
ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී අද ”කැසිනෝ” ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. කැසිනෝ මාතෘකාව කරළියට ඒමට හේතු වූයේ කැසිනෝ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.
අද තරම් කැසිනෝ පිළිබඳව මහා විරෝධයක් නොතිබුණත් ප‍්‍රසිද්ධියක් නොතිබුණත් මේ රටේ මීට පෙරත් කැසිනෝ පැවැත්වුණි.
කැසිනෝ සූදුවට සම්බන්ධ වූ අය මුදල් ජයග‍්‍රහණය කරන්නටත් ඇත. පරාජය වී මුදල් කාබාසිනියා කර ගන්නටත් ඇත. ඒ තත්ත්වය ඒ ඒ අයට පමණක් සීමා වී තිබුණි. රටේ මාතෘකාවක් බවට පත්වී තිබුණේ නැත. රටේ ජනතාවට කැසිනෝ පිළිබඳව කිසිදු හැඟීමක් හෝ අදහසක් ද නොවිණි.
ඒ සම්බන්ධයෙන් මෑතක කිසියම් කතා බහක් ඇති වූවා නම් ඒ කැසිනෝ ක‍්‍රීඩාවට සම්බන්ධ වී සිටි බව කියන සක්විති පිස්සන් කොටුවට යැවීමය.
මෑතක සිට මේ කැසිනෝව ආන්දෝලනාත්මක මාතෘකාවක් වූයේ ලොව සුපතල කැසිනෝ රජකු වූ ජේම්ස් පැකර් මෙරට ඉදිකරන අතිවිශාල හෝටල් සංකීර්ණයට කැසිනෝ ලබාදීමට යාමයි. බදු සහන සහිතව එම අතිවිශාල හෝටල් සංකීර්ණයට අනුමැතිය ලබාදීමත් සමග මේ ආන්දෝලනය ආරම්භ වූ බව කිව හැකිය. කඩිගුලක් සේ ඇවිස්සුණ එක්සත් ජාතික පක්‍ෂය හා මහා සංඝරත්නය කැසිනෝ ආරම්භ කරන බව කියමින් විරෝධය දක්වන්නට වූහ.
ඒ විරෝධය හමුවේ කැසිනෝ පනත හකුලා ගැනීමට රජයට සිදුවිය. එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරික හමුවට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි ජේම්ස් පැකර් එම සමුළුවේදී විශේෂ දේශනයක්ද පැවැත්වීය. එහිදී මෙරට ගැන විශ්වාසයෙන් තමන් විශාල මුදලක් වැයකර හෝටල් සංකීර්ණයක් ඉදිකරන බව ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව හමුවේ අනාවරණය කළේය.
ඒ වනවිට රජය ජේම්ස් පැකර්ට කැසිනෝ මධ්‍යස්ථානයක් ද සමග ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබිණි. රජයක් වශයෙන් ආපස්සට යාමට හැකියාවක් ද නැත. එකඟතාවයට අනුව කටයුතු කළ යුතුව ඇත. එසේ නොවුණහොත් විදේශ ආයෝජකයන්ට මෙරට ආයෝජනය පිළිබඳ කිසියම් චකිතයක් ඇතිවීමට ඉඩ ඇත. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදීමට රජයට සිදුවී ඇත. ඒ නිසා ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ගැසට් කරන ලද මෙම ව්‍යාපෘති තුන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජයට සිදුවුණි.

ඒ සඳහා උගුලෙන් බැරිනම් හබකින් සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට දැන් රජය ක‍්‍රියාකර ඇත. කැසිනෝ පනත ක‍්‍රියාවට නගන්නේ ඒ ආකාරයටය. 2008 අංක 14 දරන ක‍්‍රමෝපායන සංවර්ධන පනත යටතේ තවත් ව්‍යාපෘති 3ක් සඳහා ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ ව්‍යාපෘති තුනේ කිසිම ස්ථානයක ‘‘කැසිනෝ’’ යන වචනය සඳහන් නොවීම විශේෂයකි.
ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ මේ වනවිට ව්‍යාපෘති 13ක් පමණ ගැසට් පත‍්‍ර මගින් ප‍්‍රකාශයට පත් කර ක‍්‍රියාත්මක වෙයි. ඒ කිසිවක් මහා පරිමාණයෙන් විවාදයට හෝ මතගැටුම්වලට ලක්වූ ඒවා නොවේ. පසුගිය බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා (24,25) පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලැබුවේ කාමර 500, 400 බැගින් වූ මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති තුනක් සඳහාය.
මීට පෙර 2013 අවලංගු කරන ලද ගැසට් පත‍්‍රයේ කැසිනෝ පිළිබඳව සඳහන් වුවත් මෙවර කැසිනෝ යන වචනයවත් සඳහන් නොවීම විශේෂයකි. ”උගුලෙන් බැරි නම් හබකින්” ක‍්‍රියා කිරීමට රජය සූදානම් බව මේ ලිපියේ මුලින්ම සඳහන් කර ඇත. එම පනතෙහි අවසානයට සඳහන්ව ඇති කරුණක් සටහන් කළ යුතුය. මේ ව්‍යාපෘති ක‍්‍රියාත්ම කිරීමේදී අවශ්‍යතාව මත අනෙකුත් පනත් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව සලසා ඇත.
මේ සටහනට අනුව අදාළ ගැසට් පත‍්‍රයේ කැසිනෝ යන වචනය සඳහන් කර නැතත් කැසිනෝ පවත්වා ගෙන යාමට හැකි අවස්ථාව සැලසී ඇත. මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී අනෙකුත් පනත් උපයෝගී කරගත හැකිවීම මගින් ඔට්ටු හා සූදු පනත් උපයෝගී කරගත හැකිවනු ඇත. මෙම ව්‍යාපෘති තුනට අදාළ සමාගම් තුනකි. ක්වින්ස්බරි ලෙෂර් ලිමිටඞ්, වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපර්ටීස් (ප‍්‍රයිවට්) ලිමිටඞ්, ලේක් ලෙෂර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම වශයෙනි.
ක්වින්ස්බරි ලෙෂර් ලිමිටඞ් ආයතනයේ ව්‍යාපෘති ස්ථානය කොළඹ, ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටා ඇත. නවීන සාප්පු සංකීර්ණයක්, උසස් ස්ථරයේ නිවාස සංකීර්ණයක්, කාර්යාලීය ඉඩ පහසුකම් සේවා සැපයීමේ ස්ථාන කාමර 500කින් යුතු විස්තීරණ අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් හා ඒවාට අදාළ පහසුකම් සහිතව ඉදිකරනු ලබයි.
වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපර්ටීස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් ආයතනයේ ව්‍යාපෘති ස්ථානය කොළඹ කොම්පඤ්ඤවීදියේ ග්ලේනි වීදියේ සහ විනිසුරු අක්බාර් මාවතේ පිහිටා ඇත.

නවීන සාප්පු සංකීර්ණයක්, උසස් ස්ථරයේ නිවාස සංකීර්ණයක්, කාර්යාල සේවා පහසුකම් ස්ථාන, අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් හා ඊට අදාළ පහසුකම්වලින් යුක්තය.
ලේක් ලෙෂර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම කොළඹ ඞී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටා ඇති අතර නවීන සාප්පු සංකීර්ණයක් උසස් ස්ථරයේ නිවාස සංකීර්ණයක්, කාර්යාල පහසුකම්, සේවා සැපයුම් ස්ථාන, අධි සුඛෝපභෝගී සංචාරක කාමර 400කින් යුක්තය.
මේ ගොඩනැගිලි තුළ කැසිනෝ මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව විපක්ෂය චෝදනා කරයි. ඒ නිසා අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ”කැසිනෝ මධ්‍යස්ථාන හැර” යනුවෙන් සංශෝධනයක් කළ යුතු බවට යෝජනා කර තිබිණි.
|
|
.jpg)

ජාතික යහපත සඳහා වන ආර්ථික හා සමාජමය ප‍්‍රතිලාභ රටට ලබාදිය හැකි ව්‍යාපෘති ක‍්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති වශයෙන් හදුන්වනු ලබනවා. එහිදී සැලකිය යුතු ප‍්‍රමාණයකින් රට තුළට විදේශ විනිමය ගලා ඒම රැකියා අවස්ථා සැලකියයුතු ප‍්‍රමාණයකින් උත්පාදනය කළ හැකිවීම හා තාක්ෂණය පිළිබඳ සුබවාදී පරිවර්ථනයක් බලාපොරොත්තු වෙනවා.
කැසිනෝ සූදු ව්‍යාපාරය නීතිගත නොකරන බවට රජය පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුව තිබුණා. නමුත් එවැන්නක් කෙරුණේ නැහැ. කැසිනෝ මධ්‍යස්ථාන නොපිහිටුවන බව රජය ප‍්‍රකාශ කරනවා නම් එය නීතිගත කිරීමට රජයට හැකියාව තිබිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ සාපය වැදිලා වෙන්න ඇති, ජේම්ස් පැකර් ඊයේ තමාගේම චැනල් නයින් එකේ සී ඊ ඕ එක්ක ගෙදර ඉදිරිපිටදී හොඳටම ගුටි ඇණ ගත්තා. මේක අද ඕස්ට්‍රේලියාවේ හෙඩ් ලයින් නිව්ස් එකයි. ලංකාවට අහිතක් කරපු අයට වෙච්ච දෙවන මට්ටුව මේකයි. පළමුවන එක මුරලිට එංගලන්ත මැච් එකේ නෝ බෝල් දීපු රොස් එමර්සන් හිරේ ගිය එකයි. (ස)
කැසිනෝ වල වරදක් නම් මම දකින්නේ නැහැ (දී)
පාර්ලිමේන්තු විවාදේ දී අනුර කුමාර දිසානායක මහත්තය ගේ කතාව යු ටියුබ් එකේ බලන්න . එවිට ඇත්ත මොකද්ද කියල තේරුම්ගන්න පුලුවන්වේවි (දී)
ධර්මසිරි මහතගේ අදහසට මාත් එකගයි. රටත් ,සංචාරක කර්මාන්තය දියුනු වෙන වෙලාවක ,මෙමගින් ලංකාවට විදෙස් මුදල්ද රැකියාද ලැබෙයි.(නදී)
හෙහ්. (ස)
කැසිනෝ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි .මිට අවුරුදු 20 වැඩි කාලයක් තිස්සේ අපේ රටේ පැවත එන දෙයක් .අපිට පුදුමේ ඇයි මේ දැන් එක පාරටම මේවට විරුද්ද වෙන්නේ .මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැත .මේකට එන්නේ තනිකර කොටි ප්‍රකෝටි පතියෝ සහ ඔවුන්ගේ දු දරුවන් ඇතුළු විදේශිකයින් .මෙයින් අපිට රැකියා සැහෙන ප්‍රමාණයක් ලැබේ. (ස)
මාත් හිතනවා ධර්මසිරි හරි කියලා. ඕවට යන්නේ, මුදල් තියෙන කට්ටිය පමනයි. ඉතින් මොකද වෙන්නේ, රටට රස්සාත් ලැබෙන එකේ. ඇත්ත. මොකද මාස් පඩියෙන් ජීවත් වෙන අය ඕවට යන්නේ නැහැ. අනෙක යන කෙනා දැන ගන්න ඕන තමන් ගේ මතට තම් මැට්ටම් කියන එක අමතක නොකර ජීවිතේ ඉදිරිය ට යන්න.(නදී)
ලංකාවේ සුදුව නැතිනම් කැසිනෝ අවශ්‍ය නැත. සුපිරි කැසිනෝ විදෙශිකයන්ට පමණක් වියයුතුය (දී)
මුදල් හොයන්න තමයි කැසිනෝ යන්නේ. හැබැයි ඒකට යන්න මුදල් හොයනකොට තමයි අපරාධ සිදුවන්නේ. (නි)
ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත (නි)
වචන වෙනස් වුණාට වැඩේ එකම තමයි නේද? හරියට කසාද සහතිකය නැතුව දීගකනවා වගෙයි. (නි)
සංචාරක කර්මාන්තයට මේ සියලු දේ ඇතුළත් වියයුතුයි.නමුත් ලිබියාව මතක් කරගන්න. වැඩි ඈතක් නැහැ. (නි)