(කාංචන කුමාර ආරියදාස)
දාහත් හැවිරිදි නංගිට බියේ විසිනව හැවිරිදි අයියා කුකුළු කූඩුවක දිවිගෙවන සංවේදී පුවතක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම සොහොයුරියත් සොහොයුරාත් යම්කිසි ආබාධිත තත්ත්වයකින් පසුවෙති. මොවුන් දෙදෙනා කුඩා කල පටන් එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීම සහ එකිනෙකා අසළ සිටීමට පවා නොහැකිවීම නිසා ඔවුන්ගේ මව්පිය දෙපළ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති.
කුලී වැඩ කිරීමෙන් දවස සරි කරගන්නා මොවුන්ගේ දෙමව්පියෝ වසර ගණනාවක පටන් දුක් විඳිති. ඔවුන්ගේ වැඩිමල් පුතුට වයස අවුරුදු 29 කි. උපතේ සිටම ආබාධිත තත්ත්වයේ පසුවන ඔහු රෝගාබාධ කීපයකින් පෙළෙයි. දෙවැනි දරුවා වශයෙන් උපත ලබා ඇති දියණිය දැනට දාහත් වැනි වියේ පසුවන්නීය. ඇයද කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙයි. කුඩා කල පටන් මොවුන් දෙදෙනා අතර දැඩි වෙනස්කම් දක්නට ලැබීමත් සමඟ ඔවුන්ගේ දෙමව්පියන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී ඇත.
ඔවුන්ගේ මව වූ එච්. එම්. ධර්මා චිත්‍රානි (48) මහත්මිය කියා සිටියේ දරුවන් දෙදෙනාව කුඩා කාලයේ තම සැමියා ළඟ තබා තමා විදේශගතව වසර දෙකකට වැඩි කාලයක් එහි සිට ඉපැයූ මුදලින් නිවස තනා ගත් බවය. සැමියාත් තමාත් මාරුවෙන් මාරුවට කුලී වැඩට යන බවද, තම දරුවන් ජීවත් කරවීම සඳහා සමෘද්ධි සහනාධාරය ඉල්ලා සිටිමුත් එය ද නොලැබුණුබව ඇය පැවසුවාය. මෙවර නව සමෘද්ධි සහනාධාර ලාභීන් තෝරද්දී තම පවුලට සුදුසුකම් නොමැති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පැවසූ බවත් ඒවා දේශපාලන තෝරාගැනීම් නිසා තමන්ට සුදුසුකම් නොලැබීම කණගාටුවට කරුණක් බවත් ඇය අප සමඟ කීවාය.
මෙම දරුවන්ගේ පියා වූ ඒ. එම්. ජයසිංහ බණ්ඩාර(55) මහතා කියා සිටියේ තම දරුවන් දෙදෙනාට මව සහ පියා ළඟම සිටිය යුතු බව යි. දෙදෙනා එකම ස්ථානයක තැබීමට නොහැකි බවත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් අතර ඇතිවන ගැටුම් වළක්වාලීමට තමන්ට සහ බිරිඳටත් නොහැකි වන බව පැවසීය. දියණිය නිතරම සිය සොහොයුරා සමඟ ගැටුම් ඇතිකරගන්නා බවත්, ඇයට ක්ෂණිකව කෝපය ඇති වන බවත් ඔහු පැවසීය. මේ හේතුව නිසා නැගණියට බයේ අයියා ගෙය පිටුපස ඇති කුකුළු කූඩුවට යන බවත් එයින් පිටතට ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරුවද ඔහු නිවසට නොඑන බවත් පියා සඳහන් කළේය. අප එහි ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා අපහසුවෙන් පුතුව කූඩුවෙන් පිටතට ගත් අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය අපට දැකගත හැකිවිය.
තමන් පදිංචිව සිටින දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා අවම වශයෙන් කුඩා වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් නිවසේ සිට මෙම දරුවන් රැකබලා ගැනීමට අවස්ථාවක් සලසා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. කුලී වැඩටයෑම හේතුවෙන් දරු දෙදෙනාගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බවත් තම වැඩිමහල් පුතාට අසීමිත ලෙස ආහාර අවශ්‍යතාවයක් පැවතීම හේතුවෙන් එයද ඉටු කර ගත නොහැකිබව සිටින බවත් ඇය පැවයසුවාය.
ඔවුන්ගේ ලිපිනය වන්නේ එච්. එම්. ජයසිංහ බණ්ඩා, 454, ඉබ්බන්කටුව, දඹුල්ල යි. 071 7762341 දුරකථන අංකය මගින් මොවුන් හා සම්බන්ධ විය හැක. ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ එච්. එම්. ධර්මා චිත්‍රානි ගිණුම් අංක 7149755 ට මූල්‍යමය දායකත්වයන් දැක්විය හැකිය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නඟාට බියේ අයියා කුකුළු කුඩුවේ
Cisco Monday, 08 October 2018 07:25 AM
සසරේ ඇති කරගත් ගනු(සහ)දෙනු මේ භවයේ එක කුස සහෝදරයන් වී ඉපදුනත්!
මගුල සංසාරේ Saturday, 13 October 2018 07:46 AM
කුණුහරප නොකියා ඉන්නවද? මගුල සසරක් නෙවෙයි මේ තරුණ දෙපලට මානසික ලෙඩක්, දක්ෂ වෛද්‍යවරයෙක්ට පෙන්වන්නයි උත්සාහ ගන්න ඕනේ...
Bamunuarachchi Monday, 08 October 2018 02:11 PM
අනුකම්පා කරනවා හැරෙන්න අපි මොනවා කරන්නද?
ලුම්බිණි Tuesday, 09 October 2018 04:27 AM
මෙම දරුවන් කිසියම් මානසික තත්වයක් නිසා මෙහෙම වෙන්න ඇති. මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වනවා නම් සමහර විට ප්‍රතිපලයක් ලැබේවි.
R.P.B. Nishadhi Thursday, 18 October 2018 06:04 AM
කරුණාකර මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරවන්න.....