IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දිනූ දිරිය දැරිය

 

පාසලේ පිළිගැනීම

 

රට ජයගත් බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඉතා දුෂ්කර ගම්මානවල ඉපිද දුෂ්කරතා රැුසක් මධ්‍යයේ තම ගමන ජයගත්තෝ වෙති. ඇතැම් අයට ගමන් මඟ අමතකය. ඇතැම් අය එම ගමන් මඟ පන්නරයට ගෙන තව තවත් ශක්තිමත් වෙමින් ගමේ දරුවන්ට ද අත හිත දෙමින් සිටිති.

අග හිඟකමින් තොරව පැමිණි බොහෝ දෙනා අද ක‍්‍රීඩාව මතින් තව දුරටත් මිල මුදල් පස්සේ යමින් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරතවෙමින් සිටිති.
බොහෝ දුරට ගම්මානවල හැදී වැඩුණු ක‍්‍රීඩා තරු වලට රට ලෝකය ජය ගන්නට මුලින්ම අතහිත දී ඔවුන් හඳුන්වා දී ඇත්තේ ජනමාධ්‍ය වේදීන් මෙන්ම මාධ්‍ය ආයතන බව නොරහසකි.

ඔවුන්ගේ දක්ෂතා මෙන්ම ක‍්‍රීඩාවට ඇති අඟහිඟකම් ඒ ඔස්සේ අකා මකා දමමින් ක‍්‍රීඩා තරු ලෙස බබළවන්නට රටට කීර්තිය එක්කැර දෙන්නටද එමගින් හැකියාව ලැබීම සතුටට කරුණකි.

හබරණ ඉසුරු පාසලේ නව වැනි වසරේ ඉගෙනුම ලබන ඞී.එම්. ශ්‍රීමාලි සමරකෝන් (14) දැරියද එවැනිම දක්ෂතා ඇත්තියකි.

ඇය ඉතා දුෂ්කර වූ ගමනක යෙදී මෙවර පැවැත්වූ 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උත්සවයේ 48 බර පන්තියේ බර ඉසිලීමේ ඉසව්වේ සමස්ත ලංකා තරගාවලියේ 17න් පහළ ඉසව්වේ රිදී පදක්කම හිමිකැර ගත්තාය.

ඇයට එම රිදී පදක්කම ගන්නට පාසලේ හෝ ඇයගේ නිවසේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණුවීමට උපකරණයක් නොතිබිණි. ක‍්‍රීඩා කරන්නට අවශ්‍ය පාවහන් යුගළක් නොතිබිණි. එමෙන්ම ආහාරයට විශේෂ ශක්ති ජනකයක් නොතිබුණි. ඇයට තිබුණ එකම ශක්තිය හා විශ්වාසය වූයේ හබරණ ඉසුරු පාසලේ ක‍්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර ගුරු පියා පමණකි.

මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පති ඞී.එම්.මංගල විජේරත්න මහතා දැරිය පිළිබඳවත් විද්‍යාලයේ බර ඉසිලීමේ ක‍්‍රීඩාව ආරම්භ කළ අයුරුත් පසුගියදා දෙනෝ දාහක් ඉදිරියේ පැවැත්වේ. ඇය රිදී පදක්කම රැුගෙන පාසලට පැමිණි දිනයේ පැවැති පිළිගැනීමේ උත්සවයේදීය. එම කතාවට පැමිණ සිටි බොහෝ දෙනකුගේ මෙන්ම මංගල විජේරත්න විදුහල්පති වරයාගේ දෑස් වලින් සතුටු කඳුලූ වැගිරෙන්නට විය.

‘‘මීට වසර දෙකකට ඉහතදී ක‍්‍රීඩා ගුරුවරයකු ලෙස පාසලට පැමිණි නදීක බණ්ඩාර මහතා මෙම විද්‍යාලයේ දරු දැරියන්ට බර ඉසිලීමේ ක‍්‍රීඩාව පුහුණු කරමු යැයි යෝජනාව ගෙනාවා. එදා මා ඊට අවශ්‍ය පසුබිම හැදුවා. මුලින්ම ගිනිසීරියා ලී වලින් පසුව යඩක බට වලින් පුහුණුවීම් කළා. පාසලෙන් පුංචි මුදලක් සොයාගෙන මා එයින් කාය වර්ධන උපකරණයක් අරගෙන දුන්නා. බර ඉසිලීමේ උපකරණ ගන්න අපට බැරි වුණා. අදටත් පාසලට එවැනි උපකරණ නැහැ’’
මීට දෙවසරකට කළින් මෙම දැරියගේ දක්ෂතා මා දැකලා. අද මේ දවස ගැන එයාට මා කිව්වා. ඒ සිහිනයක් සැබෑ උණාවගේ.

මංගල විජේරත්න මහතා එසේ අතීතය මතක්කැර දුන්නේය.

 

පුහුණු උපදේශකවරයා පුහුණු කටයුතුකරන අයුරු
මව සහ පියා



ශ්‍රී මාලි සමරකෝන් දැරිය දිගම්පතන හා තිඹලව නම්වූ අතිදුෂ්කරතා ඇති ගමක පදිංචි දැරියකි. සුළු වෙළෙඳසැළක් හා ගොවිතැනක් කරමින් දරුවන් තිදෙනෙකු පෝෂණය කරන ඇයගේ පියා ඞී.එම්.සමරකෝන්ය. අම්මා ආර්.එම්.ඩබ්ලිව්. සුනේත‍්‍රා කුමාරිහාමි වන්නීය.

පසුගියදා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති 39 වැනි ජාතික ක‍්‍රීඩා උත්සවයේ දී කිලෝ ග්?ම් 88ක බරක් වාර්තා කරමින් ඇය දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගත්තාය. ඇය ඒ පිළිබඳව අප සමඟ මෙසේ පැවසුවාය.

‘‘මම උදේට අවදිවෙලා කිලෝමීටර් තුනක් පයින් දිගම්පතන ටවුමට ඇවිත් බස් එකෙන් හබරණ පාසලට යන්නේ’’ අපේ නදීක ගුරුතුමා මට කීවා මෙම ක‍්‍රීඩාවට එන්න කියලා. ඒ අනුව මා ගියා. කිසිම පහසුකම් නැතිව එතුමා මට මෙම තරගයේ නීතිරීති මෙන්ම පුහුණුවීම් පහසුකැර දුන්නා’’ ඒ සඳහා මට හිටපු විදුහල්පති තුමන් දැන් ඉන්න විදුහල්පති තුමත් විශාල වශයෙන් උදව් කළා’’

මම මේ සැරේ තරගයට ගියෙත් සපත්තු දෙකක් නැතිව ඉස්කෝලේ පිරිමි ළමයකුගේ සපත්තු දෙකක් ඉල්ලගෙන මම තරගයට ඉදිරිපත් වුණා. අනිත් ක‍්‍රීඩිකාවෝ ඇවිත් තියෙන ආකාරය දැක්කම ඇත්තටම මට දුකත් හිතුනා. ඒත් මම හිතේ හයියෙන් ක‍්‍රීඩා කළා. මා දෙවැනියා වුණා කියලා කම්පාවෙන්නේ නැහැ. මම පාසලට යමක් කළා කියලා විතරයි හිතුනේ’’ (ඇය හඬයි)

හබරණ විදුහලේ වර්තමාන විදුහල්පති ගාමිණී ඒකනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හබරණ ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන හා රජයේ ආයතන ප‍්‍රධානීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව ඇය පිළිගැනීමට ඉතා චාම් උත්සවයක් සංවිධානය කැර තිබිණි. එම අවස්ථාවේදී විද්‍යාලයට ගිය අපට ක‍්‍රීඩා කාමරයට ගමන් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ක‍්‍රීඩා උපදේශක නදීක බණ්ඩාර මහතා තමන් කිසිදු පහසුකමක් නොමැතිව මෙම දරුවන්ට ක‍්‍රීඩා උගන්වන අයුරු අපට පෙන්විය. පාසලෙන් ඉවත් කෙරුණු විවිධ උපකරණ උපයෝගී කැරගෙන පුහුණු කිරීමේ ස්ථානය සකසා ඇති අයුරු අපට පෙන්වීය.

දක්ෂතා ඇති දරුවන් මේ ආකාරයෙන් තවත් රට පුරා ඇත. එහෙත් එම අයට අත දෙන්නට දිරිය දෙන්නට අවශ්‍ය උපකරණ ලබාදෙන්නට හැකිනම් ඔවුන්ද මෙරටට කීර්තිය රැගෙනවිත් දෙනු නිසැකය.

ශ්‍රී මාලි සමරකෝන් දැරියටත් කාගේ හෝ පිළිසරණක් ලැබේනම් ඇයද අපේ රටේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ක‍්‍රිඞීකාවක් නොඅනුමානය.

 

ශ්‍රීමාලි සමරකෝන් දැරිය

 

 

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

 



අදහස් (0)

ණයට ගත් සපත්තු කුට්ටමෙන් කී‍්‍රඩා තරග දිනූ දිරිය දැරිය

සෙන්සේ Wednesday, 17 July 2013 02:25 PM

ඔබට ජය වෙිවා! අනිවාර්යයෙන්ම ඔබට ආශිර්වාදය හා උපකාර ලැබේවි. (ස)

:       0       0

සමරා Tuesday, 16 July 2013 01:04 PM

කරුණාකර මේ දියණියට උදව් කිරීමට කැමති අයට අවස්ථාව දෙන්න. ඇගේ ගිණුම් අංකය ලංකාදීපයේ පළ කරන්න (දී)

:       0       0

රනිල් Sunday, 14 July 2013 04:01 PM

ඔබට තව හයිය තියෙනවා. ලෝකයම ගන්න දියනියනි! (දී)

:       0       0

චන්දි Sunday, 14 July 2013 04:19 PM

හරිම සතුටුයි,දුව කෙතරම් බාධක ,අඩුපාඩු තිබුනත් හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න. දුවට සියලු දෙවියන් වරම් දෙත්වා! (දී)

:       0       0

පෙරේරා Monday, 15 July 2013 07:13 PM

වසරකට ආධාරයක් කරන්න කැමතියි. එය ඉදිරියට ගෙන යා හැකියි. මාස්පත ගෙවීමක් කරමි. කරුණාකර එයා සම්බන්ද කර ගැනීමට අවස්ථාව ලබාදෙන්න (නි)

:       0       0

ප්‍රදීපා Saturday, 20 July 2013 08:26 PM

දුක හිතෙනවා අපේ රටේ පන්ති භේදය දැක්කාම. සමහර අයට සෙල්ලම පටන් ගන්න උත්සවයටත් සංදර්ශන මේ වගේ දක්ෂ දුප්පත් දරුවන්ට සපත්තු දෙකක්වත් නැහැ. වෙනසක අරුමේ..(අ)

:       0       0

ලක්සිත Sunday, 14 July 2013 05:10 PM

පොඩි හරි උදව්වක් දෙන්න ආසයි ..(අ).

:       0       0

සදුනි Tuesday, 16 July 2013 09:49 PM

මේ නංගිට උදව් කරන්න පුළුවන් ඇගේ පාසල මගින්. (දී)

:       0       0

චිරන්ත,කිරිවන්එළිය Tuesday, 16 July 2013 01:59 PM

ඔබ‍ට ජයෙන් ජයම වේවා! අපෙන් සුභ පැත‍‍මි.(අ)

:       0       0

කපිල Monday, 15 July 2013 03:43 PM

සල්ලි බලෙන් ක්‍රීඩාවට ඇවිල්ලා එක එක යානාවල දොරවල් අරින්න හදන කට්ටියට මේවා දැක්කම ලජ්ජා හිතෙනවා ඇති (නි)

:       0       0

උපසේන හේවගේ Monday, 15 July 2013 04:07 PM

මේ පුවත සමග ඇගේ ගිණුම් අංකයත් තිබුනා නම් හොදයි.(නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 16 July 2013 01:27 AM

ජයවේවා!(නදී)

:       0       0

ජනක Thursday, 18 July 2013 11:53 AM

මේ ඉන්නේ දෙවිවරු වගේ ගුරුවරු. (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 16 July 2013 03:51 AM

ඔන්න බොරු පම්පෝරි ගහන චින්තනේ අස්චර්යය.(නදී)

:       0       0

පායිස් Wednesday, 17 July 2013 01:26 AM

ආදරණිය දුව මට හැකි විදියට ඔයාට උදව්වක් කරන්න ඇසි ඔයාගේ බැකු ගිණුමේ නම එවන්න. මේ නොම්මරයට කතා කරන්න. 0097433991420 මගේ නම ෆෛඑස්. ඒ මිල් ෆෛඑස්ම571@යහොඕ.com.(නදී)

:       0       0

නිලන්ත Tuesday, 16 July 2013 12:31 PM

නියම ක්‍රීඩකයෝ ඉන්නේ ගමේ.ජයවේවා දුවේ! (දී)

:       0       0

මාස් දෙඉන් Wednesday, 17 July 2013 07:14 PM

උදව් කරන්න ඕනෑ අයගේ ගිනුම් අංකය ලංකාදීපයේ පලකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 117 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 283 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 836 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 424 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1745 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 717 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site