IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ඝාතන දෙකකට හසුවූ "ගැහැණු පිරිමියා"


 

හෝමාගම කටුවාන පාරේ කර්මාන්තපුරයේ පිහිටි ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ආරක්‍ෂාවට යොදවා සිටින ආරක්‍ෂක නියාමකයෙක් (සිකියුර්ටි ගාඞ්) කෙනකු අමානුෂික ලෙස ඝාතනයකර තිබියදී ඔහුගේ සිරුර සොයා ගෙන තිබුණේ පසුගිය 9 වැනිදාය.

ඒ හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

හිස පොඩිකර සිකියුරිටි ගාඞ් ඝාතනය කර තිබූ අතර ආයතනයේ ලොරි රථයක් ද අතුරුදන්ව ඇති බව කර්මාන්ත ශාලාවේ අයිතිකරු මේ ඝාතනය සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමට සැලකර සිටියේය.

මෙසේ ඝාතනයකර සිටියේ හෝමාගම ප‍්‍රදේශයේම පදිංචිව සිටි උපාලි නයනානන්ද නමැති 68 හැවිරිදි වියේ පමණ පසුවන පුද්ගලයෙකි.

හෝමාගම දකුණු සහකාර පොලිස් අධිකාරි කේ.ජේ.වයි.වී. ක‍්‍රිෂාන්ත මහතාගේ විශේෂ උපදෙස් මත මේ ඝාතනය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් ලීලාරත්න මහතා ප‍්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කළහ.

‘‘සර් ඔය වැඬේ කළේ ලියෝන් කියන මිනිහා. ලොරිය අරගෙන ගියෙන් ලියෝන් මේ ගැන පොඞ්ඩක් හොයලා බලන්න. මිනිහා අල්ලා ගත්තොත් සේරම විස්තර දැන ගන්න පුළුවන් වෙයි. ලියෝන් සැත්කමකින් ගැහැනියක් වෙලා ඉන්න කෙනෙක්’’යැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදුන් අයෙක් කියා සිටි අතර ලැබුණු ඒ හෝඩුවාව ඔස්සේ ලියෝන් නමැත්තා සොයා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය.

මොරටුව මුහුදු වෙරළේ ලියෝන් නමැත්තා සිටින බව දැනගත් පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඔහු අල්ලාගෙන ඇත.

මොහු සැරසි සිටියේ කොට කලිසමකින් හා ටී ෂර්ට් එකකිනි.

මහ රෑ ඔහු මුහුදු වෙරළේ  පෙන පිඩු නගන රැළ පාගමින් හුදකලාව කල්පනාවක නිමග්නව ඒ මේ අත ඇවිදිමින් සිටියදී පොලිසියට කොටුවිය.

උපාලි නයනානන්ද නමැති 68 හැවිරිදි ආරක්‍ෂක නියාමකවරයා ඝාතනය කළ ආකාරය ගැන ඔහු පොලිසියට පාපොච්චාරණයක් කළ අතර පැහැරගෙන ගිය ලොරිය මොරටුව ප‍්‍රදේශයේ තිබෙන බව ද ඔහු හෙළි කර තිබේ.

ලොරිය අරගෙන ගියේ රුපියල් ලක්‍ෂ 03කට උකස්කරල සල්ලි ගන්නයි. ඒත් එදා ඒ වැඬේ කරගන්න බැරිව ගියා පස්සේ ලොරිය අතහැර දමා යන්න ගියා යැයිද ලියොන් නමැත්තා පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ පවසා ඇත.

පැහැරගෙන ගිය ලොරිය ද පසුව පොලිසිය විසින් සොයා ගැනිණි.

පොලිස් නිලධාරින්ගේ කුතුහලයට ලක්ව තිබූ තවත් කරුණක්ද විසඳා ගැනීමට අවශ්‍යව තිබිණි.


පොලිස් නිලධාරියෙක්:-
නමුත් පිරිමියෙක් විදියට ඉඳලා සැත්කමකින් පස්සේ කාන්තාවක් වුණා කියන කතාව ඇත්තද?


සැකකරු:-
ඔව් සර් ඒ කතාව ඇත්ත. මීට අවුරුදු 10 කට විතර කලින් සැත්කමක් කරවාගෙන කාන්තාවක් වුණා. ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් කාන්තාවකගේ වාගේ පියයුරු සකසා ගත්තා.

සැකකරුගේ මේ කතාව අසා පොලිස් නිලධාරින්ගේ ද ඇස උඩ ගියේ මෙය එකවරම අදහාගත නොහැකි කතාවක් වූ නිසාය.


පොලිස් නිලධාරියා :-
තමුන් කොහේදී ද මේ සැත්කම කරගෙන  ගැහැණියක් වුණේ?

සැකකරු:-
ඉන්න සර් මම සේරම විස්තරේ කියන්නම් මම මේ සැත්කම කරගත්තේ තායිලන්තයේ දී මේ සැත්කම කරගන්න මට ලක්‍ෂ 10ක් විතර වියදම් වුණා. මගේ පුරුෂ ලිංගය සිරුර ඇතුළට සිටින ලෙස සකස් කර කාන්තාවකගේ මෙන් රහසඟ සැත්කමකින් සකස් කළා. මේ සැත්කමින් පස්සේ මා කාන්තාවක් අඳින විදිහට ලස්සනට අඳින්න පටන් ගත්තා. ලස්සනට හැඩ වැඩ වුණා. ප්ලාස්ටික් ශල්‍ය කර්මයකින් පියයුරු ද සකස් කරගත්තා. ඒ කාලයේ මා කඩවසම් තරුණයෙක් අවුරුදු 10ක්ම මම ඒ රටේ ජීවත්වුණේ කාන්තාවක් ලෙසයි.

‘‘තායිලන්තයේ සිටින කාන්තාවන් වෙන්න කැමති පිරිමින් මේ වගේ ශල්‍ය කර්ම කරගන්නවා. මම කාන්තාවක් වුණා. ඒ රටේ ගණිකාවන් විදිහට ජීවිකාව ගෙන යමින් වාරයකට හොඳ ආදායමක් ලැබුවා. තායිලන්තයේ සිටින විදේශිකයින්ගෙන් මට හොඳ ඉල්ලූමක් තිබුණා. ඔවුන්ව සතුටු කළාම මට වැඩිපුර ගාණක් අතට දුන්නා. ඔවුන් වැඩිපුර ගාණක් මගේ අතට දුන්නේ සන්තෝෂය වැඩිකමට.

බර්ගර් ජාතිකයෙක්වන මොහු අධ්‍යාපනය ලබා ඇත්තේ ජාත්‍යන්තර පාසලකින්. පවුල් ආරවුල් මත බිරියගෙන් වෙන්වී තායිලන්තයට ගොස් ඇත.
තායිලන්තයට යනවිට ඔහු එක් දරු පියෙකි.

මට කාන්තාවක් වෙන්න කාලයක ඉඳලා ලොකු ආශාවක් තිබුණා. තායිලන්තයට ගියාට පස්සේ දැනගත්තා පිරිමින්ට කැමැතිනම් ශල්‍ය කර්මයක් කරගෙන කාන්තාවක් වෙන්න පුළුවනි  කියලා යැයිද සැකකරු පොලිස් නිලධාරින් සමග පවසා ඇත.

කැමැතිනම් තවත් ලක්‍ෂ 10 ක පමණ මුදලක් වැයකර සැත්කමට ලක්වී නැවතත් පිරිමියෙක් වීමට හැකියාව ඒ රටේ තිබෙන බවද ඔහු පොලිස් නිලධාරින් සමග තව දුරටත් පවසා ඇත.

මට නම් ආයෙත් කවදාවත් පිරිමියෙක් වෙන්න  ඕනෑ කමක් තිබුණේ නැහැ. මැරෙන කම්ම කාන්තාවක් වෙලා ඉන්න එක හොඳයි කියා සිතුවා යැයි සැකකරු පැවසුවේ පොලිස් නිලධාරියකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.වසර දහයක පමණ කාලයක් කාන්තාවක් ලෙස තායිලන්තයේ  ජීවත් වූ ඔහු ලංකාවට පැමිණියේ පිරිමියකු ලෙසය.

නැවතත් කවදා හෝ දිනක තායිලන්තය බලා යන තෙක් මෙය රහසක්ව තබා ගැනීමට සැකකරු වග බලාගෙන ඇත.

සැකකරු වැදගත් පවුලක අයෙකි ඔහුගේ මව හා පියා  ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වී ඇති අතර දැන් ඔවුන් මියගොස් ඇත.

සැකකරුගේ මවගේ සහෝදරයා කර්මාන්තපුරයේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන කම්හලක අයිතිකරු විය.

තායිලන්තයේ සිට පැමිණි ඔහු මේ කර්මාන්ත ශාලාවේ කාමරයක පදිංචිව සිට ඇති අතර ඔහුගේ අවශ්‍යතාවයන් ඉටුකර ඇත්තේ මවගේ සහෝදරයා විසිනි.
සැකකරු ඝාතනය කර ඇත්තේ ඔහුගේ මාමාගේ කර්මාන්තශාලාවේ ආරක්‍ෂාවට යොදවා සිටි ආරක්‍ෂක නියාමකයාය.

ආරක්‍ෂක නියාමක උපාලි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ මාමාට අයත් කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන කාර්යාලයේ ආරක්‍ෂක නියාමකයාද අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවිය.

 ප‍්‍රධාන කාර්යාලය මිරිහාන ප‍්‍රදේශයේ පිහිටා තිබූ අතර හෙට්ටිආරච්චි නමැති මේ ආරක්‍ෂක නියාමකයා ඝාතනය කර තිබුණේ මීට වසර 1 1/2 කට පමණ පෙරය. එනම් 2012 වසරේ නොවැම්බර් මාසයේ දිනකය.


පොලිස් නිලධාරියා :-
සිකියුරිටිකාරයින් දෙන්නාම මේ විදිහට මරා දැම්මේ ඇයි.

සැකකරු:-
මේ දෙන්න අනවශ්‍ය විදියට මගේ ගමන් බිමන් ගැන සොයන බව තේරුම් ගියා මා යන එන තැන් හොයනවා. නිතරම මා ගැන සැකයෙන් බලනවා වගේ තේරුණා. ඒ නිසා ඒ දෙන්න මරා දැම්මා.

මේ සැකකරු පෙම්වතියන් හතර දෙකකු සමග ඇසුරක් පවත්වාගෙන ගොස් ඇතත් ඔවුන් ද මේ වගක් කිසිසේත්ම දැන සිටියේ නැත.

මේ බව හෙළිකර ඇත්තේ ද සැකකරුය.

මම ඔපරේෂන් එකක් කරගෙන ගැහැනියක් වෙලා ඉන්නවා කියා මගේ මාමා තියා එයාගේ පවුලේ අයවත් දැන සිටියේ නැහැ යැයි සැකකරු පොලිස් නිලධාරින්ට පවසා ඇත.

මොහු මාමාගේ පැක්ටේරියේ තිබූ ලක්‍ෂ 03ක පමණ මුදලක් සොරාගෙන කාලයක් හික්කඩුව ප‍්‍රදේශයේ හෝටලයක ගත කර ඒ සල්ලි ටික ඉවරවුණාට පස්සේ නැවතත් මාමා සොයාගෙන පැමිණ තිබේ.

අක්කාගේ පුතා මේ මුදල් සොරකම කර ඇති නිසා ඔහු මේ සොරකම ගැන පොලිසියට පැමිණිලිකර නොමැත.

කාන්තාවක් ලෙස තායිලන්තයේ ගත කරන කාලයේ මොහු මත් ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වී සිටි අයෙකි.

හතළිස් එක්වැනි වියේ පමණ පසුවන සැකකරු බර්ගර් ජාතිකයෙකි.

මාමාගේ කර්මාන්ත ශාලාවෙන් සොරාගත් ලොරිය රුපියල් ලක්‍ෂ 3 ක පමණ මුදලකට විකුණා ඔහු යළි තායිලන්තය බලාගොස් යාමට අදහස් කර ගෙන සිට ඇතත් ඊට කලින් පොලිසියට කොටුවිය.

සැකකරු රිමාන්ඞ් බාරයේ පසුවෙයි.

පිරිමියෙක් ශල්‍ය කර්මයක් මගින් කාන්තාවක් බවට පත්ව මනුෂ්‍ය ඝාතන දෙකක් කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුxවට පත් වූයේ පළමුවරට විය හැකි බව පොලිසිය විශ්වාස කරයි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ දකුණු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මර්වින් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත හෝමාගම දකුණ සහකාර පොලිස් අධිකාරි කේ.ජේ.වයි.වී. කි‍්‍රෂාන්ත මහතාගේ මෙහෙයවීම යටතේ හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් ලීලාරත්න සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී.ජී. චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඇත.

 



 



අදහස් (0)

ඝාතන දෙකකට හසුවූ "ගැහැණු පිරිමියා"

අමිල Monday, 24 February 2014 01:57 PM

මිනිහව හිරේ දාන එක ඉබ්බව දියට දැම්ම වගේ හිටියිද දන්නෑ. (ස)

:       0       0

දම්මික Saturday, 22 February 2014 07:00 PM

නියමට ඇති (දී)

:       0       0

ජගත් Monday, 24 February 2014 06:06 PM

කෝ මේ සේනාව? (නදී)

:       0       0

නීල් Tuesday, 18 March 2014 09:03 AM

මානසික ලෙඩක් තියන කෙනෙක් වගෙයි.(නදී)

:       0       0

යස්මි Wednesday, 26 February 2014 08:43 AM

මේ මිනිහව මරන්න, නැතහොත් අපේ රටට ලැජ්ජාවක්.(අ)

:       0       0

අමිල Saturday, 22 February 2014 12:36 AM

මෙයට හිරේ දී නම් හොඳ තැනක් හම්බවෙයි ( පිරිමි නේවාසිකාගාරයට දැම්මොත් ) (අ)

:       0       0

සෝන මැලේෂියා Sunday, 23 February 2014 11:20 AM

අපේ රටේ නීතියට අනුව ඔහුට දඬුවමක් ලැබෙයි.නමුත් බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ පොලිසියේදී හෝ හිරේ දී ලැබෙන අමානුෂික දඬුවම් වලට.ඒ අපේ රටේ මිනිස්සු බහුතරයකගේ පොදු පහත් පෙලේ මානසිකත්වය. ලංකාවේ මානව හිමිකම් සංවිධාන තවත් බලවත් කරලා පොලිසියේදීත් හිරේදීත් කෙරෙන අමානුෂික දේ නවත්වන්න ඕන."සිරකරුවොත් මනුෂ්‍යයෝය ". (දී)

:       0       0

උදේනී Monday, 24 February 2014 11:48 AM

අනේ මන්ද හිතා ගන්න බෑ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 5390 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 231 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 181 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site