|
වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට නායකත්වය දෙමින් උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ තෙරිපැහැ සිරිධම්ම හිමි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගමෙන් පිටවිය. මුදලට හෝ බලපෑමකට නතුවී තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. |
.jpg)
ප්රශ්නය : හාමුදුරුවො කාලයක් රතුපස්වල ප‍්‍රශ්නය මග හැර ඉඳලා නැවත ඊට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
පිළිතුර : දැන් මේ ප‍්‍රශ්නය දවසින් දවස දියාරු කරන ස්වභාවයක් තියෙන්නේ. අනිත් එක තමයි මේකේ ක‍්‍රියාකාරී උදවියට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙනවා. ඉදිරියේ දී මේ ක‍්‍රියාකාරිකයන්ට ලොකු අනතුරක් අපි දකිනවා. මේ ප‍්‍රශ්නයට දේශපාලන වශයෙන් කිසිම හවුහරණයක් නැති තත්ත්වයට පත් වෙලා. තව සමහරු ඡන්ද ගොඩ වැඩි කර ගන්න විවිධ දෑ කරනවා. තව සමහරු ගමේ මිනිස්සු භේද කරන්න බලනවා. අන්න ඒ හේතුව නිසා තමයි මා නැවත මේ ගැටලූවට මැදිහත් වෙන්න හිතුවේ.

ප‍්‍රශ්නය: බස්නාහිර පළාත් ඡුන්දය ළඟ නිසා ඊට ඉදිරිපත් වීමේ අදහසින් නේද ඔබවහන්සේ මේ ප‍්‍රශ්නයට නැවත ආවේ?
පිළිතුර: මට කිසිම දේශපාලනයක් නෑ. මට ඡුන්ද ගොඩ වැඩි කරගන්න අවශ්‍යතාවක් නෑ ඒ නිසා. මා දේශපාලනයට එන්නෙත් නෑ. ඡන්ද ගොඩ වැඩි කර ගන්න මාන බලන අය තමයි විවිධ ජරමර බලාපොරොත්තු වෙන්නේ. නමුත් මා දේශපාලනයක් කරන්නේ නෑ.
ප‍්‍රශ්නය: ඔබවහන්සේට ලබා දෙනවා කිව්ව මුදල නොලැබුණු නිසා ද නැවත ගම්මුන්ගේ පැත්තට ආවේ?
පිළිතුර: සල්ලි පස්සේ යන්න නම් සිවුරක් ඇඳන් සීලයක් රකින්න ඕනැ නැහැනේ. මා සල්ලිවලට නතු වෙන කෙනෙක් නෙමේ. සල්ලි පස්සේ යනවානම් මේ විදියට ඉන්න ඕනැ නෑ. මට සල්ලි දෙන්න හැදුවාද කියා ඕනෑම කෙනකුගෙන් අසා බලන්න. පාත්තරේ අරන් පාරට බැස්සාම අපට දානේ වේල හම්බෙනවා. කන්න ටික හම්බවෙනවා නම් සල්ලි මොකටද? මුදල් ගනුදෙනු එක්ක මගේ සම්බන්ධයක් නෑ.
ප‍්‍රශ්නය: ඔබවහන්සේ කාලයක් නිහඬව සිටියේ මොකක් හරි බලපෑමක් නිසා නේද?
පිළිතුර: ඔව්. බලපෑම් තිබුණා. ඒවට යම් යම් ආකාරයේ නතුවීම් වෙන්න මට සිද්ධ වුණා. තවමත් මට බලපෑම් තිබෙනවා.
ප‍්‍රශ්නය : කවුද බලපෑම් කළේ?
පිළිතුර : ම්ම්.. ඒ ගැන මා කියන්නවත් කැමති නෑ. ඒ ගැන කිව්වා කියා අපේ ප‍්‍රශ්නයට විසඳුමක් එන්නේ නෑ. ඒ ගැන ප‍්‍රසිද්ධ කළා කියා මට හෝ ඒ අයට හෝ කිසිම වාසියක් වෙන්නේ නෑ.
ප‍්‍රශ්නය: ආයේ ඔබවහන්සේට බලපෑමක් ආවොත් කලින් වගේ ගමෙන් යනවද?
පිළිතුර: ආයේ බලපෑමක් ආවොත් එක්කෝ ඒ අය පරාජයට පත් වෙයි. නැත්නම් මා පරාජයට පත් වෙයි මරණෙන්. මරණෙන් තමයි කෙළවර වෙන්නේ.
ප‍්‍රශ්නය: රතුපස්වල ජල ගැටලූවට දැන් මොකද කරන්නේ?
පිළිතුර: ජූලි මාසේ ඉඳන් මේක ඇදි ඇදී ආවා. විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර කළා. එයින් යම් තරමක ප‍්‍රතිඵලත් අත්වුණා. ඊළඟට අපි ඊටත් වඩා දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නවා. ලබන අවුරුද්දටත් මේ ගැටලූවට නොගිහින් මේ වසරෙන්ම ඉවරයක් කරන්නයි අප කල්පනා කරන්නේ. දෙසැම්බර 10 වැනි දා තෙක් අපි බලධාරීන්ට කල් දෙනවා තීරණයක් ගන්න. මේකේ සියලූම නිෂ්පාදනාගාර ඉවත් කරගෙන ආයෝජන ප‍්‍රවර්ධන කලාපෙක සුදුසු ස්ථානයක ස්ථාන ගත කරගන්න. එසේ නොවුණහොත් තව සති කිහිපයකින් අපි දැවැන්ත ක‍්‍රියාමාර්ගයක් ගන්නවා.
ප‍්‍රශ්නය-: අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර: කලිනුත් අප ඉල්ලූවේ මේ කර්මාන්ත ශාලාව මෙතැනින් ගෙනියන්න කියන එක සහ මූලික ගෙවීමකින් තොරව ජනතාවට ජලය ලබා දෙන්න කියන එකයි. දැන් ඉල්ලන්නෙත් ඒකම තමයි.
තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ ආගමනය ගැන සියනෑ පරිසරය සුරැුකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතාගෙන් විමසීමු.
ප‍්‍රශ්නය : තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවො නැවත රතුපස්වල ජල සටනට එක්වන බව කියනවා?
පිළිතුර : එහෙම වෙනවනම් ගොඩක් හොඳයි. ගමේ පිරිස බෙදිලා වෙන්වෙලා යනවාට වඩා එකට එකතු වෙන එක ගොඩක් හොඳයි.
ප‍්‍රශ්නය :හතු පිපෙන්නා වගේ මෙහෙම සංවිධාන පිහිටුවා ගන්න එක හරිද?
පිළිතුර : අපේ පරිසර සංවිධානයට දැන් වසර 18ක්. අපි දහ අට වරසක් තිස්සේ පරිසර දුෂණයට එරෙහිව හඬ නැගුවා. අද ඊයේ ඇතිකරගත්තු එකක් නෙවෙයි මේක. අප නීත්‍යනුකූලව කටයුතු කළා. අප ළඟ සියලූ ලියකියැවිලි තිබෙනවා. වසර 18ක් තිස්සේ අප මොනවද කළේ කියලා පෙන්වන්න පුළුවන්.
රතුපස්වල ගැටලූව වෙනුවෙන් මුල සිටම සිටි නීතීඥ පාලිත සේනරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මේ සංවිධානයේ ඉන්නවා. නීතීඥවරු, ඉංජිනේරුවරු, වෛද්‍යවරුත් ඉන්නවා.
ප‍්‍රශ්නය : තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට මොකද වෙලා තිබුණේ?
පිළිතුර : ඒ ගැන සිරිධම්ම හිමියන්ගෙන් තමයි අහන්න ඕන.
ප‍්‍රශ්නය : සිරිධම්ම හිමියන්ව නැවත පිළිගන්නවා ද?
පිළිතුර : සිරිධම්ම හාමුදුරුවො මුල සිට මේ ගැටලූවේ හිටියා. වීදි සටනට නායකත්වය දුන්නේ හාමුදුරුවො. ඒක කාටවත් නෑ කියන්න බැහැනේ. මොනයම් හෝ හේතු නිසා හාමුදුරුවො වෙනස් වුණා. දැන් නැවත මේ ප‍්‍රශ්නයට හාමුදුරුවො අවංකවම මැදිහත් වෙන්න හදනවා නම් අපේ කිසි විරුද්ධත්වයක් නෑ.
ප‍්‍රශ්නය : ඔබතුමාලා ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙළක් නේද මේ ගෙනියන්නේ?
පිළිතුර : අපි තමා මේ ආණ්ඩු පත් කළේ. මේ ගමේ සියයට අනූවක්ම ඉන්නේ වර්තමාන ආණ්ඩුවට ඡුන්දය දුන් පිරිස්. අප වැඩ කළේ මේ ආණ්ඩුවට. අප කරන්නේ ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙළක් නෙමේ. අපි පත් වෙලා ඉන්න කරදරයෙන් ගොඩ එන්නයි අපි හදන්නේ. ආණ්ඩු මාරු කරන්න අප ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මේ කම්හල මෙතැනින් ගෙනියන්න කියලා විතරයි. මේ ප‍්‍රශ්නය නිසා අහිංසක තරුණ ජීවිත තුනක් නැති වුණා. ජනපති අපට පොරොන්දුවක් දුන්නා මේක මෙතැනින් ගෙනියනවා කියලා. හැකි ඉක්මණින් එම පොරොන්දු ඉටු කරන ලෙසයි අප ඉල්ලන්නේ.
2025 ඔක්තෝබර් මස 08
1536
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1350
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
488
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා
සුසිල් Thursday, 12 December 2013 06:33 AM
තේරුමක් නැහැ මම හිතන්නේ (නි)
ද සිල්වා Monday, 09 December 2013 06:17 PM
දේශපාලකයෝ දෙන පොරොන්දු ඉටු කරනවා නම් අද ලංකාව නෝර්වේ , ජර්මනිය, ජපානයට වඩා ආර්ථික දියුණුවක් ලබලා. අැමතිවරු ඡන්ද ළං වුණහම ඇවිල්ලා එක එක පොරොන්දු දෙනවා. නමුත් ඉෂ්ට වෙන එක සැක සහිතයි (නි)
චාමික Monday, 09 December 2013 12:10 PM
දැන් කාගේ කටටද හාමුදුරුවනේ පනුවෝ ගහන්න ඕනේ ? (නදී)
මලාවි Sunday, 08 December 2013 02:39 PM
කොටි ප්‍රශ්නයට පස්සේ දිගම කාලයක් ඇදුන ප්‍රශ්නය මේකද මන්ද ? බොහොම දුකයි තවමත් විසදුමක් නොදීම ගැන. (ස)
බසීර් Sunday, 08 December 2013 09:37 PM
බලමු මොකද වෙන්නෙ කියලා (නි)