ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප‍්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියා සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය.
වංශ කථා සාධක අනුව ගාල්ල මුල්වරට සඳහන් වන්නේ මහා පැරකුම්බා රජු සුගලා දේවියට විරුද්ධව කළ සටන් වලදී වුවද ගැමුණු කුමාරයා යුද්ධයට යද්දී ගාල්ලේ තරුණයන් රැසක් මාගමට ගොස් හමුදාවට එකතුවූ බව ද කියැවෙයි. වළගම්බා රජුගේ අවදියේ රාජ කුමාරයකු ගාල්ලේ අක්මීමණ ප‍්‍රදේශයේ වාසය කැර ඇත.
ගම්පොළ යුගයේදී ලියැවුණු තිසර මයුර සංදේශයන්හි ගාල්ල ගැන වර්ණනා කැර ඇත. එහෙත් ගාල්ලේ මෑත ඉතිහාසය ආරම්භ වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි.
කි‍්‍රස්තු වර්ෂ 1587 දී පතුගීසීන් සිංහල රජුගෙන් ගාල්ල අල්ලාගත්. වරාය ආරක්ෂා කැර ගැනීම සඳහා ඔවුහු අට්ටාල, මුරකපොල් සහිතව තනි පවුරකින් යුතු බළකොටුවක් නිර්මාණය කළහ. පෘතුගීසීන් විසින් සාදන ලද බළකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව නමිනි.
1640 දී විල්හෙම් ජාකොබ්ස් කෝසටර් ගේ මූලිකත්වයෙන් සෙබළුන 2000 කින් යුතු නැව් 12 ක් යොදවා දරුණු සටනක් කොට ලන්දේසීහු ගාල්ල කොටුව අත්පත් කරගත්හ . දින හතරක් පැවැති මෙම සටන ලන්දේසීන් ජයගෙන ඇත්තේ 1640 මාර්තු 03 දාය.
පෘතුගීසීන් සෑදූ තිබූ කොටුව විශාල කර සාදන ලද්දේ ලන්දේසීන් විසිනි. කාලතුවක්කු සවිකර තිබූ විශාල අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් එකිනෙක යා කරමින් ලන්දේසීහු සුවිසල් බළකොටුව ද අංගසම්පූර්ණ නගරයක් ද ඉදිකළහ.
දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදට ද කොටු පවුරේ දැකිය හැකයි. එකළ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතී. එම දොරටුවේ ඇතුළු පැත්තේ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කැර ඇති අතර දොරටුව ඉදිරිපස බි‍්‍රතාන්‍ය රාජකීය ලාංඡනය කොටා ඇත.
බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කරගෙන ඇත්තේ 1795 දී ගිවිසුමක් මගිනි. ඉන්පසු ඔවුහු කොටුවට ඇතුළුවීම සඳහා තවත් නව දොරටුවක් සෑදූහ.
ගාලූ කොටුවෙහි නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියයි. . එම ගොඩනැගිලි වලින් සියයට 50 ක් පමණ බි‍්‍රතාන්‍ය සමයට පෙර ඉදිකැර ඇත. නිවාස 104 ක් ගොඩනගා ඇත්තේ 1850 වර්ෂයට පෙරදීය.
පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාලන මධ්‍යස්ථානය වූ ගාල්ල කොටුව නගරයක තිබිය යුතු සියළු ලක්ෂණයන්ගෙන් සමන්විත වූ බව විද්වතුන්ගේ මතයයි.
කොටුවේ ඇති විශාලතම ගොඩනැගිල්ල ලන්දේසි බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩු මහළේ එක් කොටසක ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබී ඇත. ඒ ඉදිරිපිට 1701 දී ඉදිකරන ලද ඝණ්ඨා කුළුනක් වෙයි.
කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින්වූ එය ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12 කින් යුතුවය. ගරා වැටෙමින් පවතින ඕලන්ද පරිපාලක ගොඩනැගිල්ලත් ඒ ආසන්නයේම ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථානයෙේය.
1752 දී ගැස්පරස් ඩි ජොන්ග් නැමැති ලන්දේසි අණදෙන නිලධාරියා විසින් ඉදිකරන ලද පැරණි ඕලන්ද පල්ලියත්, 1871 දී බි‍්‍රතාන්‍යයන් විසින් සාදන ලද ඇංග්ලිකන් දේවස්ථානයත් මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක්ද වෙයි.
පැරණි ඕලන්ද රෝහල තිබුණු ගොඩනැගිල්ලේ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලයය හා ගාලූ උරුමය පදනම පවත්වාගෙන යයි. එය සංරක්ෂණය සඳහා නියමිතය. 1683 දී ඉදිකර ඇති ක්වීන්ස් හවුස් නැමැති ගොඩනැගිල්ල ලන්දේසි හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිවස්න විය.
ශී‍්‍ර ලංකාවේ ඉදිකරන ලද ප‍්‍රථම ප‍්‍රදීපාගාරය ඉංගී‍්‍රසීන් විසින් ස්ථාපිත කර ඇත්තේ 1886 දී ගාල්ල බලකොටුවේය. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ වී ගියේය. වෙනත් ස්ථානයක නැවත ප‍්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප‍්‍රදීපාගාරය අසළින් තිබූ මාර්ගය අදටද ප‍්‍රදීපාගාර වීදිය ලෙස භාවිතා කරයි.
ගාලූ කොටුවට අලංකාරයක් වූ ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ප‍්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වූ පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි.
අතීතයේ පටන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම වරාය ලෙස සැළැකුණු ගාල්ල වරාය හා ඒ අවට ප‍්‍රදේශ සමුද්‍ර පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැළකේ. වරාය හා කොටුව ආසන්න මුහුදේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 26 ක් හඳුනාගෙන ඇති අතර ඒවා අතර ඇවොන්ඩ්ස්ටර්, හරක්‍යුලිස් වැනි ගිලී ගිය ඕලන්ද නැව් කිහිපයක් ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හමුවී ඇත.
කොටුවේ පාසල් තුනක් පිහිටා ඇත. සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය, සියළු සාන්තුවරයන්ගේ පාසල හා අරාබි විද්‍යාලයයි. රජයේ කාර්යාල බොහොමයක් මෑතක් වනතුරුම කොටුවේ ගොඩනැගිලි වල පිහිටුවා තිබූ අතර කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය සමග එම කාර්යාල කොටුවෙන් ඉවතට ගෙන ගොස් ඇත. ගාලූ කොටුවේ සංරක්ෂණ කටයුත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයැවීම මත මේ දිනවල සිදුවෙමින් පවතී.
අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියති. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පර්වත බහුලව තිබූ ප‍්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි.
පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනපි‍්‍රයවූ අතීත වෙළඳ නගරයකි.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගාල්ල
අශෝකා Wednesday, 21 September 2011 09:59 AM
නොදන්න තොරතුරු රැසක් දැනගත්තා.
ලහිරු Monday, 22 October 2012 06:14 PM
නියමයි. මට ආසයි ගාල්ලේ ජීවත්වෙන්න. (නි)
නිත්‍යා Saturday, 05 January 2013 01:58 PM
ගාලු උරුමය සුරකිමු (ස)
කුමුදු Wednesday, 06 June 2012 03:11 PM
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී..... බලන්න බෙන්තර ගඟෙන් එහා පැත්තේ ලස්සන ගම ගැන ආඩම්බරයි......
ලක්මාලි Friday, 03 November 2017 08:52 AM
ගාල්ලේ ඉතිහාසය ගැන පොතක නමක් කියන්න...