IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගාසා තීරයේදී අසාර්ථක වුණු ජාත්‍යන්තරය


හමාස්වරුන් එල්ල කළ ප්‍රාථමික ගණයේ රොකට් ප්‍රහාර හා සැසඳූ විට ගාසා තීරයට ඊශ්‍රායල්වරුන් එල්ල කළේ අනුකම්පා විරහිත, හැඟීම් විරහිත, කොහෙත්ම ඒ හා සමානුපාතික නොවන දරුණු ප්‍රහාරය.

ගල්වලින් දමා ගසන කොල්ලන්ට අති නවීන ගිනි අවි භාවිත කරන දියුණු ලෝකයට අයත් හමුදාවක් ජීව උණ්‍ඩ වලින් ගිනි බිඳිනු රූපවාහිනියේ දැකීම සිත් කලකිරවන්නක් විය. දක්ෂිණාංශික යුදෙව්වන් වාර්ගික සංහාරයක යෙදෙමින් ෂෙයික් ජරාහි අරාබීන් නැගෙනහිර ජෙරුසෙලමෙන් එලවා දමා යුදෙව්වන්ට පමණක් හිමි වූ අගනගරය ලෙස ජෙරුසෙලම තබා ගන්නට දරන වෑයම දැකීම ඊටත් වඩා ජුගුප්සාජනකය.

ඒ හා සමානව බියකරු දර්ශනයක් වූයේ 2021 මැයි 10 වැනිදා ඊශ්‍රායලය ගසා තීරයට එල්ල කළ ප්‍රහාරයයි. වොෂින්ටන් පෝස්ට් දක්වන තොරතුරුවලට අනුව එම ප්‍රහාරයෙන් ළමයින් නව දෙනෙකුත් තවත් අය 13 ක් මරුමුවට පත්වූවෝය.

පසුව මරණ සංඛ්‍යාව සියල්ල දක්වා ඉහළ ගිය අතර ඉන් 33 දෙනෙකු ළමයින්ය.
ඒ හා සමානම 2021 මැයි 11 වැනිදා තලේබාන්වරුන් කාබුල් නුවර දී පුපුරුවා හරින ලද බෝම්බවලින් මුස්ලිම් පාසල් දැරිවියන් 85 දෙනෙකු මියගිය බව CNN වාර්තා කළේය. මේ සිදුවීම් අතර වෙනස කුමක්ද?

මුස්ලිම්වරු ඒ ආකාරයේම අපරාධකරමින් මුස්ලිම්වරුන් මරා දමන්නේ නම් අප ඊශ්‍රායලයේ යුදෙව්වන් හෙළා දකින්නේ කෙසේද? කාබුල් නුවර අප්‍රිකාවේ හා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සිදු කළ සාහසික ක්‍රියා ඊටත් වඩා අමානුෂික මට්ටමකට වැටිය හැකිද?

අපේම ද්‍රවිඩ ජාතීන් තම ඉතිහාසයේම නොකළ ගණයේ දරුණූ අපරාධවල යෙදෙමින් අනෙක් සියලු අය එක්කොට ගත් සංඛ්‍යාවට වඩා දෙමළ ජනතාව මරා දැමුණු විට අප ඊශ්‍රායලය හෙළා දකින්නේ කෙසේ ද?


තිරිසන් හැසිරීම
ෆැසිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණේ සිංහල ත්‍රස්තවාදීන් කිසිදු අනුකම්පාවක් නොදක්වා සිංහල උදවිය මරා දැමූ විට අපි කෙසේ ඊශ්‍රායලය හෙළා දකිමුද ? යම් අයකු තිරිසන් හැසිරීම බලාපොරොත්තු විය යුත්තේ තම සතුරන්ගෙන් විනා තමන්ගේම වර්ගයාගෙන නොවේ.

ඊශ්‍රායල් ජාතිකයන් තම පරම හතුරන් මරා දැමූ සංඛ්‍යාවට වඩා සදාචාරයේ නාමයෙන් මුස්ලිම්වරුන් මුස්ලිම් දරුවන් මරා දමා ඇත.. මෙම මූලධර්මය දෙමළ අයටත් සිංහල අයටත් එකසේ අදාළ වේ.

මෙම ලිපිය ලියනු ලැබුවේ ජෙරුසෙලමේ හමාස්වරුනට දඬුවම් දීම සඳහා හිතාමතාම සාමාන්‍ය වැසියන් මරා දමමින් දරුණු අපරාධවල යෙදෙන ඊශ්‍රායලුන් නිර්දෝෂීන් බවට පත් කරන්නට නොවේ.

දරුවන් ඇතුළු සිවිල් වැසියන් දිවි ගෙවන අහස උසට එසවුණු මහ ​ගොඩනැගිලි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පොළොවට සමතලා වනු දකින කවරෙකු වුව ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතනියානු අමු අමුවේ මිනීමරන්නකු බවට එකඟ වනු නොඅනුමානය.

සමස්ත ක්‍රිස්තියානි ලෝකය පුරාම වාර්ගික වශයෙන් වෛරයට පාත්‍ර වූවෝ යුදෙව්වෝය. ඔවුන් වාර්ගික වශයෙන් පීඩාවට ලක්වූයේ නාසිවාදීන් යටතේ පමණක් නොවේ. එවන් යුදෙව්වන්ට යුද අපරාධවල යෙදෙන්නටත් මනුෂ්‍යයාට එරෙහිව අපරාධවල යෙදෙන්නටත් විශේෂයෙන් වෙනත් වාර්ගික ප්‍රජාවකට එරෙහිව අපරාධ කරන්නටත් කිසිදු සදාචාරමය අයිතියක් නැත.

ක්‍රිස්තියානි යුරෝපයේ අඛණ්ඩව පීඩා විඳිනු ලැබුවෝ ඔවුහුය. මන්දයත් ක්‍රිස්තුන් වහන්සේ මරා දැමුවන් ලෙස ක්‍රිස්තියානිවරු යුදෙව්වන්ට වෛර කළහ.
උත්ප්‍රාසයට කාරණය වන්නේ යුදෙව්වන්ට එරෙහිව එවනි අපරාධයකට වරදකරුවන් නොවූ මුස්ලිම්වරුනට එරෙහිව ඔවුන්ගේ කෝපය මුදාහැරීමයි. විශේෂයෙන් පලස්තිනය ඇතුළු මධ්‍යධරණී ප්‍රදේශයේ කැමැත්තෙන් හෝ නොකැමැත්තෙන් යුදෙව්වන්ට මුසල්මානුවන් හා එක්ව ජීවත් වීමට සිදුවේ.

ගෝලීය දේශපාලනයට නිරන්තරයෙන් වද දෙන්නාවූ කේන්දීය ගැටලුව ගැන වාර්ගික අර්බුදය විසින් අපට මතක් කර දෙයි. සාමය පවත්වාගන්නා අතර තුරම ප්‍රජාවන්ට භූමිය සමානාත්මතාව බලය ආධිපත්‍ය ගරුත්වය යුක්තිය හා නිදහස උදෙසා තරග කළ හැක්කේ කෙසේද? එය සුළුතරයකට එරෙහිව බහුතරය සටන් වදින කැළඹීමක් තරමට පහත වැටී ඇති බව පැහැදිලිය.

මෙම තරගකරුවන් දෙදෙනාගේ ගැටුම යන ආතතිය විසඳාලිය හැකි උපක්‍රමයක් තිබේද? සෑම ගැටුම් කලාපයක්ම පණ නැහෙන්නේ  විශේෂිත කාලයකට හා දීපයකට අදාළ ස්වියත්වයක් හේතුසාධක කර ගෙනය. සෑම සිද්ධියකින්ම ඉතිහාසය නැවත පුණරාගමනය සිදුවේ. එහෙත් එසේ වන්නේ වෙනසක් ද සහිතවයි. බහුතරය බවට පත් සුළුතරයේ අග්‍රාමාත්‍යවරයකු ලෙස නෙතනියාහු ගමන් කරන්නේද තමන් භීතියෙන් සලිතව දිවිගෙ වූ අතීතයේ තමන්ගේ යුදෙව් සුළුතරය පෙළා හිංසා පීඩා කළ නාසි බහුතරය ගමන් කළ පාර්ශවය.

ඇත්ත වශයෙන්ම ඔහු ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ බලය නොව තමන්ගේ මිත්‍ර පාක්ෂිකයා වූ ඇමෙරිකාවේ බලයයි. තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට ඊශ්‍රායලයට අයිතිය ඇතැයි කියන විට ඇමෙරිකානු සදාචාරයේ දුර්ඝන්ධය අහස උසටම හමන්නට ගනී. දරුවන් මෙන්ම සටනට නොඑන ගෘහණියන් ද අසාධාරණ ලෙස මරා දැමීමත් එම අයිතියට ඇතුළත් වේද?

ඒ සමගම අසන්නට ඇත්තේ එම මූලධර්මයම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව අදාල කර නොගන්නේ ඇයි ද යන්නයි. යුද්ධය නවතා දැමුවේ නැතිනම් යුද අපරාධ චෝදනාවලට මුහුණ දෙනු ලෙස තානාපති රොබර්ට් බ්ලේක් රාජපක්ෂ රජයට කියා සිටියේ ඇයි? ඊශ්‍රායලය ඉත්තා ඇමෙරිකානු තානාපතිවරයා එම උප්පරවැට්ටියම නෙතනියාහු මැඩලන්නට යොදා ගනී ද?

ඇරත් දහස් ගණනකගේ ජීවිත බේරා ගනිමින් කුරිරු යුද්ධයක් නිමාකොට සාමය තහවුරු කිරීම නිසා ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තියක පිහිටා ද්වේශ සහගත ලෙස ක්‍රියා කරන්නේ ඇයි ? දෙමළ කොටින්ගේ දොරකඩ අබියස සිටි ශ්‍රී ලංකා හමුදා නවතාලන්නට ක්‍රියා කළාක් මෙන් ප්‍රංශයේත් එක්සත් රාජධානියේත් විදේශ අමාත්‍යවරයා තෙල් අඩවි වෙත දිව ගොස් යුද්ධය නවතා ලන්නට උත්සාහ නොදරන්නේ ඇයි ?

නේක වාරයක් එක්සත් ජාතීන් විසින් හෙළා දුටු ඊශ්‍රායලය මෙතෙක් දරුණු ප්‍රතිඵලවලට මුහුණ නොදෙන්නේ ඇයි? ඊශ්‍රායලයට වාසි දායක සැලකුම් ලැබෙන්නේත් ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකුම් ලැබෙන්නේ ඇයි ? අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සදාචාරය විසින් මෙහෙයවන ලද්දක් ද නැතහොත් මුග්ධභාවය විසින් මෙහෙයවන ලද්දක්ද? ඒ තුළ ප්‍රබුද්ධ බවක් නැතිද? එය හිතුමතේට සැකසුණු ප්‍රතිපත්තියක් ද?

මේ සියල්ලටත් වඩා දරාගත නොහැකි හද කකියවන කාරණය වන්නේ දරුවන් විඳිනා දුකයි. වැඩිහිටියන්ගේ මේ පාප කන්දරාවන්ට දරුවන් වන්දි ගෙවිය යුතු වන්නේ ඇයි ? අප්‍රිකාවේ පාසල් දැරිවියන් මුස්ලිම් ත්‍රස්තයන් අතින් බලහත්කාරයට ලක්වන්නේ ඇයි ? දරුවන් බලෙන් පැහැර ගෙන තමන්ගේ අභිමතාර්ථය උදෙසා කළ යුද්ධයේ පෙරමුණට (බිලි දෙන්නට) ඔවුන් යවන්නට තරම් දෙමළ ත්‍රස්තවාදීන් අන්තගාමී වූයේ ඇයි ? කරදරකාරී නඩු කියන්නකු වු පාක්‍යසෝති සරවනමුත්තු යුද අපරාධවලින් වගකිව යුතු බව කියමින් හෝ මානව අපරාධ කළ බවට චෝදනා කරමින් දෙමළ නායකත්වය උසාවියට ගෙන ගියේ නැත.

ඩයස්පෝරාවේ ඉන්නා කඩදාසි කොටින් ඩන්ටාරියෝස් ජන සංහාර විසඳුම් යෝජනා කරමින් ශ්‍රී ලංකා රජයට චෝදනා කරනුයේ වැඩිපුරම දෙමළ ජනයා මරා දැමූ නායකයාට ඔවුන් හැම අතින්ම සහයෝගය දුන් පසුවයි. ඔවුන් මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ ද්‍රවිඩ ජනයා වැඩිපුරම මරා දැමූ ඝාතකයාටය.


අන්ධ වෛරය
හමුදාව දෙමළ ජනයා සංහාරය කළේය යන්න පිළිගැනෙන්නේ නැත. එහෙත් දෙමළ සංහාරය සිදු කරන ලද්දේ ආරම්භයේ සිට නන්දිකඩාල් දක්වාම දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය අනුග්‍රහය ලැබූ දෙමළ පොල්පොට්ලාය.

ඩයස්පෝරාවේ සහයෝගයෙන් පිපී විකසිත වූ දෙමළ පොල්පොට්ලා වියරු වැටී අනෙක් අය කෙරේ අන්ධ වෛරයෙන් පසු වූහ. හොඳින් තහවුරු වී සිටි මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකත්වය වනසා දැමීමෙන් ආරම්භ කළ අතර එම භීතියට මුහුණ දී ගත නොහැකි වූ ඩයස්පෝරා කාරයන් නිලන්තෙරුචෙල්වම් හා අප්පාපිල්ලේ අමිර්තලිංගම් ඝාතනයට පවා චෝදනා කළේ සිංහල ආණ්‍ඩුවටයි.

සිංහල හා දෙමළ ජනයා ඝාතනය කිරීමට පවා ඔවුහු මුදල් යෙදවූවෝය. එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ පුත්‍ර එස්.පී. චන්ද්‍රාසන් ප්‍රභාකරන් අනෙක් සියලු දෙනා එක් කොට ගත් සංඛ්‍යාවට වඩා දෙමළ ජනයා මරා දමා ඇතැයි කී කතාව ඔවුහු දැන සිටියහ. වෙන කාටත් වඩා ප්‍රභාකරන් දෙමළ ජනයා මරා දමා ඇතැයි යන්න ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) හි නායක වී ආනන්ද සංගරී ද තහවුරු කළේය. තමන් මුදල් යෙද වූ යුද්ධය පැරදුණු පසු තමන්ගේම වරදකාරී හැඟීමෙන්ම වෙලුණු ඔවුහු ශ්‍රී ලංකා රජයට වරද පටවමින් තම අපේක්ෂා භංගත්වය අඟවාගෙන වරදින් දෑත් සෝදා ගන්නට සැරසේ.

තමන්ගේ ආගමෙන් බිඳුණු නිකායක් හෝ ක්‍රිස්තියානි වන්දනාකරුවන් ඉලක්ක කරගෙන ඔවුන් තමන්ගේ සතුරන් යයි වටහාගත් 2019 ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර එල්ල කළ මුස්ලිම්වරුද තම සීමා නොදෙන අන්ධ වූ වෛරයෙන් වියරු වැටුණේය.
ඔවුන් සිතා සිටියේ ස්වර්ගයට ගොස් කන්‍යාවියන් ලබන්නට යා යුතු මග අන්‍යයන් මරා දැමීම කියාය. තම සතුරන් පරයා ආධිපත්‍ය පෑමට හා තම එඩිතරකම පෙන්වමින් තබන අත්සනක් ලෙස ඔවුහු මරා දැමීම සැලකුවෝය. එය මුග්ධ බව පළකරන උපක්‍රමයක් මිස අන් යමක් නොවේ.

රට තුළ තම නම කැළැල් කරගැනීම හැරෙන්නට එයින් ඔවුන් ගෙනගිය වෙන අන් තැනක් නැත. මුස්ලිම් යන ගෞරවාන්විත වචනය ඔවුහු දෙමළ කොටින්ගේ නරකනාමය තත්ත්වයටම පහත හෙළා දැමුවෝය.

මුදල් ඇතුළු වෙනත් දෑ තිබුණූ පළියට මෙකී අන්තගාමීන්ට මරාගෙන මිය යෑමෙන් තම රාජ්‍ය ගොඩ නැගීම හෝ ඉස්ලාම් ආගම කීර්තියට නැංවීම කළ නොහැකිය.
රට රාජ්‍ය යටත් කර ගැනීමෙන් ඉස්ලාමීය කීර්තියට නැංවීම යටගිය දවස සිදු වූවකි. ඊශ්‍රායල්වරුද මෙම උපක්‍රමය යොදවමින් සිටිති. පලස්තීනයේ අවසාන වශයෙන් සිදු වූ කළ පුපුරුවා හැරීම ජෙරුසලමේ මුස්ලිම්වරුන් වාසය කරන බිම පෙදෙස වූ ෂෙයික් ජරාස් අල්ලා ගැනීම සඳහා ඉදිරියට ඇදෙන දක්ෂිණාංශික යුදෙව් ක්‍රියාකාරීන් සිදු කරන ලද්දකි. එය පැහැදිලිවම ජන වර්ගයක් වාස භූමියෙන් එළවා දැමීමකි. එය කිසිදු අයුරකින් යුක්ති සහගත ලෙස පිළිගත නොහැක්කකි. එය කිසිම අයුරකින් සමාව දිය නොහැක්කකි. ඔවුන් වාස භූමියක් නොමැති වූවන් නිසා ඉබාගාතයේ යන යුදෙව්වන් බවට පත්වී සිටියහ. දැන් ඔවුන්ට ඉන්නට යම් භූමියක් තිබේ. ක්‍රිස්තියානින් තමන්ට කළ දේ ඔවුහු දැන් අරාබි ජාතීන්ට කරති. එය කොතරම් යුක්ති සහගත ද?

මම එක් රාත්‍රියක් කිර්යැට් ෂර්මෝනා හි කිබුට්ස් නමින් හඳුන්වන ඊශ්‍රායල් ප්‍රජා සමූහ ගොවිපොළක ගත කළෙමු. උදෑසන කිසිදු මිනිසකු නැති විවෘත ගොවි බිම පෙන් වූ මගේ රැකවල්ලු එහි ගොවිතැන් කටයුතු කරමින් සිටි කම්කරුවන් හට වෙඩි තබා ඔවුන් පලවා හැරිය බව මට කීවේ මහත් ආඩම්බරයෙකිනි. ඉන් පසු යුදෙව්වෝ ඔවුන්ගේ එම බිම් අල්ලා ගත්හ.

එම කාර්යය 1990 දී එල්.ටී.ටී.ඊ.ය යාපනයෙන් මුස්ලිම් ජනයා පන්නා දැමීම හා සමානය එම මුස්ලිම්වරු මාලදිවයිනට හෝ සෞදි අරාබියට නොගියහ.
ඔවුහු සිංහලයන් සමග එක්ව ඉන්නට දකුණට පැමිණියහ. තවමත් ඔවුහු ඒ ප්‍රදේශවල ජීවත් වෙති.

මෙය වාර්ගික ප්‍රචණ්ඩතාව පිළිබඳ සමස්තය ගවේෂණයට කරන රචනාවක් නොවේ. එවැනි කාර්යයක් කිරීමට දෘඪතර උත්සාහයක යෙදෙන දයාන් ජයතිලක තම Fidel's Ethics of Violenceපොතේ ඔහු කියන පරිදි කස්ත්‍රෝගේ දේශපාලන චින්තනයේ සදාචාරාත්මක මානය ගවේෂණයක යෙදේ.
එය තවත් දවසක තවත් පරිච්ඡේදයකින් කතා කළ යුත්තකි. එහෙත් පලස්තීනයේ පුවත්පතක් තේමා කරගනිමින් මෙහිදී කරන ලබන්නේ ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසු අවධියේ ඒ ඇතැම්විට ඊට පෙරද සිදුවූ ප්‍රචණ්ඩතාවල ලක්ෂණ කිහිපයක් විවෘතව දැක්වීමයි. එසේ කිරීමට හේතුව ඇතැම් බුද්ධිමතුන් හා පක්ෂ දේශපාලනයේ නිරත වූවන් තමන් නැඹුරු වූ න්‍යයන්ට ඉන්ධන සපයා ගන්නට ඇද ගන්නා තේමාව එය වූ බැවිනි.


මතභේදාත්මක කාරණය
ඇතැම් ගුරුකුල සිංහල බෞද්ධයන් නම් එක් පාර්ශ්වයක් පමණක් හඳුනාගැනීමෙන් ඔවුන් ප්‍රචණ්ඩතාවයේ එකම ප්‍රකෝපකරන්නන් ප්‍රවර්ධනය කරන්නන් අපරාධකරුවන් සහ එය ලුහුබඳින්නන් ලෙස හංවඩු ගැසීමක් මත භේදයට තුඩු දෙන්නකි.

මෙම ගුරුකුලයේ සාමාන්‍ය තර්කය වී ඇත්තේ මෙයයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටකි. එසේ නම් එහි මෙතරම් ප්‍රචණ්ඩතාවක් පවතින්නේ ඇයි. හාර්වඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්බයියා පිල්ලේ තම Buddism Betrayed Religion Politics and violence in Sri Lanka නම් පොතේ මතු කළ මෙකී මතභේදාත්මක ප්‍රශ්නය එයයි.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මුද්‍රණය කිරීමේ අනුමැතිය ලත් නිසා අනෙකුත් බුද්ධිමතුන්ගේ ප්‍රකාෂණයන්ට වඩා බලයක් ඊට හිමිවිය. අනෙක් බුද්ධිමත්හු එම පොතේ කරුණු අදහන්නට ගෙන තම්බයියා විසින් දැක් වූ සිංහල බෞද්ධ විරෝධයට එක් වූහ.

ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය කෘරත්වයට නංවන විට ඒ තුළ අලුත් යමක් නොවීය.
පළමුවෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය කෘරත්වයට නංවන ලද්දේ ජී.ජී. පොන්නම්බලම් විසිනි. පළමු වාර්ගික ගින්න ඔහු අවුලුවාලූයේ 1939 ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය අෂික්කිත ලෙස හෙළා දුටු පසුවයි.

සියලුම දෙමළ දේශපාලකයන් සහ දර්ශනවාදීහු ඔහු විසින් එලා දෙන ලද රාමුව තුළට කොටුවී ක්‍රියා කළෝය. කිසිම ද්‍රවිඩ දේශපාලන දර්ශනයක් ඔහු ඉදිරිපත් කළා.
1සිංහල බෞද්ධ සංස්කෘතිය කෲරත්වයට නැංවීම
2සමානුපාතික නොවන ලෙස භූමිය හා බලය ඉල්ලීම
3 බහුතර වාදයට ගොදුරු වූ බව කියමින් හඬ නැගීම, යන කාරණා ත්‍රිත්වයට පිටින් නොගියේය.

තම්මබියා ද මෙම රටාවට අනුගත වූයේය. වෙනත් වචනවලින් කිවහොත් ඔහු රාජ්‍ය​ නොවන සංවිධානවල වාමාශික කඳවුරේ බුද්ධිමතුන්ගේ සහ ද්‍රවිඩ කල්ලියට ජයඝෝෂා නගන්නවුන්ගේ දේශපාලනයට නතු වූයේය. ඔහුට ලාල් ජයවර්ධනගේ සහ ඔහුගේ බිරිඳ කුමාරි ජයවර්ධනගේ ආධාර අනුබල ලැබුණේය. ඔවුහු සිංහල බෞද්ධ විරෝධයේ මුල් බදාගත් විද්වත්හු වූහ.

එවකට එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ ලෝක ආර්ථික පර්යේෂණ වර්ධනය කිරීමේ ආයතනයේ (World Institute for Development Economic Research-WIDER) ප්‍රධානියා වූ ලාල් ජයවර්ධනය. එම WIDER ආයතනය නොමසුරුව තම්බයියා හට මුල්‍යාධාර සැපයුවේය.


නොතරම් වැඩ
තම්බයයියා කරන ලද්දේ විශ්ව විද්‍යාලයක දෙවැනි වසර මට්ටමේ ඉන්නා ශිෂ්‍යයකු කරන අන්දමේ බාල වැඩකි. සිංහල බෞද්ධ විරෝධී දත්ත ඒකරාශී කිරීම ඔහුට අසීරු කාර්යයක් නොවූයේ ඔහු වෙනුවෙන් එම පර්යේෂණයේ වැඩි කොටසක් කරන ලද්දේ කුමාරි ජයවර්ධන සහ ඇගේ අනුගාමිකයන් වූ එච්.එල්. සෙනෙවිරත්න සහ සී.ආර්. ද සිල්වා වැන්නවුන් නිසාය.

නීරා වික්‍රමසිංහ වැනි අතිශය නිපුණ ඉතිහාසඥයකු වාමාංශික ව්‍යාපාරයේ අසමත් භාවය ගැන ලියා ඇත්තේ පහත පරිදිය.
‘‘ව්‍යාපාරයක් සහ සංකල්පයක් ලෙස වමේ ප්‍රක්ෂිප්ත ගමන් මග සිංහල බෞද්ධ අධිපතිවාදී බලවේගයන්ගේ ප්‍රහාරය දරාගත නොහැකිව ප්‍රජාතන්ත්‍රීයව සහ ලෞකික වශයෙන් කෙමෙන් පසු බැස ගිය දෘෂ්ටිවාදයත් ලෙස කියවා ගත හැකිවේ. මෙම ප්‍රකාශය අඩංගු වන්නේ මාර්ෂල් ප්‍රනාන්දු සහ බී ස්කන්ධකුමාර්ගේ සංස්කරණයෙන් නිකුත් කළ  Pathway of the left in Sri Lanka කෘතියේය.

මෙසේ මූලික කාරණා නොසලකා හැරීම නිසා තමන්ම සාදාගත් තුවාල ආසාදනය වීමෙන් වම මිය ගියේය. බිඳී කුඩා කොටස්වලට වෙන්ව ගිය වම ව්‍යාජ න්‍යායන්ට ආරූඪ කරගෙන බල අරගලයේ දී ආත්මාරක්ෂාව සලසාගනු වස් වෙස්මුණු වලින් මුහුණ වසාගත් නායකයන්ගෙන් සමන්විත විය. වම බිඳ වැටීමට එක් හේතුවක් වූයේද මෙම නායකයන්ගේ ක්‍රියා කලාපයයි.

ඔවුන් පො​​රොන්දු වූ විප්ලවය කිසිදා නොපැමිණි අතර අවජාතක ස්වරූපයේ විප්ලවයක් ෆැසිස්ට්වාදී ජවිපෙ වෙතින් පැමිණීයේය. විප්ලවයේ මාක්ස්වාදී පප්පලා එය සී.අයි.ඒ. කුමන්ත්‍රණය කැයි හෙළා දුටුවෝය.

එහෙත් වාමාංශික විද්වත්හු පාට කණ්ණාඩි ලාගෙන සිංහල බෞද්ධ ආදිපත්‍යයට දොස් තැබුවෝය. අපගේ සුප්‍රසිද්ධ විද්වතුන්ගේ සුපුරුදු ක්‍රමය වූයේ බහුතරය පහත් කොට සැළකීමය. එහෙත් සැමදා එසේ සිදු නොවීය. වඩුක්කුඩෙයි විසඳුම් යෝජනාවලට පූර්ව කාල පරිච්චේදයේ දී ඇතැම් ප්‍රමුඛ ද්‍රවිඩ න්‍යායවාදීහු සිංහල බෞද්ධවාදයේ අගයත් බලයත් කීර්තියත් හඳුනාගත්තෝය.

උදාහරණයකට මහාචාර්ය ඒ.ජේ. විල්සන් සිංහල බෞද්ධකම ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන බලවේගයක් ලෙස පැසසුමට ලක් කළේය. අමෙරිකානු බුද්ධිමතකු වූ කැල්වින් වුඩ්වර්ඩ් Politics in Sri Lanka 1047-1973 නම් විල්සන්ගේ පොත පිළිබඳ විවරණයක් කරමින් මෙසේ කීවේය. විල්සන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අනන්‍යතාව වනුයේ ප්‍රජාතන්ත්‍ර වාදී මාර්ගයෙන් ඉවත නොයා අභියෝගවලට මුහුණ දී තිබීමයි.

ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවර භාවය මෙතෙක් දුරට සුරැකිව පැවැත්මට ප්‍රධාන සාධක දෙකක් බලපෑ බව කතුවරයා සිය ගවේෂණයෙන් නිගමනය කොට ඇත.
 ඉන් එකක් වන්නේ දේශීය ප්‍රභවයයි. අනෙක බටහිරින් රෝපණය කරන ලද දේවල ප්‍රතිඵලයකි.

ප්‍රධාන කාරණය වන්නේ බෞද්ධ ආචාර විධි හා ඉවසීමේ මූලධර්මයයි. විල්සන් කියන පරිදි මෙය බහුතර ප්‍රජාව සුළුතරයා වෙත අසාධාරණ බලපෑම් කිරීමෙන් වැළකීමටත් ඔවුන්ගේ මුලික අයිතීන්ට ගරු කිරීම, දිරිමත් කිරීමටත් බහුවිධ සමාජයක මෙන් කැපී පෙනීම ඉවසා සිටීමටත් බලපා තිබේ.
(ජී 72 The Ceylon Journal of Historical and social Studies)
එහෙත් ඔහුද පිට පැන්නේය. ඔහුද පසු කලෙක කල්ලියට එකතු වී සුළුතරයටත් සාමයට හා ප්‍රගතියටත් සතුරු බලවේගයකැයි සලකා සිංහල බෞද්ධ බලවේගවලට දොස් තබන්නට පටන් ගත්තේය.

එලෙස කරනම් ගසමින් වෙනත් මතයක් වැළඳගත් තවත් අයෙකු වූයේ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාලය. යාපනය විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාසය පිළිබඳ මහාචාර්ය වරයා වූයේ ඔහුය. ඔහු තම දර්ශන සූරී (PhD) උපාධිය සඳහා ලියන ලද නිබන්ධනයේ යාපනයේ පදිංචි ජනයා 12-13 වැනි සියවස් හිදී දකුණු ඉන්දියාවෙන් පැමිණි අය බව සඳහන් කළේය.

වඩුක්කොඩෙයි විසඳුම් යෝජනා ඉදිරිපත් කළ ද්‍රවිඩයෝ එය පිළිනොගත්හ. ද්‍රවිඩයන්ගේ විශ්වාසය වඩාත් දිනාගත් දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය වූ එහි සඳහන් වූයේ ඔවුන් මුල් යුගයේ පටන් එහි පදිංචිව සිටි බවයි. සැබවින්ම සිදුවූයේ ඔහුට යාපනය විශ්වවිද්‍යාලයෙන් එලවා දැමීමයි. පසු කලෙක සන්ධානයක් කිරීමට යුහුසුළුවූ ඔහු තවත් ඉතිහාසයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ දෙමළ ජනයා ප්‍රාග් ඓතිහාසික සමාජ පටන් යාපනයේ ​ඉන්නා ජන කොටස් බවය.

පවතින දේශපාලනයට හා වුවමනාවන්ට සරිලන ලෙස ඔවුහු ඉතිහාසය යළි යළි ලියති. එය සිදුවූ දේ අනුව ලිවීමක් නොවේ. ඉතිහාසය යනු ශ්‍රී ලංකාවේත් ඊශ්‍රායලයේත් පුපුරා යාමේ විභවතාව සහිත බලවේගයකි.

උදාහරණයක් දක්වන්නේ නම් දක්ෂිණාංෂික යුදෙව්වන් අරාබින් පන්නා දැමීමට උත්සුක වූයේ අරාබිවරුන් ඉන්නා ෂෙයික් ජරාස් භූමිය 1948 පෙර යුදෙව්වන්ට අයත් වූවක් බව අධිකරණය ප්‍රකාශ කිරීමෙන් පසුවය.


ඉතිහාසය මකා දැමීම
ඉතිහාසය නමැති පටලැවුණු නුල් බෝලය ලිහා දැමීම අධිකරණයේ කෙළ පැමිණි අයට පවා පහසු කටයුත්තක් නොවේ.

නොතනියාහුගේ යුද මෙහෙයුම්වල ඉලක්කය වන්නේ අරාබි ඉතිහාසය මකා දමා ජෙරුසෙලම යුදෙව්වන්ගේ අති විශේෂ අගනගරය බවට පත් කර ගැනීමයි. ඔහු කරනා හැම ක්‍රියාවක්ම ප්‍රජාවත් දෙකක් උදෙසා දිවි රාජ්‍ය විසඳුම බාල්දු කරන ක්‍රියාවකි. අඟලෙන් අඟල ඔහු භූමිය අල්ලා ගනිමින් හිඳී. ඕනෑම යුදෙව්වකුට බලාපොරොත්තු විය හැකි අනගිතම වර්ගයේ ත්‍යාගයක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට දුන්නේය. ‘‘ජෙරුසෙලම ඔවුන්ගේ අගනගරයයි.’’ යනුවෙන් ඔහු කී බැවින් දක්ෂිණාංශික යුදෙව්වෝ දැන් මුළු නගරයම සුද්ධ කරමින් සිටිති.

ඔවුන් ජෙරුසෙලම ජනවාර්ගික සෝදා පාළුවකට ලක්කරන්නේ එය යුදෙව්වන්ගේ පූජනීය නගරය බවට පත් කර ගන්නටය. පලස්තීනයේ සිදුවන සෑම අර්බුදයකින් පසුව භූමිය අල්ලාගත් නෙතනියාහු ද්විරාජ්‍ය විසඳුමකට පැමිණීමේ හැකියාව අවම කළේය.
අසරණභාවයට පත්වන පලස්තීනුවෝ ඊශ්‍රායලුන් අත්තර ගන්නා හැම ජයක්ම අලුත් සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගත්හ.

මනුෂ්‍යත්වයට එරෙහිව කරන සෑම අපරාධයක් දෙසම සතුටින් බලා ඉන්නා බයිඩන් පරිපාලනය ශ්‍රී ලංකාවට පනවන දඬුවම් ඊශ්‍රායලයට පනවන්නේ නැත.
ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත නිසා බයිඩන් නෙතියාහුගේ සෙල්ලක්කාර මිත්‍රයා බවට පත්ව ඇත. ඊශ්‍රායලය අරාබි රාජ්‍ය සමග සාමාන්‍ය සබඳතා පවත්වා ගනිද්දී එය පලස්තීනුවන්ගේ ශෝකයට හේතුවී තිබේ.

මැද පෙරදිග ඊශ්‍රායලුන් ශක්තිමත් තත්ත්වයකට​ ගෙන එන්නට ට්‍රම්ප් පරිපාලනය පසුබිම් සහාය දුන්නේය. දැන් පවතින තත්ත්වය තුළ නෙතියනුගේ උත්සාහය මස් රාත්තලම ලබා ගැනීමේ විසඳුමකට පැමිණීමටය. සෑම යුද ප්‍රහාරයකට පසුව පලස්තීනුවන් තව තවත් අන්ත තත්ත්වයකට පත්වේ. ඔවුන්ගේ දුක්ඛිත භාවය ද තවත් වර්ධනය වේ. ඒ සමගම ඊශ්‍රායලයේ කීර්තිය ද වැඩිවේ. අද දවසේ ඊශ්‍රායලය තුළ අරාබි ජාතියකු වීම කෆ්කාගේ එක් නව කතාවක ඉන්නා කෘමියා බවට පත්වීම හා සමානය.

ශ්‍රී ලංකාවේ ඉන්නා මුස්ලිම්වරුන් තමන් ඊශ්‍රායලයේ නොසිටීම ගැන දනින් වැටී දෙවියන්ට ස්තුතිය පළ කළ යුතුය. විශේෂයෙන් යුදෙව්වන් අරක්ගෙන ඉන්නා පලස්තීනයේ ඔවුන් නොසිටීම ගැන එසේ කළ යුතුය.

(***)



අදහස් (3)

ගාසා තීරයේදී අසාර්ථක වුණු ජාත්‍යන්තරය

මංගල Monday, 14 June 2021 01:25 PM

''ශ්‍රී ලංකාවේ ඉන්නා මුස්ලිම්වරුන් තමන් ඊශ්‍රායලයේ නොසිටීම ගැන දනින් වැටී දෙවියන්ට ස්තුතිය පළ කළ යුතුය'' දණින් වැටී සිංහල මිනිසුන්ටද ස්තූති කළ යුතු අතරම බෙෳද්ධ සිද්ධස්ථාන වනසා දැමීම නවතා දැමිය යුතුයි.

:       0       300

Wca Tuesday, 15 June 2021 01:22 AM

ප්‍රාථමික ගණයේ ප්‍රහාර...

:       0       0

vincent Wednesday, 16 June 2021 01:02 PM

ඔබ ත්‍රස්තවාදීන්ගෙන් කොපමණ මුදලක් ගත්තාද?

:       0       539

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 359 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 684 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 135 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site