යුද හමුදාවේ උසස්ම නිලය වන්නේ ෆීල්ඞ් මාෂල් (Field marshal) තනතුරයි. අපේ රටට මෙම තනතුර එතරම් හුරු පුරුදු නොවූවද ඇතැම් රටවලට නම් මෙය අරුමයක් නොවෙයි. ජනරාල් නිලයට තරු හතරක් පවතින අතර ෆීල්ඞ් මාෂල් නිලයට තරු පහකි.
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරය
කු වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඉරිදා ෆීල්ඞ් මාෂල් ධුරයට උසස් කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ පළමු ෆීල්ඞ් මාෂල් වන්නේ ඔහුය.
ලෝකයේ යුද හමුදා නිලධාරියකුට ලබා ගත හැකි ඉහළම නිලය වන එම නිලය ලැබෙනුයේ ඉතා කලා තුරකිනි.
ෆීල්ඞ් මාෂල් යෙදුමේ ආරම්භය මධ්‍ය කාලීන ඉතිහාසය දක්වා දිව යයි. Marh-scalc යන පැරැුණි ජර්මන් යෙදුමෙන් පරිණාමය වී ඇති ෆීල්ඞ් මාෂල් යන වචනයේ අර්ථය වන්නේ අශ්ව සේවකයා යන්නයි. පසුව එය ”රජුගේ අශ්වයින් බලා ගන්නා” ලෙස යොදාගෙන ඇත. ලෝකයේ ඇති වූ යුද තත්ත්වයන්වලදී විශේෂ කාර්යය භාර්යයක් ඉෂ්ට කර ඇත්තේ රජුගේ අශ්වාරෝහක බල ඇණිය යි. ඒ අනුව රජුගේ අශ්වයින් බලාගන්නාගේ තනතුර අණ දෙන තනතුරක් දක්වා සංවර්ධනය විය.
යුද නිලයක් ලෙස නොඑසේනම් යුද නායකයෙක් ලෙස මෙම ෆීල්ඞ් මාෂල් තනතුර උසස් තත්ත්වයට පත් වන්නේ දකුණු යුරෝපයේ විවිධ ජනපදවල කොස්තාපල් තනතුර යටතේ සහායකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීමත් සමගමය. කෙසේ වෙතත් 13 වන සියවස වන විට රාජකීය හමුදාවේ ප‍්‍රමුඛ නිලයක් ලෙස ෆීල්ඞ් මාෂල් තනතුර ඉතා සීඝ‍්‍රයෙන් ඉදිරියට පැමිණියේ ය.
දෙවන පිලිප් රජුගේ කාලයේ දී ප‍්‍රංශයේ මාෂල් කාර්යාලයය ස්ථාපිත කර ඇති අතර මාෂල් යනුවෙන් හැඳින් වූ නිලධාරියා රජ්‍යයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් කෙනෙක් බවට පත් විය. පසුකාලීනව ප‍්‍රංශ මාෂල්වරු ගණන අනුක‍්‍රමයෙන් වර්ධනය වන්නට විය. 13 වැනි සියවසේදී මාෂල්වරු දෙදෙනෙක්, 16 වැනි සියවසේ දී සිව් දෙනෙක් හා 18 වැනි සියවස වන විට විසි දෙනෙක් ආදී වශයෙන් ක‍්‍රමයෙන් එය වැඩි වී ඇත.
ප‍්‍රංශ විප්ලවය අතරතුර 1793 දී මෙම මාෂල් කාර්යාලය අහෝසි කර ඇත. එහෙත් 1804 දී නැපෝලියන් අධිරාජ්‍යයාගේ මාෂල්වරු 18 දෙනෙක් නිර්මාණය කර ඇත. ඔවුන් අතරින් සුවිශේෂී මාෂල්වරු ලෙස ”මිචෙල් නී (Michel Ney), නිකොලස් සෝල්ට් (Nicolas Soult), ජීන් බර්නැඩෝට් (Jean Bernadotte) සහ ජෝචිම් මර්ට් (Joachim Murat) යන අයගේ නම් ඉතිහාසයට එක් වී ඇත. නැපෝලියන්ගේ අනුප‍්‍රාප්තිකයා විසින් ,"marechal de
France" (marshal of France) යනුවෙන් එම නිල නාමය සංශෝධනය කරනු ලැබූ අතර නිලධාරීන් සංඛ්‍යාවද අඩු කරන ලදී.
පසුව මෙම නිල නාමය අභාවයට ගිය අතර නැවතත් එය ප‍්‍රාණවත් මට්ටමකට පත් වූයේ කලාතුරකින් හමුදා නිලධාරියෙකුට පිරිනමන ඉතාමත් ගෞරවනීය නිලයක් වශයෙන් නැවතත් යුද ජයග‍්‍රහණ වෙනුවෙන් එය පිරිනැමීම ආරම්භවීමත් සමගය.
12 වැනි සියවස වන විට එංගලන්තයේද මාෂල් කාර්යාලය ඉතා හොද මට්ටමකින් ස්ථාපිතව පැවතිණි. එහෙත් නූතනයේ භාවිත වන මෙම ෆීල්ඞ් මාෂල් යන නාමය බි‍්‍රතාන්‍ය හමුදාවට හදුන්වා දෙන ලද්දේ 1736 දී දෙවැනි ජෝර්ජ් රජතුමා විසිනි.
බොහෝ රටවල ෆීල්ඞ් මාෂල් නිලයට උසස් කිරීමේදී අදාළ නිලධාරියා පෞරාණික වශයෙන් වැදගත් වන ඉතා සුවිශේෂී අසාමාන්‍ය යුද ජයග‍්‍රහණයක් හිමි කර ගෙන තිබීම වැදගත් වේ.
කෙසේ නමුත් මෙම නිලය ඩිවිෂනල් කමාන්ඞ් ?න්ක් ලෙස හා බි‍්‍රගේඞ් කමාන්ඞ් ?න්ක් ලෙසද භාවිත කර ඇත. ෆීල්ඞ් මාෂල් නිලය විවිධාකාරයෙන් භාවිත කර ඇති ආකාරයට උදාහරණ ලෙස ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, හන්ගේරියාව ආදී රටවල අතිසුවිශේෂී යුද ජයග‍්‍රහණයක් වෙනුවෙන්ද - ස්පාඤ්ඤය, මෙක්සිකෝව වැනි රටවල ඩිවිෂනල් කමාන්ඞ් රැන්ක් (divisional command rank) ලෙසින්ද - ප‍්‍රංශය, පෘතුගීසිය හා බ‍්‍රසීලය වැනි රටවල බි‍්‍රගේඞ් කමාන්ඞ් රැන්ක් (brigade command rank) ලෙසද භාවිත කිරීම දැක්විය හැකිය.
ඕස්ටේ‍්‍රලියාව - සර් තෝමස් බ්ලේමේ යනු ෆීල්ඞ් මාෂල් නිලය හිමිකර ගත් ප‍්‍රථම මෙන්ම ඕස්ටේ‍්‍රලියාවේ උපන් එකම හමුදා නිලධාරියා වෙයි. 1951 වසරේදී එරට අගමැති සර් රොබට් මෙන්සිස් විසින් ඔහුට මෙම නිලය පිරිනැමුණු අතර අසනීප තත්ත්වයෙන් පසු වූ බ්ලේමේ ඉන් මාස තුනකින් පසු මිය ගියේය.
ඊජිප්තුව - ඊජිප්තු හමුදා ඉතිහාසය තුළ ෆීල්ඞ් මාෂල් නිලය හිමි කර ගත් නිලධාරීන් අට දෙනෙකු සිටි බව වාර්තා වේ. ඒ අට දෙනා අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ මොහොමඞ් හුසේන් සහ අබ්ඩුල් ෆටාහ් යන දෙදෙනාය.
ඉන්දියාව - අපගේ අසල්වාසී රට වන ඉන්දියාවේ ෆීල්ඞ් මාෂල්වරු දෙදෙනෙකු සිට ඇත. ඉන්දියන් හමුදාවේ අට වැනි හමුදාපතිවරයා වූ සෑම් මැනෙක්ෂෝ මෙම නිලය හිමි කර ගත් පළමු ඉන්දියානුවා වෙයි.
ජපානය - දෙවැනි ලෝක යුද්ධය අවසන් වන තුරු ජපාන හමුදාවේ සාර්ථක ජෙනරාල්වරුන්ට සහ අද්මිරාල්වරුන්ට මෙම ගෞරවනීය නිලය පිරි නමා ඇත.
පකිස්තානය - ෆීල්ඞ් මාෂල් මොහොමඞ් අයුබ් ඛාන් පකිස්තානයෙන් බිහි වූ එකම ෆීල්ඞ් මාෂල්වරයා වෙයි. අද වන තුරු වෙනත් කිසිදු හමුදා නිලධාරියෙකුට මෙම තනතුර පිරි නමා නැත.
එක්සත් ජනපදය - එක්සත් ජනපදය කිසිදිනක ෆීල්ඞ් මාෂල් යන නිලය භාවිත කර නැත. කෙසේ වෙතත් 1936 අගෝස්තු 24 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා ජෙනරාල් ඩග්ලස් මැක් ආතර්, පිලිපීනයේදී හමුදාවේ ෆීල්ඞ් මාෂල් නිලය හිමි කර ගෙන ඇත. 1944 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද කොන්ග‍්‍රසය තරු පහකින් යුත් ජනරාල් තනතුරක් නිර්මාණය කර ඇති අතර එය ලෝකයේ අනෙක් රටවල භාවිත වන ෆීල්ඞ් මාෂල් නිලයට සමාන වෙයි.
පිලිපීනය - එක්සත් ජනපද හමුදාවේ ජෙනරාල් ඩග්ලස් මැක් ආතර්, පිලිපීන හමුදා ඉතිහාසයේ පළමු සහ එකම ෆීල්ඞ් මාෂල්වරයා වෙයි.
මීට අමතරව චීනය, ප‍්‍රංශය, තුර්කිය, සර්බියාව, පෘතුගාලය, බ‍්‍රසීලය ආදී බොහෝ රටවලින් මෙම නිලය පිරිනැමූ අවස්ථා වාර්තා වෙයි.
ෆීල්ඞ් මාෂල්වරයකු කිසිදා විශ‍්‍රාම නොයන අතර රාජ්‍ය උත්සවවලදී එම නිල ඇඳුමෙන් සහභාගීවීමේ අවස්ථාව ඔහුට හිමි වෙයි. විශේෂ ආරක්ෂාවක් හා වැටුපක් ද ඔහුට හිමි වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව රජයේ දින සීයේ වැඩසටහනින් නිසි ප්‍රයෝජන ලැබුවේ මෙතුමා පමණයි. එතෙකිනුත් එතුමා තෘප්තිමත් වූ බවක් නොපෙනේ.(ම)
ඔබතුමන්ට ඔය සම්මානය ලැබීම ගැන උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.ඒ වගේම ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ටත් ඔය සම්මානයට සමාන සම්මානයන් ලබාදිය යුතුවනවා.කෙසේවෙතත් මේ සම්මානය හිටපු ජනපති මහින්ද මහතාගෙන් ලබාගත්තා නම් මොනතරම් ලස්සනද? උතුම් සේවයක් රට වෙනුවෙන් කරලා කට වරද්දා ගැනීමෙන් එම අවස්ථාව අහිමි කරගත්තා. (නි)
සුදුසුම පුද්ගලයාට ලැබුනා (නදී)
ඔබට අපේ උත්තමාචාරය! (නි)
සාමුහික ජයග්‍රහණයක් -වැඩි සුදුස්සා හට එක තනතුරක් -දේශ පාලන තීන්දුවක් (ම)
ජනතාවගේ හදවත් තුලින් ලැබෙන ගෞරවයයි දේශපාලන ගැති කමකින් ඉල්ලා ලබා ගන්න තරු පටි පදවි තානාත්තරයි දෙකක්...මේ තරු පහ ගහල ඇදුම ඇදපු ෆොන්සේකා මහත්තය හරියට අයිසින් කරපු ලස්සන රිජිෆෝම් කේක් එකක් වගේ ..ප්‍රදර්ශනේට මිසක් වෙන දෙකට වැඩක් නැහැ. (ස)
යහපාල මහතානනි, සරත් ෆොන්සේකා සිංහ රාජයෙකු සේ අපට නම් පෙනේ (නදී)
මෙවන් තනතුරක් ලැබීමට මොනතරම් නම් වාසනාවක් තිබිය යුතුද? (නි)
ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්යටත් දේශපාලන නායකත්වයක් තිබුනානම් එයත් ඕකට සුදුස්ස වෙනවා. රටකට සිවිල් යුද්ධයක් ඉවර කරන්ඩ දේශපාලන නායකත්වය හරි වැදගත් , නිර්භය තීරණ ඒ මහින්ද (බ)
පිවිතුරු යහපලට ටිකක් වැරදිලා. මුලින්ම යුද්දයේදී ඇස් ඉස් මස් ලේ ජිවිත පුජා කරපු රණවිරුවන්ට ගෞරව කරනවා. ඒ වගේම යුද්දයකදී නිර්භීත දක්ෂ යුද මෙහෙයුමත් ඉතාමත් අවශ්‍යයි. . එතනදි සරත් ෆොන්සේකා මහත්මා ඉන්නේ ඉහලම තැන. තනතුර ගැන සතුටු වෙමි. එදා කැනඩාවේදී යුද හමුදාපති වශයෙන් කල ප්‍රකාශය අමතක නොකර, සිංහලයාට ඇති එකම නිජබිම මේ රට බැවින් සිංහලයාට හිමිතැන රැකගැනීමට ක්‍රියා කරන ලෙස ඉල්ලමි. සිංහලය කාගේවත් රටක් අල්ලගන්න ගියේ නැහැ. (නදී)
එතකොට මැරුන අතපය නැතිකරගත්ත අයත් ගොඨාබයත් මොකුත්ම කරලා නැත්ද ? (ස)
ඉතාමත් හොඳ වැඩක්. රට වෙනුවෙන් ජීවිතේම කැප කරපු මනුස්සයෙක්. (ස)