IMG-LOGO

ධවල ගංගාවෙන් මතුවූ දැවැන්තයා

 

ධවල ගංඟාවේ වරින්වර මතුවූ මේ අසාමාන්‍ය යෝධ සතා පිළිබඳ කතාව මිත්‍යාවක් නොවුවද එය නොවිසඳුන රහසක්ව පවතී.
මෙය ඇමෙරිකාවේ අරකන්භස් ප‍්‍රාන්තයේ පිහිටි වයිට් රිවර් හෙවත් ධවල ගංඟාව ආශ‍්‍රිතව මිනිසුන් විසින් දැකගනු ලැබූ අත්භූත සතෙක් පිළිබඳව කතාවකි. 


ලෝකයේ විවිධ රටවලින් ඇමෙරිකාව බලා පදිංචියට පිවිසි ජනයා රටේ විවිධ ස්ථානයන්හි පදිංචි වූහ. අරකන්භස් ප‍්‍රදේශයද මේ ආකාරයෙන් ගෝත‍්‍රික ජනයාගෙන් ගිලිහී සංක‍්‍රමණිකයන්ගේ වාසස්ථානයක් බවට පත්විය. 


වයිට් ගංඟාවේ අද්භූත යෝධ සතා ප‍්‍රථම වතාවට මේ සංක‍්‍රමනිකයින් දැක ඇත්තේ 1890 දීය. මේ යෝධ සතා හැඩයෙන් කටුස්සකුට සමානවිය. අඩි පහක් තරම් පළල්වූ ශරීරයක් ඌට තිබුණු අතර දිග අඩි විස්සක් තරම් විය. ගඟ දියේ පීනායන මස් වැදැල්ලක් සේ දිස්වුවද, ගංඟා ඉවුරේ කටුස්සකුගේ මෙන් කොට බෙල්ලක් සහිතව පාද හතර ඇතිව මේ සතා සිටිනවා දැක ඇති මිනිස්සු ඒ ගැන විස්තර කළහ. ගංඟා දිය ආශ‍්‍රිතව වගාකටයුතු වල නිරත ආදි ඇමෙරිකානුවෝ ඩයිනමයිට් යොදා මේ සතා මරාදැමීමට සූදානම් වූහ. ප‍්‍රාන්ත පාලනය වහාම මේ අදියර නීතියෙන් තහනම් කොට මේ අපූරු සතාගේ ජීවිතය රැකදීමට ආරක්‍ෂිත පියවර ගත්හ. මේ සතා දුටු බොහෝ දෙනා සතාගේ හැඩරුව එකම ආකාරයකට විස්තර කළද, සතාගේ දිග පළල වෙනස්ව විස්තර කළහ. මේ නිසා මේ ගංඟාවේ මෙම අද්භූත සතුන් එකකුට වඩා සිටිය හැකියැයි නිගමනය කළහ. 


අද්භූතයාගේ ආරංචිය ඇමෙරිකාව පුරා පතලවීමත් සමග, අද මෙන් ප‍්‍රවාහන පහසුකම් නොතිබුණු යුගයක් වුවද මිනිස්සු ධවල ගංඟාව කරා පැමිණියේ මේ අපූරු සතා දැක බලාගන්නටය. මේ තත්ත්වය ඇතිවූයේ 1915 පමණය. මේ සතා වරින්වර ගංඟාවේ තැන තැන දැක ගත් වාර්තා වරින්වර පැතිර ගියද 1937 ජුලි මාසයේදී අද්භූතයා පිළිබඳ විශේෂ ආරංචියක් ඇමෙරිකාව පුරා පැතිර ගියේය. 
මිසිසිපි ගංඟාවේ අතු ගංගාවක්වූ වයිට් ගංඟාවේ මසුන් ඇල්ලීමේ නිරත ධීවර පිරිසක් ගංඟාවේ ඉවුරේ සිටින සතෙක් ඈත සිටම දැකගත්හ. මේ ගැන ධීවරයෝ අසල වගාබිමේ අයිතිකරුට දන්වා සිටියහ. බ‍්‍රැමාලට් බැට්මෑන් නම් මේ වගාබිම අයිතිකරු පුවත ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් අවසානයේ ඒ ගැන නිරීක්‍ෂණය කිරීමට නිගමනය කළේය.


බැට්මෑන්ට තමන් දුටුදේ පිළිබඳව දෙනෙත් අදහාගත නොහැකිවිය. ‘‘පුදුම සතෙක්.... හම හරියටම අලියෙකුගේ හමක් වගෙයි. අඩි පහක් තරම් පළලයි. අඩි දොළහකටත් වඩා දිගයි. හරියට බළල් මාළුවෙකුගේ වගෙයි මුහුණ. මං දැකලා දියට බැහැලා.. පාවෙවී හිටියා.... පස්සේ ගැඹුරු දියට ගියා...’’


‘‘නැවත වතාවක් මේ සතා ආවොත් මං වෙඩි තියනවා... මගේ වගාබිමට මේ සතා තර්ජනයක්...’’යි බැට්මෑන් ප‍්‍රකාශ කළේය. එහෙත් එයට මැදිහත්වූ අරකන්භස් පාලනය සතා වෙඩි තැබීම තහනම් කළේය. 


බැට්මෑන්ගේ කතාව ගොතන ලද බොරුවකැයි තවත් කොටසක් ප‍්‍රචාරයක් ගෙනගියද, මේ වනවිට මේ අද්භූත සතා දුටු සියයකට වැඩි පිරිසක් සිටිය හෙයින් ඒ කතාව යම් තරමකට මර්දනය විය. 


මේ අද්භූත සතා නැවත මතුවී රටපුරා කලබැගෑනියක් ඇතිවූයේ 1971 දීය. මේ අත්දැකීමට පාත‍්‍රවූයේද ධීවරයෙකි. ඔහු පවසන අන්දමට ”මගේ බෝට්ටුවට බොහොම කිට්ටුවෙන්ම එකපාරට ජල කඳක් මතු වුණා. ඒ එක්කම යේධ සතකුගේ කොටසක් දියෙන් මතුවුණා. මා දුටු කොටස අඩි විස්සක්වත් ඇති. රළු හමක් ඇති සතෙක්...’’ ඔහු විස්තර කළේය. මේ ධීවරයා සෙසු අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේය. ඔහු තමා ඉදිරියේ දුටු දර්ශනය ඡායාරූපයකට නැගීය. 1890 සිට කතාකළ අද්භූත සතාගේ ඡුායාරූපයක් ගත් ප‍්‍රථමයා ඔහු විය. ‘‘නිව්පෝට් ඬේලි ඉන්ඩිපෙන්ඩන්ට් නිව්ස් පේපර්’’ නැමැති පුවත්පතට ඔහු එම ඡායාරූපය අලෙවි කළේය. අවාසනාවකට මෙන් එම ඡුායාරූපය මුද්‍රණයට සුදුසු මට්ටමක නොවූයෙන් එම අපැහැදිලි ඡායාරූපය මුද්‍රණය නොවීය. පසුව එම ඡායාරූපය අතුරුදහන් වී ඇති බව පුවත්පත් සමාගම කියා සිටියේය. 


ධවල ගංඟාවේ පාවෙමින් සිටි මේ සද්දන්තයා දුටු බොහෝ දෙනෙක් ගැන වාර්තා ඇත. මේ සතා නගන හඬ ගවයින්ගේ හඬට සමාන යැයි මේ සතාගේ හඬ ඇසුවෝ කියති. 1971 ජුනි මාසයේදී තවත් ධීවරයින් දෙදෙනෙක් වාර්තා කළේ තම ධීවර බෝට්ටුවට මේ සතා ඇතිල්ලීම නිසා නොපෙරලී අනූනවයෙන් බේරුණු බවයි. 


1973 අරකන්භස් සෙනට් සභාව මේ අද්භූත සත්වයාගේ ආරක්‍ෂාව සඳහා නිළ වශයෙන් කටයුතු කළෝය.
අද්භූත සතා යෝධ සීල් මත්ස්‍යයෙක් විය හැකි යැයි මේ පරීක්‍ෂණවල නිරතවූවෝ නිගමනය කළහ. සීල් මසුන් අඩි විස්සක් තරම් දිගට වැඩෙන බව සොයාගෙන තිබෙන හෙයින් මේ අනුමානය නිවැරදි විය හැකිය. ඒ සමගම මේ යෝධ සීල් මසුන්ට සැතපුම් හත්දාහකට වැඩි ඈතට සංක‍්‍රමණය විය හැකි බවද සොයාගෙන තිබේ (වසරක් තුළ). සතාගේ හැඩරුව, හඬන ශබ්දය යනාදී සියල්ලම සීල් මත්ස්‍යයකුට සමානවෙයි. එහෙත් මේ ගංගාවට සීල් මත්ස්‍යයෙකුට පැමිණිය හැකි ඉසව්ව ඇත්තේ ඇමෙරිකාවේ බටහිර වෙරළේය. සීල් මසුන් මේ ගංඟාවට පිවිසියානම් ඔවුන් පැනමා ඇළ හරහා විත් මේ ඉසව්වට ළඟා විය යුතුය. සීල් මසෙකුගේ වයස අවුරුදු පහළොවක් නොඉක්මවයි. එහෙයින් එකම මාළුවා හෝ ජල භූතයා ශතවර්ෂයක් පුරා ජීවත් නොවූ බව සහතිකය. 


මේ කතා කරන මත්ස්‍යයා සීල් මාළුවෙක් හෝ වෙන වර්ගයක එකෙක් වුවත් අනිවාර්යයෙන්ම සංක‍්‍රමණික සතෙක් බව නිගමනය කළ හැකිය. එහෙත් මේ අද්භූත සතා 1890 - 1973 දක්වා වරින්වර දැක ඇතත් නිවැරදිව හඳුනා නොගත් අභිරහස් සතෙකි.
‘‘අප දුටු සතා සීල් මත්ස්‍යයෙක් නම් නොවෙයි. අපි සීල් මසුන් දැක තිබෙනවා. මේ සතා කටුස්සකුගේ හැඩය ගත් අද්භූතයෙක්මයි....’’ ගවේශකයන්ගේ නිගමනය සතා ඇසින් දුටුවෝ ප‍්‍රතික්‍ෂේප කළහ. 


ධවල ගංඟාවේ අද්භූත දැවැන්තයා මෙවැනි යෝධ සීල් මත්ස්‍යයෙකැයි අනුමාන කෙරේ.

 

ආචාර්ය නිමල් සේදර 

 



අදහස් (0)

ධවල ගංගාවෙන් මතුවූ දැවැන්තයා

ඉෂාන් දනුජ Sunday, 07 April 2013 02:08 AM

සතා හොදයි, මුහුණ කැතයි. (නි)

:       1       0

තාරක Thursday, 07 March 2013 08:34 AM

කතාව නම් හරිම අගෙයි. (නි)

:       0       0

නිශාන්ත Sunday, 10 March 2013 01:31 PM

ඇමරිකාවට ඇයි මේක හොයාගන්න බැරිවුණේ? (නි)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 10:52 PM

කතාව නම් හරිම අගෙයි. දියුණු තාක්ෂණයේ පිහිටෙන් මේ සතාගේ ඡායාරූපයක් ගන්න පුලුවන් වුණා නම් ‍අගෙයි. (නි)

:       0       0

හිරුනි Friday, 08 March 2013 10:17 AM

ඇයි ඔච්චර දියුණු ලෝකෙ‍ට මේක විතරක් හොයන්න බැරි (ස)

:       0       0

බොතේජු Sunday, 17 March 2013 12:49 AM

ඇමරිකාවට මේවා හොයන්න වෙලාවක් නැතුව ඇති. (නි)

:       0       0

තොටය පේරාදෙණිය සරසවිය Friday, 25 October 2013 05:04 PM

සත්ව පරිනාමයේ නොවිසදුන රහස් තව කොච්චර ඇත්ද .මිනිසා තවම හොයාගෙන තියෙන්නේ ටිකයි. නමුත් පරිනාමයේ ප්‍රථමික අවස්ථාවේ තව කොච්ට්ච්ටර සතුන් ඇත්ද .බොහොම අගෙයි තව හොයාගෙන ලෝකේ සැගවුන පැත්ත පෙන්වන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10994 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 275 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 200 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site