IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


නිධන් හොරුන් ඩෝසර් කළ අපේ උරුමය

පසුගිය යුද සමයේදී වත් විනාශ නොවූ  නැගෙනහිර පළාතේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වලට වර්තමානයේ අත්ව තිබෙන්නේ ශෝචනීය ඉරණමකි. විශේෂයෙන්ම දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයට අයත් වෙරළබඩ ප‍්‍රදේශයේ බොහෝ සිද්ධස්ථාන දිනෙන් දිනම අන්‍යාගමිකයින්ගේ කුරිරු හස්තයනට අසුවී විනාශ වෙන්නට පටන් ගෙන ඇත. යුද සමයන් හි එවැනි ප‍්‍රදේශවලට ළඟාවීමට නොහැකි වූ නිසාදෝ එම ස්ථාන ආරක්ෂා වී තිබුණ බව පැහැදිලිය. කෙසේ නමුත් දැන් වෙරළබඩ ප‍්‍රදේශයේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන දෙකක් විනාශ කර දමා හමාරය. මීට මාස කීපයකට පෙර අක්කරපත්තුවේ අලයාඩිවෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල කන්ද පාමුල පිහිටි දාගැබක් ද ඩෝසර් කර දැමුවේය. ඉන් මාස කීපයකට අනතුරුව ඉකුත් 23, 24 සහ 25 යන තෙදින තුළ ඊට යාබද තිරික්කෝවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගම ප‍්‍රදේශයට යාබද ඌරක්කල් නැමති කුඹුරු යායේ උස් බිමක පිහිටි ඉපැරණි සුවිසල් දාගැබක් ඩෝසර් කර ඒ මැද හාරා වටිනා නිධන් වස්තු සොරා ගෙන තිබුණි. දින කීපයක් තිස්සේ මෙලෙස ඩෝසර් කරමින් සිටිය දී අම්පාර පොලිස් කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට තොරතුරු ලැබුණි. වහාම ක‍්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජාලිය දලූවත්ත, පොලිස් සැරයන් චන්න ප‍්‍රනාන්දු යන මහත්වරුන් සාමාන්‍ය මිනිසුන් ලෙස වෙස් ගෙන එම ස්ථානයට ගොස් මෙම විනාශයේ තතු සොයා බලා වහාම අම්පාර කොට්ඨාසයේ පුරා විද්‍යා ආරක්ෂණ ඒකකයට දැනුම් දුන්නේය. අනතුරුව එම නිලධාරීහු වැටලීම් කර දමිළ පුද්ගලයන් 07 දෙනකු සහ එම කටයුත්ත සඳහා භාවිත කළ ඩෝසරයද අත්අඩංගුවට ගෙන තිරික්කෝවිල් පොලිසියට භාරදුන් අතර එම පොලීසිය මගින් ඔවුන් සහ ඩෝසරය පොතුවිල් උසාවියට ඉදිරිපත් කළේය. ඒ අනුව පොතුවිල් උසාවියේ වැඩ බලන මහේස්ත‍්‍රාත් යූ.එල්. හිල්මි මහතා විසින් එම සැකකරුවන් ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග දෙන ලදී. මෙවැනි විශාල දාගැබක් තුළ වටිනා නිදන් වස්තු තිබිය යුතු බව බොහෝ දෙනා පැවසූ අතර එසේ නම් ඒවාට සිදුවූයේ කුමක් ද යන්න ප‍්‍රශ්නාර්ථයක් විය. ඉකුත් 27 වැනිදා සවස් භාගයේ එයටද පිළිතුරක් ලැබුණි. මෙම වටිනා නිදන් වස්තු සඟවාගෙන සිටින පුද්ගලයා පිළිබඳව තිරික්කෝවිල් පොලීසියට තොරතුරක් ලැබිණි. ඒ අනුව තිරික්කෝවිල්, අංක 2 ගම්මානයේ පුද්ගලයකු අත්අඩංගුවට ගැණිනි. ඔහු සතුව තිබූ වටිනා නිදන් වස්තු රැසක්ද සොයා ගත හැකි විය. මෙම සැකකරු මීට පෙර අත්අඩංගුවට ගත් 7 දෙනා අතර සිටි ජාලී පෝඩි ශිිවානන්දන් හෙවත් ශිවා නැමැත්තාගේ පුත‍්‍රයකු බවද පොලීසිය සඳහන් කළේය. මීට මාස ගණනාවකට පෙර මොට්ටයාගල දාගැබ ඩෝසර් කිරීමෙන් පසුව එම ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව හැඳින්වෙන නාම පුවරුවක් හෝ ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බව මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනා චෝදනා කළහ. එම ස්ථානයේ ඉහළ කඳු ගැටයේ ද ශේෂ වී ගිය දාගැබකි. කෙසේ නමුත් නැගෙනහිර ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමෙහි ලා ඉමහත් වෙහෙසක් දරණ හිමිවරුන් අතර දිගාමඩුල්ලේ සිටින ප‍්‍රධානම හිමි නමක් වූ අම්පාර ශී‍්‍ර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් සිද්ධිය සැළ වූ විගස එම ස්ථානයට ගොස් මේ මහා අපරාධය සියැසින් දුටුවේය. එම දාගැබ ඩෝසර් කර තිබූ ආකාරය සැබවින්ම හද කම්පාකරවනසුළුය. දාගැබ වටාම ඩෝසර් කර එම ගඩොල් සහ පස් හොඳින් සමතලා කර ඉන් පසුව දා ගැබ දෙපළු වන සේ අඩි දහයක් දොළහක් යටට හාරා ඇත. ඉතා සවිමත් ගඩොළු තැන තැන විසිර තිබුණි. දැන් මේ දාගැබේ ප‍්‍රමාණය අනුව බලද්දී අතීත රජ දවසේ මෙය අඩි හැට හැත්තෑවකට වඩා උසකට තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. දාගැබ වටා කැණීම් කළහොත් මෙහි තවත් කොටස් පාදා ගත හැකි බව සෝමරතන හිමියෝ සඳහන් කළහ. පෙර සේම කිරිඳිවැල සෝමරතන හිමියන් වහාම සියළු වගකිවයුත්තන්ට මේ මහා අපරාධය පිළිබඳව දැනුම් දුන් අතර දැන්වත් මෙවැනි ඓතිහාසික ස්ථාන රැක ගැනීමට පෙරට එන්නැයි ද ඉල්ලා සිටියේය. මෙම ඓතිහාසික පූජා භූමිය වනසා ඇති බව කණවැකුණු පසු බොහෝ දෙනා මෙම ස්ථානයට ඇදී එන්නට වූහ. ඒ අනුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිිමියන් ඇතුළු පිරිසක්ද කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු පිරිසක්ද අම්පාර වෙළඳ සංගමයේ පිරිසක්ද අම්පාර නගරයේ තරුණ පිරිසක්ද  වූහ. මීට අමතරව අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික‍්‍රම, උප නගරාධිපති චමින්ද සුගත්, නාගරික මන්ත‍්‍රීවරුන් වන කැළුම් ප‍්‍රනාන්දු, දුලිප් කුමානායක යන මහත්වරුද, අක්කරපත්තුව බෞද්ධ සංගමයේ සභාපති සමන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. දාගැබ වටා ද දැකුම්කළු වෙල් යායයි. මෙම ස්ථානයට ගිය සියළු දෙනාම මහ සඟ රුවන පෙරටු කරගෙන බැනර් පෝස්ටර් සහිතව විරෝධතාවයක නිරත වූහ. මෙහිදී අදහස් දැක්වූ කිරිඳිවැල සෝමරතන හිමියෝ මෙසේ ද සඳහන් කළහ. ජනාධිපති තුමන් මේ රටේ යුද්ධය අවසන් කළා. මේ රටට නිදහස ලබා දුන්නා. අපි ඒ   පිළිබඳව ස්තූති වන්ත වෙනවා. නමුත් දැන් මේ ප‍්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ වෙනවා. මීට පෙර කීප වරක්ම මේවා පිළිබඳව පුරාවිද්‍යා බලධාරින්ටත් අනෙක් සියලූ බලධාරින්ටත් කිව්වා. නමුත් වැඩක් වුනේ නැහැ. මීට කලින් දීඝවාපි පරිවාර චෛත්‍යයක් ඩෝසර් කළා. මොට්ටයාගල චෛත්‍යයක් එහෙම පිටින්ම ඩෝසර් කළා. දැන් මේ ඌරක්කල් චෛත්‍යය ඩෝසර් කළා. එහෙත් බලධාරින් නිහඬයි. දැන්වත් මේවා ආරක්ෂා කිරීමේ, සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුයි. නිධන් ගැනීමේ චේතනාවෙන් පමණක් නෙවෙයි, අපේ උරුමය මකා දැමීමේ අරමුණිනුත් තමයි  ධන වැද්දන් මේ මහා අපරාධය කරලා තියෙන්නේ. අපි කිසිම ජන කොට්ඨාසයකට විරුද්ධ නෑ. අපි උත්සහ කරන්නේ අපේ උරුමය රැක ගන්නයි. අතීත රජ දරුවන් මේවා බුදු සසුනට පූජා කළේ බුදු සසුන බබළවන්නයි. මෑත කාලයේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මේවා රැක ගත්තේ අනාගත පරම්පරාව වෙනුවෙන්. මේවා රැුක ගැනීම ඔවුන්ට කරන පූජනීය උපහාරයක් ලෙස සැලකිය යුතුයි. ජනාධිපතිතුමාගෙන් අප නැවත නැවත ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර නැගෙනහිර බොදු උරුමය රැක දෙන ලෙසයි. මෙහිදී අදහස් දැක් වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ. අද නැගෙනහිර මුස්ලිම් අන්තවාදය ක‍්‍රියාත්මක වෙනවා. මේ රටේ උරුමය එක එක මිනිස්සුන්ට  ඕන  විදිහට විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. මේවා මේ රටේ අනාගත පරම්පරාවට  අයිති දේවල්. මේ තමයි බොදු ජනතාවගේ උරුමය. තවමත් මේ රටේ බෙදුම් වාදයේ අඳුරු සෙවනැලි හොල්මන් කරනවා. උන්ට  ඕන අපේ අනන්‍යතාව නැති කරන්න. ඒ නිසා මේවා දුරදීම දැකලා නිහඬ කළ යුතුයි. මොට්ටයාගල ඩෝසර් කරපු වෙලාවේ අපි ඉල්ලීම් කළා ඒ ස්ථානය ගැසට් කරන්න කියලා. පුරාවිද්‍යා මහත්වරු තවත් මර නින්දේ. නිසැකවම අපි තව දින කීපයකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. කරුණාකරලා මේවා අරක්ෂා කරපල්ලා. අපි අහන්නේ තොපි නිදිද කියලයි. මේවා අපේ උරුමය විතරක් නොවෙයි, මේවා සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ගේ උරුමයන්. පුරාවිද්‍යා, වන සංරක්ෂණ  අණ පනත් සුද්දෝ හදපුවා. මේවායින් මේ බොදු උරුමයන් රකින්න බැහැ. මේවා වෙනස් විය යුතුයි. මේ රටේ 64000ක් වැව් හැදුවේ සිංහලයෝ. එක මුසල්මානුවෙක් එක වැවක් හැදුවේ නෑ. එක දාගැබක් හැදුවේ නැහැ. අදත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නේ සුද්දෝ වගේ නිළධාරි පැළැන්තියක්. උන් තවමත් නිදි. මම මේවා වගකීමෙන් කියන්නේ. පඹයෝ නොවෙන නිලධාරි පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරන්න කියලා අපි රජයෙන්  ඉල්ලා සිටිනවා. ඒ වගේම කොන්ද පණ තියෙන ඇමැතිවරුන් අදාළ අමාත්‍යාංශ වලට පත් කළ යුතුයි.” ඥානසාර හිමියෝ කීහ.

සටහන, සේයාරූ- දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර  වසන්ත චන්ද්‍රපාල
දාගැබ දෙපලූකර පාරක් කපා ඇති හැටි ඩෝසර් කළ දාගැබ භික්ෂූන් වහන්සේගේ විරෝධය



අදහස් (0)

නිධන් හොරුන් ඩෝසර් කළ අපේ උරුමය

නන්දන Saturday, 08 December 2012 09:15 PM

මේවාගෙ දේවල් කරන අයට උපදින්නේ අංග විකල දරුවො... (නි)

:       0       0

පුබුදු Monday, 03 December 2012 02:24 AM

මේවද ජාති ජාතිත් පලදෙන පාප කර්ම (දී)

:       0       0

සම්පත් - කුවේට් Wednesday, 05 December 2012 12:45 AM

බුදුදහමට නිගා කරන අයට තව ආත්මයක් නෑ. (ත)

:       0       0

ලසිත Wednesday, 05 December 2012 11:49 AM

මේවා අහස පොලොව නුහුලන අපරාධ (දී)

:       0       0

සුජිත් Thursday, 06 December 2012 09:42 PM

මේවා මේ ආත්මයේදීම පලදෙන පාප කාර්ම (දී)

:       0       0

පුෂ්ප - ජර්මනිය Thursday, 06 December 2012 09:56 PM

රටක සංස්කෘතිය, කලාව, සංගීතය වැනි ඵෙතිහාසික වටිනාකම් ඇති වස්තුන් ආරක්ෂා කිරීම එම රටේ රජය සතු වගකීමක් වේ. අපේ රටේ මෙම වස්තුන් සිංහල, දෙමල, මුස්ලිම් හෝ වෙනත් ජාතින් විසින් නිමවුණු දේවල් වෙන්න පුළුවන්. රජයේ පරම යුතුකම වනුයේ ඒවා හොඳින් ආරක්ෂා කිරීමයි. මෙම කටයුත්තේදී ජාති හෝ ආගම් භේද රජ නොකළ යුතුය. යුරෝපයේ රටවල් තමාගේ ජාතික වස්තුන් ආරක්ෂා කිරීමට ගන්න වෙහෙස කරුණාකර උදාහරණයකට ගන්න. වටිනා, වැදගත් ඉතිහාසක් තිබෙන ලංකා ඉතිහාසය ආර්ථික වාසි වලට මුලාවී මේ කරන අපරාධ වලට තව දුරටත් ගොදුරුවීමට ඉඩ නොදී අපගේ සංස්කෘතිය ආරක්ෂා කරන්න දැන්වත් ඉක්මන් වෙනු මැනව. මෙවැනි වස්තුන් ආරක්ෂා කිරීමට සැහෙන නීති මඩුල්ලක් තවමත් නැතිනම් අලුත් නීති පනවා ජාතික වස්තුන් ආරක්ෂා කරන ලෙස විශේෂයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

රත්නායක Monday, 03 December 2012 11:13 AM

උපදින උපදින හැම ආත්මයකදීම ඕව ගෙවන්නවෙනවා ( දී)

:       0       0

සමන් Saturday, 08 December 2012 10:36 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

රිනාස් Wednesday, 05 December 2012 08:42 PM

නිදන් හොරුන්ට නෙවේ මෙතන චෝදනා කරල තියෙන්නෙ... හොරකම් කරන පුද්ගලයන්ට දඩුවම් නොදි ඒකේ මුවාවෙන් තව ජන කොට්ඨාසයකගේ ඔලුවට අත හෝදන්නයි හදන්නෙ. (ස)

:       0       0

මුතු Monday, 03 December 2012 07:29 PM

මේවා කාගේ උවමනාවට කල දේවල්ද (දී)

:       0       0

අසෝක රාජපක්ෂ Monday, 03 December 2012 12:59 PM

ඔය මස්කඩ වහන්න කියන ඇමතිලා ඕවට කතා කරන්නේ නැද්ද (දී)

:       0       0

මුතුකුඩ Friday, 07 December 2012 11:04 PM

රිස්නා ඔබේ කතාවත් ඇත්ත. පුෂ්පා ඔබේ කතාවත් ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 683 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1591 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site