IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කෙට්ටුවෙන්න ගොස් ඇනගත්ත නිළියක්

   13_page_3-rs

1

සිහින් සිරුරකට හිමිකම් කියන්නට  ඕනෑම කාන්තාවක කැමතිය. යොවුන් වියේ තරුණියෝ මෙන්ම මැදිවියට එළැඹෙන කාන්තාවෝද තම සිරුර සිහින්ව තබා ගැනීමේ සිහිනයෙන් පෙළෙති. ඒ ස`දහා ඔවුහු විවිධ ක‍්‍රම අනුගමනය කරති. ඇවිදීම, දිවීම, එරෝබික්ස්, සුම්බා වැනි නර්තන ව්‍යායාමවල නිරත වීම මෙන්ම සිරුරේ මේදය තැන්පත් වීම අවම කර ගැනීම ස`දහා ආහාර පාලනය, විවිධ පාන වර්ග, පෙති වර්ග හා ආලේපන භාවිතයටද පුරුදු වී සිටිති.

 

ඇතැම් විට මෙය උන්මාදයක් බවට පත්වන අවස්ථාද ඇත. එම උන්මාදය බොහෝ කාන්තාවන්ට ජීවිත තර්ජන පවා එල්ල කරන්නට සමත්ය. එකී උන්මාදය වැල`දුණු කාන්තාවෝ ආහාර නොගෙන සිරුර කෙට්ටු කර ගැනීමට පෙලඹෙති.


ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ 37 හැවිරිදි නිළියක වූ රේචල් ෆරොක්ද මුහුණ පෑවේ එවැනි තත්ත්වයකටය. මෙයින් දස වසරකට ඉහත ආහාර පාලනය කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කළ රේචල්, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන්නීය. රාත්තල් 125 පමණ බරකින් යුතු වූ ඇයගේ ශරීරය ආහාර පාලනය හේතුවෙන් රාත්තල් 40 දක්වා අඩු වී තිබේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ඇයට තනිව කිසිවක් කර ගැනීමට නොහැකි තරමට ඇය දුර්වල වීමයි. කලක් තිස්සේ දැඩි ලෙස ආහාර වර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට ඇය ගන්නා කිසිදු ආහාරයක් ජීර්ණ කරගත නොහැකි වී ඇති අතර ගන්නා සියලූ ආහාර ශරීරය මගින් ප‍්‍රතික්ෂේප කරනු ලබයි.

2
රේචල් විසින් දැඩි ලෙස ආහාර පාලනය ස`දහා යොමු කරනු ලැබුවේ ඇයට වැල`දී ඇති මානසික රෝගයක් හේතුවෙනි. ඇනොරෙක්සියා  නර්වෝසා නමින් හැ`දින්වෙන එය ආහාර ගැනීමේ අක‍්‍රමිකතා මතු කරවන රෝගයකි. කලක් මු`ඵල්ලේ චිත්තාභ්‍යන්තරයේ බලපෑ කටුක අත්දැකීම් හා නොවිස`දුණු මානසික ගැටලූ මෙම රෝගය වැල`දීමට මුල් විය හැකියැයි වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඇනරොක්සියාව වැල`දුණු රෝගීහු ආහාර ගැනීම හැකිතරම් ප‍්‍රතික්ෂේප කරති. එහි ප‍්‍රතිඵලය වනුයේ එම පුද්ගලයා ඉතා කෙසඟ ඌන වර්ධිත පුද්ගලයකු බවට පත් වීමය. තමා කෙතරම් කෙසඟ වුවද එකී පුද්ගලයා සිතනුයේ තමාට තරබාරු සිරුරක් ඇති බවය. දැඩි ලෙස දුබල වුවද රෝහලකට යාම පවා මොවුන් ප‍්‍රතික්ෂේප කරනුයේ තමා තුළ කිසිදු රෝගයක් නොමැති බැව් පවසමිනි.


ඇනොරෙක්සියා නර්වෝසා රෝගය වර්ධනය වනුයේ වැඩිවිය පැමිණීමත් සමඟිනි. මෙම රෝගයට බ`දුන්වන දස දෙනකුගෙන් නව දෙනකුම කාන්තාවන් වීම විශේෂත්වයකි. ඇමෙරිකානු කාන්තාවන් සිය දෙනකු අතුරින් එක් අයෙක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. කිසිවකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව හ`දුනාගත හැක්කේ එම පුද්ගලයා ක‍්‍රමයෙන් ආහාර පාලනයට යොමුවීම සමඟිනි. සිරුර කෙතරම් කෘෂ වුවද තමා තවමත් තරබාරුය යන අනියත බියක් මොවුන් තුළ පවතී.


ඇනොරෙක්සියා  නර්වෝසා රෝගයේ ප‍්‍රභේද දෙකකි. එක් ප‍්‍රභේදයක් වනුයේ බුලිමියා නමින් හැ`දින්වෙන ආහාර ප‍්‍රතික්ෂේප කිරීමේ කි‍්‍රයාවලියයි. එයට ගොදුරු වූ රෝගියා ආහාර අනුභව කොට ම`ද වේලාවකින් සියලූ ආහාර වමනය කොට ඉවත දමයි. ආහාරවල පෝෂණය සිරුරට උරා ගැනීම වැළැක්වීම මෙහි අරමුණය. අනෙක් ප‍්‍රභේදය දැඩි ලෙස ආහාර පාලනය කොට ශරීරයට ලැබිය යුතු පෝෂණය අවම කිරීමය. බුලිමියා රෝගයට බොහෝ විට බ`දුන්වනුයේ ලිංගික අපයෝජනයට ලක්වූවන් බැව් විශ්වාස කෙරේ.


මොවුහු තමනට ආවේණික වූ ආහාර රටාවකට පෙළැඹී සිටිති. පිරිසක් ඉදිරියේ ආහාර නොගන්නා අතර පිළිවෙළකට ආහාර බෙදාගැනීමද ප‍්‍රතික්ෂේප කරති. එහෙත් තමා ආහාරවලට දැඩි ගිජු බවක් දක්වන බව පෙන්වීමට මොවුන් කැමතිය. සූප ශාස්ත‍්‍ර පොත් විශාල වශයෙන් එකතු කිරීමට සහ තම හිතවතුනට සහ මිතුරනට භෝජන සංග‍්‍රහ පැවැත්වීමට කැමැත්තක් දක්වන මොවුහු පිරිසත් සමඟ එක්ව ආහාර ගැනීමෙන් වැළකී සිටිති. වැඩි වැඩියෙන් ව්‍යායාමවල නිරත වීමටද මොවුහු කැමැත්තෝය.

5
ඇනොරෙක්සියා රෝගයට බලපාන හේතුසාධක මොනවාදැයි ස්ථිර වශයෙන් හ`දුනාගෙන නොමැති වුවද බොහෝ විට දැරියක වැඩිවිය පත්වීමත් සමඟ ඇතිවිය හැකි රෝගයක් මෙන්ම පවුලේ එවැනි රෝගියකු සිටීනම් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි රෝගයක් විය හැකියැයි වෛද්‍යවරු නිගමනය කරති. ඒ අනුව මානසික, පාරිසරික හා සමාජීය හේතු සාධක මත මෙම රෝගය වර්ධනය වන බව පෙනී යන්නකි. මෙම රෝගයට ගොදුරු වූවන් සිතනුයේ සිහින් සිරුරක් පවත්වාගෙන යෑම මගින් තමන් සාර්ථක පුද්ගලයකු වන බවකි. තමන් සර්වතෝභද්‍ර පුද්ගලයන් බවත් සියල්ල මුදුන්පත් කරගත් පුද්ගලයන් බවත් මොවුහු සිතති. මොවුන් පාසලේදී දක්ෂ සිසුන් විය හැකිය. සමාජයේ යහපත් කි‍්‍රයාකාරිකයන් විය හැකිය.


ඇනොරෙක්සියාව වැල`දුණු රෝගියා දැඩි ලෙස ආහාර පාලනය කිරීම හේතුවෙන් ඌන පෝෂණයට ලක්වන අතර, එමඟින් සිරුරේ බර අඩුවීම ආරම්භ වෙයි. ඌන පෝෂණය හේතුවෙන් මොළයේ ෙසෙල සහ ශරීර ධාතූන් ව්‍යාකූලවීමට පටන් ගනී. ආහාර රුචිය නොමැති වන අතර ධාරණ ශක්තිය හීන වෙයි. වෙනත් රෝගවලට පහසුවෙන් ගොදුරු වන අතර ඔස්ටියොපොරොසීස්, අවිධිමත් හෘද ස්පන්දන රටා, විවිධ අතුරු ආබාධ සහ විෂාදිය වැනි මානසික රෝගී තත්ත්වයනට ලක්විය හැකිය.


ඇනොරෙක්සියා රෝගියකුට කිසිවකුගේ උපකාරයෙන් තොරව යළි යථා තත්ත්වයට පත් විය නොහැකිය. ආරම්භක අවධියේ රෝගය හ`දුනාගෙන නිසි ප‍්‍රතිකාර ලබා දීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි වන අතර එසේ නොවුණහොත් කඩිනමින් මරණය ළඟාවිය හැකිය.


37 හැවිරිදි රේචල් ෆරොක් මෙම රෝගයට ගොදුරු වූයේ මින් වසර 10කට පමණ ඉහතය. ‘‘මට අවශ්‍ය වූයේ රාත්තල් කිහිපයකින් සිරුරේ බර අඩු කර ගැනීමටයි. ඒ ස`දහා මා ව්‍යයාම කළා. මගේ සැමියා වන රොඞ් එඞ්මන්සන් මට හමුවුණේ එලෙස ව්‍යායාමවල නිරතවීමට ගිය අවස්ථාවකයි. පසුව ඔහු මගේ ව්‍යායාම උපදේශක ලෙස කටයුතු කළා. මගේ රැුකියාව අහිමි වූයේ මේ කාලයේ. එයින් මා දැඩි මානසික කම්පනයකට පත් වුණා. මා මේ රෝගයට ගොදුරු වූයේ එම කම්පනය නිසයි’’ යනුවෙන් රේචල් පැවසුවාය.


රේචල්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇගේ සැමියා වන රොඞ් තම රැුකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනවම ඇය රැුකබලා ගැනීමට පියවර ගත්තේය.  කලකට ඉහත රේචල්ගේ හෘදයේ සහ අක්මාවේ කි‍්‍රයාකාරීත්වය හීන වූ අතර අවස්ථා ගණනාවකදී වරින්වර ඇයගේ රුධිරය මාරු කිරීමට සිදු විය. ඇගේ මනසේ පාලනයද ඇනහිටි අතර මොහොතකට පෙර පැවසූ දෙයක් ඊළඟ මොහොතේ අමතක වන තරමට එය පහත වැටිණි. කිසිදු රෝහලක් ඇයට ප‍්‍රතිකාර කිරීම භාර නොගත්තේ ඇය එතරමටම දුර්වල තත්ත්වයට පත්ව සිටි හෙයිනි. ඇයගේ ජීවිතය පිළිබ`ද වගකීම තමනට භාර ගත නොහැකි බව බොහෝ රෝහල් ප‍්‍රකාශ කොට තිබිණි. මේ වන විට ඩෙන්වර්හී හෙල්ත් මෙඩිකල් සෙන්ටර් නම් රෝහල ඇයට ප‍්‍රතිකාර කිරීම ආරම්භකොට තිබේ. රෝහල කරා රැුගෙන යාමට සුදුසු තත්ත්වයක නොසිටින හෙයින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ නිවසටම පැමිණ ප‍්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇත. ඇගේ වෛද්‍ය වියදම් ස`දහා ඩොලර් 140,000 අවශ්‍ය වූ බැවින් තමාට උපකාර කරන මෙන් ඉල්ලා එක්තරා සමාජ වෙබ් අඩවියක් මගින් රේචල් කළ ඉල්ලීමට බොහෝ ප‍්‍රතිචාර ලැබිණි. මේ වන විට ඩොලර් 200,000 පමණ සොයා ගැනීමට හැකි වී ඇති අතර තම ප‍්‍රතිකාර සඳහා වැය වන මුදලට අමතරව ඇති මුදල් මෙම රෝගයට ගොදුරුව ලැබී ඇති වෙනත් රෝගීන් වෙනුවෙන් ලබා දීමට රේචල් සූදානමින් සිටින්නීය. තමාට උපකාර කළ සියලූ දෙනාට ස්තුති කළ රේචල් ‘‘ඔබ දැනගතයුතු දෙයක් තිබෙනවා. ඔබේ ආධාරයෙන් යළි ජීවත් වන්නේ මා පමණක් නොවෙයි. තවත් බොහෝ දෙනකුගේ ජීවිත ගලවා ගැනීමට මෙම මුදල් උපකාරී වනවා. මෙම රෝගයට ගොදුරු වූවන් පමණක් නොව පිළිකා රෝගයට ගොදුරු වූ ජීවිතය අයැදින මිනිසුන් සුවපත් කිරීම ස`දහාද ඔබේ ආධාරයට හැකි වේවි. ඔබ සැමට ස්තුතියි’’ යනුවෙන් තම වෙබ් අඩවියේ ස`දහන් කොට තිබිණි.

m



අදහස් (0)

කෙට්ටුවෙන්න ගොස් ඇනගත්ත නිළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 127 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 167 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 68 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 29 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 47 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 482 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1301 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site