IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ක‍්‍රිකට් ශූරයන්ගේ ”ෆේස් බුකියට” ආ පණිවිඩ


 

ලෝක කුසලාන ජයග‍්‍රහණය සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් තරු පිරිවරට සුබ පැතීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසී සිටිය ද, ඒ සියලූ දෙනා හට අවකාශය නොලැබුණ ද, අන්තර්ජාල ෆේස් බුක් භාවිතයේ යෙදෙන එතෙර මෙතෙර ලක්ෂ සංඛ්‍යාත මිතුරු රෑනට නම් ෆේස් බුක් මහඟු අවස්ථාවක් විණි. ඒ හරහා ලක්ෂ සංඛ්‍යාත මිතුරු කැළක් තම ආදරණීය ක‍්‍රිකට් තරු රෑන වෙත අදහස් පළ කර සිටියහ. ඔවුන්ගේ අදහස්වලට සාපේක්ෂව සමහර ක‍්‍රිකට් තරු තම අදහස් මුදා හැර තිබීම ද විශේෂත්වයකි.

මෙලෙසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලද මේ ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව ෆේස් බුක් මිතුරන් ක‍්‍රීඩකයන් හට මුදා හළ අදහස් බොහෝමයක් අතරින් තෝරාගත් කීපයක් අපි මෙලෙස ගෙන හැර දක්වමු.

ඔහු පාකිස්ථානු වැසියෙකි. ”ඉන්දියාව දිනුවාම, ඒ රටේ මිනිස්සු ක‍්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සලකනවා. පැරදුණාම රටම යුද පිටියක් වගෙයි. ඒ අතින් ශ්‍රී ලංකාව මොන තරම් ශ්‍රේෂ්ඨ ද?” පාකිස්ථානු මිතුරා එසේ කියද්දී බංග්ලාදේශ මිතුරකු කියූ දේ මෙසේය.

”මතක තියා ගන්න, අපි එදා ක‍්‍රීඩාංගණයට ආවේ හදපත්ලෙන්ම ශ්‍රී ලංකාවට සුබ පතන්නයි, ධෛර්ය වඩවන්නයි, ඉතින් මේ බංග්ලාදේශ වැසියන් කවදාවත් අමතක කරන්න නම් එපා.”

ඔහු එසේ ආයාචනය කරද්දී, ඉන්දියානු ජාතික අභිෂේක් ගයිරිෂ් පළ කර තිබුණේ ”මම ඉන්දියානුවෙක් තමයි, ඒත් මම ආදරේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලටයි” යනුවෙනි.

මේ විදියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ෆේස් බුක් පිටුවට තවත් බොහෝ අදහස් යොමු කර තිබිණි. ඊට අමතරව ක‍්‍රීඩකයන් හට ඔවුන්ගේ වෙන් වෙන් වශයෙන් ඇති ෆේස් බුක් පිටු හරහා අදහස් පළ කර තිබුණේ මෙලෙසිනි.

”සංගා ජයග‍්‍රහණය ලද වේලාවේ ඔබ සනත් ජයසූරිය බදාගෙන ඇඬුවා. ඇයි එච්චරටම හැඟීම්බර වුණේ?” මම ශ්‍රී ලාංකීය මිතුරෙක්.
”සංගා ලෝක කුසලාන අවසාන තරග හතරකටම තේරිලා අපේ ඇස්වලට උඹලා කඳුළු පිරෙව්වා. ඒත් උඹලා ඊයේ අපිව ඇත්තටම ඇඬෙව්වා. මේ සතුට කියලා නිම කරන්න බැහැ.” මම දුලාන්.

”සංගා මහේල වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මහා කුළුණු දෙක නුඹයි.” මම ෆ‍්‍රැන්සියස් සැමුවෙල්.
”ලසිත් එදාත් සූරයා අදත් වීරයා ඔබයි.”

මීට ඔබට ආදරේ අපි.

”තිසර, ඔයාට අපි කියන්නෙ අයන් මෑන් (යකඩ මිනිහා) කියලායි.” මීට තවත් ගින්දර පහරක් බලාපොරොත්තු වන අපි.
”රංගන, සත්තකින්ම නුඹ ඇදහිය නොහැකියි, හරි පුදුමයි. උඹට අපි ආදරෙයි.”

”මාලිංග සර්, මම ඉන්දියානුවෙක් බව ඇත්ත. ඒත් මගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවටයි. සංගා මහේල ශ්‍රේෂ්ඨයින් දෙපොළටත් මගේ ප‍්‍රණාමය.” ෂුභාම් පතක්.
”චන්දිමාල්, ස්තුතියි ඔබ ඔබගේ නායකත්වය පූජා කළාට.” මම යසකැළුම්

”චන්දිමාල්, ඔබ පසෙකට වී රට පෙරට තැබුවා. මෙය මුළු කණ්ඩායමම මතක තබාගත යුතුයි.” මනුජ.

”චන්දි, කියලා වැඩක් නැහැ. ඔබ ලෝකයේ හොඳම මානවයා කියලයි මට හිතෙන්නෙ”.
”තිරිමාන්න, සංගාගේ ඊළඟ දැක්ම නුඹයි.” ශ්‍රී ලංකාවේ අපි.

”ඩිල්ෂාන්, ඉදිරියට යන්න බොස්, මහා පුදුම වීරයා නුඹයි.” ඉන්දියානු මිතුරෙක්.

”කුසල් බොස් ඔයා හරියට අපේ බොලිවුඞ් නළු සුනිල් ෂෙට්ටි වගෙයි.” මුසාබ් රෂීන්.”ඒක ඇත්ත තමයි, ඒත් ඔබ ඉගෙන ගන්න සංගාගෙන්.” නේපාල මිතුරෙක්.

”සංගා මහේල අපේ දෙයියෝ දෙන්නා නුඹලායි.” මෙයට ලයික් දාහක් දාන්න” යැයි ෆේස් බුක් මිතුරකු පවසා සිටි අතර දහස ඉක්ම වූ ”කැමැත්ත” ඊට ප‍්‍රකාශ කර තිබිණි.

”කුසල්, පොඩි සනා නුඹයි, නුඹට අපේ ගෞරවය.” නුගේගොඩ.

”සනා තමයි නියම කොපිය. කාබන් කොපිය තමයි කුසල්.”

”කුලේ, ඔයා පංකාදු පහයි ඈ.” ගම්පහ අපි.

”ඒක ඇත්ත, ශ්‍රී ලංකා පිලේ නිහතමානී උල්පත නුඹයි.” නිට්ටඹුවේ මිතුරෝ

”මැතිව්ස්, ගැඹුරු ජලය නිසලව ගලා යයි, අපි උඹට ආදරෙයි.” ගාමිණී.

”සචී, ඔයා නළුවෙක් වගෙයි, ශ්‍රී ලංකාවට සම්පතක්.” යක්කල.

”ඒක ඇත්ත, සචිත‍්‍ර හදවතින්ම ලස්සන, හොඳ ගුණවත් අවංක මිතුරෙක්.” පාසල් මිතුරා.

”රංගන, ඔබ අපට ගෙන දුන් ගෞරවණීය බව අති විශිෂ්ටයි.” මිත‍්‍රයා, පොල්ගහවෙල.

”රංගන, ඇත්තටම නියම මැජික් ශූරයා නුඹයි.” මොහොමඞ්.


මෙවැනි අදහස් අතරේ සංගා කෝලි වෙත ඇඟිල්ල දිගු කරමින් සිටින ඡායාරූපය පළ කර තිබිණි. ඊට පේ‍්‍රක්ෂකයකු කියා තිබුණේ සංගා කෝලිට කිව්වෙ මෙන්න මෙයයි යනුවෙනි. එනම්,

”මම තමයි මේ පාසලේ විදුහල්පතිවරයා, මේ පාසලේ තවමත් නුඹ ඉගෙන ගන්න බව මතක තියා ගනින්.”
මේ අදහසට ලයික් කිරීම් දහස ඉක්මවා තිබිණි.

ෆේස් බුක් පිටුවේ තවත් අපූරු ඡුායාරූපයක් පළවී තිබිණි. එනම් හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රසල් ආනල්ඞ් නර්තනයක යෙදෙන අවස්ථාවකි. එදා ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය කළ මොහොතේ ඔහු සිටියේ ජාත්‍යන්තර විචාරකයකු ලෙස විස්තර කුටියේය. ඔහුගේ මෙම නර්තන ඉරියව් ඡුායාරූපය වෙත ෆේස් බුක් මිතුරකු අදහසක් පළ කර තිබුණේ මෙලෙසිනි.

”ඔබ සිංහයන්ගේ සිත් පැහැර ගත්තේ අලංකාර කථනයෙනි. ක‍්‍රීඩකයන්ගේ පවා සිත් ධෛර්යයට පත් කළ ඔබ ඉතා හොඳ මහත්මයෙකි.”

මෙවැනි සියලූ අදහස් අතරේ සංගා මහේල සහ මැතිව්ස් මෙන්ම මාලිංග තම ෆේස් බුක් පිටු හරහා ෆේස් බුක් ජාලයට අදහස් ප‍්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.
”මේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපව ප‍්‍රාණවත් කළ සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි. මේ ජයග‍්‍රහණය අපි හැමෝගෙමයි. ලෝකයේ හොඳම ක‍්‍රිකට් ලෝලීන් සිටින්නෙ අපටයි. අපේ නරක දවස්, ඒ වගේම හොඳ දවස් නුඹලා උපේක්ෂාවෙන් දරා ගත්තා. ජය පරාජය ඉවසා ගෙන ඉවසීමෙන් සිටියා. උද්යෝගිමත් කළා, ඉතින් මාගේ සාර්ථකත්වය පිටුපස සිටි පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායමේ සගයින්ට සහ පවුලේ අයටත් මගේ ගෞරවය පුදන්න  ඕනෑ. අපි හෙට කොළඹ දී හමු වෙමු.”
කුමාර් සංගක්කාර


 


”ජය ගත්තා හෝ පරාජය වූ සෑම මොහොතකදීම අපව ධෛර්යවත් කළ ආදරණීය මිතුරනි, ඔබට ස්තුතියි. අපගේ ශ්‍රේෂ්ඨයින් දෙපොළ සංගා සහ මහේල විස්සයිx20 සමු ගන්නවා. ඔවුන් දෙදෙනාට වගේම නුඹලා සියලූ දෙනාටත් මගේ ගෞරවය හිමි විය යුතුයි.”
ලසිත් මාලිංග

 


”අපට ජයග‍්‍රහණය වෙනුවෙන් අප පිටුපස සිටි සියලූ ශ්‍රී ලාංකිකයින්ට මාගේ ප‍්‍රණාමය ගෞරවය. මේ වගේ මහා පුදුමාකාර මිනිස් සහයෝගයක් මගේ ජීවිතයේ මා දුටුවාමයි. එය ඇත්තටම මහා පුදුමාකාරයි.”
ඇන්ජෙලෝ මැතිව්ස්


”සියලූ දෙනා වෙතයි, ඇදහිය නොහැකි තරමේ මොන තරම් නම් හැඟීමක් ද මේ තියෙන්නෙ. මේ විජයග‍්‍රහණයේ අයිතිය මුළු මහත් ශ්‍රී ලංකාවටමයි. අවසාන මම ඔබ සියලූ දෙනාටම සුබ පතන්න කැමැතියි.”
මහේල ජයවර්ධන



 


 



අදහස් (0)

ක‍්‍රිකට් ශූරයන්ගේ ”ෆේස් බුකියට” ආ පණිවිඩ

එඩ්වින් Tuesday, 06 May 2014 04:53 PM

මුළු හදවතින්ම ලාංකිකයි.ජයවේවා. (ස)

:       0       0

කසුන් Wednesday, 07 May 2014 05:21 AM

කුමාර සංගක්කාර මහතා පවසා සිටියේ ලෝක කුසලාන ජයග්‍රහහණය ජනතා සතු කරන බවය. මීට අදාලව ලැබුන ඩොලර් මිලියන 1.5 න් මොනවද ජනතාවට දෙන්න යන්නේ කියලා අපට කියන්න. ඔබට ජය! (නි)

:       0       0

චම්මික පෙරේරා Thursday, 08 May 2014 11:34 AM

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විරුවන්ට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

ජානක Tuesday, 29 April 2014 10:58 AM

අපි අාදරෙයි ඔබ සැමට.!! (නි)

:       0       0

කුරුවිට Wednesday, 07 May 2014 03:11 PM

ලංකාව කියන පුංචි රට ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් නිසා. (ස)

:       0       0

රොහාන් Tuesday, 29 April 2014 11:19 AM

මෙවන් ලිපි පළකරන ලංකාදීප පුවත්පතට අපේ ස්තූතිය! (නි)

:       0       0

කුමාරි Monday, 28 April 2014 08:51 PM

ඔය පොත මම පාවිච්චි නොකලට අපේ කොල්ලෝ එක්ක අපි දුකේදීත් සැපේදීත් ඉන්නවා. ජය වේවා සොයුරනි! ඔබ සැමට තෙරුවන් සරණයි! (ත)

:       0       0

චනිල් ලක්මාල් Tuesday, 06 May 2014 09:48 AM

ලංකාවේ කොල්ලො එදත් ලෝකෙ හොල්ලපු මහ පුදුම, මහ වීර, ශ්‍රේෂ්ට ජාතියක්. අදත් එහෙමයි කියල අපේ ක්‍රිකට් කොල්ලො ටික ඔප්පු කරල පෙන්නුවා. ඉස්සරහටත් ඒක එහෙම වෙන්න ඕන. අනිත් ක්‍රීඩා වලිනුත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා. ජය වේවා. (ස)

:       0       0

ෆෛරූස් Wednesday, 30 April 2014 05:12 PM

අපි කවදත් ලංකා කණ්ඩායම සමඟ තමයි.ජයවේවා!!! (නි)

:       0       0

දිනුෂ Sunday, 11 May 2014 03:35 AM

කසුන්, මොනවද මේ කතා? (නි)

:       0       0

රාජ් Wednesday, 30 April 2014 06:23 PM

අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි! (නි)

:       0       0

හංසිකා Monday, 28 April 2014 09:06 PM

වචන වලින් කියා ගන්න නොහැකි හැඟීම් සමුදායකින් හදවත් පිරිගියා. අවස්ථා ගණනකදී අවසාන තරගයේදී අපව දුකට තල්ලු කළ ඔබ ධෛර්යයෙන් ඔසවා තබන්නට අප ගත් වෑයමේ අවසාන ප්‍රතිඵලය ... සත්තකින්ම අපි හැමෝම කදුළු සැලූ තරම් ... දුකේදිත් සැපේදිත් අපි ඔබව තනි නොකළ ආදරයට ධෛර්යයට ඔබ ගෙන දුන් දිනුම සදා අප මතකයේ රැදේවී.... (නි)

:       0       0

නවූල් Tuesday, 29 April 2014 07:43 PM

මෙය පළකිරීම පිළිබඳ ස්තූතියි! (නි)

:       0       0

නවුෂාඩ් Tuesday, 29 April 2014 07:43 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

නීල් Monday, 28 April 2014 10:08 PM

මෙම ලිපිය පළකළ ලේඛක මහතාට මාගේ හෘදයාංගම ස්තූතිය පළකරමි (නි)

:       0       0

නීල් Tuesday, 06 May 2014 07:58 PM

මේක ලබන අවුරුද්ද දක්වාවත් පවත්වාගෙන යන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

සෞදි - නිරාන් Sunday, 04 May 2014 08:39 AM

ගොඩක් ලස්සන ලිපියක් ඔබසැමෙට ස්තූතියි ! (ස)

:       0       0

අනුරාධ ලියනගේ Tuesday, 06 May 2014 11:06 AM

ලංකාදීපය ඔබ හැමදාමත් ශ්‍රේෂ්ටයි..... මගේ හදපතුලෙන්ම ඔබ සියලු දෙනාටම ප්‍රණාමය... හැමදාම ඔබ වැජබේවා (දී)

:       0       0

මධු ශේරිනා Wednesday, 07 May 2014 05:47 PM

සැමදත් ඔබ සමගයි ... ජයවේවා (දී)

:       0       0

අබ්දුල් Monday, 05 May 2014 03:17 PM

මම T20 අවසාන තරගය 20 සැරයකට වඩා නැරඹුවා.... බලන්න බලන්න ආස හිතෙනවා.. (ස)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 03:21 PM

ඇත්තටම කියල තියෙන දේවල් නම් බොක්කටම වදිනවා. හරිම සතුටක් දැනෙන්නෙ ලංකාවේ මිනිස්සු ගැන. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ජය. අපේ තරු වලට අපි හැමදාම ආදරෙයි. (ස)

:       0       0

කසුනි Monday, 05 May 2014 04:10 PM

මේ වගේ ලිපි පළ කිරීම ගැන ලංකාදීපයට අපගේ හෘදයාංගම ස්තූතිය. (ස)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 04:47 PM

නියමයි. අපේ ක්‍රිකට් විරුවන්ට ජය වේවා. (ස)

:       0       0

යසන්ත Sunday, 11 May 2014 11:08 AM

ශ්‍රී ලාංකිකයකු විදිහට, ආඩම්බරේ කියල වැඩක් නෑ. (ස)

:       0       0

නවීන් Monday, 05 May 2014 04:50 PM

ඇත්තම කියන්න ‍ඕන‍ මේ ලිපිය කියවද්දි මට මාර හයියක්. අපේ කොල්ලන්ට ජය (ස)

:       0       0

නිලන්ති Monday, 05 May 2014 04:53 PM

මරු ලිපිය.ලංකාදීපයට ස්තූතියි. (ස)

:       0       0

නිමේෂා රාජපක්ෂ Tuesday, 06 May 2014 01:21 PM

මේ ලිපිය කියවන කොට පුදුම අභිමානයක් දැනෙනවා.. ජය ජය ශ්‍රී ලංකා. (ස)

:       0       0

රොෂාන් ජෝන් Tuesday, 06 May 2014 02:48 PM

නියමයි හරි ලස්සනයි.(නදී)

:       0       0

නිලන්ත Tuesday, 29 April 2014 03:32 PM

ලංකාව ගැන ලෝකෙම දන්නේ ඉස්සරනම් තේ හින්දා, දැන් ඒක වෙනස් වෙලා දැන් දන්නේ ක්‍රිකට් නිසා (දී)

:       0       0

ට්‍රිශාන් ඩී ආර් Monday, 12 May 2014 12:49 PM

ලෝක කුසලාන දෙකක් දිනා ගන්න හැටි සතුටින් වින්ද ගත්තා. සංගා, මහේල, මාලිංග, දිල්ශාන්, හේරත්, අජන්ත සියැසින් දැක ගත්තා. මීට වඩා මොන සතුටක් ද ? (ස)

:       0       0

ලක්මාල් දෙයියන්දර Tuesday, 06 May 2014 03:35 PM

නියමයි අපි හැමදාමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරෙයි සඟ මහේල ලසිත් කුසල් හමූටම ආසයි (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 18 May 2014 02:20 AM

කවුද අජිත් කියන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 233 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 190 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 139 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 249 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 417 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1043 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 993 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1433 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site