හපුතලේ සත්කඳුරු පුරාණ විහාරය, තලාවැල්ල විහාරය හා බෝලෑපේ පන්සල විහාරයන්හි අධිපති හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති නිකහැටියේ සඳදෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් 20 වැනිදා අපවත් වී වදාළහ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
උන්වහන්සේගේ පරමාර්ථය ධර්මානුකූල විය. මිනිසා පිළිබඳ යහපත් ආකල්ප දැරුවේය. උන්වහන්සේ යහපත් චරිතයකින් හෙබි බුද්ධ ශ්‍රාවකයකු වූහ. සාධාරණත්වය, විශ්වාසය, ත්‍යාගවන්ත බව, ස්ථානෝචිත ප්‍රඥාව, ස්වයං විනය, මානුෂිකත්වය, ප්‍රියශීලි බව යන ගුණාංග ඉහල මට්ටමකින් පවත්වාගෙන ගියහ.
උන්වහන්සේගේ ශාසනික ශ්‍රී නාමය නිකහැටියේ චන්දජෝති වුවත් දෙස බල රැස වෙනුවෙන් වූ හැඟීම් නිසාම හෙළහවුලට සම්බන්ධ වෙමින් සඳදෝ යන නාමය භාවිතා කළහ. ලේඛනයට මහත් බුහුටිකමක් දැක්වූ උන්වහන්සේ විවිධ ලිපි ලේඛන රාශියක් ලියූහ. උන්වහන්සේ නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ හා කිරුළපන ශ්‍රී පූර්වාරාමය යන විහාරස්ථානවල වෙසෙමින් සමාජයීය කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළහ. සර්වෝදය උන්වහන්සේ ප්‍රිය කළ එක් සංවිධානයකි. ඒ හා සම්බන්ධ වෙමින් විවිධ සාමාජික සේවාවන් රාශියක් දිවා රෑ දෙකෙහි සිදු කළහ. හේවාහැට ගම්මාන කේන්ද්‍ර කරගෙන ආදර්ශමත් සර්වෝද ගම්මානය ඉදි කළහ.
උන්වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙනම ලක්ෂණය වූයේ පිළිවෙළට වැඩ කිරීමය. අධ්‍යාපනය ලබන අවධියේ සිට පිළිවෙළට වැඩ කිරීම නිසා තමන් තුළත් ඇසුරු කරන පිරිස තුළත් දියුණුව ඇති විය. මුල් අවධියේ සිට තමන්ට අයත් ලිපි ලේඛන පිළිවෙළට අමුණා ලේඛනාගාරයක් පවත්වාගෙන ගියහ.
විශේෂයෙන් පාතහේවාහැට ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තනතුර දරමින් ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවීමට අපමණ කැපවීමක් සිදු කළහ. වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවයේ අත්පොත තුළ ක්‍රමානුකූල බවක් විය. අංකනය කරමින් එකිනෙකා ගලායන අයුරින් සියලු කරුණු අළලා ලියනු ලබන එම ලිපිය වාර්තාවක්ම නොවේ. ආදර්ශ සම්පන්න ලේඛනයකි. නිරවුල් බස් වහර හා අපක්ෂපාතී අදහස් දැක්වීම සියලු දෙනාගේ සිත් ගත්තේය.
සඳදෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේ හේවාහැට ආදර්ශමත් ගම්මානයක් හැදුවේය. එය බෝලෑපේ ගම්මානයයි. එය ගොවිතැනින් ගැමියන් ජීවත් වන දුෂ්කර ගම්මානයක් විය. බෝලෑපේ ගම්මානය දෙස් විදෙස් ජනයා අතර සුපතල වූයේ සඳදෝ හාමුදුරුවන් වහන්සේ නිසාය. පළාත්වාසීන් අතර ගුණ යහපත් පිරිසක් හා ආගමික භක්තිය ඇති පිරිසක් වාසය කරන ගම්මානයක් බවට එය පත්කළහ. පන්සලේ ආගමික කටයුතුවල ඇති පිළිවෙළ ඉතා විශිෂ්ටය. ආගමික වතාවත් බාල, තරුණ, වැඩිහිටි සියලු දෙනා එක්ව ඉතාමත් පිළිවෙළකට ආදර්ශ සම්පන්නව සිදු කළහ.
පන්සල යන වචනය විහාරස්ථානයකට භාවිත කරන අවස්ථා දුර්ලභය. ‘බෝලෑපේ පන්සල’ යන නාමය ඒ අතර කැපී පෙනෙයි. විහාරස්ථානයේ ද ආගමික කටයුතුවල ද භෞතික භාණ්ඩ පරිහරණයේ ද කිසියම් පිළිවෙළක් හා ක්‍රමවක් බවක් විය. භාණ්ඩ නිසි තැන පිළිවෙළකට තැබීම උන්වහන්සේගේ චරිතයේ ලක්ෂණයකි. අනවශ්‍ය දේ රැස් නොකළහ. ගම්වාසීන්ගේ මගුල් අවමගුල් ගෙවල්වලට අවශ්‍ය භාණ්ඩ පන්සලෙන් රැගෙන ගොස් ඒ කටයුතු නිසි පරිදි සිදු කළහ. එවැන අවස්ථා ලබා දෙමින් සමාජීය වශයෙන් ගමට උදව් උපකාර කළහ. ගමෙහි සිදුවන ආගමික කටයුතු නිසි පිළිවෙළට මනා හික්මීමකින් යුක්තව ශ්‍රද්ධාව භක්තිය ජනනය කරන ආකාරයට සිදු කළහ. එසේම සෑම උත්සවයක්ම චාම් විය. මෙසේ ගමත් පන්සලත් අතර ආගමික හා සාමාජීය වශයෙන් මනා සම්බන්ධතාවයක් ගොඩනැඟුණේය.
උන්වහන්සේ සාමාජීය වශයෙන් ඉමහත් සේවයක් සිදු කළහ. ඒ අතර මරස්සන මහරෝහලේ භික්ෂූණ් වහන්සේලා වෙනුවෙන් භික්ෂු වාට්ටුවක් ඉදි කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. එය වාර්ෂිකව නඩත්තු කිරීම ද සිදු කළහ. මාරස්සන රෝහලට අවශ්‍යව තිබුණු සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමැති වීම නිසා රෝගීන් විඳින දුක දුටු උන්වහන්සේ සෙසු ගිහි පැවිදි සැමගේ සහයෝගයෙන් එම යන්ත්‍රයක් මිලදී ගෙන රෝහලට පරිත්‍යාග කළහ.
ප්‍රදේශයේ දුර්ලභ ගණයේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදි කළහ. උන්වහන්සේගේ ගුරුදේවයන් වූ පනන්වල පියරතන හෙවත් බෝලෑපේ ලොකුහාමුදුරුවෝ මෙම විහාරස්ථානයේ ආරම්භකයා වූහ. උන්වහන්සේ වසර තිහකට පෙර අපවත් වූහ. සිය ගුරු හිමියන්ගේ අවවාද යටතේ සිය විහාරස්ථානය සියලු විහාරෝපංගයන්ගෙන් සමන්විත කිරීම ශාසනික වශයෙන් වැදගත් විය. බෝලෑපේ ලොකුහාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු ශාසනික කටයුතුවල පුරෝගාමියා වූයේ සඳදෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේගේ සේවය මතු පරපුරටත් ගෙන යා හැකි භික්ෂු පිරිසක් ජාතියට දායාද කළහ.
උන්වහන්සේගේ ජීවිතයේ වැඩි කාලයක් වෙන් වූයේ හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ දියුණුව වෙනුවෙන්ය. දිනපතා සේවයට පැමිණෙන උන්වහන්සේ රාජකාරිය සිය ජීවිතයේ කොටසක් වශයෙන් සිතූහ. උන්වහන්සේ ගුරුවරයකු, නියෝජ්‍ය විදුහල්පති හා විදුහල්පති දක්වා පැමිණි ගමනේදී මහත් කැපවීමෙන් උනන්දුවෙන් නොපසුබට උත්සාහයෙන් කටයුතු කළහ. විදුහල්පති වශයෙන් කටයුතු කරන සමයේදී අලුයම පාසලට යන උන්වහන්සේ නේවාසිකාගාරයේ සිටින දරුවන්ගේ රාත්‍රී භෝජනය ද පරීක්ෂාකර පාසලෙන් නික්මෙති. නිවාඩු සමයේ පාසල ඊළඟ පාසල් වාරය ආරම්භ කිරීමට සූදානම් කරන උන්වහන්සේ පාසල සුන්දර මෙන්ම අලංකාර ස්ථානයක් බවට පත් කළහ. හේවාහැට මැදි විදුහලෙහි බිහි වූ දහස් ගණන් සිසු ප්‍රජාවට උන්වහන්සේ ධර්මාචාර්යයන් වහන්සේ වූහ. සඳදෝ හාමුදුරුවෝ යන වචන කන දැවටෙත්ම හික්මීමෙන් කටයුතු කිරීමට තරම් අනගි අපූර්ව පෞරුෂයක් උන්වහන්සේ තුළ විය. එය ආදර්ශයට ගත් සිසු ප්‍රජාව අපමණය.
රටක් සමාජයක් ගොඩනගා භික්ෂු පිරිසක් ශාසනයට දායාද කළ දුර්ලභ ගණයේ ගුණාංග සමුදායකින් හෙබි හේවාහැට ප්‍රදේශය රටට යහපත් පුරවැසියන් දායාද කළ තෝතැන්නක් බවට පත් කරමින් සුඛිත මුදිත බෞද්ධ ජන සමාජයක් ගොඩනැංවූ නිකහැටියේ සඳදෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිර්වාණ සුව අත්වේවායි අපි සියල්ලෝම පහන් සංවේගයෙන් යුතුව ප්‍රාර්ථනා කරමු.
(*** පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. මහින්ද හේරත්)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිකහැටියේ සඳදෝ හිමියෝ
Ano Thursday, 30 September 2021 02:20 PM
මම උන්වහන්සේ දැනහඳුනාගත්තේ 1987 දී පාතහේවාහැට වැඩකරන කාලේ...