාදය නම් ඉතා මිහිරිය.

 

කැනඩාව් සංචාරයකින් පසු...

 

 

සුන්දර නයගරාව...

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

 



අදහස් (0)

නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව

දයා අලහාකොන් Tuesday, 06 August 2013 05:27 PM

සදුන් ගමගේ මහත්තයාට ස්තුතියි මෙවන් විසිතුරු දේ ලංකාදීපයට එවීම ගැන තවතවත් විඉතුරු දේ පල කරන්න (දී)

:       0       0

ජයී තිසර Thursday, 08 August 2013 04:16 PM

මල් ඔරලෝසුව සමග පළකර ඇති ඉතා වැදගත් විස්තරයට ස්තූති කරමි. මේපල් ගසේ ඇති ලස්සන හැරුණු විට තවත් ප්‍රයෝජනයක් දැන්වීමට කැමත්තෙමි. ශිත කාලයේදී මේපල් ගස්වල කොළ හැලී අප්‍රියල් මාසය මුල කාලයේදී නැවත කොළ දමා ප්‍රාණවත් වීමට පටන් ගනි. ඒ කාලයේදී මේපල් ගස්වල පොත්ත කඳට හානියක් නොවන සේ බටයකින් විද කොළ වලට යවන පැණි සහිත වතුර මිශ්‍රණය එකතුකර ලොකු කල්දේරමකට දමා දුඹුරු පැහැයට උකු වනතුරු රත්කර රසවත් මේපල් සිරප් සාදා ගත හැකිය. (නි)

:       0       0

ශ්‍රීමතී Friday, 16 August 2013 10:39 AM

සැමට ස්තුතියි !! (ස)

:       0       0

ජනනි Sunday, 18 August 2013 09:17 PM

මල් ඔරලෝසුව මාර ලස්සනයි ..... මේ වගේ රසවත් ලිපි ලියන කතෘහට බොහෝ සේ ස්තුති වන්ත වෙනවා!!! (අ)

:       0       0

ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Wednesday, 07 August 2013 09:46 AM

ඉතාම වැදගත් පුවතක්. මෙය පළකළ සියල්ලටම ස්තුතියි. තවත් මෙවැනි හොද වැදගත් දේවල් ඔබ අත‍ර තිබේ නම් පළ කරන්න. (නි)

:       0       0

දිලිප් Wednesday, 07 August 2013 02:07 PM

ලස්සනයි! (නි)

:       0       0

නයන Tuesday, 06 August 2013 10:02 PM

මේක හරිම ලස්සන තැනක්.බලන් ඉන්න ආසයි .අමෙරිචා බෝඅර්දේර් එක ලස්සනට පේනවා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 681 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17809 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site