IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්මඩුව

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගොවියා වාර්ෂිකව සිදුකරන කාර්යයකි. එක් ගමෙක පමණක් නොව ගම් හතක පමණ පිරිසක් එකතුවන ගම්මඩු ශාන්තිකර්මය විවිධ හේතූ නිසා ක‍්‍රමයෙන් අපගෙන් ඈත්වී අභාවයට යමින් පවතී. පාරම්පරිකව හා විවිධ ගුරුගෝල සම්බන්ධතා මත පැවතෙමින් ආ මේ මහා ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යය පරම්පරාව කෙළවර වීමත්, නාගරීකරණයත්, කුල බලපැමත්, ආර්ථික ව්‍යුහයේ වෙනස්වීමත්, රැුකියා සඳහා ගමෙන් පිටවීමත්, විදේශගතවීමත්, ගුරුමුෂ්ටි තබා ගැනිමත් වැනි හේතූ නිසා ද රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය වැනි නවීන රසවින්දනාත්මක මෙවලම් නිසා ද තර්ජනයට ලක් වී ඇත. ගම්මඩුවේදී පත්තිනි දේවිය, දෙවොල් දෙවි ප‍්‍රධාන සතරවරම් දෙවියන් ප‍්‍රාදේශීයව වෙනස්වුවත් සමන්දෙවි නාථදෙවි විෂ්ණු දෙවි කතරගම දෙවි විභීෂණ දෙවියන්ගෙන් සතර දෙනෙක් පුද ලබති. දෙවොල් මඩුවේදී අනුගමනය කරන පුජා රටා ස්තී‍්‍ර පුරුෂයන් අතර ප‍්‍රජනන ක‍්‍රියාවලිය උත්තේජනය කිරීමේ සියුම් පණිවුඩයක් ද දෙයිග පරපුර පවත්වාගෙන යෑමෙන් පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය වෙතියි යන විශ්වාසය මෙම ශාන්ති කර්මයට ද පසුබිම් වී ඇතැයි පැරැණියෝ කියති ගම් මඩුවක ප‍්‍රධානයා කපුපත්තිනි, පත්තිනිහාමි පත්තිනි මහත්මයා, කපුරාල නොහොත් කපු මහත්මයාය. මඩු ශාන්ති කර්මයට එක්වන ඇදුරන් නිති තිසරණ පන්සිල් රකින නුවණැති, ශාස්ත‍්‍ර මනාකොට උගත් අය විය යුතුය. මහත් ඝෝෂා හඬින් කතාකරන ශබ්ද නගා අඩි තබමින් වටපිට බලමින් ගමන් කරන වැඩි උස් හෝ මිටි නොවන තළෙලූ පැහැපත් පී‍්‍රති ජනක කතා ඇති ඇදුරන්ම යෝග්‍ය යැයි දක්වයි. හිසකෙස් වඩා බොකුටුව දත් බොල්ලෑ දෑසින් කබ කඳුළු ගලන ඇඟ, කොරළ ඇති, වපර ඇස් ඇති, දත් අවලක්ෂණ ඇදුරන් යාගයට නොගතයුතු බව පැරැණි යාග කවිවලින් පැවැසෙයි. වාචාල බස් දොඩන, සුරාසොඬ, අවකල් කි‍්‍රයා ඇති ඇදුරන්ගෙන් ශන්තියක් නොලැබේ.

මඩුපුර යාග කවි

උකුල් ඇටය නෙරවා පස්ස දික් වන
කකුල් බකල වී තොල් කබර සෑදෙමින
මයිල් නැතිව ඇඟ තැන තැන කැලල් වන
කෝල් මුර යාගයට නොගනු මේ දන
සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිංහලයාගේ චාරිත‍්‍රයකි. ගම්මඩුවක් නටන බව ඊට සතියකට හෝ දෙකකට කලින් කප් සිටුවා භාරහාර වෙති. කිරි සහිත රුකකින් හත් රියනක් උසට කපාගත් කණුවක් කපා ගනියි. කප සිටවූ දා සිට දින ගණන අනුව නවදා ගී මඩුව, හත්දා ගී මඩුව, පස්දා ගී මඩුව, තුන්දා ගී මඩුව වශයෙන් වෙයි. රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි බමුණුකුලට මිණි තොරණින් හත්දවසක් යාග කළයි වෙළෙඳ කුලට පිළිතොරණින් පස් දවසක් යාග කළයි ගොවි කුළයට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි උඩින් දෙපසට විහිදෙන සේ පල දෙකේ පියස්සකින් යුත් මඩුව (පොල් අතු සෙවිලි කළ) දිගින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි නැත්නම් තිහකි. මඩුව ඉදිරිපිට නැටුම් හා පුද චාරිත‍්‍ර ඉටුකිරීම සඳහා කොටසකි. මඩුවේ සිට මෙම කොටස වැටකින් වෙන්කරනුයේ් පිටත සිට නැරැඹිය හැකි ලෙසයි. මෙම වැට ද ගොක් කොළ වලින් සරසයි. මඩුවේ එක් පසෙක අලංකාර තොරණක් ඉදිකරයි. සෙසු පැති හා තොරණට මුහුණ ලා ඇති ඉදිරි මායිමේ මල් පැල පුද ලබන සෙසු දෙවියන් උදෙසාය. තොරණ ගේ, පත්තනි තොරණ හෙවත් මකර තොරණ රඹ පතුරු සැරසිලි මොස්තරයෙන් මෙන්ම දේශීය මාලා කර්ම, ලතා කර්ම, රටාවන්ගෙන් ද අලංකෘත වෙයි. දිග හත් රියනක් විය යුතුයැයි සම්මතයෙකි. තොරණ පුවක් පටි බැඳ, හබරලකොළ. කෙසෙල් කොළ, කෙසල් පතුරු, පොල් කොළ, ගොක් කොළ, ඉරටු, ඉඳිකටු (ඉඳිගසේ කටු) ආදියෙන් කෙරෙන සැරසිලිවල දී වල් බෙලි, වල්ල පට්ටා ආදි පට්ටා විශේෂයෙන් තොරණ නිමකර පලාපෙති, වඩිම්බු, ලියපත්, තිරිඟි තල හා ගල්බිංදුව වැනි කැටයම් මෝස්තරවලින් හැඩකරයි රජවරුන් දෙදෙනකුගේ රූප, ගජබා රජු හා කේරළයේ සේරමාන් පෙරුමාල් රජු දෙපස ද ගිරා, පරවි හා වටු රුප ද චිත‍්‍රනය කරයි.
පොරණ පළමු නිරිඳුගෙ ලෙඩ හරින්න
කරන යාග බමුනන් කැඳවමින් සි
පුරණ පති දහම් පත්තිනි දෙවි නම
තොරණ දැකපු බලයෙන් දොස ගියෙ දුර
ගිරා පරවියො මයුරකෝකිල වටට සදමින් ආසනේ
සරා රන්කොත් පිහිටුවාගෙන මුදුන මකරිඳු වාහනේ
සරා සුදු උඩුවියන් බඳිමින් රඟට සිතුවම් කරමිනේ
විරාජිත මේ තොරණ බලයෙන් සියළු විපරිත හරිමිනේ
පත්තිනි දෙවියන් ප‍්‍රමුඛ දෙවියන් වෙනුවෙන් කැප කරන පූජාවස්තුවක් වන තොරණ ආසන තුනකින් සමන්විත වෙයි. ප‍්‍රධාන ආසන පත්තිනි දේවියගේ පත්තිනි සළඹ අඹය දුන්න ආදී පූජා භාණ්ඩ තැන්පත් කිරීමටයි. කේරළයේ වේරමාන්පූර්හි සේරමාන් පෙරුමාල් රජුගේ හිසරදයක් දුරලීමට ගම්මඩුව මුලින්ම පැවැත්වු බව ජනවහර ගෙන හැරපායි. එනමුත් දෙවොල් මඩු කවි වලදී මුල් ස්වරූපයට දේශීයත්වයක් කාවද්දා දේශීය රජකු හැටියට ද දක්වයි
එකල් පෙර දවසා
සේරමානන් රජුගේ සිරසා
ගිනිජල් ගති රොසා
එදා ගම්මඩු ගන්න එනිසා
විවිධ පෙදෙස්හි ගම්මඩුවෙහි සුළු වෙනස්කම් තිබුනත් පහතරට සබරගමුව හා උඩරට පෙදෙස්හි ගම්මඩුවේ බොහෝ වෙනස්කම් වෙයි. එනමුත් පත්තිනි භාගය වාහල භාගය හා දෙවොල් භාගය යනුවෙන් පත්තිනි දේවිය, දෙවොල් දෙවි, වාහල දෙවි වෙනුවෙන් කොටස් තුනකි. පහතරට ගම්මඩුව මැල කැපීම, පහන් පූජාව කාල පන්දම් පිහිටැවීම, පිදේනි දීම, යහන් පිදීම, බිසෝකප සිටුවීම, තොරණ යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම, අඹ විදමන, රාම මැරිල්ල හා මරා ඉපැද්දීම, දෙවොල් නැටීම හා මැල පෑගීම, කිරි ඉතිරවීම, ගරා නැටුම දෙවියන්ට පින්දීම හා දානය වශයෙන් පෙළ ගැස්වෙයි.

මඩු පේ කිරීම

දෙවොල් මඩු ශාන්ති කර්මය ආරම්භක දින මඩු පේ කරයි. පසු දිනයේ මඩුව නටයි. මඩුව පැවැත්වීම සඳහා කපු මහතා ගමේ සීමාවට පැමිණ සක් පිඹ තමන් පැමිණි බව දන්වයි. උඩුවියන් පාවඩ සහිතව දේවාභරණ රැගත් කපු මහතා ගැමියන් සමඟ ගම සතර කොනේ මල් යහන් වෙත බෙර හා තූර්ය වාදන සහිතව පේලි යයි. මල් යහන්වල පහන් දල්වා යාතිකා කර දෙවියන්ට පින්දී ගම්මඩු භූමියට එති.

තොටමෙට යාම හා ඔරුමාල බත් පූජාව

පසු දින නානුමුරය සඳහා කපු මහතා ඇතුළු ඇදුරෝ තොටමෙට යති. සන්ධ්‍යාවට පෙර ගංතොටත්, ඇළක්, දොළක් වෙත ගොස් දිවුල්, නුග, කලාඳුරු, නෙල්ලි ආදී කොළ යුෂ ද දෙහි, සඳුන්, කපුරු කහ මුසුකළ ජලයට බහා පිළියෙළ කළ නානුවලින් හිස් සෝදා නා පිරුවට ඇඳ යාගයට සූදානම් වෙති. ගම්මඩුවකදී නානුමුරයට පසුව ඔරුමාල බත පූජා කරයි. නොඉඳුල්ව පිසින ලද බතක් සමග හත් මාළුවක් නෑඹිලියක දමා ජලයට දමයි. තොටෙ දී ජලයට කරන පූජාව තොටමේ පූජාවයි.
ලක්හිමි නැසු තරහළු කළ වාද යෙ
නෙත් මකවා පඩිපුර ගිනිලූ තෙදි
සිත් පහදවා තපසට වැඩි අනුහසි
සත් පත්තිනි දෙවි තොටඹෙට වරන් දෙ
මිල්ල කැපීම
කැලේ ගොසින් අමු මිල්ල කපන් නේ
කැලේ වටට උඩු වියන් බඳින් නේ
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් නේ
මැලේ ගසන්නයි දොවොල් යකුන් නේ
බොහෝ අවස්ථාවලදී මඩුවක් ඉදි කරන්නේ දෙවොලක් ආශි‍්‍රතවය. එහෙයින් මිල්ල ගසක් ඒ අසල නොතිබුනහොත් මිල්ල ගසක් සොයා දුර යාමට සිදුවන හෙයින් කලින් මිල්ල ගසක් කපා ගෙනවුත් දෙවොල අසල සිටුවා කහ දියර ඉස ගොක් රැුහැන් ඇද ශුද්ධ පවිත‍්‍රකොට තබති. කවි කියමින් බෙර වයමින් කුඩා පෙරහරකින් ගොස් කහ දියර ඉස භූමිය ශුද්ධ ස්ථානයක් බවට පත්කර මැල කපයි. කැපූ මිල්ල ගස පසුදා ගිනි පෑගීම සඳහා පෙරහරින් ගෙනවුත් මඩුවේ ඉදිරිපස මහල් දෙවියන් පුද ලබන මල්පැල පිටුපස සිටුවා ඇති රුක් අත්තන ගසේ තැන්පත් කරයි. හළං දෝවනය අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව එතනට පේලියෙන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝවනය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි. බිසෝකප සිටුවීම කප යනු කණුව යන අර්ථය දෙයි. දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි එහෙයින් පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි. කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.
මෙසේ බිම මැන ගෙන
දෙපසේ ඇදුරු සිට ගෙන
ඉසේ දොස් හරිමින
බිසෝ කප් සිටුවන්න බිම මැන
කුරුම්බර හත්කට්ටුවට, මහසොහොන් යකුට හා තුන් සමයමෙහි යකුට පිදේනි දීම පෙරයම, මැදියම හා අලුයම යන තුන ්යාමයට කුරුම්බරයින්ට පිදේනි පුදයි. පිදේනි මුට්ටිය කැපකර කවි ගායනා කර මඩුවේ වහලයේ කෙළවර් හතරේ හෝ කත්තිරික්කවල තබයි.
එරන් ඔංචිල්ලා දෙවියෝ මවා පෙර
රුවන් ගමනකින් දෙවියෝ වැඩම කර
මෙවන් කරුණු දැකලා සිටියේ අසුර
වරෙන් මෙපුද ගන්නට ගිනි කුරුම්බර
යකුන්ට පිදේනි දීම ආතුර හිසේ පිදේනි මුට්ටිය තබා මහසොහොන් යක්ෂයා ඇතුළු සමාගමේ යකුන්ට කවි කියා ආරාධනා කර මඩුවෙන් පිට යකුන් සඳහා වූ තට්ටුවලටත් දහ අට රියන් උස කුරාලයට ගොස් මහසොහොන් යකාටත් පුද කැප කරයි.
පාට සුදුයි සිය ගත අමු සොහොනට දිලෙයි ඊට නා
කැඩපත සේ මුහු ණා
මිනිය අතකිනි මල් උර නා
බීත වෙලා වර ඒ මහ සොහො නා
සතර වරම් දෙවියන්ගෙ බල යෙන
කකුසඳ කෝණාගම මුනි බල යෙන
රට වට පායන ඉර හඳ බල යෙන
හැන්දෑ සමයම කළ ලෙඩ හරි මින
විට විට මුනි, දහම්, සඟ රුවන සහිත දරා
තුටුකර මෙයින් කිහි රැුළි පුල්වන් පව රා
අට විසියක් සෙනඟ පත්තිනි අතින් වරා
හැට හතරක් සමයන් යකුනි බැස වරා
ඉස වට සැඩපළු දරණ වෙලා ගති
ඇතෙකු කටින් අල්ලාගෙන ලේ බොති
අතකට රන්කුඹු සෙල්ල දරා ගති
මහ සොහොනා සමයමට බලා එති
සඟල පේ කිරීම දෙවොල් මඩුවේ ඉතිහාසය ගැබ් වූ කවි ගයා සඟල වඩා ආතුරයන්ට සුදු රෙද්දකින් සෙත් පතයි
දිනුඳු කුල අග පත්
දිණා ආසිරි විකු මත්
කාවේරි පුර මහ ත්
සේරමානන් නිරිඳු වැජ බෙත්
නොමනා වන ලෙඩ ත්
එරජ සිරසෙහි හට ගත්
පතිනි දෙවි අඟ පත්
පෙනී සිහිනෙන් කිවුය මෙපුවත්
දිලෙන මිණි බර නේ
සැදී සුරඟුන් ගුව නේ
කෑ මුකය නොදැ නේ
කිමෙක මහ රජ වෙහෙස විඳි නේ
පත්තිනි දෙවි තෙදින්
හලෝ පිරිපත නොලසින්
කෙළි පුද දෙන ලෙසින්
කියා නිරිඳුට ගියා අහසින්
සිව් පහළොස් රියන්
මඩුවක් තනා සුපසන්
සොළසක් යක් දෙසුන්
පේව එසඳෙහි මනා සුපසන්
සඟල ගෙන සුරතට
දුම්මල රැගෙන වමතට
භූමි දෙවි තුති කොට
ගන්න පාවා සඟල අඳිනට
සඟලේ විස්තර
සතර දෙකක් එක් අඟලක් සරභ ගනු
සරස වසා සිටිනා දස රුවට ගනු
සතර එක් අඟුල් බෝපත් තබා ගනු
හිමි සැට දාඟුලයි බෝපත් ලකුණු ගනු
පසඟුල් දිග කනඟුල් අඹ පුළුල කලා
තොසව රැුළි ලමින් අඳවන්ට දෙව්
නිසල පුබුදු පියුමකි සුවඳින් ලක ලා
මෙලෙසට කටිය වට තබමින් රැළි ලාලා
මෙසේ ලකුණු දැන සත් විදිය විසිතුරු
විසේ සවන් ගුරු ඇදුරන් තෙපුල් ගරු
තොසේ දෙවිඳු වැද නමකර පා තඹුරු
මෙසේ අඟුරු දුම්මල ලා වඩ මිතුරු
අසූ දහස් නරු තබමින් අඳින සළු
විසු තෙතිස් කෝටිය දෙවියන් නිය ළු
අසූ සාර ඉඩහල් උවිඳු සුළකු ළු
ඇසූ පටන් ආවඩමින් මෙකප මුළු
පේ බත කැම පේ බත යනු ඇදුරන් වෙනුවෙන් සකස් කරන විශේෂ ආහාරයයි. කොට්ටෝරුවා විසින් වෙනම මඩුවක නැවුම් හැළි වලංවල නොඉඳුල්ව මෙම ආහාරය පිසියි. මේ සඳහා කිලිකුණුවලින් තොරව පෙරාගත් වතුරත් එළවලූත් භාවිතා කරයි. මෙම ආහාරය ඇදුරන් විසින් ආහාරයට ගැනීම පේ බත කෑම නම් වෙයි. බඹර වළල්ල ආතුරයෝ පැන් ඉස ගුරුන්නාන්සේලා ආරක්ෂා කරයි කාලපන්දම් ගස සිටුවයි සැන්දෑ සමය සැන්දෑ සමයේ පන්දම් පාලි සැන්දෑ සමයේදී කුරුම්බරයින්ට මහ සොහොන් යකුට හා සමාගමේ යකුනට පිදේනි කැප කරයි සැන්දෑ ජාමයේ ‘‘ගොක් කිරිල’’ නැටුම සැන්දෑ ජාමයේ පිදේනි මුට්ටිය කැප කරයි බිසෝකප සිටුවීමට පෙර බිසෝකප තොරණ ගෙය/පත්තිනි තොරණ



අදහස් (0)

ගම්මඩුව

ගාමිණී Thursday, 11 April 2013 06:31 AM

මේකකට කොච්චර විතර වියදමක් යනවද? (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 375 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 221 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 804 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 599 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 175 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 48 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 313 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 83 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site