IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කප්පම් ගන්නා දේශපාලකයෝ

බලයට පත්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බොහොමයක් දෙනා වසරකින් දෙකකින් ධනවතුන් වී සිටින අයුරු දැක ගත හැකිය. ඇතැම් දේශපාලකයන්ගේ කුඩාවට තිබූ නිවස ටික කාලයකින් මහල් නිවාසයක් වෙයි. යතුරු පැදියෙන් හෝ කෑලි හැලෙන මෝටර් රථයකින් ගිය ගමන් බිමන් සඳහා පැජරෝවක් යොදාගනියි. බිරිඳට වටිනා සාරි ආයිත්තම් හා රත‍්‍රං භාණ්ඩය. අමතර ඉඩකඩම් ද මිලදී ගනී. පවුලේ හිතවත් ඥාතීන්ට රැකියා ලබාදෙයි. නිවස ඉහළ මිල ගණන්වල බඩු බාහිරාදියෙන් පිරවෙයි. සරලව සඳහන් කළහොත් බොහොමයක් මන්ත‍්‍රී පවුලේ ජීවිතය උඩු යටිකුරුවීම සිදුවන්නේ බලා සිටියදීය. ක්ෂණිකමය. ජනතා සේවයට, දැඩි පරිශ‍්‍රමයක් දරා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරයාට මේ මුදල් ලැබෙන්නේ කෙසේද? මේ මුදල් ලබා දෙන්නේ කවුද? බොහෝවිට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ගමේ නම් යම් කිසි රැකියාවක යෙදී සිටි නිලධාරියෙකුගේ දරුවෙකි. නැතහොත් පියාගේ දේශපාලන ආභාෂයෙනි. කුමන ආකාරයකින් වුවත් මන්ත‍්‍රී තනතුරට පත්වන අවස්ථාව වනවිට ඔහු ආර්ථික වශයෙන් බෙහෙවින් පිරිහීමට ලක්වූවෙකි. මනාප ඡුන්ද වැඩිපුර ලබා ගැනීමට මුදල් කොළ වීසි කිරීමට සිදුවීම ඔහුගේ ආර්ථික පරිහානියට හේතුවේ. දැඩි වෙහෙසකාරී බවකින් තේරී පත්වූ ඇතැම් මන්ත‍්‍රීවරු යළි ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හේතු වූ කාරණා පිළිබඳව සලකා බලමු. මන්ත‍්‍රීවරයකුගේ වැටුප, දීමනාව හා අනෙකුත් පහසුකම් ඒකරාශි වූ කල මාසිකව ලැබීම දළ වශයෙන් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ ප‍්‍රමාණයකි. මන්ත‍්‍රීවරයාගේ දෛනික වියදම සඳහා වැය වන මුදල හැරුණු විට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති මන්ත‍්‍රීවරයා මේ මුදල් උපයා ගත යුතුව ඇත. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට මේ වනවිට දේශපාලනඥයන් 16 දෙනෙකුගේ වත්කම් පිළිබඳව පැමිණිලි ලැබී තිබිණි. හරියාකාර තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වූ නිසා මෙම පැමිණිලි බොහොමයක් ඔප්පු කර ගැනීමට නොහැකි වී ඇත. එහෙත් නිල නොවන මට්ටමින් දැන ගන්නට ඇති පරිදි ඇතැම් මැති ඇමතිවරුන්ට විවිධාකාර ක‍්‍රමවලින් මුදල් ලැබෙන බව වාර්තාවේ. මෙසේ මුදල් ලැබෙන එක් ක‍්‍රමයක් නම් කප්පම් ගැනීමයි. මෙම කප්ප්ම් ගැනීම පිළිබඳව කීප වතාවක්ම ඉරිදා ලංකාදීපය මගින් පාඨක ඔබට කරුණු අනාවරණය කර ඇත. එහෙත් සඳහන් කළ යුතු තවත් කරුණු බොහෝය. බොහොමයක් මන්ත‍්‍රීවරුන් ගෞරවාන්විතව කප්පම් ගන්නා තත්ත්වයක් ඇත. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පෞද්ගලික අවශ්‍යතාවයක් කරදී ඒ වෙනුවට දේශපාලනඥයාගේ අවශ්‍යතා ඉටු කර ගැනීම බොහෝ විට සිදු වන්නකි. උදාහරණයක් වශයෙන් කිසියම් ව්‍යාපාරිකයකුට මාර්ගයක් ඉදිකිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදීම සිදුවෙයි. ඉන්පසුව මන්ත‍්‍රීවරයා ඉදිකරන නිවසට ලී සැපයීම ටයිල් ලබාදීම, සිමෙන්ති ලබාදීමට බොහෝවිට සිදුවන්නේ ඉහත සඳහන් කළ කොන්ත‍්‍රාත්කරුවාටය.මන්ත‍්‍රීවරයාගේ දියණියගේ හෝ පුතාගේ විවාහ උත්සව දිනයේදී උත්සව ශාලාවේ බිල ගෙවීමට සිදුවන්නේ කොන්ත‍්‍රාත්කරුටය. මේ ආකාරයට ආපන ශාලා මත්පැන් අලෙවි ශාලා. ඇඟලූම් කම්හල්, කර්මාන්තකරුවන් ආදී ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු පළාත්වල මන්තී‍්‍රවරුන්ට කප්පම් ගෙවීමට සිදුවේ. මහජන පොළ කප්පම් ලබාගන්නා තවත් අපුරු ස්ථානයකි. මහජන පොළේ අලෙවියට බඩු භාණ්ඩ, එළවළු ගෙන එන කුඩා ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරිම සිදුවේ. ප‍්‍රාදේශීය සභාවෙන් නියම කරන බදු මුදලට වඩා වැඩි ප‍්‍රමාණයක් අය කිරීම සිදුවේ. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉඩමක් ලබාගැනීම, අනවසර ඉදිකිරීමක් කිරීම හෝ වෙනත් පහසුවෙන් කරවා ගත නොහැකි කටයුත්තකදී එය ඉටු කර ගැනීමට මන්ත‍්‍රීවරයාගේ පිහිට ලබා ගැනීම සිදුවෙයි. එසේ පිහිටවීම වෙනුවෙන් මන්ත‍්‍රීවරයාට ප‍්‍රතිචාර දැක්විය යුතුය. දේශපාලනඥයන් කප්පම් ගන්නා තවත් අවස්ථාවක් නම් රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත වාහන සලසාදීමයි. විශේෂයෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවලදී බර වාහන යොදවා ඒවාට කුලී ලබා ගැනීම සිදුවේ. බොහෝ විට පවුලේ ළඟම ඥාතිවරයකුගේ නමින් මෙවැනි දේ සිදුකර රජයෙන් මුදල් ලබාගැනීම සිදු වන බව වාර්තාවේ. වරායට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිදහස් කර ගැනීම සඳහාද මන්ත‍්‍රීවරයා උදව් ලබාදී ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීමද සිදු කරයි. මධ්‍යම පළාතේ හිටපු මන්ත‍්‍රීවරයෙක් මත්පැන් බලපත‍්‍රයක් ලක්ෂ 10කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තාවේ. ඊට අමතරව තවත් මත්පැන් අලෙවි සැලකින් බලපත‍්‍රය සඳහා මාසිකව කුලියක් අයකර තිබිණි. එය මාසිකව මුදලින් රුපියල් 20,000ක් වී තිබිණි. මන්ත‍්‍රීවරුන් මුදල් උපයන තවත් මාර්ගයක් වී ඇත්තේ මැර කල්ලිවලට ආරක්ෂාව ලබාදීමයි. අද මේ තත්ත්වය බොහෝදුරට අඩු වී ඇති බව වාර්තාවේ. මැර කල්ලි ආශ‍්‍රය කරන ඇතැම් මන්ත‍්‍රීවරුන්ට මුදල් පරිත්‍යාග ලැබෙන බවද වාර්තාවේ. වැඩි දෙනෙක් කරනු ලබන ව්‍යාපාරයක් නම් තීරුබදු රහිතව වාහනයක් ගෙන්වා ගැනීමට ඇති වරප‍්‍රසාදය මුදල් ඉපයීම සඳහා යොදවා ගැනීමයි. තීරුබදු රහිතව ලක්ෂ 20ක පමණ මුදලකට ලබාගන්නා වාහනය රුපියල් ලක්ෂ 150ක පමණ මුදලකට අලෙවි කිරීම සිදුවේ. රැුකියා ලබාදීම සඳහා ද මුදල් ලබන මන්ත‍්‍රීවරුන් සිටින බව වාර්තාවේ. කම්කරු රැකියාවක් ලබාදීමට රුපියල් 20,00ක් 25,000ක් අතර මුදලක් අය කරන මන්තී‍්‍රවරුන් ද සිටින බව වාර්තාවේ. මෑතක ඇති වූ ප‍්‍රවනතාවයක් නම් නිධන් වස්තු කොල්ලකෑමයි. මේවා කොල්ලකෑමෙන් ධනවතුන් වූ මන්ත‍්‍රීවරුන් පිළිබඳව අසන්නට දකින්නට ලැබී නැත. එහෙත් ඇතැම් මන්ත‍්‍රීවරුන්ට සම්බන්ධ ගෝල බාලයන් නිධන් හෑරීමේ කටයුතුවල යෙදී සිටි බව වාර්තාවූ අවස්ථා ද ඇත. ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොවුණත් කෞතුකාගාරයේ සිදුවූ පුරාවස්තු සොරකමට දේශපාලනඥයකුගේ නමක්ද සම්බන්ධ වී ඇත. රජයේ ඉඩම්වල පදිංචි කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, විදේශ රැුකියා සඳහා යොමු කිරීම යනාදී කරුණුවලින් මන්ත‍්‍රීවරුන්ට මුදල් ලැබෙන බව සඳහන්වේ. තොග වශයෙන් ප‍්‍රදේශයේ අවශ්‍යතාවලට භාණ්ඩ ගැනීමද මන්ත‍්‍රීවරයාට මුදල් ලැබෙන මාර්ගයක් විය යුතුයි.

සටහන - දයාසීලි ලියනගේ



අදහස් (0)

කප්පම් ගන්නා දේශපාලකයෝ

ජානක Tuesday, 12 June 2012 01:31 PM

ප්‍රාදේශීය සභාවලින් කරන අයකිරීම් කියල වැඩක් නැහැ. තංගල්ලෙ වෙරළට යන වාහන නැවතුම්පළෙහි ත්‍රීරෝද රථයකින් රැපියල් 50ක් අය කරලා පැයෙන් පැයටත් අයකරනවා..

:       0       0

අපර්ණා පන්නිපිටිය Tuesday, 12 June 2012 10:29 PM

මේ දේවල් බය නැතිව ලියන අයට අපේ උපහාරය..

:       0       0

අයිෂා Tuesday, 12 June 2012 10:31 PM

මිනිස්සු මේගෙල්ලන්ගේ හොර වැඩ හෙලා දකන්න ඕන.. එතකොට මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්..

:       0       0

අචලා Tuesday, 12 June 2012 10:32 PM

මේගොල්ලන්ගෙ හොර වැඩ ගැන බය නැතිව ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

:       0       0

නදුනි Tuesday, 12 June 2012 09:55 PM

මෙවැනි ලිපි ලංකාවෙ ඉන්න ඡන්ද දායකයන්ටත් දකින්න සලස්වන්න...

:       0       0

විභූති Tuesday, 12 June 2012 03:15 PM

හොඳ ලිපියකි....මේවගේ දේවල් තවත් ලියන්න ..අපේ රට විනාශකරන්නේ මේ දේසපාලුවෝ තමයි...

:       0       0

විභූති Wednesday, 13 June 2012 12:34 AM

නදුනිගෙ අදහස හරියට හරි.. අපි ‍පිට රටවල ඉදල මේව කියවනවා වගේම ලංකාවෙ ඡන්දෙ දෙන අයත් මේවා දකින්න ඕන..

:       0       0

අචිනි Tuesday, 12 June 2012 03:37 PM

ලොකු තැන සිට පොඩි තැන දක්වාම ඔහොම තමයි.. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා...

:       0       0

ජගත් Monday, 11 June 2012 04:37 PM

කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

:       0       0

බන්ගලියා Thursday, 14 June 2012 10:34 AM

මෙයාලට ඡන්දය දෙන අපිට ගහන්න ඕන...

:       0       0

නුවන් Tuesday, 10 July 2012 10:08 AM

මෙයාලට අල්ලසයි කප්පමයි ඇරන්න වෙන දෙයක් නැතුව ඇති.. මෙන්න ආශ්චර්යය

:       0       0

සුදේශ් Monday, 11 June 2012 12:07 PM

මේකට කවුරුත් කමෙන්ස් දාන්නේ නැද්ද ??

:       0       0

දොම්පේ මල්ලී Monday, 11 June 2012 01:28 PM

කමෙන්ට්ස් දාල කැළණි පාරේ එන්න එපා.........

:       0       0

සුනිල් Wednesday, 13 June 2012 09:36 AM

එල්ලලා මරන්න ඕනි

:       0       0

සුනිල් Wednesday, 13 June 2012 10:16 AM

එල්ලල මරණ්න ඕන....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 260 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 302 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 236 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1073 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 59 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 624 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site