IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කටහඬ අනුව ඡන්දය විමසිය හැකිද

පාර්ලිමේන්තුවේදී ‘හඬ‘ අනුව ඡන්දය විමසීමේ නිත්‍යනුකූල භාවය ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. සමහරු එය නීත්‍යනුකූල බව කියති. තවත් සමහරු එය නීත්‍යනුකූල නොවන බව කියති. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන ආකාරය ගැන පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වන ලිපිය පහත දැක්වේ.

සභා‌වේ තීරණය අවශ්‍ය වූ විටදී මන්ත්‍රීවරයන්‌ගේ අනුමතිය ‌හෝ විරුද්ධත්වය දැනගැනීම පිණිස ප්‍රශ්නය සභාවට ‌යොමු ‌කරනු ලැබේ. මන්ත්‍රීවරයන්ගේ තීරණය ඡන්ද‌යෙන් ලබාගනියි. ඡන්දයක් පැවැත්විය හැකි වන්‌නේ පාර්ලි‌මේන්තුව රැස්වන විටකදී පමණි. සෑම මන්ත්‍රීවර‌යකුම ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අතර ඡන්දය පුද්ගලිකව පාවිච්චි කරනු ලැබිය යුතුය. ඡන්දය දීමේදී මන්ත්‍රීවරයා සිය අසු‌නේ සිටිය යුතුය. සෑම මන්ත්‍රීවරයකුටම ඡන්ද අයිතිය හිමිවන අතර අවශ්‍ය නම් ඡන්දය දී‌මෙන් වැළකී සිටිය හැකිය. පාර්ලි‌මේන්තු‌වේ ඡන්දය ප්‍රකාශ කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. ඒවා නම්,

අ. කටහඬින් ඡන්දය ප්‍රකාශ කිරීම

වඩාත් සුලබව දක්නට ලැ‌බෙන්‌නේ කටහඬින් ගන්නා ඡන්දයයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට ‌යොමුකළ විට පක්ෂ අය “පක්ෂයි”යනු‌වෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනු‌වෙන් ද ප්‍රකාශ කරයි. සභා‌වේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කථානායකවරයා‌ගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවර‌යෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට ‌බෙදීමක් ඉල්ලා සිටිය හැකිය.

ආ. මන්ත්‍රීවරයන් පේළියෙන් පේළිය බැගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම (සිය අසුනෙන් නැගී සිට ඡන්දය ප්‍රකාශ කිරීම)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 47(2)(අ) හි සඳහන් ආකාරයට ඡන්දය විමසනු ලැබේ. මන්ත්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් සිය අසුන් වලින් නැගී සිට සභාව ඉදිරියේ ඇති යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් ඡන්ද ගණන් කොට  ප්‍රතිඵලය කථානායකවරයාට දන්වනු ලබන අතර කථානායකවරයා විසින් එම ප්‍රතිඵලය සභාවට ප්‍රකාශ කරනු ලැබේ.

ඇ. විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය විමසීම

මන්ත්‍රීවරයන් විසින් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ ශබ්ද සම්මන්ත්‍රණ පද්ධතියෙහි ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  කටයුතු කරනු ලැබේ.

ඈ. නමින් ඡන්දය ප්‍රකාශ කිරීම

නමින් ‌බෙදීමක් අවශ්‍ය යැයි ‌මන්ත්‍රීවරයකු ‌යෝජනා කළවිට කථානායකවරයා විසින්,පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 47(2)(ඇ) හි සඳහන් පියවර ගනු ලබයි. ‌මේ අවස්ථා‌වේදී ‌බෙදුම් සීනු මිනිත්තු ‌පහක් නාද කළ යුතු අතර ‌බෙදීම නමින් ගත යුතුය. සෑම මන්ත්‍රීවරයකු‌‌ගෙන්ම තමා ඡන්දය දීමට රිසි ආකාරය විමසා එය පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් සටහන් කර ගනු ලැබේ. පළමුව අග්‍රාමාත්‍යවරයා‌ගේ ද ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද,අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නි‌යෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද,ඉන්පසු අනෙකුත් මන්ත්‍රීවරයන්ගේ ද ඡන්දය නම්වල අකාරාදී අනුපිළිවෙළට පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් විමසනු ලැබේ. යම්  මන්ත්‍රීවර‌යකු ඡන්දය භාවිතා කිරීමෙන් වළකින බව ප්‍රකාශ කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ මහ‌ ලේකම්වරයා විසින් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබේ. ඡන්දය ගණන් කිරී‌මෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් එකී ප්‍රතිඵලය කථානායකවරයා ‌වෙත ලබාදිය යුතු අතර එවිට කථානායකවරයා විසින් එම ‌බෙදී‌මේ ප්‍රතිඵලය පක්ෂව හා විරුද්ධව ප්‍රකාශ කරනු ලැබ ඇති ඡන්ද ගණන සහිතව ප්‍රකාශයට පත්කළ යුතු ‌වේ. ඡන්ද සංඛ්‍යා සමාන නම් කථානායකවරයාට තීරක ඡන්දය දීමෙන් අනතුරුව ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි‌ය.

තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබා දෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 49 හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක්  නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.එමෙන්ම,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48 හි සඳහන් පරිදි ඡන්ද විමසීමේ පැටලිලි සහගත තත්ත්වයක් හෝ වරදක් ඇති අවස්ථාවක තවත් ඡන්ද විමසීමක් වෙත පාර්ලිමේන්තුව යොමු කරනු ලැබීමට කථානායකවරයාට හැකිය.

http://www.parliament.lk/si/how-parliament-works/business-of-parliament/how-to-vote

 



අදහස් (4)

කටහඬ අනුව ඡන්දය විමසිය හැකිද

Uvi Saturday, 17 November 2018 06:43 AM

2011දී චමල් රාජපක්ෂ විසින් කටහඬ අනුව ඡන්දය විමසා ඇත.

:       23       521

rasitha Saturday, 17 November 2018 05:29 PM

2011දී චමල් රාජපක්ෂ ඒගැන ප්‍රකාශ කිරීමක් පමණයි, නමුත් සිද්දවෙලා නෑ. නමින් ගන්න චන්දයෙන් ඒ කතාව අවසන්

:       5       22

Upul Sunday, 18 November 2018 09:39 AM

මරු වැඩේ..

:       0       6

rocky Wednesday, 21 November 2018 06:12 AM

රාජපක්ෂ කෙනෙක් එහෙම කලොත් හරි. අනිත් කවුරු කෙරුවත් වැරදියි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site