IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


දියමන්ති කන්ද ළඟ කිරිගරුඬ වෙරළ

වම්පසින් අහසට නැගුණු උස් කන්දකි. හරිත පැහැගත් මේ කඳු හිසට ඔබ්බෙන් හරිත පැහැගත් තවත් කුඩා දිගු කන්දකි. දකුණු පැත්තෙන් කුඩා දුපතකි. ඊට මඳක් දුරින් තවත් දුවකි. මේ සියල්ල වටකර ගත් මුහුද බෙහෙවින්ම සංසුන්ය. රල බිඳෙන නමුත් ඒ රල ගෙඩි එතරම් සැරපරුෂ නැත. මාතර වෙරළට වී, වෙරළෙහි තැනූ ගිම්හාන කුටියක ලෑලි බංකුවකට වී අපි මුහුද දෙස බලා සිටිමු. දේශීය සංචාරකයන් පිරිසක් මුහුදට බැස, වෙරළ කිට්ටුවට වී දිය ක‍්‍රීඩා කරනු පෙනෙයි. මුහුදේ නෑම අනතුරුදායකය. එකක් එහි ගැඹුර ගැන අපේ නොදැනුවත්කමය. අනෙක වෙරළට පිම්මේ එන රළ ගෙඩි බිඳී ආපසු මුහුදට යනවිට වෙරළේ සිටින සියල්ලන්ම මුහුදට ඇදගෙන යෑමයි. මේ නිසා මුහුදේ නෑම සඳහා ආරක්‍ෂිත මුහුදු තීර තෝරාගත යුතුය. ගාල්ලේ උනවටුන, මාතර පොල්හේන මීගමුවේ බීච් වාඩිය, හැඳල ප‍්‍රීතිපුර, පාසිකුඩා නිලාවේලි වැනි මුහුදු තීර ජනප‍්‍රියව ඇත්තේ ඒ ප‍්‍රදේශවල මුහුද වඩාත් චන්ඩ නොවන නිසාය. ඈතින් ඇති කොරල්පර විසින් මුහුදේ ප‍්‍රචන්ඩ බව මර්දනය කරනු ලබයි. අප මේ රැඳී සිටින චීන වරායේ ”මාබල් බීච්” ද එවැනි සංසුන් මුහුදු කලාපයකි. ත‍්‍රිකුණාමලයේ චීන වරායට අයත් ”මාබල් බීච්” හි මුහුදු දිය ඉදිරියෙන් පෙනෙන කුඩා කඳු හේතුවෙන් සංසුන් වී තිබෙයි. මේ වනවිට ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන ”මාබල් බීච්” වෙරළ පිරිසුදු කමෙන්ද ඉහළය. උදේට වෙරළ කුණු ගොඩක්. වඩදිය එනකොට මූදේ තියෙන කුණු ඔක්කොම වෙරලේ එකතු වෙනවා. අපි හැමදාම උදේට ඒ කුණු එකතු කරලා වෙරළ පිරිසුදු කරනවා.” අප සමඟ දෙඩමලූ වූ ගුවන් හමුදා සෙබළෙක් පැවසුවේය. පිරිසුදු වෙරළ දිගේ එහාට මෙහාට ඇවිද ගිය අපි යලිත් ලී බංකුවක් මත වාඩිගත්තෙමු. ”වම් පැත්තෙන් පේන අර ලොකු කන්දට ඩයමන්ඞ් හිල් කියලා කියන්නේ. ඔය කන්දට නැග්ගාම මුළු වරායම ලස්සනට පේනවා. හැබැයි යන්න තියෙන්නෙ කැලේ මැදින්. ඒ නිසා ගමන අමාරුයි. ඒත් නැග්ගොත් නම් දකින්න ලැබෙන්නේ හරිම අපූරු සුන්දර දර්ශනයක්.” අප සමඟ මිතුරු වූ සෙබළා පවසයි. දකුණු පැත්තට වන්නට පෙනෙන දුපත මැද පහන් කණුවකි. ඒ තරම් උසක් නැති මේ පහන් කණුව ආලෝකය පතුරුවන්නේ වරායට ඇතුළුවන නැව් වලටය. ”උදේ නම් මුහුදේ නැවක් තිබුණා. ප‍්‍රීමා එකට පිිටිගෙනාපු. ඒ නැව උදේ තමා වරායට ඇතුල් වූණේ.” සෙබළාගේ හඬ යලිත් ඇසේ. ඉදිරියෙන් වූ කන්ද නාවික හමුදා කඳවුරකි. ඊට අයත් ඩෝරා යාත‍්‍රාවක් කඳු පාමුල වෙරළෙහි නතර කර තිබෙන අයුරු යාම්තමට පෙනෙයි. පාසල් සිසුන් සියයකට කිට්ටු ගාණනක් වෙරළට පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ ප‍්‍රීති ප‍්‍රමුදිත සිනා රැල්ලකි. මුහුදු දිය හා පොර බැදීමේ නොතිත් ආශාවකි. ඔවුනට වෙරළෙහි ඉඩදී අපි ආපසු එන්නට හැරුනෙමු.

සටහන - ශාන්ත කුමාර විතාන / සේයාරූ  - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ප‍්‍රදීපාගාරය වෙරළේ දර්ශනයක් කිරිගරුඬ වෙරළට ආ සංචාරකයෝ



අදහස් (0)

දියමන්ති කන්ද ළඟ කිරිගරුඬ වෙරළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site