සිනා සී ගෙවන හැම ජීවිතයක් තුළම සතුට තිබේද? අත්දැකීමෙන් ගත්විට වුණත් ඔබ “නැතැයි” කියාවි. මොන තරම් සිනා සී දිවි ගෙවුවත් අපි ජීවත් වෙන්නේ බොහෝ දුක කනගාටුව තුන් හිතේම දරාගෙනය. අපි සතුට දකින්නට වගේම හීන බලාපොරොත්තු කරපින්නා ගන්නේත් දැවෙන ගින්දරක් මැද සිටය.
තමන්ට තමන්වත් විශ්වාස නැති ලොව අනෙකුන් ගැන කවර කතාද? ඔබට හමුවන සියල්ලන් විශ්වාස කළ හැකිද? කතා කරන සියල්ලන් විශ්වාස කළ හැකිද? කතා කරන දකින හැමෝම එකහෙළා විශ්වාස කරනවා නම් ඔබ කවුරු වුණත් ඊට වඩා අනතුරක්-විනාශයක් ඔබට තවත් නැත.
විවාහයක් සිදුකරන්නේ ගම් හතකට මඟුල් කියා-රබන් ගසා පෙරහර ද පවත්වමිනි. ඒ තරම් ලොකුවට කරන්න බැරි උදවිය පුංචිවට විවාහය සමරති. කෙසේ හෝ වේවා විවාහයට පෙර හත්මුතු පරම්පරාව ගැන ද හොයා, කේන්දර ද ගළපා, ආදායම්, ආර්ථිකය ද බලා කසාදය තීන්දු වේ. මේ කොයි දේ ගැළපුවත් වැඩිමනත් විවාහ අසාර්ථක බව සමාජය දෙස බලද්දී පෙනේ. ඒ අසාර්ථකභාවයට අනියම් සබඳතා ආදිය දැඩි සේ බලපෑම් කරන බව ද පෙනේ. ඒ අස්සේ හැංගුණු කතාවක් අද අතුල මහතා සමඟ ඔබට දිගහරිමු.
බඳිනකොට මූණෙ පාට ගාලා, ගම් හතකට කියලා බැන්දට මොකෝ සමහරු දික්කසාද වෙන්නෙ ඒ ගාපු පාට ඇඟෙන් අයින් වෙන්නත් කලින්. දික්කසාදෙ ඒ තරම්ම ඉක්මන් වෙලානෙ මහත්තයො.... එකක් තමයි අනියම් සබඳතා. මහත්තයාට හොරා නෝනට තව කොල්ලෙක් ඉන්නවා නැත්නම් නෝනට හොරා මහත්තයාට තවත් නෝන කෙනෙක්. හැබැයි ඉතින් ඕවා සුලබ කතානෙ. අපිවෙන පැත්තකට බහිමු. කන්දක් නැග්ගොත් බහින්න තියෙන්නෙ එක පාරක් නෙවේනෙ. ඒ නිසා විවාහ ජීවිත කැඩිලා බිඳිලා විනාශ කරන කල්ලි වාදයේ තව පැත්තක් කියා දෙමු.
මේ සමාජයේ පිරිමියාට වඩා ස්ත්‍රිය තවමත් අසරණයි
මේ වන විට අපේ සමාජය තුළ බරපතළ සංස්කෘතික විනාශයක් සේම සමාජ බැඳීම්, ආචාර ධර්ම උල්ලංඝනය වන තත්ත්වයක් නිර්මාණය වෙන්නට පටන්ගෙන ඇත. එවැනි දේ රහසේ වේවා-නොරහසේ වේවා කෙසේ සිදුවුවත් සමාජයේ ඉදිරි පැවැත්මට තර්ජනයක් බව අමතක නොකළ යුතුව ඇත.
|
අතුල කතාවේ ප්‍රවිශ්ටය අරඹයි.
ගෑණු ළමයෙක් කොල්ලෙකුට ජීවිතේ බාරදෙන්නෙ එයාගෙ මුළු ජීවිත කාලෙම තමන්ව පරිස්සම් කරාවි කියන ලොකු විශ්වාසයකින්.... ඒත් ඉතින් ඒ පරිස්සම හැමෝගෙන්ම ලැබෙනවද කියන තැන ලොකු රික්තයක් හිඩැසක් තියෙනවා.... සමහර කොල්ලන්ගෙ ආදායම් මාර්ගයම මේ අහිංසක ගෑණු ළමයි. මොකක් හෝ පොඩි රස්සාවක් කරනවා කිවුවට ඒ කොල්ලො කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ ජොලි කරන්නෙ ගෑණු ළමයගෙ සල්ලිවලින්. සමහරු නම් ගෑණු ළමයාගෙ රස්සාව හූරගෙන කනවා. ඒත් කමක් නෑ කියමුකො මහත්තයො.... තමන්ගෙ පෙම්වතිය, බිරිඳ විකුණන ජාතියක් ඉන්නවද? මේ කියන්නෙ එහි එක පැත්තක්.... අපට සංස්කෘතියක්-සදාචාරයක් තිබුණට ඒවට හංගලා වෙන අඳුරු කතාවක්....
අතුල උදාහරණය දෙමටගොඩ දෙසින් ගනී.
මහත්තයො.... පොත්ත ලස්සන නම් ගහත් මාර්කට් වගේ, සුන්දර ලියන්ට කොහෙත් ඉල්ලුම තියනවා. අපේ රටේ සමහර පිරිසක් දැල එළන්නෙම මේ සුන්දර ලඳුන්ට. රස්සාව වැදගත් නෑ.... දුප්පත් පෝසත්කම වැදගතුත් නෑ.... ගර්ල්ව දා ගත්තොත් සල්ලි ගහක් ලැබුණ කියලා හිතන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා.
සමහර මිනිස්සු රස්සාව ලොකුවට කළාට මොකෝ... ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ කරගෙන ඉවරයි.... අද කාලෙ මාසේ පඩියෙන් අමාරුවෙන් දුවාගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ අය බැරිවෙලාවත් කුඩුවලට ඇබ්බැහි වෙලා නම් මොන රස්සාව කළත් වැඩක් තියෙනවද?
අතුල විමසයි.
රස්සාවක් කරනවා කීවාට-වැටුප මෙපමණයි කීවාට කුඩු බීමට ඇබ්බැහි වී නම් ඔහු කුමනාකාරයට රඟ පෑවත් එය අතිශය භයානක නාට්‍යයකි. අතුල කියන දෙමටගොඩ යුවළ ඒ රඟපෑම තුළ අතරමං වූ සිරකාරයෝය.
“ඔය ජෝඩුව බැන්ඳෙ මහත්තයො ගම් හතකට මඟුල් කියලා. රස්සාව අරකයි-මේකයි, පඩිය මෙහෙමයි කියලා. ඒත් බැඳල මාස දෙක යනකොට බිරිඳට රඟපෑම හෙළි වෙලා ඉවරයි.”
“මොනතරම් තිරිසන් මනුස්සයෙක් ද කියන්නෙ, බිරිඳගෙ නිරුවත් ඡායාරූප, වීඩියෝ මේ මිනිහා ළඟ, ගෑණිව ගහලා බය කරලා බ්ලැක් මේල් කරලා ඇයි.... එකම හේතුව කුඩුවලට ඇබ්බැහිකම. බිරිඳට වඩා කුඩු ලොකුයි. කුඩු බොන්න පඩිය මදි. දැන් මොකද කරන්නෙ.... තමන්ගෙ ලස්සන බිරිඳගෙ ෆොටෝ ලොකු මහත්තුරු ළඟට අරන් යනවා.”
“සර්... මගේ නෝනා... කීයක් හරි දෙන්න...”
එය පුදුම කතාවකි... මෙය නැතිබැරිකම නොවේ. මත්ද්‍රව්‍ය ඇබ්බැහිකමේ ප්‍රතිඵලයකි....
“ඔය කුඩුකාරයාට ලොකු මහත්තුරු සෙට් කරලා දෙන කණ්ඩායම් ඉන්නවා. විවාහක බිරින්දෑවෝ විශාල පිරිසක් මේ සමාජ අසාධාරණකමින් අසරණ වෙලා.
සමහර ගෑනු විකිණෙන්නෙ රුපියල් හාරපන් දාහට.... එතනින් දාහක් දෙදාහක් කල්ලියට. ඉතිරි සල්ලි කුඩුකාර සැමියාට....
මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි මහත්තයො....
ඔය කියාපු නෝනව අර කුඩුකාරයා විකුණන්නෙ හරිම අමානුෂික විදිහට.... ඒ ගෑනු කෙනා කියාගන්න බැරි තරම් අසරණයි. සල්ලි දෙන නිසා ඇය ඉවසාගෙන ඉන්නවා. හැබැයි ඒකට කැමැත්ත කියන්න බෑ මහත්තයො... මේවා සංසාරගත පවුකම්.
විකෘති මානසිකයො දෙතුන් දෙනා මේ වෙන දේවල් බලාගෙන ඉන්නවා.... කුඩුටික වෙනුවෙන් බිරිඳ විකුණන්නේ මෙහෙමයි....
රට ලෝකෙට පේන්න පවුල් ජීවිතෙත් තියෙනවා. හැබැයි ගේ ඇතුළ අපායක්. සතියට සැරයක් ඔය මිනිහ තමන්ගෙ ගෑනිව විකුණනවා.
සමහර බිරින්දෑවො තමන් විකුණපු පළවෙනි දවසෙම වසබීලා, බෙල්ලෙ වැල දාගෙන, ගඟට පැනලා මැරිලා තියනවා. සැමියා එක්ක ආරවුලක් නිසා මෙය වුණු බවට රටේ ප්‍රචාරය වුණාට ඒකෙ ඇත්ත කතාව තමයි ඇය ජීවිතෙන් සමුගෙන ගියේ ඉහත හේතුවක් නිසා. නමුත් සියල්ල අභිරහසක්. මේ අභිරහස දන්නෙ ජීවත්වෙන සැමියා සමග තවත් පුරුෂයන් දෙතුන් දෙනෙක් විතරයි.
සමාජය විෂම වී, දූෂිත වී හමාරය. එහි අහුමුළුවළ කුණු සෙවීම ලෙහෙසි පහසු නැත. එබැවින් කළ යුතු දෙය වෙන්නේ එක්කෝ තමන්ගේ පරිස්සම උදෙසා නීතිමය පියවර ගැනීමය නැත්නම් විවාහ වෙන අයගේ ඇබ්බැහිවීම් ගැන, කේන්දර, රස්සා ගළපා හොයන පැටිකිරියට වඩා ගැඹුරින් සොයා බැලීමය එසේ නොවුණොත්, විවාහවන ඔබේ දියණිය රඟපාන කුඩුකාරයෙක්, කාමාතුරයෙක් නිසා නිකරුණේම මිලිනව යනු ඇත.
ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්රජාතාන්ත්රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුඩුකාරයෙක් බැන්දොත් මාර්කට් එකේ විකිණුනා තමයි