IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


​කොවුලිඳු ඇමතූ කෙවිලිය බක්මහට පෙරම යන්න ගිහින්

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා අමිතා වැදිසිංහ කලාශිල්පිනයගේ අවසන් කටයුතු  හෙට (25) සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා

1969 දෙසැම්බරයේ තිරගත වූ බක්මහ දීගේ චිත්‍රපටයේ දී අප දුටු මේ අපූරු ගීතය දශක ගණනාවක් පුරා අප හදවත ගී මතකයෙන් ඈත්ව නොයන ගීතයක් ලෙස මා දකින්නේ චිත්‍රපට ජවනිකාව හා බද්ධ වූ රූපාවලිය මෙන්ම ගීත ගායනාවෙහි මාධුර්යය ද නිසාය. බක්මහ දීගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා මේ ගේය කාව්‍ය රචකයා වූ දයානන්ද ගුණවර්ධන අද අප අතර නොවේ.චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ සෝමදාස ඇල්විටිගල සංගීතවේදියා ද අප හැර ගොසිනි. ගායන මිහිර අප සිත්හි තැන්පත් කළ කෙවිලියගේ ස්වරය ද අද නිහඬය. කොහෝ හඬ අසන්නට අප සමග සිටින්නී බක්මහ දීගේ සිනමාපටයේ මෙම ජවනිකාවෙහි රඟ පෑ යෞවනිය අනුලා කරුණාතිලක පමණි. බක්මහ අබියස අප හැරදා ගොස් ඇත්තී අප ළය සැනහූ ගී ගැයූ අමිතා වැදිසිංහයි, ඇගේ ගායන ජීවිතය දශක පහක් ඉක්මවයි. ඈ පසුබිමින් ගී ගැයූ චිත්‍රපට කිහිපයකි. හරියන කොට ඔහොම තමයි හා Doctor සුසන්තා ඒ අතර වේ. එහෙත් අමිතාගේ ගායන මධුරතාව අප මතකයෙන් ඈත් නොවන ගී අතර බක්මහ කොවුලා ඇමතූ ඉහත ගීතය හැරුණු කල 1965 දී තිරගත වූ ආදරයයි කරුණාවයි.

එකල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ ආනන්ද ජයරත්නගේ ප්‍රථම හා එකම චිත්‍රපටයෙහි අමිතා ගායනා කළ ගීත කිහිපයක්ම වේ. ගේය කාව්‍ය රචනයෙහි විශිෂ්ටයා වූ මහගම සේකර හා පණ්ඩිත් අමරදේව සුසංයෝගයෙන් බිහි වූ අමිතාගේ හඬින් ගැයුණු ගී කිහිපය අප මතකයෙහි නිංනාද දෙමින් අප ළය සනහන බව කිව යුතුය. ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ - මිලින මලේ පිනි කඳුළයි ආදරේ, අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ - රන් තැටියේ සිනා පෙරා පුතුට අරන් වරෝ වැනි ගීත වෙසෙසි කොට දක්වන්නේ අමිතා වැදිසිංහ මිහිරි සරයෙහි මිහිර අප සිත්, සවන් අත් හැර නොගොස් ඇති බව සිහිපත් කරමිනි.

බක්මහ දීගේ, ආදරයයි කරුණාවයි වැනි චිත්‍රපට ගී මිහිරෙහි හිමිකාරිය වූ අමිතා දශක හයකට ආසන්න ඇගේ ගායනා අරඹන්නී මෙරට ගායක ගායිකාවන් රැසකටම ඔවුන්ගේ ගායන හැකියාවන් හඳුනාගැනීමට, ඔප්නංවා ගැනීමට ලොවට යාමට දොරටු විවර කොට දුන් ගුවන් විදුලියෙනි. ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙනි.

1943 මාර්තු මස කොළඹ දී උපන් අමිතා කිරුළපන සද්ධර්මෝදය හා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඈ තම සංගීත විශාරද පරීක්ෂණය සමත්වන්නී රජයේ සංගීත විද්‍යාලයේ දී සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනය හමාර කරමිනි. 1954 දී ගුවන්විදුලි ආධුනික වැඩසටහනකට අමිතා සහභාගීවන්නී ගුවන්විදුලි ළමා පිටියට යන්නට පෙරය.ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ සොයුරු බර්ටි සමරකෝන් ජ්‍යෙෂ්ඨයාගේ මග පෙන්වීමෙන් අමිතා ගායන ලොව සැරිසැරීම පටන් ගන්නීය. රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම හමාර කරන විශාරද අමිතා කලක් සංගීත ගුරුවරියක ලෙස කටයුතු කොට ඇත්තීය.ගුරු වෘත්තියෙන් ඈත්වී ගායනය වෙනුවෙන් තම කාලය වෙන් කොට ගත් අමිතා විසින් ඇගේ ගායන ජීවිත කාලය පුරා මෙරට සංගීත ලෝලී ශ්‍රාවකයන් වෙනුවෙන් දායාද කොට ඇති ඉතා මිහිරි ගී රැසකි.

රන්දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල්නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා

මිහිරි සමීරෙකී
මාගෙ උදානයේ
සීතල යා මැකී
සිහින විමානයේ

වදන් අරුතින් ඔබ්බට ගිය ශ්‍රවණ මාධූර්යයක් ශ්‍රාවක හදට ළං කරන්නේ අමිතා ගේ ළයාන්විත ස්වරයයි. එක මොහොතක් ඔබ සෙවණේ සිටින්නට තරම් (මර්වින් පෙරේරා සමග), බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද (පියසිරි විජේරත්න සමග) වැනි ගීත අපට ගෙනෙන සංගීත මිහිර හිමිකාරිය අප හැර ගොස් ඇතැයි සිතන්නට අපට ඉඩ නොදෙයි. සෙංකඩගල පුර දළදා බුදු රැස්, පින්න මල් පිපී පින්නේ වැනි අමිතාගේ ගායනා යුග යුග අප රට ශ්‍රාවක මතකයෙහි රැඳී ජීවත්වන බව ඒකාන්තය. අමිතාගේ සරල ගී මුතුහර සරසන එරන්දතිය ගීතය පමණක් වුව අප සිත්හි ඈ සදා කල් ජීවත් කරවීමට සමත් යයි සිතමි. විශාරද අමරදේව, සුනිල් සරත් පෙරේරා හා අමිතා සුසංයෝගය මෙරට සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කොට ඇත්තේ කිසිදින නොමියෙන අපූරු ගීත නිර්මාණයක් බව නොබියව පවසමි.

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

සිතක උපන් දොළ සංසිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුලු‍ වෙනවා
එරන්දතිය එනවා.....

බක්මහ දීගේ චිත්‍රපටයේ කොවුලා පමා කිමදැයි ඇසූ කෙවිලිය බක්මහ එන්නටත් පෙර අප හැර ගොස් ඇත්තී අප නෙත කඳුළක් රඳවමිනි. ලෝක නියාමය අනුව ඔබට, ඔබේ මධුර හඬට ආදරය කරන රසික සමූහයාට ආයුබෝවන් කියා සමු ගොසිනි. එහෙත් ඔබට ආදරය කළ රසික සමූහයා ඔබට සමු දෙන්නේ නැත. ඔබේ මධුර ස්වරය ඊට ඉඩ නොදෙන බැවින් ඔවුහු සදාකල්හිම ඔබගේ ගී මිහිර සමග ජීවත් වෙති. ඔබට සුබ ගමන්...

(***)
බුද්ධදාස ගලප්පත්ති
ඡායාරූපය- දයාන් විතාරණ



අදහස් (3)

​කොවුලිඳු ඇමතූ කෙවිලිය බක්මහට පෙරම යන්න ගිහින්

මැක්ස් Monday, 24 February 2025 05:38 PM

රසාලිප්ත ගීත ගණනාවකින්, වසර ගණනාවක් පුරා අප නැලවූ, සැනසූ ගී කෝකිලාවිය - අමිතා වැදීසිංහ මැතිනියනි, ඔබට නිවන් සුව අත්වේවා!

:       0       6

සපුමල් ජයතිලක Tuesday, 25 February 2025 06:17 PM

බොහෝ දෙනෙකුට අමතක වු, නව පරපුර ගීත අසා ඇති නමුත්, ගායිකාව පිළිබඳව එතරම් නොදන්නා, විශිෂ්ඨ ශ්‍රේණියේ ගායිකාවක වූ, සංගීත විශාරද අමිතා වැදිසිංහ මහත්මිය පිළිබඳව කළා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ ලේඛකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් ලියන ලද ලිපිය කියවා, එතුමිය පිලිබඳව බොහෝ කරුණු දැනගතිමි. මාද ඇයගේ විශිෂ්ඨ ගායන හැකියාව සහ ඒ අපූරු ගායන ශෛලිය පිළිබඳව මහත් සේ පැහදී සිටියෙමි. විශේෂයෙන් "සෙන්කඩගල පුර දළදා බුදුරැස්, එරන් දතිය එනවා, කන් ද උඩින් සඳ පායන ලීලා, බැද්ද පුරා, රන් දොරින් එන්න​" වැනි ගීතයන් වල සුභාවිත රසයත්, ඒවාගෙන් විහිදී ගියාවූ ජාතික ප්‍රබෝධයත්, ඇය කියන්නන් වාලේ කියන​, ගයන්නන් වාලේ ගැයූ ගායිකාවක නොව, ජාතික සම්පතක් වූ බව අප අමතක නොකල යුතුය​. මෑතක දී අසනීප ගතියෙන් සිට වුවත් ඇය විසින් අවසාන කාලයේ ප්‍රසාංගික ලෙස ගායනා කල" රන් දොරින් එන්න ආදරේ." නම් ගීතයේ අපූරු ගායනා විලාසය සහ එයින් ජනිත කළ රසය විඳි මා, එම යූ ටියුබ් ගත වීඩියෝවට මගේ සටහනක් තැබුවේ මහත් බැතියෙනි. ඇගේ යුග ගණනක සංගීත මෙහෙවර අද ඇය නැතත්, බොහෝ කාලයක්, ජාතිය පොබවනු ඇත​. මතකයේ රැඳෙනු ඇත​. විශාරද අමිතා වැදිසිංහ මහත්මියට අජරාමර නිවන් සුව අත්වේවා.

:       0       6

sam Friday, 28 February 2025 08:08 AM

අමිතා වැදිසිංහ මහත්මිය ලියා ගයන "මේ උදාර ලංකා භූමියයි - වීරදාර මා උපන් බිමයි" ගීතය රේඩියෝ එකෙන් ඇහෙන කොට තමයි අපි ඒ දවස් වල ඉස්කෝලේ යන්න උදේට අවධිවෙන්නේ... විශිෂ්ට ගායිකාවක් අපට අහිමි වුණා .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 398 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 223 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 865 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 612 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 176 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 50 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 318 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site