IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ 1912 මාර්තු 15 වැනිදාය. පසුගිය දා එක්සත් රාජධානියේ පැවති වෙන්දේසියකදී, ටයිටැනික් නෞකාව, ගිලී යෑමට දින කිහිපයකට පෙර එහි මගියකු විසින් ලියනු ලැබූ ලියුමක් වාර්තාගත ලෙස පවුම් 300,000 කට (ඇමෙරිකන් ඩොලර් 400,000) අලෙවි විය.

එම මගියා කර්නල් ආර්චිබෝල්ඩ් ග්‍රේසි ය. ටයිටැනික් නෞකා අනතුරින් දිවි ගලවා ගත් අයකු ලෙස ආර්චිබෝල්ඩ් ග්‍රේසි සැලකෙයි. කර්නල් ආර්චිබෝල්ඩ් ග්‍රේසි ලියුම වෙන්දේසි කෙරුණේ එක්සත් රාජධානියේ විල්ට්ෂයර් නුවර වෙන්දේසියකදීය. ලියුම මිලදී ගත්තේ නිර්නාමික ගැනුම්කරුවකු බව පැවැසෙයි. ලියුම, පවුම් 300,000 කට අලෙවි වනු ඇතැයි කිසිසේත් විශ්වාස නොකළ බවත්, අපේක්ෂා කළේ එය පවුම් 60,000 ක් පමණ වනු ඇති බවත්ය.

ටයිටැනික් නමැති අලු‍ත් අපූරු නෞකාවේ මංගල ගමනට තමන් එක් වන බවත්, නෞකාවේ විස්තර තමන් ගමන අවසානයේ දී පැවැසීමට සූදානම් බවත් කර්නල් ආර්චිබෝල්ඩ් ග්‍රේසි එම ලියුමෙහි සඳහන් කර ඇත. අනතුරින් දිවි ගලවා ගත් ආර්චිබෝල්ඩ් ග්‍රේසි පසුව ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සහ ඔහු ලැබූ අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථයක් ද රචනා කළේය. ‘ටෲත් අබවුට් ද ටයිටැනික්’ යනු එයයි.

එම ලියුම, 1912 අප්‍රේල් 10 වැනිදා ට යොමු කර ඇති අතර, එදින ආර්චිබෝල්ඩ් ග්‍රේසි  සවුත්හැම්ප්ටන්හිදී ටයිටැනික් නෞකාවට ගොඩ විය. ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ එය අයිස් කුට්ටියක ගැටී දින පහකට පසුවය. කර්නල් ග්‍රේසි, නෞකාවට ගොඩවී ඇත්තේ, ඇමෙරිකාවේ

නිව් යෝර්ක් නුවර බලා යෑමටය. ටයිටැනික් නෞකාවේ ගමනාන්තය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ගමන් ආරම්භ කළේ සවුත්හැම්ප්ටන් සිටය. කර්නල් ග්‍රේසි ද නිව් යෝර්ක් බලා යෑමට ටයිටැනික් නෞකාවට ගොඩවුණු මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 2,200 ක් පමණ අතරින් අයෙකි.

පළමු පන්තියේ මගියකු වූ කර්නල් ග්‍රේසි, මෙම ලියුම ලියා ඇත්තේ නෞකාවේ, සී 51 මගී කුටියේ සිටය. ලියුම, 1912 අප්‍රේල් 11 වැනිදා අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන්හි  ටයිටැනික් නැව නැංගුරම් ලෑමෙන් පසු තැපැල් කරනු ලැබූ බව ද පැවැසෙයි. ලියුමේ ඇත්තේ අප්‍රේල් 12 වැනිදා ඇලවූ ලන්ඩන් තැපැල් මුද්දරයකි. ලියුම වෙන්දේසියට තැබූ වෙන්දේසිකරු පෙන්වා දී ඇත්තේ, ටයිටැනික් නෞකාවේ සිට ලියූ ලිපියක් සඳහා ලැබුණු ඉහළම වටිනාකම මෙය බවය.

ටයිටැනික් නෞකාව ගිලී යෑමෙන් පසු ආර්චිබෝල්ඩ් ග්‍රේසි, ජීවිතාරක්ෂක බෝට්ටුවක පිහිටෙන් දිවි ගලවා ගත්තේය. එම බෝට්ටුවේ සිටි බොහෝ දෙනකු අධික සීතල නිසා මියගිය බව ද පැවැසෙයි. මේ සියල්ල ආර්චිබෝල්ඩ් ග්‍රේසි, රචනා කළ කෘතියෙහි සඳහන් වෙයි. ටයිටැනික් අනතුරින් ආර්චිබෝල්ඩ් ග්‍රේසි, දිවි ගලවා ගත්ත ද අනතුරින් පසු ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගියේය. අනතුරින් ලැබූ තුවාල ද දරුණු විය. 1912 දෙසැම්බර් 2 වන දින කෝමා තත්වයට පත් වූ ආර්චිබෝල්ඩ් ග්‍රේසි, දින දෙකකට පසු දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගියේය.

(*** ලු‍සිත ජයමාන්න - බීබීසී ඇසුරිනි)



අදහස් (0)

ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1440 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site