තංගල්ල, මැඩිල්ල නේචර් හෝටලයේ පැවති නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය ජාතික තරුණයකු මරා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියට පොලූවලින් හා වීදුරු බෝතලයකින් පහරදී තුවාල කිරීමේ සිද්ධිය අපගේ මතකයෙන් ගිලිහී යමින් තිබුණ ද බි‍්‍රතාන්‍ය ඇතුළු ජාත්‍යන්තරයට ඒ කිසිවක් අමතක වී නොමැත.
වසර එක හමාරක කාලයකට පෙර සිදුවූ මෙම සිද්ධියට අදාළ නඩුව මෙතෙක් ආරම්භ කර නොතිබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා දැඩි කනස්සල්ල පළකොට ප‍්‍රකාශයක් නිකුත් කළේය.
|
ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) |
විශේෂයෙන්ම එම සිද්ධියට අදාළ නඩු විභාගය කඩිනමින් ආරම්භ කොට අපරාධය කළ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන තෙක් බලා සිටින බව ඔවුන් රජයට දැනුම් දී තිබුණි.
තවද ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) මහතාගේ පවුලේ සාමාජිකයින්ට යුක්තිය ඉටුවුවහොත් වසරක් පාසා මෙරටට පැමිණෙන බි‍්‍රතාන්‍ය සංචාරකයන්ට ද එය අස්වැසිල්ලක් වන බවට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
සම්පූර්ණ නීතිපති උපදෙස් හා ඞී.එන්.ඒ. වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් මෙම අපරාධයට සම්බන්ධ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් අටදෙනාට එරෙහිව මෙතෙක් මහාධිකරණයේ නඩු පවරා නොමැත. එය ප‍්‍රමාදවීම බි‍්‍රතාන්‍යයේ කනස්සල්ලට හේතුව වී තිබේ.
කෙසේ නමුදු මුළු ලෝකයේම අවධානය යොමුවූ මේ මහා අපරාධය සිදුවූයේ 2011 වසරේ දෙසැම්බර් මස 25 වැනි දින නත්තල් උදාවනවාත් සමගමයි. ඊශ‍්‍රායල් සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය පුරවැසියකුවූ එම්. ඉසෙඞ් ෂයිෆ් (32) තරුණයා එහිදී ඝාතනයට ලක්වූයේ ඔහු කළ වරදක් නිසා නොවේ.
නත්තල් සාදයට සහභාගී වූ ප‍්‍රාදේශීය දේශපාලඥයාගේ ආධාරකරුවකුගේ ඇෙඟ් අවන්හල් හිමියකු හැපී ඇතිවූ බහින්බස්වීමකින් පසු එම ආරවුල හටගෙන තිබුණි. හත් අට දෙනකු එකතුවී අවන්හල් හිමියාට අතින් පයින් හා පුටුවලින් පහර දෙන අයුරු දුටු බි‍්‍රතාන්‍ය පුරවැසියා ඊට මැදිහත් වන්නේ ඔහු බේරා ගැනීමටය.
විශේෂයෙන්ම රතුකුරුස සංවිධානයේ ගාසා තීරයේ සහන සේවකයකු ලෙස කටයුතු කළ හෙයින් ඔහුට ගැටුම් නිරාකරණය කර ගැනීම පිළිබඳව ප‍්‍රායෝගික දැනුමක් ද තිබුණේය. ඒ මහතා කිහිප දෙනකුට පහරදී පසෙකට තල්ලූ කරන විට බිම වැටී සිටි අවන්හල් සේවකයා රථ ගාල දෙසට පැන ගොස් සිය ජීවිතය බේරා ගත්තේය.
එහෙත් මධුවිතෙන් මත්වී පරාජය ඉවසා ගත නොහැකි ප‍්‍රාදේශීය දේශපාලඥයාගේ පිරිස අත තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබා හා පිහිවලින් ඇන විදේශීය ජාතිකයා ඝාතනය කළහ. සංචාරක හෝටලයේ පිහිනුම් තටාකය අසල ඔහු සිය අවසන් හුස්ම පොද පිට කළේය.
එතැනින් නොනැවතුනු සාහසිකයින් පිරිස බි‍්‍රතාන්‍ය පුරවැසියාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික කේ. වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් (23) තරුණියට ද පොලූ මුගුරුවලින් පහර දෙන්නට වූයේ ඔහු බේරා ගැනීම සඳහා ආරවුල මැදට පැන සිටීම නිසාය. ඊට අමතරව වීදුරු බෝතලයකින් ද ඇයට පහර දී තිබුණි.
පසුව තුවාල සහිතව මුහුදු වෙරළ අයිනේ වැටී සිටි රුසියානු තරුණිය පොලිසියට පැමිණ තංගල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළාය. අනතුරුව ඇය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.
|
බි‍්‍රතාන්‍ය ජාතිකයා මරා දමා තිබූ අයුරු |
|
පොලිසිය පරීක්ෂණ පවත්වමින්... |
මෙම අපරාධය සම්බන්ධයෙන් රජය දෙස චෝදනා එල්ල වන විට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු අට දෙනකු වරින් වර අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස් දෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී. එහෙත් රුසියානු ජාතික තරුණියට කිසිවකුත් හඳුනා ගැනීමට නොහැකි වූවාය.
සාක්ෂිකරුවන් දහ හතර දෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගී කර තිබුණි.
එදින මූලික සාක්ෂි ලබාදීමෙන් අනතුරුව රුසියානු ජාතික තරුණිය ඊට පසු දිනම සිය රට බලා පිටව ගියාය. ඝාතනයට ලක්වූ එම්. ඉසෙඞ් ෂයිෆ් මහතාගේ සිරුරද ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් පැමිණ මෙරටින් රැගෙන යන ලදී.
මෙම ඝාතනයට උපයෝගී කර ගත් බව කියන ටී. 56 වර්ගයේ ගිනි අවිය ද විතාරන්දෙණිය ප‍්‍රදේශයේදී වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන්ට වසරකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට සිදුවිය. ඔවුන් පසුව තංගල්ල මහාධිකරණයෙන් ඇප ලබා ගත්තේය.
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ ආරවුලක් සමථයකට පත් කිරීමට ගොස් ජීවිතය දන් දුන් එම්. ඉසෙඞ් ෂයිෆ් තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සියලූ සැකකරුවන් මේ වන විට දැඩි ඇප කොන්දේසිවලට යටත්ව නිදැල්ලේ සිටී. කෙසේ වෙතත් ඔවුන් වක‍්‍රාකාරයෙන් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බව කියති.
ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි අනුව තංගල්ල අධිකරණයේදී විභාග කළ මේ නඩුව කොළඹට මාරු කිරීමට නීතිපතිවරයා ක‍්‍රියා කර ඇත. සාක්ෂිකරුවන්ට තර්ජනය කළැයි කියන සැකකරුවන් කවුරුන්දැයි හඳුනාගෙන ලබන නොවැම්බර් මස 01 වැනි දින ඔවුන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මාහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගියදා රහස් පොලිසියට නියම කළේය.
ඒ අනුව ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යයි. මෙම අපරාධය සම්බන්ධ සැකකාර සභාපතිවරයාට දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අවශ්‍ය විදෙස් ගමන් බලපත‍්‍රය මුදා හරින ලෙස ඔහුගේ නීතිඥයින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඇප ලබාගත් මහාධිකරණයටම එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
කෙසේ නමුදු එල්ල වී ඇතැයි කියන තර්ජන පිළිබඳව විමසීමට මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලූ උත්සාහ අසාර්ථක විය. බොහෝ අය සිය ජංගම දුරකථන විසන්ධි කරගෙන ඇත. තවත් අය ජීවිතයට තිබෙන ආදරය නිසා කිසිවක් නොකියති. තවත් අය පදිංචි ස්ථාන වෙනස් කර ඇත.
ධනය මෙන්ම දේශපාලන බලයද සැකකරුවන් පාර්ශවයට නොඅඩුව තිබීම එම තත්ත්වයට හේතුව විය හැකිය. විදේශිකයකු මරා ඔහුගේ පෙම්වතියට බරපතළ තුවාල කිරීමේ නඩුවට කුමක් සිදුවේද යන්න මුළු මහත් ජාත්‍යන්තරයම බලා සිටින නිසා කුමන බලවේගයකටවත් මෙම සිද්ධිය වසන් කිරීමට අපහසුය. එසේ යම් අදෘශ්‍යමාන බලවේගයක් ක‍්‍රියාත්මක වුවහොත් එය මෙරට සමස්ත සංචාරක ව්‍යාපාරයටම බලපෑමක් එල්ල වනු ඇත.
|
සැකකාර තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති |
එමෙන්ම අප රටට මානව හිමිකම් චෝදනා එල්ල කරන අනෙක් රටවලටද නව මාතෘකාවක් සපයනු ඇත. එබැවින් මෙම සාහසික අපරාධයට අදාළ විමර්ශන කඩිනම් කොට වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන තෙක් සමස්ත ලෝකයම විමසිලිමත් දෑසින් සිටින බව අමතක නොකළ යුතු කරුණකි.
ඡායාරූප හා සටහන - මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංග ලක්මාල්, ඔලුවේ කෙස් අස්සේ අං ඇති. ඒවා පෙන්නන්ට එපා. සතා මොකාද කියලා මිනිස්සු අදුර ගන්නවා. (දී)
ඡන්දදායකයා මෝඩයි කියනවාට වඩා මම නම් කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කරන්නේ කාටවත් නැවෙන්න මිසක් නිවහල්ව හිතන මිනිසුන් නෙමෙයි.වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ හැමෝම වගේ කිසියම් අධ්‍යාපනයක් ලබනවා.මේක යාවත්කාලින නොකරන කල් ඒ හරහා බිහිවන අය කඩේ යන්නම තමා තනන්නේ. දේශපාලකයා කියන කපටි නරියා ඕක දන්නවා.සාපෙළ අධ්‍යාපනේ දක්වා කෙනෙක් ඉගන ගත්තා කියන්නේ වෙන රටක නම් සෑහෙන දැනුමක් ඇති කෙනෙක්.ලංකාවේ රැකියා මදකම නිසා බස් රියදුරෝ ඉන්නවා උපෙළ සමත් අය.නමුත් බලන්න එලවන හැටි.චන්දෙ දෙන හැටි. (දී)
සියළු මාධ්‍ය හරියට තමන්ගේ රාජකාරිය කරනවා නම් ලංකාවේ අපරාධ මේ වගේ යට ගහන්න පුළුවන්කමක් නැති වේවි. (නි)
මේවා විසදෙනකල් පිළිතුරු බැහැ (දී)
මම පසුගිය පුවත් වල දුටුවා මෙම සිද්ධිය නිසා බොහෝ රටවල් ලංකාවට සංචාරකයන් හැටියට යාම බයානකයි කියලා එම රටවල පුරවැසියන්ට අවවාද කර සිටින බව. අද අපේ ලංකාවේ සිදුවන මිනි මැරුම් ,ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර, අපේ රටට පැමිණෙන සංචාරක කාන්තාවන්ට සිදුවන හිරිහැර අපමණයි. මේවාට ඉක්මන් පියවරක් නොගතහොත් සංචාරක ව්‍යාපාරය අඩපන වීමට සිදුවේ (නි)
නඩුව මෙහෙම දුවන්නේ නැතිවුනහම කාටවුනත් සැක හිතෙනවා.ඒ නිසා ඒ සැක දුරුලන්න. (නි)
යුද්ධය ඉවර වුනත් තවම අපේ රට අවදානම් රටවල් කියන ලැයිස්තුවේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා. මේවට නිසි විසදුම් ලබා නුදුන්නොත් ලංකාව ජාත්‍යන්තරය තුල අපකීර්තියට පත් වීම වැළැක්විය නොහැකියි. අද රටේ අපරාද රැල්ලක් තියෙනවා. ඒවාට දේශපාලකයෙක් සම්බන්ද නැත්නම් ඒකත් පුදුමයක් (දී)
මොවුනට ඉක්මනින් දඩුවම් ලබා දී අපේ රටේ නිතිය ක්‍රියාත්මක වන ආකාරය ලෝකයට පෙන්වන්න.(නදී)
මෙවන් අකල් මරනයක් යලි නොවේවා! වැරදිකරුවන්ට උපරිම දඩුවමි දෙන්න (නි)
අපේ රට පිළිබද වැරදී ප්‍රතිරූප දෙන්නේ මෙවැනි සිදුවීම් වලින්.මොවුන් කලේ රාජකීය අපරාධයක්. අපේ රටේ කිර්තිනාමය විනාශ කලා.මේවට නිසි ලෙස දඩුවම් නොදුන්නොත් අපේ රට අන්තර්ජාතික කුණු බක්කියට වැටේවී නේද? (නි)
මේ ලිපියත් ලියලා තියෙන්නේ වැරදියටනේ. කළමනාකරු මේ සිද්දියට මුහුණ දුන්නේ ඔය ලස්සන තරුණියට සෙවල හලපු නිසයි. එතනදී කළමනාකරු ගුටි කද්දී ඇගේ සැමියා මේ සිද්දියට මැදිහත් වුනා. තමන්ගේ බාර්යාව දුෂනය කරද්දී කව්ද බලන් ඉන්නේ? අර තරුණිය 8-10 දෙනෙක් කාමරයට ඇදගෙන ගිහින් දූෂනය කළාම පුද්ගලික රෝහලක දවස් ගානක් තියලා රටින් පිටමන් කළා. මේවා කගේ උවමනාවට කළාද කියලා කව්රුත් දන්නවා.(නදී)
ලංකාවට සංචාරේ ආවා නම් , ඒ වැඩේ කරගෙන රටින් පිටවිය යුතුයි. ලංකාවේ සිවිල් දේවලට මැදිහත් වෙන්න කිසිම අවශතාවක් නැහැ. සුද්දෝ ඇවිත් රටට සල්ලි හම්බ වුනාට, අපි ඒ සල්ලි වලට යට විය යුතු නැහැ. (නි)
සම්බාදක දාලා සංචාරකයන් හේ රටට එන එක වැලැක්වුවානම් ඔය නඩුව ලස්සනට අසාවී. එහෙම නැතිනම් වෙන්නේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයාම වෙඩි තියා ගත්තා කියල නඩු තීන්දුව ලැබීම. මේක ලංකාව.(නදී)
මොහුට නිසි දඩුවම ලබාදිය යුතුයි. මෙහෙම වෙනකොට කොහොමද සංචාරක ව්‍යාපෘති දියුණු වෙන්නේ? (නි)
මම නම් කියන්නේ මොනවා හරි කරලා පුළු පුළුවන් අය පුළු පුළුවන් විදියට ඔය රටෙන් පිටවෙන්න කියලයි (නි)
වැරදිකරුවන් ට දැඩි දඩුවම් ලැබිය යුතුයි. නිතිය ඉෂ්ට කරන්න. (නි)
මේ වගේ දරුණු අපරාධ කරපු අය අද නොයෙක් දේසපාලන බලපෑම්, මිලමුදල් බලය නිසා නිදහසේ ඉන්නවා. මේ පුද්ගලයට උසාවියේ මිනීමැරුම් චෝදනාව යටතේ නඩුවක් තියෙද්දී තාවකාලිකව හරි සේවය අත්හිටුවිමක්වත් කරලා නැති බච පේනවා එයාගේ විදෙස ගමන් සංචාර ඉල්ලීමෙන්. මේවගේ අපරාදයක් කරපු කෙනෙකුට සමුළුවකට යන්න නිරිදේශ කලේ කවුද දන්නේ නැහැ.(නදී)
ලගදී පළාත් බබා කෙනෙක්ව අස්කලා ආපසු නැවතත් නොමිනේෂන් දීලාලු නේද? ඕවට මිනිස්සු රැවටේවි කියා හිතුවට ,බොරුව තාවකාලික බව වැටහෙනකොට පෙරහැර ගිහිල්ලා. (නි)
සුරංග ලක්මාල්, මේ වගේ වැදගත් පත්තරේක තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
නඩුවක් අපක්ෂපාතීව කරගෙන යන්නට නොදී බලපෑම් කරන සියළු දේශපාලන සහ අනෙකුත් බලපුළුවන්කාරයින් වෙනුවෙන් සුදුසු තීරණයක් ගත යුතුයි (දී)
සුරංග ලක්මාල් නමැති කෙනාටයි මේ ලියන්නේ. හොදින් කියවලා බලන්න දේශපාලක ඇත්තෝ බිල බිලා හෝටලයකට රිංගුවේ මොන එහෙකටද? මිනිහෙක් මරනවා ඇස්දෙකින් දකිද්දී නොදැක්කා වගේ මාරු වෙන ගතියක් තියෙන්න පුළුවන් වන්නේ කොන්ද පන නැති නපුංසකයන්ටනේ.මේක මොන ජාතියේ සිවිල් කටයුත්තක්ද ? (නි)
මේ ඝාතනයට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඩුබායි රටට පැණ ගියා . ඔහු එහි සිට මූණු පොතේ අයෙකුට මේ සියල්ල කියනු මට දැක ගන්නට ලැබුණා මම එය පොලිස්පති වරයාටත් තංගල්ල පොලීසියටත් දැන්වූවා නමුත් අද වනතුරු එයට පිළිතුරක් හෝ නැහැ මේක තමයි ලංකාවේ නීතිය.(නදී)
ගිම්හානි,ඔය ක්‍රමේට විරුද්ධව ලංකාවේ කැරලි ගණනාවක් විවිධ ස්වරුපෙන් එලියට ආවා.71,88,89 සහ උතුරේ යුද්දෙත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර ඉල්ලීමක්. ඒ හැමදෙයක්ම මර්දනය කිරීම කලයුත්තක් වුනත් ඒවා පැන නැගුන හේතුන් සොයා ඒවාට උත්තර අදටත් දීලා නැහැ.මේ හැම සටනක්ම මෙහෙයවුයේ අපට වඩා ඒ ගැන හැකියාවක් ඇති අය. ඒ අයටත් බැරි වුන එකේ සහ අපේ රටේ බත් කන හරක්ට සාදාරන,නීතිගරුක, නවතාවයෙන් යුතු,දියුණු රටක් ඕනෑ නැති එකේ අපි ඔය දුපතෙන් පිටවනවා හැර ඔහේ හිටියා කියලා වෙන දෙයක් නැහැ, අපි තවත් කාලකන්නි වනවා හැර. (නි)
ලංකාවේ යහ පාලනයක් ඇති කිරිමට ආර්ථික සම්භාදක මගින් හෝ කටයුතු කල යුතුය. නැතහොත් 1978 දී පමණ උගන්ඩාවේ තත්වය ලංකාවේ ඇතිවනු ඇත. (නි)
ජෝයි,අපි හැමෝම රටින් පිටවෙන එක නෙමේ මේවට විසදුම. අපේ රටේ මෝඩ මිනිස්සු පාර්ලිමන්ට් එකට යවන්නේ රටේම ඉන්න අයයි.අපේ රටේ උගත් වැදගත් මිනිස්සු තවත් ඉන්නවා. ඒත් අපේ මිනිසුන්ට බත් පැකට් එකකුයි, වතුර බෝතලකුයි දුන්නම එයාට ඡන්දෙ දෙනවා.මෙන්න මේක වෙනස් කරලා මේ මිනිසුන්ට මේ ගැන අවබෝධ කරලා දෙන්න ඕනෑ (නි)
අපේ රටේ හැම කෙනෙක්ම කිසියම් අධ්‍යාපනයක් ලබනවා. ලංකාවේ අවම අධ්‍යාපනයක් ලබපු කෙනෙක් ගන්න තීරණාත් උගත් කෙනෙක් ගන්න තීරණයත් වැඩි වෙනසක් නැහැ. (නි)
වෙඩි තිබ්බේ නැතුව සමහරවිට එයාම වෙඩි තියා ගත්තා වෙන්නත් බැරිද? (මේක ලංකාවනේ) (නි)
අපේ රටේ පිරිහීම සහ අවනීතියේ රජ කිරීම මොනවට ඔප්පු වෙනවද මේ සිද්ධියෙන්. අද කාලයේ මිනි මරා එළියේ සිටින දේශපාලකයන් බොහෝය . එහෙත් දුප්පත්කමට ගංජා මිටියක් විකුණා අහුවන කසිප්පු බෝතලයක් සමග අහුවන අය අවුරුදු ගණන් රිමාන්ඩ් බාරයේ. අපිත් ඉපදුනේ මෙහෙම රටක නේද කියලා හිතේ ලොකු දුකක් ඇති වෙනවා (නි)
මේ වල්මත් වෙච්ච දේශපාලන ක්‍රමේට විරුද්ධව ඡන්දෙ කටු ගාන ලෙස හෝ අවලංගු වන ලෙස ඡන්දෙ පාවිච්චි කරන ලෙස සෝම හාමුදුරුවෝ ඉන්න කාලේ කිවුවා.අන්තිමට වුනේ උන්වහන්සේගේ ජනප්‍රියත්වයත් පාවිච්චි කරලා අවස්තාවාදියෝ බලේට ආපු එක.මොකක් වුනත් උන්වහන්සේ කිවුවේ හොදම දේ.අපේ රටේ ඉන්න මොඩයෝ ගොඩේ හැටියට කරන්න බැරිත් ඒකමයි.කොයි වෙලාවෙත් බලන්නේ කාට හරි කඩේ යන්නමනේ.මේ පත්තරේ වුනත් බලන්න ගුණ වයලා අදහස් දාන තරඟ.දේශපාලකයෝ කියන්නේ වාසියක් නැතිනම් හිනාවෙන්නවත් ශ්‍රමය වැය කරන ජාතියක්ද. (නි)
ලංකා සමාජේ එකතු කරන්න බැහැ.හේතුව ලංකාවේ සමාජය ලෝකේ බේද වැඩිම සමාජයක්. පන්ති බේදේ, නිලදාරිවාදේ, කුලවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ,නිකාය බේදේ,උඩරට පහතරට බේදේ, දේශපාලන පක්ෂ වලට අනුව බෙදීම,ගමේ-නගරේ බෙදීම, අවස්තාවාදේ,උගත් නුගත්, උසස් රැකියා සහ පහත රැකියා,සුදු කළු බේදේ,වගේ මෙකි නොකී හැම ආකාරයෙන්ම මිනිසුන් බෙදිලා. ඡන්දයක් වැනි දෙයකදී වැදගත් තීරණයක් ගන්න මිනිස්සු එකතු කරගන්න අමාරුයි.ඉතින් හිවලුන් වැනි කපටි දේශපාලක නරියන්ට මේ බෙදුණු මිනිසුන් බිලිබාගන්ට පහසුයි. (නි)
පිට රට ඉන්න ලාංකිකයෝ ඒ රටවල ආණ්ඩුවලට බලපෑම් කරන්න ඕනෑ ලංකාවට එල්ල කරන පීඩනය වැඩිකරන ලෙස.ණය පහසුකම් නොදෙන ලෙස.ඒ හරහා මෙවැනි නින්දිත දේශපාලකයන්ටත් අපේ සල්ලි කාබාසිනියා කරන මන්ද බුද්ධිකයන්ට එරෙහිව නිදාගන ඉන්න කුම්බකර්න ජනයා ඇහැරවා ජනතා නැගිටීමක් කරා උත්තේජනයක් ලබාදිය හැක. (නි)