ලෝකයේ ඇතැම් රටවල ගණිකා වෘත්තිය ප‍්‍රධාන ආදායම් මාර්ගවලින් එකකි. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන්ගේ අඟපසඟ විකුණා ජීවත්වීමේ ක‍්‍රමය කොළඹටද අලූත් දෙයක් නොවේ. වීදි ගණිකාවන් සිටින ඉසව් සොයා බැලීමේදී පිටකොටුවේ ගුණසිංහපුර ගුණසිංහ පිළිරුව අසල ජරාවාස වී ඇති සාප්පු සංකීර්ණය අසල පැරණි මාක්ෆෙඞ් ගොඩනැගිල්ල අසල, 120 හොරණ-පිළියන්දල බස් නැවතුම්පොළ හා කොටුව දුම්රිය ස්ථානය අසල ඔවුන් නිතර සැරිසරණ ස්ථාන ලෙස හඳුනා ගැනීමට හැකිය. කොඩිගහයට ජීවිතය සොයා යන අපට වීදි ගණිකාවන් සමග සබඳතා ඇති තැනැත්තකු හමුවිය. ඔහු නමින් සුරේෂ් කුමාර්ය. ගණිකා සේවය පිළිබඳ වසර තිහක් පමණ අත්දැකීම් තමා සතුව පවතින බව ඔහු පවසයි. අවුරුදු විසිපහ, තිහ, හතළිය, පනහ, පනස්පහ, හැට දක්වා වියපත්ම වීදි ගණිකාවන්ද කොළඹ නගරයේ වෙසෙන බව සුරේෂ් පවසයි. මෙම ගණිකාවන් විසින් තෝරා ගනු ලබන ස්ථානවලට හැර පාරිභෝගිකයා කැමැති ස්ථානවලට යෑමට ගණිකාවෝ අකමැති වෙති. විශේෂයෙන් පළවෙනි මරදානේ පිහිටි ලොජ් තුනක් මේ සඳහා නිතර සූදානමින් තිබේ. ”මෙම ලෝජ් සමග ගණිකාවන් අතරද කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යනවා. පාරිභෝගිකයෙකු පැමිණි පසු ත‍්‍රිවිල් ගාස්තු, ලෝජ් ගාස්තු, අමතර වියදම් සියල්ල තීරණය කරන්නේ ගණිකාව විසින්” සුරේෂ් පවසයි. ලෝජ් එකට රුපියල් දාහක් මිලවන්නේ නම් ගණිකාව ලොජ් ගාස්තු රුපියල් එක්දහස් පන්සියයක් බව පාරිභෝගිකයාට පවසයි. එවිට ඉතුරු රුපියල් පන්සිය ලොජ් එකෙන් නැවත ගණිකාව ලබාගනියි. මේ අනුව ඇතැම් ලොජ් හිමියන් හා මෙම රැකියා කරන කතුන් අතරද කිට්ටු සබඳතාවයක් පවතියි. ”සමහර වෙලාවට මුදල් පසුම්බියටත් සුද්දේ දාලා කරකියා ගන්න දෙයක් නැතුව එන මහත්වරුත් ඉන්නවා. ඒ වෙලාවේදී ලොජ් එකෙන් එහෙම නැතිනම් අපි වගේ සැපයුම් කරුවකු, ත‍්‍රිරෝද රථ රියදුරකු ඔහුට ගමට යෑමට බස් ගාස්තුව දෙනවා. මෙවැනි දේවල් නිතර සිදුවෙනවා. මේවාට ගොදුරු වන්නේ ආරක්‍ෂක අංශයේ සේවය කරන තරුණ කොල්ලන්. වයසක පොරවලූත් සමහර අවස්ථාවල මේවට අහුවෙනවා.” සුරේෂ් තවදුරටත් පවසයි. සමහර ගණිකාවෝ මුදල් සොයනවා වගේම අත දිගහැර වියදම් කිරීමටද මැළි නොවෙති. සමහර කාන්තාවන් උදේට හා දහවලට මිහිඳු මාවතේ බත් කඩයකින් හොඳට කෑම කන බව සුරේෂ් පවසයි. එම කඩය සහ එහි මුදලාලි සමග කාන්තාවන් හොඳ සම්බන්ධතාවයක් පවත්වයි. ඇතැම්විට වැඩිපුර මුදල් කඬේ මුදලාලිට දී පසුව මේ අය ඉල්ලා ගන්නා බව සුරේෂ් පවසයි. වසන්ති අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චියේ පදිංචි කාරියකි. ඇය පවුලේ පවතින දිළිඳුකම නිසා අගනුවර ආසන්න කම්හලක රැකියාවකට ආ තරුණියකි. කටුනායක පෞද්ගලික ආයතනයක සේවය කරන රංජිත් නම් ආරක්‍ෂක නියාමකවරයකු සමග ඇය පළමුවරට ආදරයෙන් බැඳී ඇත. ඔහු සමග විවාහ නොවුනද පැවැත්වූ ලිංගික සබඳතාව හේතුවෙන් ඇයට දරු ගැබක් ඇතිකොට රංජිත්ගේ පළායෑම නිසා ඇය මහ මඟට වැටී ඇත. ඊට පසු කිසි දිනෙක ගමේ නොගිය වසන්ති දරුවා ලැබීම දක්වා විමලාවතී අක්කා නම් කාන්තාවක් ඇයගේ නිවසේ තබාගෙන උදව් කිරීම නිසා විමලාවතී අක්කා ඇයගේ හොඳම විශ්වාසවන්තිය හා ගැලවුම්කාරිය බවට පත්වී ඇත. විමලක්කා එම ප‍්‍රදේශයේ ගණිකාවන් අලෙවි කරන ගණිකා නිවාසයක අයිතිකාරියකි. ”දිනක් ඇය පහසුවෙන් මුදල් ඉපයීමට හැකි මෙම රැකියාවෙන් මුදල් සොයන කාන්තාවන් පිරිසක් පෙන්වා මටත් ඊට කැමැති වන ලෙස විමලක්කා ඉල්ලීමක් කළා. කාත් කවුරුවත් නැති එකේ විමලක්කාගේ වචනය අහක දැමීමට නොහැකි වීමත් දරුවෙකු පෝෂණය කිරීමට මුදල් අවශ්‍ය නිසාත් මෙම රස්සාවට අකමැත්තෙන් වුණත් සම්බන්ධ වීමට වුණා. වසන්ති පවසන්නීය. ”මේ දේ අපිට ඇති කාමුක ආශාවන් නිසා කරන දෙයක් නෙවෙයි. මගේ දරුවව ජීවත් කරවන්න ඕනෑ. උගන්වන්න ඕනෑ. ඒ නිසා මේ දේ කරනවා” ඇය අවසන් වශයෙන් පවසද්දී දුවගෙන ආ ත‍්‍රිවිල් රියදුරෙක් ඞීල් එකක් තියෙනවා යමු කියා ඇයව ත‍්‍රිවිල් රථයේ නංවාගෙන කරේ බෑග් එකක් දමාගෙන සිටි තරුණයෙකු අසල නතර කොට ඔහුවත් දමාගෙන ත‍්‍රිවිල් රථය ටෙක්නිකල් හන්දිය පැත්තට වේගයෙන් ගමන් කළේ ජීවත් වීමට මුදල් අවශ්‍ය නිසාවෙන් පොර බදන කොළඹ නගරයේ ජීවිතවල ශෝකාන්තය කියා පාමිණි. වීදි ගණිකාවන් වෙසෙන තවත් ස්ථානයක සිටින රියදුරෙකු වන සෝමරත්නගෙන් මෙම කාන්තාවන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිවිය. ”අපිට මේ කාන්තාවෝ නිසා හොඳට හයර් වදිනවා. වැඩි ඈතක යන්නෙත් නැහැ. යන්නේ මරදානට පමණයි” ”ලොජ් එකට ගිහිල්ලා දාන්නත් නැවත පිටකොටුවට රැගෙන එන්නත් අපි රුපියල් පන්සීයක් චාජ් කරනවා. නැතුව බැහැ. ඉතා ඉක්මනින් සල්ලි හම්බවෙනවා. මේ ගැහැණුන්ම තමයි අපට සල්ලි දෙන්නේ. ඒ නිසා අපෙන් පාරිභෝගිකයෙකු ඇවිත් එවැනි දෙයක් ගැන විමසුවොත් ටක්ගාලා අපි සපයලා දෙනවා. එවිට අපි සෙට් කරපු කෙනා විසින් අපිටත් පොඩි සම්තින් පාරක් දෙනවා” සෝමරත්න පවසයි. ”සමහර කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයා දහවල් වන විට ඇවිත් කාන්තාව මුණ ගැසිලා කුඩු බොන්න සල්ලි ඉල්ලාගෙන යනවා. සමහර ගණිකාවෝ තමන්ගේ මිනිහා එනකම් බලාගෙන ඉන්නවා කුඩු බොන්න සල්ලි දෙන්න. මෙවැනි සිදුවීම් තමයි අපේ ඇස්වලින් දකින්නේ” කියා සෝමරත්න පවසයි. සෝමරත්න පැවසූ තවත් කරුණක් වූයේ මෙම කාන්තාවන් කොළඹ පිටකොටුවේ තමන්ගේ බල ප‍්‍රදේශ තෝරාගෙන ඇති බවයි. ගුණසිංහපුර බිල්ඩිම අසල, 120 බස් රථ නැවතුම්පොල, කොටුව දුම්රිය ස්ථානය අසල මේ ස්ථානවලට අලූතින් ඇවිත් ගණිකා වෘත්තියේ යෙදීමට තහනම්. එසේ වුවහොත් ඒ සංගමයම එකතුවී අලූතින් ආපු ගණිකාව පළවා හැරීම ඔවුන්ගේ සිරිත බව සෝමරත්න මහතා පවසයි. 120 පිළියන්දල-හොරණ බස් නැවතුම්පොළේ සිටින සුජීවා වයස තිහක පමණ කාන්තාවකි. ඇය වසර හතක පමණ කාලයක සිට ගණිකා වෘත්තිය සිය ජීවනෝපාය කර ගත් කාන්තාවකි. ”මම මුලින්ම බැඳලා හිටියේ හමුදාවේ කෙනෙක් තමයි. ඔහු දරුවෙකු සමග මාව දාලා ගියා. පස්සේ තව තවත් අය සමග සම්බන්ධ කම් තිබුණා. ඒවායෙන් තමයි මේ රස්සාවට මම හුරුවුනේ” යනුවෙන් ඇය පවසන්නීය.”දැනට තාත්තා කෙනෙක් නැතිව දරුවෝ තුන් දෙනෙක් මට ඉන්නවා. ඒ ළමයින් පෝෂණය කිරීමට මට මේ රස්සාව හැර වෙනත් කරන්න රස්සාවක් ඇත්තේ නැහැ” ”දවසකට රුපියල් එක්දහස් පන්සියයක් වැනි මුදලක් හොයාගන්න දවසුත් තිබෙනවා. ගෙදරට ළමයින්ට අවශ්‍ය බඩු මුට්ටු ටික අරගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා නැවත රාත‍්‍රි කාලයේ කීයක් හරි හොයා ගන්න එන දවසුත් තිබෙනවා. සල්ලි ලැබුණ විදිහට තමයි ඒක තීරණය කරන්නේ. යුද්දෙ තිබුණ දවස්වල නම් හරියට මුදල් ලැබුණා. නිවාඩුවට ගමේ යන කොල්ලො පිට කොටුවට ඇවිත් තමයි ගෙදර යන්නේ. දැන්නම් ඒකත්නෑ.” සුජීවා පවසන්නීය. ”මේක මම ආසාවෙන් කරන දෙයක් නෙවෙයි. ජීවත් වෙන්න විදිහක් නැති නිසා දරුවෝ තුන් දෙනෙකු ජීවත් කරන්න කරන දෙයක්” ඇය තවදුරටත් පවසන්නීය. මෙම වීදි ගණිකාවන්ගේ තොරතුරු වලින් පසුව බොරැල්ල දෙසට ගමන් කරද්දී තවත් එක්තරා හෝඩුවාවක් මගේ මිතුරකුගෙන් දැන ගැනීමට හැකිවිය. එයනම් කොළඹ මහ රෝහලේ පසුපස පාරේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මාවත අසල ඇති ජංගම ගණිකා රථයක් පිළිබඳවය. එම මිතුරා සමග ඒ ස්ථානයට ගියේ මෙම ජංගම ගණිකා රථයේ තොරතුරු දැන ගැනීමටය. එම රථයේ ”ස්කූල් සර්විස්” යනුවෙන් ඉදිරි පස වීදුරුවේ බෝඞ් එකක් දමා ඇත. මෙම රථය හොඳට ඉඩ පහසුකම් තිබෙන රථයක් බව පිටතින් පෙනේ. එමෙන්ම තිර රෙද්දකින් ආවරණය කොට තිබිණි. මෙහි සිටින කාන්තාවන් දරුවන් රැගෙන එන මව්වරුන් වීම මෙහි ඇති විශේෂත්වය බව සැපයුම් කරු පවසයි. දරුවාගේ පාසල් කාලය නිමාවන තුරු සිටින ඇතැම් කාන්තාවන් අර්ධ කාලීන රැකියාවක් ලෙස කීයක් හරි සොයාගෙන සුපිරි වෙළඳසලකට ගොඩවී බඩු ටිකක් රැගෙන නැවත දරුවා සමග සවසට නිවසට යන බව සැපයුම්කරු අප සමග කීවේය. කොළඹ නගරයේ සිදුවන නීති විරෝධී සමාජ විරෝධී ක‍්‍රියාවන් අතර පාතාලය, මත්කුඩු ජාවාරම, හැරුණු කොට ඇති අනෙක් ක‍්‍රියාව ගණිකා ව්‍යාපාරයි. මේ ක‍්‍රියාකාරකම් තුන් නිවුන් සහෝදරයන් සේ කොළඹ නගරය පුරා පැතිර පවතියි. (මෙහි සඳහන් පුද්ගල නම් ගම් මනඃකල්පිතය)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොළඹ නගරයේ පැරැණිම රැකියාව
දයාන් Monday, 27 February 2012 02:39 AM
ඒ හැමෝටම කියන්නේ බුදුදහම ආශ්‍රය කරගෙන වෙනතර රැකියාවකට යොමුවෙන්න..