වේලාව හිමිදිරි 5.00ට පමණ ඇත. බදුල්ල පාලාවත්ත නම්වූ දුෂ්කර ගම්මානයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අඩි 40ක් පමණ උසින් බඳින ලද ශබ්දවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වෙයි.
‘‘හැම දෙනාටම බුදුසරණයි’’
ඒ විහාරාධිපති එස්. අමරජෝති හෙවත් ටිබෙට් හිමියන්ගේ හඬයි. ඉක්බිති උන් වහන්සේ පන්සල් බිම ඇමදීම, බුදු කුටිය පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම, බුදුන් වැඳීම සිදු කරන්නාහ.
ඒ කාලය තුළ සෙත් පිරිත් විකාශනය ශබ්දවාහිනි ඔස්සේ සිදුවන්නේය.
යළිත් ඇසෙන්නේ ටිබෙට් හාමුදුරුවන්ගේ කට හඬය.
‘‘අද උදේ 7.00ට පාර ශුද්ධ කිරීමේ ශ්‍රමදානය තියෙනවා. රෝගීන් හා කුඩා දරුවන් හැර සියළු දෙනා මෙයට සහභාගීවිය යුතුයි. නොපැමිණෙන අයට දඩය රුපියල් 500යි.’’
මඩොල්සීම කඳුවළල්ලේ වැදී දෝංකාර දෙන එම හඬට සියළු ගම්වැසියන් අවනතය.
මේ හාමුදුරුවන්ගේ ආගමනය ගැන අපි විමසුවෙමු.
‘‘මමත් ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ පරපුරේ කෙනෙක්. එස් කියන්නේ සිකින්. සිකින් මහින්ද. මම සිකින් අමරජෝති.
‘‘මහින්ද හාමුදුරුවන් ගේ කාලේ මම ඉපදිලත් නැහැ. නමුත් උන් වහන්සේගේ රටේ තමයි මම ඉපදුනේ. මගේ තාත්තා යුද හමුදා සෙබළෙක්. අම්මා මිය යනකොට මගේ වයස අවුරුදු 3යි. පස්දෙනෙකුගෙන් යුතු පවුලේ මම බඩපිස්සා’’
‘‘මා පොඩිකාලයේ අනාථ ළමා නිවාසයකට බාර දීලා තිබුණා. ඒ ළමා නිවාසය භාරව සිටියේ එස්. මහින්ද හාමුදුරුවන්ගේ සහෝදරයා. ළමා නිවාසයේ සිටියදීම මම පැවිදිවුණා. මම බටහිර බෙංගාලයේ බිංගුරි ප්‍රාන්තයේදී උපසම්පදාව ලැබුවා’’
‘‘උඩරට අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඥානිස්සර නාහිමියන්ගේ ගෝල හාමුදුරුවරු ලෝකයේ හැම තැනකම වගේ ඉන්නවා. එවැනි ගෝල නමක් වූ ඕලන්දේ ආනන්ද හාමුදුරුවෝ සිකින් වලදී මට හමුඋනා. උන් වහන්සේ අනාථ නිවාසයේ විස්තර ඇහුවා. ඊට පස්සේ ඇහුවා තායිවානය ට හෝ ශ්‍රී ලංකාවට යන්න කැමතිද කියලා. තාත්තා යුද හමුදාවට බැඳී සේවයකරපු රටක් නිසා මම ශ්‍රී ලංකාවට යන්න කැමතියි කිව්වා.
‘‘මට සිංහල, බෙංගාලි, නේපාල්, චෝ, ටිබෙට්, ලැප්වා යන භාෂා කතා කරන්න පුළුවන්. ඒ සියල්ල මගේ උත්සාහයෙන්ම ඉගෙන ගත් ඒවා. වැඩ කරන ගමන් ධර්ම දේශනා කළා. ඇල්ලේ ආරණ්‍යයේ ඉන්න වෙලාවේ මාතර වලස්ගල පිරිවෙනේ ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණා. උන්වහන්සේ මට ආරාධනා කළා ඒ පිරිවනෙහි සංස්කෘත භාෂාව උගන්වන්න. ඒත් මා ඒ ගැන උනන්දු වුනේ නැහැ. බදුල්ලේ තියෙන පාලාවත්තේ කියන තමන්ගේ ගමේ පන්සල හාමුදුරුවෝ නැතිව වරින් වර වැහිලා යනවා. ඒ නිසා ඒ ගමේ මිනිස්සුන්ට උදවු කරන්න ඒ පන්සල භාර ගන්න කියලා මම බොහෝම කැමැත්තෙන් මෙහාට ආවේ. ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. පන්සල හැදුවොත් පන්සලත් එක්ක එකතු වෙලා මිනිස්සු හැදුණොත් රට දියුණු කරන්න පුළුවන්.
‘‘සිංහලයන් ටිකක් කම්මැලියි’’ ඒත් ඒක නැති කරන හැටි මම දන්නවා’’ කියමින් හාමුදුරුවෝ සිනා සෙද්දී මට මැවී පෙනුනේ මා අසා ඇති එස්. මහින්ද හිමියන්ය.
‘‘මේ ගමේ මිනිස්සුන්ගේ ජීවනෝපාය ගොවිතැන්ය. උක් වගාවට කෘමි රෝගයක් ඇවිත් විනාශ වුණා. දැන් මිනිස්සු ඉතා අසරණ තත්ත්වයක ඉන්නේ. උක් හකුරු කර්මාන්තය වැටිලා. මේ ගමේ තිබුණු කුඩා පරිමාණයේ උක් හකුරු මෝල් 100ක් විතර කැලේට ගිහින්. සමහරු කිතුල් කර්මාන්තය කරනවා. කිතුල් හකුරු මිල වැටිලා. ඒ අය අසරණ වෙලා. මොකක් හරි විකල්පයක් තියෙන්න ඕනෑ. ජපානයේ හොඳට වැවෙන ශාකයක් තියෙනවා. කොනෆ් කියලා. මේ රටෙත් හොඳට වැවෙයි. ඒ ගහේ කොළ වලින් කඩදාසි කාඞ්බෝඞ් හදන්න පුළුවන්. ගෘහ කර්මාන්තයක් ලෙස හොඳ ආදායම් ලබා ගන්න පුළුවන්. ජපානයේ පිරිසක් ඇවිත් මේ කර්මාන්තය ගැන ජනතාව දැනුවත් කළා. පන්සලෙත් ගස් ටිකක් හැදුවා. ඒවා හොඳට හැදුනා. ඒත් මේ වැඩ පිළිවෙලට ආණ්ඩුවෙන් අවසර අවශ්‍යයි’’.
‘‘මේ ළඟදී ජපානයෙන් තවත් කට්ටියක් ආවා. මම මේ ගමේ මිනිසුන්ගේ උක්වගාවට වූ හානිය පෙන්නුවා. නව ක්‍රමයකට උක් හකුරු හැදීමේ වැඩපිළිවෙළක් ගැන ඒ අය යෝජනා කර තිබෙනවා’’.
පන්සල ආසන්නයේ ජීවත්වන ආනන්ද තෙන්නකෝන් මහතා දානය රැගෙන පන්සලට පැමිණ සිටියේය.
ඔහු හාමුදුරුවන් ගැන කතා කළේ දැඩි භක්තියකින් හා අභිමානයකිනි.
‘‘මේ හාමුදුරුවෝ ගමට දෙවි කෙනෙක් වගේ. දුකේදීත් සැපේදීත් දෙකෙහිම හැමුදුරුවෝ අපත් එක්ක ඉන්නවා, මළ ගෙයක් වුණත් ඉස්සල්ලාම වඩින්නේ හාමුදුරුවෝ. ශබ්දවාහිනියෙන් උන්වහන්සේ ගමටම මරණය ගැන දැනුම් දෙනවා. අපි ඉක්මනට පන්සලට යනවා. උන්වහන්සේ ළඟ තියෙන ටෙන්ට් එකයි ජෙනරේටර් එකයි පැදුරු ටිකයි පුටුයි අරගෙන අපි ඔක්කොම මළ ගෙදර යනවා. මළ ගම ඉවත් වෙනකල්ම වෙලාව බෙදාගෙන අපි සියළු වැඩ කරනවා. ‘‘සමහර වෙලාවට හාමුදුරුවෝ කතා කරනකොට තරහා ගියා වගේ පේනවා. අනේ තරහා යන්නෑ.... විහිලූවක් කරලා හිත සනසනවා. වත්තේ පිටියේ කුඹුරේ ශ්රමාදන වලට උන්වහන්සේ වඩිනවා. හරි හරියට වැඩ කරනවා. වැඩියෙන්ම වඩින්නේ මොකද දන්නවද? ලැයිස්තුවේ නම තිබුණත් සහභාගි නොවන අය කවුරුන්ද කියා බලන්න. ගමේ කාටහරි තුවාලයක් වුණත් දුවන්නේ පන්සලට. හාමුදුරුවෝ තුවාල සුද්ද කරලා සනීප වෙනතෙක් බෙහෙත් කරනවා.’’ රජයේ නිලධාරීන්ගෙන් වැඩ ගන්න මාර දක්ෂයි. හැබැයි බොරු කළොත් මූණට දෙසාබානවා. පන්සලට යන පාර බාගෙට හැදුවේ රජයේ කාර්යාලයකින්. රජයේ මුදලින් ඒ මහත්තයා පන්සලට ආ වෙලාවේ උන්වහන්සේ මූණටම කිවුවා මහත්තයා මේ වැඬේ ඉවර කරලා මිසක් ආය පන්සලට එන්න එපා කියලා. උන්වහන්සේ කියන්නේ කාගෙන් වුණත් කමක් නෑ ගමට වැඩ ගන්න කියලා. අර පේන බෝධි ප්‍රාකාරය හදන්න සල්ලි තිබුණෙ නැහැ. උන්වහන්සේට කවුදෝ පුජා කරපු වීඩියෝ කැමරාවක්, කම්පියුටර් එකක් ටීවී එකක් තිබුණා. ඒවා විකුණලා ඒ සල්ලි වලින් ප්‍රාකාරය හැදුවා.
‘‘ගම් වැසියන් දවස් 5කට බෙදලා පන්සලේ සහ ගමේ ශ්‍රමදාන වලට කැඳවනවා. ඒ සියල්ල කරන්නේ ශබ්දවාහිනියෙන්. මහ ශ්‍රමදාන දවසට ලෙඞ්ඩු හා කුඩා දරුවන් හැර හැම ගෙදරකින්ම එන්න ඕන. ඒක අනිවාර්යයි. නැත්නම් රුපියල් 500ක් දඩ ගහනවා. ඒ මුදල් ගමේ වැඩක් පලක් කරන්න බැරි අසරණ අයට ලබා දෙනවා.
ගමට බෙර කණ්ඩායමක් හදලා පොසොන් පෙරහැර කරනවා. දහම් පාසලේ ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඔන්න මෙන්න. ඒ ශාලාව අලූතින් ඉදිකරන්න ගල් සපයා ගන්න හාමුදුරුවෝ පන්සලේ තිබුණු ගලක් කඩන්න පටන් ගත්තා. හාමුදුරුවෝ කුළුගෙඩිය ඔසවලා ගල් කඩනකොට අපට ලොකු ධෛර්යයක් ආවා. අපි ශ්‍රමදානයෙන් ගල් කැඩුවා. දැන් එම ගොඩනැගිල්ල හදලා ඉවරයි’’
‘‘ලක්ෂ 40ක් පමණ වියදම් කළ මේ ගොඩනැගිල්ලට මුදල් උපයා ගන්නත් හාමුදුරුවෝ හුඟාක් මහන්සි වුණා. බුදුගෙයක් ධර්මශාලාවක් ඇතුළු අංගයන්ද එහි තිබෙනවා’’
අපේ කතා බහට විරාමයක් තැබූ මම ආවාසයට ගියෙමි. උන් වහන්සේ යළිත් මයික්‍රෆෝනය ඉදිරියේ ‘‘පින්වතුනි සවන් දෙන්න. දැන් මහ ශ්‍රමදානය පටන් ගන්න වේලාව කිට්ටුයි. හැම ගෙදරකින්ම පන්සලට එන්න. නැත්නම් රුපියල් 500ක දඩයක්. ගතවූයේ විනාඩි කීපයකි. ගම් වැසි ලොකු පොඩි බාල මහළු හැම දෙනාම පන්සලට ඇදෙන්න වූහ. බෝ මළුව සකස් කිරීමේ ශ්‍රමදානය මුල් පස් පිඩැල්ල කැපුවේ හාමුදුරුවන්ය. ඉන්පසු ගම් වැසියන්ගේ දෑත් උදලූ අලවංගු පස් තලන උපකරණ විල් බැරෝ අතරැුඳි යුහුසුළුව ක්‍රියාත්මක වෙන අයුරු ඇස් පනාපිටම දැකගත හැකිවිය.
දේශපාලනඥයන් හමුවේ ටිබෙට් හාමුදුරුවන් කරන්නේ ආයාචනා නොව නියෝගයන්ය. ඒ අසරණ ගම්වැසියන්ගේ සුභ සාධනය සඳහාය.
දිනක ටිබෙට් හාමුදුරුවෝ ඌව පළාත් සභාවට ගොඩවැදුනේ වේගයෙනි. එවකට මහ ඇමැතිවරයා වූයේ දැන් වනජීවි ඇමතිවරයා වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාය.
මම එවකට ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වීමි.
මහඇමති ගේ කාමරයට කඩා වැදුණු හාමුදුරුවෝ ‘‘මම අද ආවේ දෙකෙන් එකක් විසඳාගෙන යන්න. මේ මගේ මල්ලේ තියෙන්නේ බෝම්බයක්. ඔබතුමා අපේ ගමේ පාරේ වැඩ කරල දෙනවද, නැතිනම් පළාත් සභාවම පුපුරවන්නද?’’
හාමුදුරුවෝ නොකඩවා කියාගෙන යද්දී මහ ඇමතිතුමා කට පුරා බක බක ගා හිනාඋනේ සුපුරුදු ගැලවිජ්ජා පටිපාටිය පෙන්වමිනි.
‘‘බොරු නොවෙයි මහ ඇමතිතුමා’’ කියා මල්ලට අතදමා වයර් කෑලිවල කොනක් පෙන්නුවේය.
|
ආනන්ද තෙන්නකෝන් |
මහ ඇමතිවරයා වහාම සීනුව නාද කළේය. ‘‘කෝ කෝ මේ නිලධාරීන්ට එන්න කියනවා’’ සැනින් නිලධාරීන් කීපදෙනෙක් ආවෝය ‘‘මේ හාමුදුරුවන්ගේ වැඬේට අද විසඳුමක් දෙන්න ඕනෑ’’ මහ ඇමති නියෝග කළේය.
හාමුරුවෝ එළියට ආවේ ඉන්පසුවය.
‘‘ඇයි හාමුදුරුවනේ බෝම්බ ගෙනාවේ’’ මම ඇසුවෙමි.
‘‘පිස්සුද මහත්තයා මම ගෙනාවේ මේ වයර කෑලි ටික විතරයි’’ කියමින් හාමුදුරුවෝ මල්ලෙන් වයර් කෑලි කීපයක් පෙන්වමින් හයියෙන් සිනා සුනහ.
‘‘මේ ගමේ පන්සල විතරයි. වෙනත් ආගමික ස්ථාන වලට මේ ගම්මාන වල ඉඩක් නැහැ. මේ ඔක්කොම බුදු හාමුදුරුවන්ගේ ගම්මාන’’ යැයි ටිබෙට් හාමුදුරුවෝ පැවසුවේ පියකරු සිනාවකින් මුව සරසාගනිමිනි.
සටහන සහ ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරිගේ අදහසට මමත් එකගයි ඉදිරියටත් අනවශ්‍ය විකාර නැතිව ඒ විදියටම සාමෙන් ජීවත් වෙමු. තෙරුවන් සරණයි.(නදී)
බොදු නොබොදු හැමට ඉස්ලාම් බැතිමතකුගෙන් ආයාචනයක්! අද ලංකාවේ බොහෝ භික්ෂූන්ට තම නියම වගකීම් අමතකවී ගොසින් යෑයි මට විටෙක සිතේ. නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැකි යෑයි උන්වහන්සේලා සිතති. මෙයින් කුමන කාරණාව නිවැරැදිදැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි. එහෙත් බහුතරයක් සිංහල බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින් පවතින බව නම් මට පෙනේ. මෙම කුඩා ධර්ම දූපත බේබදුකමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහි සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥය, කැනඩාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදුකමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්රචණ්ඩ උද්ඝෝෂණ පවත්වන භික්ෂූන් වහන්සේලා මෙය ගැන වචනයක් හෝ සඳහන් කරනු මා ඇසුවේ හෝ දුටුවේ නැති හෙයිනි. තවද බෞද්ධයන් බහුතරයක් වන මෙම කුඩා රටෙහි එක් දිනකට සිදුවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 5 ක් යෑයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම, වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක් නොව ගැබිනියන්ට පවා අතවර කිරීම, මිනීමැරුම්, සොරකම්, මංකොල්ලකෑම්, අල්ලස් දූෂණ යනාදිය දිනපතා පුවත්පත්වල වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තාවන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන සංඛ්‍යාව වැඩි බවට තර්කයක් තිබිය නොහැකිය. අද මවුවරු මැද පෙරදිග රැකියාවලට යන්නට දෙවරක් සිතන්නේ එහි සිදුවන බෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යෑයි මම සිතමි. යම් ජන කොටසක් සදාචාරයෙන් පිරිහෙන විට එම ජන කොටස එයින් මුදා යහපත් දෙසුම් මගින් ඔවුන් නිසි මඟ පත් කිරීම ඒ ජන කොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට ගරු බුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව නඩත්තු කරන්නේ මෙම භාරදූර ආධ්‍යාත්මික අවශ්‍යතාව ඔවුන් ඉටු කරනු ඇතිය, යන අපේක්ෂාව මතය. එනමුත් අද සිංහල බෞද්ධයාද වැටී සිටින තත්ත්වය බලන කල එවන් මඟÊපෙන්වීමක් ශාසනය ආරක්ෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බව පැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති ඇමැතිවරුන්ට පිරිත් නූල් බැඳීම පමණක් සිය වගකීම යෑයි මේ රටේ සංඝරත්නය සිතනවාවත්ද?. ඒ අතින් මුස්ලිම් ආගමික නායකයින් පමණක් නොව සාමාන්‍ය මුස්ලිම්වරුන් ද කැපවීමෙන් කියා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත්වීමේ උනන්දුව මුස්ලිම් ජන කොටස අතර වැඩි වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මුස්ලිම් තරුණ තරුණියන් අද වැඩි වැඩියෙන් ආචාරශීලි ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත්වනු දැකිය හැකි වී තිබෙන්නේ මුස්ලිම් ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි වගකීම, සාපේක්ෂව ගත් කල ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා අඩු වුවද, නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි. එනමුත් බෞද්ධ සිංහල ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක් ඉටුවනවාද? එය වෙනුවට එම බෞද්ධ භික්ෂූන්ගෙන් ඇතමුන් ඉස්ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි විග්රහ දක්වන්නටත් එහි ඇති යහපත් සියලු කරුණුවලට යක්ෂ මුහුණු ආදේශ කරන්නටත් පටන් ගෙන ඇත්තේ ඇයි? පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහත් ඉක්ම වූ මගියකු අසලින් කොටට කොටේ ගවුමක් ඇඳගත් නාඹර තරුණියක් සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක් තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින් සිය ජංගම දුරකතනය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු තරුණයන් කිහිප දෙනකු ඔහු අල්ලා හොඳට තඩිබා බසයෙන් එළියට දමා ඇත. ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්ද? එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්වල දුම්රියවල කාර්යාලවල තලතුනා වයෝවෘද්ධ පිරිමින් පවා වරදට පොළඹවන ආකාරයෙන් සහ දූෂණ අපරාධ ඉහළ යන ආකාරයෙන් වස්ත්‍ර (නො) අඳින සිංහල තරුණියන් හෝ මැදිවියේ ස්ත්‍රීන් ගැන නොව, සංවර බව දෙසිය යුතුය. මනා හික්මීමෙන් යුතුව සිය සිරුර මුළුමනින්ම වසා ගන්නා මුස්ලිම් කාන්තාව ඒ අතින් ආදර්ශයකි. සමහරුන් පවසන අන්දමට සිරුර වසා වස්ත්‍ර අඳින මුස්ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්බ ගෙන ආ හැකිය. යුද්ධය අවසන් නේද? ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංකේතයක් වන යටි රැවුල සහිතව සිටින මුස්ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක් ඇති වේ. (එසේ නම් ඡේසුස් තුමන් පටන් මැති ඇමැතිවරුන් දක්වා ද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික සොක්රටීස් දක්වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්ලිම්වරුන් රැස්වන්නේ කුමන්ත්‍රණය කරන්නටය. හලාල් යනු සිංහල ව්‍යාපාරිකයන්ගේ වෙළෙදාම කඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්ලාමීය කුමන්ත්ර්රණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්තවාදය සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසල් ත්රස්තවාදීන් පුහුණු කරන රහස් කඳවුරුය. වෙනකක් තබා මුස්ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීම ද ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවන්ත ඉස්ලාමීය කුමන්ත්රණයකි. (අනේ දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගණනාවකින් එකක් නම් ඇතැම් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ට වඳ බව ඇති කරනවා පමණක් නොව එවැනි ස්ථානවල සුහදශීලීව දෙන ටොපිය පවා එම කූට යටි අදහසින්ම දෙනු ලබන ඉනාවකි. මෙලෙසින් ඔවුන්ට මුස්ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහලයන්ගේ කිසිදු අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි. පුණ්‍ය භූමියක් යෑයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ කර ඇති දඹුල්ල වැනි නගරයක තිබෙන මුස්ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව ඇතැම් බෞද්ධ භික්ෂූන් මැරයන් මෙන් උඩ පැන නැටූ ආකාරය මුළුÊලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්ෂූන් මෙය දැක ලැඡ්ජාවට පත් වූවාට සැකයක් නැත. එනමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. එනමුත් එහි ප්‍රධාන දොරටුව ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක් ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක් ඇත. දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් බෞද්ධ විරෝධතා කිසිවක් නැත. පුදුමයකි සිංහලයා මාළුÊඅනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි. ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශු සම්පත කියායි. එනමුත් මුස්ලිම්වරුන් වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතනයයි. මෙසේ නොයෙකුත් අයුක්ති සහගත නම් පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන් කරන්නටයි. වසරකට වරක් හෝ සිංහල මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන් ගැන නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත නොහැකි එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහල තරුණියගේ ඇඳුම ගැන කථා කළ නොහැකි සමහර භික්ෂූන් දැන් ඉස්ලාම් ධර්මයේ නීතිරීති සංශෝධනය කරන්නට එති. එසේ ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය, යන කරුණ කඳුලක් තරම් හෝ මොළයක් ඇති ඕනෑම කෙනකුට පෙනේ. මේ නිසා බහුතරයක් අවංක සිංහලයන් නිහඬය. හලාල් සහතිකයෙන් ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැබෙන ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුතරයක් වන සිංහල සමාගම් මෙන්ම එම කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක් නිකුත් කිරීමට මෙහි මුස්ලිම් ප්‍රජාවක් සිටින නිසාය. යන කරුණ ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි නොවේද? එනමුත් එසේ ඔවුන් සතුටු නොවෙති. පොදුවේ ගත් කල බෞද්ධයෝ හලාල් යනු කලබල විය යුතු කරුණක් සේ නොසිතුවෝය. කලබල ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුණු භික්ෂූන්ය. මෙයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අලාහ් දෙවියන්ගේ නාමයෙන් කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කය ද උපන් ගෙයිම මියැදෙන්නකි. මන්දයත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහල බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල් ආකල්පයකිනි. ඔවුහු ඝණපති මෙන්ම සක්විතිටත් වඳිති. කාලි අම්මා, පත්තිනි අම්මා පටන් විෂ්ණු, මුරුගන්, ක්‍රිෂ්ණන්, කන්නන්, ලක්ෂ්මි, පාර්වතී දක්වා මෙන්ම සිවලිංගයටද ඔවුන් කිසිදු උස් පහත් කමක්, ගැහැනු පිරිමි වෙනසක් නොබලා වඳිති. දවටගහ පල්ලිය අසලින් යන විට එයටද හිස නමා ආචාර කරන සිංහලයන් මම කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන්ම රට වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යෑයි ද කිව හැකිය. ඡන්ද කාලවලදී ඔවුන් සියලුම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින් ඡන්දය දිනනන්ට පුද පූජා කරති. කන්නලව් කරති. භාරහාර වෙති. නැත්නම් කෙනකුට ශාප කරමින් පොල් ගසති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතු බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දූන්වත් නොවඳිති. තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිථ්‍යාවකි. නොහොත් නැති දෙයකි. එසේ නම්, නැති අල්ලාහ් කෙනකුට කරන කැප කිරීමක් ගැන කලබල විය යුතු=ද? තවත් ආගමික ජන කොටසක් සිය ආගම හා සංස්කෘතිය අනුව ජීවත්වනවා දැක එයට ඊර්ෂියා කිරීම නොව කළ යුත්තේ එයින් ආදර්ශ ගෙන තමනුන් හැදෙන්නට බැලීමය. මා වාසය කරන වැල්ලම්පිටියේ අපගේ නිවස අසල පන්සලක මසකට පමණ පෙර යම් කිසි හාමුදුරු නමක් විසින් දේශනාවක් පවත්වන ලදී. එය ශබ්ද විකාශන යොදා මුළු පෙදෙසටම ඇසෙන්නට සලස්වන ලද හෙයින් අපේ පවුලේ සැම දෙනාම නිවසේ සිටිමින්ම එය සුවසේ ඇසුවෙමු. එවිට එම ස්වාමීන් වහන්සේ මෙසේ කී සේක. අද අපි මුස්ලිම් මිනිසුන්ට බණිනවා. ඒක වැරදියි. අපි ඒ අයගෙන් පාඩං ඉගෙන ගන්න ඕන. මෙච්චර විලාසිතා තියෙන මේ නවීන කාලේ මුස්ලිම් තරුණ ගැහැනු ළමයි ඇහැ විතරක් පේන විදියට තමන්ව වහ ගෙන පාරේ යනව. පුළුවන් ද මේක අපේ 40 පැන්න සිංහල අම්මණ්ඩි කෙනකුටවත් කරන්න? අපේ කෙල්ලො විතරක් නෙමෙයි සමහර අම්මලත් අඳින්නේ මහ නින්දිත පහත් විදියට. දුවට දැනමුතුකම් දෙන්න අම්මට තියා ආච්චිටවත් බැහැ. ඇයි ඒ දෙන්නත් ඇඳගෙන පාරෙ යන්නේ තරුණ දුවටත් වැඩියෙ නින්දිත විදියට. දැං මුස්ලිම් පවුල් අරගෙන බලන්න. ඔක්කොම කරන්නේ ගෙදර පිරිමියා, හම්බ කරන්නේ එයා. ගෙදර අය ආගමානුකූලව ක්‍රියාකරවන්නේ එයා. දවසට පස් වේලක් පල්ලිත් යනවා. යකෝ ආණ්ඩුවෙන් මාස්පතා නිවාඩුවක් දුන්නත් අපේ එවුන් එනවද පන්සලට මාසෙකට සැරයක්වත්? කෝ අද මෙතැන තාත්තලා කී දෙනෙක් ඇවිල්ල ඉන්නවද? හැම එකටම එන්නේ ගෑනු. මාකට් යන්නේ ගෑණු, ඉස්කෝලෙ රැස්වීමට යන්නේ ගෑනු. සමිති රැස්වීමට යන්නේ මොන්ටිසෝරි යන්නේ ගෑනු. මේ දැනුත් මෙහෙ වැඩියේ ඇවිල්ලා ඉන්නේ ගෑනු. උං ගෑනු ටික එවල ගෙවල්වලට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉඳියි. අපේ තරුණ කොල්ලෝ ගත්තොත් උං ටික කන් දෙකට මයික් ගහගෙන පාර දිගේ සින්දු අහගෙන යනවා. නැත්තං සංගීත දර්ශනයට ගිහිල්ලා නරි වගේ හූ තියතිය වන්ස් මෝර්, වන්ස් මෝර්, කියල ගිරිය පුප්පල කෑ ගහනවා. මමත් හිතං ඉන්නේ සංගීත සංදර්ශනයක් තියන්න. ඒකට වෙන මොකුත් ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහන්න පුළුවන් නං ඒ ඇති. එතකොටවත් බලමු මුං ටික හදි ගැහිල කියන්න තියෙන දෙයක් කියා ගන්න පුළුවන් ද කියලා. මේ හැරෙන්නට එම හාමුදුරුනම බොහෝ දේ කී නමුත් ඒවා සියයට සියයක් ඇත්ත නමුත් මුද්‍රණයට සුදුසු බසකින් ඒවා නොතිබුණු නිසා මම ඒවා නොලියමි. වෛරය හා ක්‍රෝධය එක්තරා වේදනාවකි. වෛරය පතුරන්නට උත්සාහ කරන්නන් දැනටමත් එය මනාව වටහා ගෙන සිටිනවාට සැකයක් නැත. නමුත් මෛත්‍රිය, කරුණාව සිතට සිසිල හා සැනසීම ගෙන දෙන්නකි. එය වෙනුවෙන් ක්‍රියා කරන්නන්ගේ මුහුණෙන්ම අපට ඒබව දැන ගත හැකිය. මා මේ ලිපිය ලියන්නේ කවුරුන්ගේවත් වෛරය හෝ ක්‍රෝධය වැඩි කිරීමට නොවේ. ලියන්නේ එය නැති කිරීමේ අටියෙනි. මේ අනුව මා ශ්‍රී ලාංකික බෞද්ධ සහෝදරයන්ගෙන් හා බොදු බල සේනාවෙන් ද ඉතා බැගෑපත්ව දෝත් මාගේ හිස් මුදුනේ එක්කර ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමි. අනේ හාමුදුරුවනේ, මුස්ලිම් අපව ඇයි ඔබ මේ තරම් පිළිකුල් කරන්නේ? අපි මෙම රටට කළ එකම එක අයහපත් නොකටයුත්තක් මට කියන්න. හිට්ලර් ඉතා කුසලතා පිරි පුද්ගලයකුව සිටියේය. එනමුත් ඔහුගේ හැකියා ආයෝජනය කළ ඉසව්ව වැරදි එකක් වූ හෙයින් එයින් මිලියන සංඛ්‍යාත මිනිසුන් අකාලේ මළෝය. එනිසා අදත් ඔහුව ලොව සිහිපත් කරන්නේ පිළිකුලෙනි. යුක්තියෙන් හෝ අයුක්තියෙන් මේවා කෙතරම් මුදල් හම්බ කළත් අප කන්නේ එක බඩකටය. නිදා ගන්නට අවශ්‍ය වන්නේද සුවිසල් මන්දිරයක් නොව අඩි හයක් දිග බිම් කෑල්ලක් පමණි. දිනෙක මරණය නියතය. එපමණක් නොව පැවිදි දිවියක් ගත කරන අයට අත්විඳිය හැකි ලෞකික සැප සම්පත්ද ගිහියන්ට වඩා අඩුය. තිස් වසරක් ඔත්පළව සිට යාන්තම් සුව වෙමින් සිටින අසරණ ලක් මවට සැබෑ සේවයක් කරන ලංකා පුත්‍රයෙකු වන්නට තිර අදිටන් කරන්න. බෞද්ධයන්ව නියම බෞද්ධයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් අරඹා එයට නායකත්වය දෙන්න අපේ මහ සඟරුවන මීට වඩා දැඩිව අධිෂ්ඨාන කර ගන්නේ නම් කොතරම් අගේද?(නදී)
අනිත් ආගම වලට් ගරහන්න එපා. අපි අපේ ආගමට ආදරෙයි වගේම හැම කෙනාම එයාලගේ ආගම වලට ගරුකරනවා. හැම ආගමකම 30% ක් විතර නරක මිනිස්සු ඉන්නවා. වැඩිපුර ඉන්නේ හොද අය.(නදී)
තේනුවර, ඔයාගේ ලිපිනය දෙන්න පුලුවන්ද? (නි)
කවුරු කළත් හොද දේ අපි අගය කළ යුතුයි (නි)
අනිත් ජාතීන්ට අපහස කරන්නවත් හිංසා කරන්නවත් එපා. මුස්ලිම් අය සමගියෙන් තමන්ගේම අයට ඊර්ෂ්‍යා නොකර තමන්ගේම අයට උදව් කරමින්, ස්වෝත්සාහයෙන් ව්‍යාපාර ලෝකය ජයගනිමින් ලෝකය පුරාම බලවත්ව ව්‍යාප්තවෙමින් සිටින්නේ ඒ අයගේ සමගියේ බලය නිසයි. ඇයි අපිටත් බැරි එහෙම කරන්න. අන් ජාතීන්ට අපහාස නොකර අපිත් මුස්ලිම් අයව ආදර්ශයට ගෙන ලොව ජගනිමු. (නි)
ඇත්තමයි ඔබට දීර්ගයුෂ ලැබේවා !! (ස)
ආඩම්බරයි අපේ හාමුදුරුවනේ...!(ස)
මේ වගේ හාමුදුරුවරු ලංකාවේ තව ඉන්නවා නම් හම්බයන්ව පන්නන එක ලේසි වැඩක් .ඔබ වහන්සේට පින්..(ස)
ඔබ වහන්සේට බුදු බව ලැබේවා!(නදී)
සත්‍යය සත්‍යය ලෙසින් පෙන්වා දුන් මෙහොමඩ්ට අපේ ප්‍රණාමය.(නදී)
ඔබ වහන්සේට බුදු බව ලැබේවා! (නි)
තේනුවර, සමහර මුස්ලිම් උදවිය ගැන මටත් ප්‍රශ්න තියෙනවා. නැත්තේ නැහැ. නමුත් අදහස් ප්‍රකාශ කිරීමේදී අපහාස කිරීමෙන් වළකින්න. අපි හරි මග යමු. එවිට අපි දිනුම්. (නි)
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
බුද හාමුදුරුවෝ ඉන්දියාවෙන් ඇවිල්ලා මේ ගම්මාන බුදු හාමුදුරුවන්ගේ කිව්වේ කොහොමද? මේක නිකන් ජාතිවාදී කතාවක්නේ. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියලවත් නැහැනේ. මේ ගොල්ලෝ බුදුහාමුදුරුවෝ පිළිපදිනවද නැතිනම් තමන්ගේ හිතේ තියන ජාතිවාදය පිළිපදිනවද මන්දා. ලංකාවේ බුද්ධාගමට නරක කාලයක් උදා වෙලා තියෙන්නේ.(නදී)
ආඩම්බරයි අපේ හාමුදුරුවනේ...! ජාති ජාතිත් පිං ඔබ වහන්සේට! (නි)
ටිබෙට් දේශයෙන් අප රටට වැඩමකර අපගේ රටට මෙතරම් නිහඬ සේවයක් කරන අපගේ මහින්ද හාමුදුරුවන් මතු බුදුවන තෙක්ම අප අතරේම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම දීර්ඝ වශයෙන් මොහොමඩ් ලියලා තියන දේවල් පැටලිලි සහගතයි. මුලින්ම කියන්න ඕනෑ මේක බෞද්ධ රටක්. මුස්ලිම් අය මෙහෙ බොහොම නිදහසේ ජීවත් වුණාට මුස්ලිම් රටවල් කියලා කියාගන්නා රටවල වෙනත් ආගමක අයට ඔයවිදියට නිදහසේ ඉන්න පුලුවන්ද? මොකද්ද මේ මුස්ලිම් නීතිය? පිරිමින්ට ගැහැණු හතක් ගන්න පුළුවන්. ගැහැනුන්ට තමන්ගේ කෙස්ගහක්වත් පෙන්නන්න බැහැ. අනික මුස්ලිම් අය ටික කලෙක ඉඳලා සිංහලයෝ කුපිත කරන්න හදනවා වැඩියි. ඔය මෙතෙක් කලක් නොතිබුණු හලාල් කෝලම එහෙම ඒකේ එක අංගයක්. ඉදිරිටත් අනවශ්‍ය විකාර නැතිව ඒ විදියටම සාමෙන් ජීවත් වෙමු. ඔබ සැමට බුදුසරණයි! අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි! (නි)
තේනුවර , බෞද්ධයන් මෙන් පෙන්වා රගපාන්නාවු නුඹලාගේ අබෞද්ධ ක්‍රියා අප තරයේ හෙළා දකිමු. (නි)
බොහොමත්ම ස්තුතියි. (ස)
පොඩ්ඩක් තරහ ගස්සලා බලනකොට රෙදි ඔක්කොම අයින් වෙනවා පේනවා. නිසර් කියන මනුස්සයා ඔය කියල තියෙන්නේ. ඕක සිංහලයට වෙන්නේ දවසක. දුටුගැමුනු රජ්ජුරුවොත් ජාතිවාදියෙක් වෙන්න ඇතිනේ.(නදී)
තේනුවර ,ඔහොම කතාකරන්න එපා. අපිට අපේ රටට ඇති ආදරය නැති කරන්න එපා. අපිව මැරලා මිසක් පන්නන්න බැහැ. ගවයන් මැරුවේ නැතත් මිනිස්සු මරන්න හපන්නු නේ නුඹලා. මගේ වැඩිම යහළුවෝ සිංහල කොල්ලෝ , එහෙත් එයාලා ගාව මේවගේ ජාතිවාදී කතා මම අහල නැහැ (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. හාමුදුරුවෝ බුද්ධාගමේ කෙනෙක්ද? (නි)
අපේ හාමුදුරුවරු ඉතාලියේ ධර්ම ප්‍රචාරය කරනවා. (නි)
තේනුවර, අර ඔයාලගේ සේනාව අපිට කෙළපිඩක් වගේ. ඔයාගේ ඔය දවල් හීන සැබෑ කිරීමට උත්සාහ කරන දවසට හම්බයෝ කව්ද කියලා තේරෙයි. (නි)
සිකිම් රටේ ඉපදිලා ලංකාවට ඇවිත් කරන සේවය මිල කරන්න බෑ. ඇත්තෙන්ම සිකිම් රටේ සියළු බුදු පුතුන් මෙලෙස යැයි හිතෙනවා. ලංකාවෙ ඉන්න හාමුදුරුවරුන්ට ආදර්ශයක්. ලංකාවෙ තියෙන කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙන පන්සල් වලින් මේ වගේ හාමුදුරුවරුන්ට, පන්සල් වලට, ගම්මාන වලට උදව් කරන්න හිතන්නෙ නැද්ද? ධනවත් විහාරවල පාලන බලය තියෙන හාමුදුරුවරු බුදුන් දෙසූ "මධ්‍යම ප්‍රතිපදාව" සම්පූර්ණයෙන්ම අමතක කරල "කාමසුඛල්ළිකානු යෝගයෙන්" ජීවත් වෙන්නෙ බුදු බණ බොරුයි කියල හිතල වෙන්න ඇති. කවද හරි මේ සේරම දාල යන්න උන දවසට තමයි තේරෙන්ණේ.(ස)
තේනුවර, පිට රටකින් හාමුදුරු කෙනෙක් ඇවිල්ලායි ලංකාවේ වැඩ කරන්නේ. එතකොට ලංකාවේ සිංහල හාමුදුරුවරු මොකද කරන්නේ. ජාතිවාදය ආගම්වාදය වපුරන එකද? ලැජ්ජාවේ බැහැ. මගේ යාළුවො සැහෙන්න සිංහල කට්ටිය. එක යාළුවකුගේ අම්මා කෙනෙක් මට කිව්වා අනේ පුතේ ඔයා නම් ගිය ආත්මේ මගේ පුතාගේ සහෝදරයෙක් වෙන්න ඇති කියලා. දැන්වත් ටිකක් හිතමු නේද ? (නි)
ලංකාදීප , පුළුවන් නම් අංගුත්තර නිකාය ,දීග නිකාය, මජ්ජිම නිකාය ඇසුරු කරගෙන දහම් කරුණු සරල බසින් ලිපි මාලාවක් ඉදිරිපත් කරන්න. ධදර්ම දානය බොහොම උතුම් පුණ්‍ය කර්මයක් (නි)
කුමන ආගමේ උනත් මේ වැඩ හොද වැඩ. අපි සියලු දෙන අගය කල යුතුයි. ඔබ වහන්සේට තව තවත් ඔවැනි කටුතු කිරීමට සක්තිය දහිරිය නොවඩුව ලැබේවා!(නදී)
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ පිලිබඳව ලියවුනු සටහන මම කියෙවුවේ ඉතාම ආශාවෙනි. මම උත්පත්තියෙන්ම බෞද්ධයෙක් වුවත් මගේ බෞද්ධ බව අලංකාර වූයේ මැතකදීය. මම විශ්‍රාමික වෛද්‍යවරයෙක්මි. ජීවිතය රෝස මල් යහනාවක් බව සැලකූ මම එහි ඇති දුක් කටුක බව මුලුමනින්ම පිළිකෙව් කළෙමි. දුප්පත් ජනයාට සේවයක් කළ හැකි මට යම්කිසි දෙයක් කළ හැකිය. මට සසුනේ භික්ෂු බව ලබා ගත හැකිද? ඔබට තෙරුවන් සරණයි! (නි)