IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


දියවන්නා නදීතෙර සක්මන් මළුව

 

 

 

”පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරුතුමා”


ඒ සැළලිහිණි සංදේශයේ ජයවර්ධන පුර වර්ණනාවේ එන කවියකි.  

”තුනුරුවන් කෙරෙහි භක්ති පේ‍්‍රමයෙන් යුක්ත වූ පොහොසත් ජනයා සිටින, පිරී තිබෙන සියලූ සම්පත් නිසා දිව්‍ය පුරයක් මවන, ජයවර්ධන කිරීම නිසා තමන්ගේ නාමය මනා ලෙස සෑ¥ ජයවර්ධන නම් වූ පුරවරය දැනගන්න” එම කවියේ තේරුමයි.

සැලලිහිණි සංදේශයේ ජයවර්ධන පුරවරය ගැන කර ඇති වර්ණනා බොහෝය.

ජයවර්ධනපුර සුර පුරයක් මැව්වේ ඒ කාලයේ පමණක් නොවේ. රාත‍්‍රියට එහි ගිය  ඕනෑම කෙනෙකුට සිතෙනුයේ දැනුදු ජයවර්ධනපුර සුර පුරයක් ලෙසය.
කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවලට ගිය අප ? කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ ජයවර්ධන පුරවරයටයි. ජයවර්ධනපුර තලවතුගොඩ  හමුදාවෙන් පවත්වාගෙන යන අවන්හල අසළින් අපි ගමන ආරම්භ කළෙමු.  
පවුල් කිහිපයක් එම අවන්හලට විත් ආහාර ගනිමින් සිටි අතර තවත් පිරිසක් ආහාර රැුගෙන යෑමට එහි පැමිණ සිටියහ. සාමාන්‍ය කඩවලට වඩා අඩු මුදලට එහි ආහාර පාන ඇති නිසා තමන් නිරන්තරයෙන් එම ස්ථානයට එන බව ප‍්‍රදේශවාසියකු පැවසීය.

එතැනින් දියවන්නා දෙසට වන්නට රථගාලකි. එහි වාහන දහයක් පමණ නවත්වා තිබිණි. ඒ කෙළින්  දියවන්නාව අසළින් මහ පාරට සමාන්තරව සකස් කරන ලද කුඩා ඇවිදින මංපෙතකි.  

”වෙනදා මේ වෙලාවට සෑහෙන පිරිසක් ඇවිත් ඉන්නවා ව්‍යායාම කරන්න. අද වැහි පොදයක් ගියපු නිසා අඩුයි.” එහි සිටි තරුණයකු පැවසීය.
තැනින් තැන කිහිප දෙනෙක් ඇවිදිති. සමහරු ව්‍යායාම කරමින් සිටිති. ”හෑන් ෆ‍්‍රී” කනේ ගසාගෙන වෙනම ලෝකයකට පිවිස ඇවිදින හය හත් දෙනෙක්ම එහි වූහ. ඒ අතර වැඩිපුරම සිටියේ තරුණියෝ ය.

දැල්වූ විදුලි බුබුලූ සහිත කණු පේළිය අමුතුම රටාවක් මවයි. එවා සූර්ය පැනල සහිත විදුලි කණුය. අඳුර වැටීගෙන එද්දී ස්වයංක‍්‍රීයව දැල්වෙයි.  ඇවිදින මංපෙත කිලෝමීටර දෙකක් පමණ දුරකට විහිද යයි.

කුඩා පාලම් කිහිපයක්ම පසුකරමින් ඇවිදින මංතීරුව  දිගේ මීටර 1600ක් පමණ යද්දී වම් පසින් දියවන්නාව මැද්දේ ඇති පාර්ලිමේන්තු සංකීර්ණය දිස්වෙයි. එහි දැල්වූ විදුලි බුබුලූවල ආලෝකය දියවන්නාව මතට වැටී දිලිසෙයි.  දකුණු පස නිරන්තරයෙන් වාහන ගමන් කරන මාර්ගයයි.

ඇවිදින මංතීරුවේ ඇතැමෙක් වේගයෙන් දිවයති. තවත් අයෙක් රිද්මයානුකූලව ඇවිද යති.   රැකියාව නිම වී නිවෙස්වලට ගොස් සිය පවුලේ සාමාජිකයන් සමඟ නිදහසේ ඇවිද යන්නෝ ද එහි වූහ. බාල මහළු තරුණ සියලූ දෙනා එහි වූහ.  

 

 

වෙළෙඳ ප‍්‍රදර්ශන කුටි
 
දියවන්නා සක්මන් මළුව අවට විවිධ සුන්දර දසුන්...
 
ද්‍රියවන්නා සක්මන් මළුවේ රෑ දසුනක්

 


”මෙතන කිසි කරදරයක් නෑ. අපිට තනියම වුණත් ඇවිත් ව්‍යායාම කර යන්න පුළුවන්. ආරක්ෂාව අතිනුත් හොඳයි.” යැයි පැවසුවේ ව්‍යායාම කිරීමට පැමිණ සිටි තරුණියකි.

ඇවිදින මංතීරුව කෙළවරේ ගිමන් හැරීමට ඇති පෙදෙසකි. එහි සිමෙන්තියෙන් සැකසූ බංකු කිහිපයක් ද විය. කිලෝමීටර දෙකක් පමණ මංතීරුව දිගේ ඇවිද යන පිරිස් එතැනට විත් ගිමන් හරිති. තවත් සමහරු පවුල් පිටින් විත් විහිළු තහළු කරමින්  විනෝද වෙති.

ඊට දකුණු පසින් ඇත්තේ මාර්ගයයි.  මාර්ගයෙන් අනෙක් පස ඇත්තේ මෑතක දී විවෘත වූ අපේ ගමයි. එය නගරයක් මැද පිහිටි ගමකි.

ඇතුළුවන තැනම අපේ ගම සංස්කෘතික මධ්‍යස්ථානය නමින් විශාල පුවරුවකි. ඒ අසළම විශාල ස්මාරකයකි. දිනකට විශාල පිරිසක් අපේ ගම නැරඹීමට එන  බව එහි සේවකයෙක් පැවසීය.රාත‍්‍රී නවය පමණ වන තෙක් එය විවෘතව පවතියි. රුපියල් සියයක ප‍්‍රවේශපත‍්‍රයක් ගෙන ඊට ඇතුළු විය හැකිය. විදේශ සංචාරකයකුට ඇතුළු වීමේ ගාස්තුව ඩොලර් පහකි.  ගමක ඇති සියලූම අංග එහි ඇත. රාත‍්‍රියට ගම්මානයක වෙල් යායක් මැදින් ඇවිද නොගිය පිරිස් බොහෝය. ඒ අයට මේ ගම්මානය මැදින් යද්දී නියම ගමක රාත‍්‍රියට ඇවිද යන්නා සේ දැනෙනු ඇත.

අපේ ගමේ මැටි වලින් සෑ¥ ශාලා තුළ රාත‍්‍රියට විවිධ සංස්කෘතික අංග පැවැත්වෙයි. අප යද්දී එවැනි අංගයක් අවසන් වී ළමෝ ඇතුළු බොහෝ දෙනෙක් එළියට ආහ.
ඒ අසළ ඇති අළෙවි හලේ ඇත්තේ අත්කම් නිර්මාන ශිල්පීන් විසින් නිර්මාණය කළ දෑ ය.

පැරණි කොන්තගම්තොට තිබූ ස්ථානයට නුදුරින් ඇති ස්ථානය  ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුමය. එහි විශාල පිරිසකට ගිමන් හැරීමට ඉඩ කඩ ඇත.
ඉදිරිපිට ඇති වර්ණවත් විදුලි බුබුලූවලින් ආලෝකවත් වන අමුතුම රටාවක් මවන වතුර මල කාගේත් නෙත් සිත් ගනිති.

මේ උත්සව සමයකි. සාප්පු සවාරි ගිය බොහෝ දෙනෙක් එහි වූහ. ඒ අතර විදේශිකයෝ ද වූහ. සුපිරි පන්තියේ වාහන සිය ගණනක් එහි රථ ගාලේ නවතා තිබිණි.  අවන්හල් රැුසක්ද ඒ අවට විය. ඒ සියල්ලම වාගේ ජනයාගෙන් පිරී ඉතිරී ගොසිනි. දහස් ගණනක් දෙනා ඒ අවට විනෝද වෙති. ගිමන් හරිති.

රථ ගාල

එහි ඇති හිස් අවකාශයේ දරු දැරියෝ කෙළි සෙල්ලම් කරති. විනෝද වෙති.

නාගරීකරණය වූ ජයවර්ධනපුරද ඉතා කාර්ය බහුලය. උදේ රැකියාවට යන්නෝ අඳුර වැටෙද්දී නිවෙස්වලට යති.  පවුලේ උදවිය සමග සතුටු වන්නට රාත‍්‍රියේ දී ඔවුන් එන්නේ  දියවන්නාව පැත්තටය.

අලූත බැඳපු ජෝඩු පමණක් නොව රාත‍්‍රියට එහෙ මෙහෙ යන සුපිරි පන්තියේ පෙම් යුවළවල් ද මේ ස්ථානයට එයි.  

”දියවන්නාව පැත්තට ආපුවාම හිතට ලොකු නිදහසක් දැනෙනවා. ඉඳලා හිටලා හරි අපිට එන්න මෙහෙම තැනක් තියෙන එක ගොඩක් හොඳයි. අපි ඉඳලා හිටලා ඇවිත් විනෝද වෙලා යනවා” යැයි පැවසුවේ මිතුරන් පිරිසක් සමග දියවන්නාවට ගොස් සිටි තරුණයෙකි.

”අපේ ගෙවල් ළඟ. අපිට ව්‍යායාම කරන්න එහෙම තැනක් නැහැ. ඒ නිසා උදේට එනවා මෙතන ව්‍යායාම කරන්න. වැඩ ඇරිලා ඇවිත් ? වෙලා මෙතනට එනවා පවුලේ අයත් එක්ක විනෝද වෙන්න.” පවුලේ උදවිය සමග ගොස් සිටි මැදිවියේ පුද්ගලයකු පැවසීය.

මීට වසර කිහිපයකට පෙර පාළු නගරයක් වූ කොළඹ දැන් ක‍්‍රමක‍්‍රමයෙන් නොනිදන නගරයක් බවට පත්වෙමින් ඇත. නොනිදන කොළඹ මැදියම් රැුයේ තව හොඳ හොඳ දෑ ද සිදු වේ. ලබන සතියේ රසවිතින්.

 

 

 



අදහස් (0)

දියවන්නා නදීතෙර සක්මන් මළුව

තුසිත ආරියවංශ Sunday, 22 December 2013 04:26 PM

ගොඩක් හොඳයි. (ත)

:       0       5

චන්දි අළුත්වෙල Tuesday, 24 December 2013 03:02 PM

මේක නව සල්ලිකාරයන්ගේ තිප්පොළක් වෙලා.(නදී)

:       10       0

දයා අලහකෝන් Sunday, 22 December 2013 04:39 PM

අපි ඉතින් ඔය පැත්තේ නෙමෙයිනේ. (ත)

:       0       3

ලාල් කැන්ඩි Wednesday, 25 December 2013 01:04 PM

සංවර්දනය සමබරව කරනවා නම් තමයි හොද. මොකද පයින්වත් යන්න බැරි පාරවල් තව කොයි තරම් නම් අපේ රටේ තියෙනවද? (නදී)

:       0       0

සඳුනි Monday, 23 December 2013 05:09 PM

ඉතා හොදයි. (අ)

:       0       0

විරාජ් විජේවර්ධන Monday, 23 December 2013 06:54 PM

මම ජයවර්ධන පුරවරයට ආදරෙයි (අ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site