IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඡන්දයක්ද? ක්‍රම වෙනසක්ද?

වසර 2023 මාර්තු, අප්‍රේල් මස වනවිට, නියමිත පරිදි ‘පුංචි ඡන්දය’ හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එය පවත්වා 8,600 ක් ඉක්මවමින්, අති විශාල සභිකයන් සංඛ්‍යාවක් පත් කිරීමට සිදුවී, රුපියල් මිලියන 4,000ක් පමණ වැය බරක් දැරූ බවත්, මෙවර ඒ වැය බර දෙගුණ වී රුපියල් මිලියන 8,000 පමණ වනු අතැයිද ඔහු පවසා තිබුණි.

අප රට දැන් වැටී සිටින, වසර ගණනාවකට ගොඩ ඒමට නොහැකි භයානක ආර්ථික ව්‍යසනය හමුවේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සුපිරිසුදු ලෙස රැකීමේ මුවාවෙන් කඩිමුඩියේ අපිරිසුදු අක්‍රමවත්, මැතිවරණ පවත්වා ජනතාවගේ විරෝධයට ලක්ව ඇති දූෂිත, දේශපාලකයන් නැවතත් කරළියට ගෙන ඒම අනුමත කළ නොහැක. එය වඩාත් තීව්‍ර වන්නේ, සමස්ත දේශපාලන හා රාජ්‍ය පරිපාලන පද්ධතියටම බලපාන රැඩිකල්වාදී ‘ක්‍රම වෙනස්කම්’ වහා සිදුකරන ලෙසට, ජනතාව හා සාමකාමී ‘අරගලයේ’ බුද්ධිමත් තරුණ පිරිස විසින් තරයේ බල කරමින් සිටින අවස්ථාවක කරළියට පැමිණෙන නිසාය. 

ජනතා අවශ්‍යතා බේදයකින් තොරව සාර්ථකව ඉටුවන බැවින් මේ මොහොතේ ‘පුංචි ඡන්ද’ පැවැත්වීම ජනතා ප්‍රමුඛතාවක් නොවේ. එනිසා, ‘කොරේ පිටට මරේ’ කියන්නාක් මෙන්, ඔවුන් මත බදු පිට බදු පටවා මෙලෙස රටට ඉසිලිය නොහැකි වැය බරක් දරමින් ජනතාව නැවතත් ගොනාට ඇන්දවීමට සැරැසෙන්නේ කාගේ වුවමනාවකටදැයි හෙළිකළ යුතුය.

නව පරපුරේ මෙන්ම කාගේත් ඒකායන අපේක්ෂාව වන්නේ, 2023 මාර්තු මස දක්වා වූ කෙටි ‘අන්තර් පාලන ආණ්ඩු’ කාලය තුළ, දේශපාලකයන් මැතිවරණ සටන්වල නිරත වෙමින් එම සීමිත කාලය කා දමනවා වෙනුවට, රටෙහි වත්මන් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන අතරතුර, තිරසාර සංවර්ධනයක් කරා ගෙන යන වේගවත් ආර්ථික පිබිදීමක් ඇති කරන ‘මැතිවරණ සහ අනෙකුත් හදිසි ක්‍රම වෙනස්කම් ‘සිදු කිරීමට, අවංකව දායක වෙමින් නව මැතිවරණ ක්‍රමයක් හා විධායක ජනාධිපති ක්‍රමයෙන් වියුක්ත වූ, ජනතාව පදනම් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා පිටිය සකස් කිරීමයි.

රට හා ජනතාව මුදාගැනීමේ එවැනි වැඩපිළිවෙළක් සාර්ථක කරගත හැකි පරමාදර්ශී ක්‍රමය නම් ආරම්භයේ පටන් සියලු ආගමික නායකයන්, සමහරක් දේශපාලන පක්ෂ ඇතුළු මහජනතාව ඉල්ලා සිටි ‘සර්ව/බහු පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක්’ මගින් පොදු වැඩපිළිවෙළක් සකස් කර ඉහත අරමුණු මුදුන්පත් කර ගැනීමට එකාසේ කටයුතු කළ යුතුය. එහෙත් රටේ අවාසනාවට දෝ, මහජනතාව ඉච්චා භංගත්වයට පත් කරමින්, නැවතත් පක්ෂ දේශපාලන පොර පිටියේ දිනපතා සිදුවන, බලු පොර, එදිරිවාදිකම් හා විගඩම්වලින් පැහැදිලිවම පෙන්වන්නේ ‘කෙක්කෙන් හෝ කොක්කෙන්’ එම නුසුදුසු, වංක, ආත්මාර්ථකාමී, දූෂිත සහ ප්‍රතිපත්ති විරහිත දේශපාලකයන්ව නැවත වරක් බලයට ඒමට ඇති අසීමිත ආශාවයි. එවන් තත්ත්වයක් තුළ, තීරණාත්මක ‘ක්‍රම දෝෂ’ (System errors) නිවැරැදි නොකර, පවතින ක්‍රමය යටතේම මැතිවරණයක් පැවැත්වුවහොත්, නැවතත් එම දේශපාලකයන් බහුතරයක් පත්වීම ශක්‍රයාටවත් වැළැක්විය නොහැකි වී, රට අඛණ්ඩව අගාධය කරා ගමන් කරනු ඇත. පසුගිය වසර 74 පුරාවට ඔවුන්ගේ ‘වීරකම්’වල අස්වනු අපි දැන් නෙළමින් සිටින්නෙමු.

තවද, එලෙස පත්වන ආණ්ඩුවකින් ‘රැඩිකල් ක්‍රම වෙනස්කම්’ අපේක්ෂා කිරීම ‘ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්’ වනු ඇත. මන්දයත්, ඔවුන්ගේ බහුතරයක්, බල තණ්හාව, ආත්මාර්ථකාමීත්වය, ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කරමින් තම සුපුරුදු ව්‍යාපාරයට අවතීර්ණ වී, සාම්ප්‍රදායික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියෝගයක් වන සියලුම ‘ක්‍රම වෙනස්කම්’ ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට යොමු වන බැවිනි.

ඕනෑම මැතිවරණයකට පෙර බලාත්මක කළ යුතු තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’

තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’වලින් වත්මන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව බලවත් ලෙස දැන් මතුවේ. ඒ අනුව, පහත සාරාංශ ගතකර ඇති පරිදි, සැබෑ ශ්‍රී ලාංකික නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරමින්, අවම තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම’ සිදුකර, කුමන මැතිවරණයක් හෝ පවත්වන ලෙස ‘සර්ව/බහු පාක්ෂික අන්තර් පාලන ආණ්ඩුව’කට නොනවත්වා බල කළ යුතුය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ‘ඡන්ද සමානාත්මතාව’ සහතික කිරීම.

කුසලතා පදනම්ව, ‘රට පළමුවට’ තබන, නිර්ව්‍යාජ ‘දේශපාලනික වෘත්තිකයන්’ පත්වීම සහතික කිරීම සඳහා සියලු පක්ෂවලට අනිවාර්ය අවම සුදුසුකම් හා ලකුණු ලබාදෙන සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් පැනවීම.

පාර්ලිමේන්තුවේ/පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජනය සියයට 20 බැගින් සහතික කිරීමට, සියලු පක්ෂ නාමයෝජනා ලැයිස්තුවල සෑම පස්දෙනකු අතර අවම එක් කාන්තාවක් හා වයස 35ට අඩු එක් අයකු සිටීම.

‘ජාතික ලැයිස්තු’ මන්ත්‍රීන් අරමුණාත්මකව පත්කිරීම සඳහා අනිවාර්ය ක්‍රමවේදයක් නියම කිරීම.

පවතින සංකීර්ණ මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ අනියම් අනුපාත වෙනුවට, හඳුන්වා දෙනු ලබන සමානුපාතික, කොට්ඨාස හා මධ්‍යම නාම සංචිත යනුවෙන් ශීර්ෂ ගත නාම යෝජනා ලැයිස්තු අතරින් තෝරාගත් එකක් යටතේ කුසලතා අනුව අපේක්ෂකයන් නම් කිරීමට පක්ෂවලට සමාන ඉඩ ප්‍රස්ථා ලබාදීම.

‘වසර 5ක පක්ෂ මැතිවරණ ප්‍රකාශනය’, නියාමනයකට යටත්, නඩු පැවැරිය හැකි ලියවිල්ලක් බවට සන්නාම ගත කර, එය බුද්ධිමත් තීරණයක් සඳහා ප්‍රධානතම සාධකය බවට ඡන්ද දායකයාට ඒත්තු ගැන්වීම.

පක්ෂ මැතිවරණ ප්‍රචාරණය’ සඳහා ‘පොදු උපරිම වියදම් සීමාවක්’ නියමකර, සියලු පක්ෂවලට ‘සමතලා පිටියක්’ සහතික කරන අතර, ප්‍රචාරණය සඳහා මූල්‍ය ශක්තිය නොමැති සුදුස්සන්ටද අවස්ථාවක් උදාකරදීම.

ආසන දිනූ පක්ෂ ලබාගත් ජාතික ඡන්ද ප්‍රතිශතය අනුව ව්‍යවස්ථාපිත අමාත්‍ය ධුර ලබාදී, ‘ස්ථිර ජාතික කැබිනෙට්ටුවක්’ ස්ථාපිත කර, ‘ශ්‍රී ලාංකිකත්ව’යේ සංකල්පය තිරසාර කිරීම.

‘පැති මාරු’ ක්‍රමය තහනම් කර, ‘දූෂිත ඩීල්’ රහිත, සදාචාරාත්මක හා සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් සහතික කිරීම.
පළාත් සභා වඩාත් ශක්තිමත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය භාරය හා වරප්‍රසාද සහේතුක කිරීම.

පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනය කර, ගමේ ගරුත්වය ලබන, පිළිගත් හා සමාජශීලී ‘ස්වාධීන’ සභිකයන් පත් කිරීමෙන් ජනතාවට අපක්ෂපාතී, දූෂණයෙන් තොර සේවයක් ලබාදීම.

සඵල පිරිවැය පාලන පියවර තුළින් මැතිවරණ ක්‍රියාවලියේ, උපරිම ඵලදායිතාවක් සහතික කිරීම 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීගෙන් තේරීපත්වන සීමිත බලතල සහිත ‘අග්‍රාණ්ඩුකාර ධුරයක් සඳහා සියලු පූර්ව කටයුතු අවසන් කිරීම.

ඉදිරි ඕනෑම මැතිවරණයකට බලපාන පරිදි, ඉහත තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’ අනුමත කිරීම.

මෙම ‘ක්‍රම වෙනස්කම්’ පැකේජයේ ජනමත විචාරණයක් අවශ්‍ය වන වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබුවහොත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ජනමත විචාරණයේදීම අනුමැතිය සඳහා ඒ වගන්ති ද ඇතුළත් කළ හැකිය. ප්‍රධාන අරමුණු ඉටුකළ හැක්කේ නම්, පැකේජයේ ඇති අනෙකුත් සියලුම ‘ක්‍රම වෙනස්කම්’ ක්‍රියාත්මක කරමින් මහ මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් පැවැත්විය හැක.

ලංකා ඉතිහාසයේ ඉතා දරුණුතම ආර්ථික ව්‍යසනයට ගොදුරු වී, අසීමිත දුක් විඳින අසරණ ජනතාව මුදාගන්නා අතරතුර, එම තත්ත්වයට ප්‍රධාන ලෙස හේතුවූ දේශපාලන, ඡන්දදායක හා මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරමින් ‘නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය’ අනුව වෘත්තීය මට්ටමේ සම්මුතිවාදී සහ ඵලදායී පාර්ලිමේන්තු සංස්කෘතියක් සහතික කරන නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයකට හා ව්‍යවස්ථාවක් බිහි කිරීමට තවදුරටත් කල් නොමරා පිටිය සකස් කළ යුතුය. ඒ සඳහා වියදම් වන්නේ, යෝජිත එක මැතිවරණයක වියදමින් අංශු මාත්‍රයකි. අවශ්‍ය වන්නේ, ස්වාධීන මැතිවරණ කොමිසමක නිසි දායකත්වය හා අවංකව ‘රට පළමුවට’ තබන නියෝජන දේශපාලනික කැපවීම හා දායකත්වයයි.

මෙම තීරණාත්මක අවස්ථාව මඟ නොහැර, අප මාතෘභූමිය අරාජික වී ඉතිහාසයේ කුණු කූඩයට වැටීම වළකමු!


බර්නාඩ් ප්‍රනාන්දු හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු ලංකා බැංකුව

(***)



අදහස් (1)

ඡන්දයක්ද? ක්‍රම වෙනසක්ද?

AB Saturday, 22 October 2022 07:15 PM

තීරණාත්මක ‘ක්‍රම වෙනස්කම්’වලින් වත්මන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව බලවත් ලෙස දැන් මතුවේ. ශ්‍රී ලාංකිකයන් සදහා නව වියවස්ත්වක් රටට හදුන්වා දිය යුතුවේ. system change රටට ලබාදීමට නම් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් විය යුතුවේ. එසේ නොවන්නට ශ්‍රී ලංකිකය පුරවැසියන් හට පවා හුරුපුරුදු බහුතරයක්, බල තණ්හාව, ආත්මාර්ථකාමීත්වය, වරප්ප්‍රස්ද, ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කරමින් තම සුපුරුදු දුෂිත දේශපාලන ව්‍යාපාරයට අවතීර්ණ වී, සාම්ප්‍රදායික දේශපාලනය ඉදිරියටත් සිදුවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site